Saturday, May 28, 2011

දින 365හේ ගමන....

යාන්තමින් අවුරුද්දක් ඉවර කළා. ඔව් ඉතින් කේක් වෙනුවට කැවුම් කිරිබත් දීලා ආයේ මොන කතාද කියලත් හිතෙනවා ඇති. දැන් ඉතින් ආයෙම පුරුදු පොස්ට් ලියන්නේ නැතිද? තාම උපන්දිනේ ගැන පුරසාරම්ද කියා ඔයාලට හිතෙනවා ඇති. එහෙමමත් නෑ. මේදවස්වල ලියන හාඩ්වෙයාර් පෝස්ට් වල මීළඟ පෝස්ට් එක තාම සූදානම් නෑ. ඒවා හිතුනා ලිව්වා කියන තත්වයෙන් ලියන්න බෑ. කලින් සැලසුම් කළ පිළිවෙළකට ලියන්නේ. පෙර  සූදානමක් ඕන. අදාල පොස්ට් එකේ දල සටහනක් හිතේ ඇඳගන්න ඕන. ඒනිසයි මේ ප්‍රමාදය. ඉලංදාරියාගේ වියෝව සමග සටහන් ලිවීමත් නතර කළා. ඒ නිසාම සැලසුම් කීපයක් වෙනස් කරන්නත් උනා. 
ඒ වගේම අපේ අනාගතය තීරණය වන්නේ අතීතයේ අප කළ කී දෑ අනුවනේ. ඒ නිසයි මම ආපසු හැරී බලන්න හිතුවේ මගේ වසරක බ්ලොග් කරණය ගැන. තනියම නොව ඔයාලත් එක්කමයි.

මම මුලින්ම ලියන්න තීරණය කළේ තාක්‍ෂණික දේ පමණයි. අමතරව විනෝදාස්වාදයට අදාල සටහන්. සිංහල බ්ලොග් කියවනයේ ලියාපදිංචි වූයෙත් ඒ ආකාරයට. මූලිකත්වය තාක්‍ෂණ සටහන් වලට දීලයි. ලාංකීයේ නම් එහෙම කලේ නෑ. නමුත් පසුව වෙනත් දේ පවා මෙහි ලියන්න පටන් ගත්තා. පසුව කවිත් ලීවානේ. දැන් නම් ඒ සඳහා වෙනම බ්ලොග් එකක් ලියනවා. ඒකේ නම් මාස දෙක තුනකට කවි පෙලක් ලියවෙන්නේ. 

කෙසේ වෙතත් මම ප්‍රධාන පෝස්ට් මාලා තුනක් දැනට ලියා තිබෙනවා. අනුපිළිවලටම ගත්තොත් මුලින්ම ලීවේ අපේ වැඩ අපිම කරගමු ලිපි පෙළයි. මෙය තවම අවසන් නෑ. ඉදිරියේ තවත් මෙවන් දෙයක් කළොත් මේ ලිපි පෙළටම ඒවාත් එකතු වේවි. මෙයට හොඳ ප්‍රතිචාරත් තිබුනා. ඒනිසාම ඇතිවූ දිරියෙන් මම කුඩා කල සිට එකතු කළ දැනුම උපයෝගි කරගෙන ශ්‍රී ලංකාවේ සර්පයින් ගැන සටහන් පෙළක් ලියා තිබෙනවා. අන්තර්ජාලයේ තවමත් සිංහලෙන් සර්පයින් ගැන ලියවී ඇති විස්තරාත්මක සටහන් පෙළ මෙයයි. තවමත් Google Search එකේ දෙවනුව ඇත්තේ මෙම ලිපි පෙළයි. එහෙත් මම තවමත් මේ ලිපි පෙළට වැඩි කැමැත්තක් නෑ. එයට හේතුව මම මේවා ලියා ඇත්තේ විවිධ පොත් පත්, අන්තර්ජාලයේ ඇති තොරතුරු (විශේෂයෙන් විකිපීඩියාවෙන්) හා කුඩාකල සිට පුවත්පත් ඇතුළු මාධ්‍යයන්ගෙන් එක්කළ කරුණු වලින්. ඉතින් මෙහි ඇත්තේ එකතු කළ තොරතුරු සංසන්දනය කර නිවැරදි කරුණු වෙන්කල පිළිවෙලකට පෙළ ගැස්වීමක් විනා මගේ නිර්මාණයක් නොවේ. මම කොහොමත් බ්ලොග් කරණයේදී විකිපීඩියාව ඇතුළු මුලාශ්‍රවලින්, විවිධ සඟරා පුවත්පත් වැනි මාධ්‍ය වලින් එකතු කරන කරුණු සටහන් තැබීම එතරම් මනාප නැති දෙයක්. ස්වනිර්මාණ වලයි වැඩි වැදගත් කමක් ඇත්තේ. මක් නිසාද යත් එසේ ලියන දේ කියවන්නාට කොහෙන් හෝ කියවන්න පුළුවන්. නමුත් අපේ අත්දැකීම්, පළපුරුද්දෙන් ලත් දේ ගැන ලියනා දේ තවත් කිසිම තැනකින් ගන්න බෑ. තුන්වෙනි පෝස්ට් පෙළ Computer Hardware පාඩමයි. දැනට මට වැඩිම හිට්ස් ලැබෙන්නේ මේ තුලින්. මේ නිසාමද කොහේද වසරක බ්ලොග් කරණයේ මසක් ඇතුලත උපරිම හිට්ස් ප්‍රමාණය මේ මාසයේ ලැබුනා. මේ සටහන් මාලාව තරමක දීර්ඝ එකක් වනු ඇත. අවම වශයෙන් මාස හතරක් පමණ ලියන්න කරුණු තිබෙනවා. එතනින් නවතින එකකු නෑ. නමුත් ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත තමා සටහන් පෙලේ ගමන තීරණය කරන්නේ. වැඩිය බර වෙන්න ඕන මොන පැත්තටද යන්න වගේ දේ.
මෙම ප්‍රධාන ලිපි වලට අමතරව විවිධ සමාජීය වශයෙන් වැදගත් කරුණු, චාරිකා පිළිබඳ සොඳුරු මතකයන්, කෙටි කතාවක් මගේ සටහන් අතර ලියවුනා. ලියා ඇති කිසිම සටහනක් ගැන පසුතැවිල්ලක් නම් නෑ. හැම දෙයක්ම ලීවේ හිතට එකඟවයි. කිසිවෙකුට හානි කරන්න නෙවේ. මේවා අතර කිසිම ප්‍රතිචාරයක් නොලැබුන සටහනක් තියනවා. දැන් බ්ලොග් එකට වසරක් අවසන් නිසා එම සටහනට මින්පසු ප්‍රතිචාර ලැබුනත් පළ කරන්නේ නෑ. :D 

දැන් මේ අනුව දෙවන වසර සඳහා කිසියම් සැලසුමක් සිතේ ඇඳෙමින් පවතිනවා. මීට අමතරව මගේ හාඩ්වෙයාර් සටහන් සඳහා ප්‍රධාන පෙලේ පරිගනක සඟරාවකින් ඉල්ලුමක් ලැබුන බව මම කලින් පොස්ට් එකේ කීවානේ. එහෙත් ඔවුන් සටහන් ඉල්ලන්නේ මුදලටයි. ඒවායේ අයිතිය සමගින්. නමුත් මට මෙම දැනුම ඔබට දෙන්න අවශ්‍ය නොමිලේ. ඒ නිසා මම ලියන සටහන් කිසිවෙකුට පළ කරන්න දෙන්නේ නොමිලේ වන අතර ඒවායේ මගේ නම හා මෙම බ්ලොග් අඩවියේ ලින්ක් එක පළකළ හැකිනම් පමණක් දෙන්න කැමතියි. ඒ වගේම ඒයාගේ සියලු අයිතිවාසිකම් මා යටතේම තබාගෙන. ඒ වගේම අනුග්‍රහයක් ලැබුනොත් ඉදිරි කාලයක මේවා මුද්‍රණය කර නොමිලේ බෙදාහරින්නත් කැමැත්තක් තියනවා. ඒ අපේ අත්දැකීම් දැනුම ඉදිරි පරපුරට වැදගත් බවක් දැනෙන නිසා මට ලැබෙන ප්‍රතිචාර වලින්. 
එහෙමනම් සඳුදා සිට සුපුරුදු සටහන් සමග හමුවෙමු. අද ටිකක් ඇවිදින්න යන්නයි හිතන් ඉන්නේ.
සුභ දවසක්..!!!

16 comments:

  1. මෙන්න මගෙන් උම්මා එකක්...

    ReplyDelete
  2. ඇවිදින්න... හා හා සුභ දවසක් !!!!!!!!!!!

    ReplyDelete
  3. එහෙනං ඇවිදින්න ගිහිල්ල ඇවිත් ලියන්නකො බලන්න.:D

    ReplyDelete
  4. හුම් හුම්.... අර බෘම් එකෙන් ඇවිදින්නේ කෝමද .
    හා හා පරිස්සමෙන් ගිහින් එන්නකෝ අයියා........

    ReplyDelete
  5. අපි ඉන්නවා ඔයත් එක්ක........
    ඇත්තටම හොඳ ලිපි ටිකක් තියනවා කියවන්න.....
    වෙලාව තියන හැටියට කියවන්න ඕන ......

    ReplyDelete
  6. ඇවිදලා එන්නකෝ ප්‍රශ්න ටික පස්සේ අහන්නම්.

    ලස්සන කෙටි කතාව :D

    ReplyDelete
  7. ළමයා
    සල්ලි දෙනව නං ගන්න. වෘතීය ලේඛකකම සම්මා කම්මන්තයක්.
    සල්ලි යොදන්න පින් අතේ වැඩකට.

    ReplyDelete
  8. එහෙනම් රවුමක් දාලා ඇවිල්ලා .. ආයෙමත් Hardware පාඩම පටන් ගන්නකෝ .. ඒක නැතුව නිකං මට උන වගේ ..අනේ බුදු අයියේ හාර්ඩ් පාඩම නම් නවත්තන්න එපා !!.. මේ මට ඒක ඕනමයි .!!

    ReplyDelete
  9. @ රත්ගමයා
    ස්තූතියි මල්ලියෝ ....:D

    ReplyDelete
  10. @ හරී - පිණිපළස
    හැමදාම මෙහෙ එන හරිටත් ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  11. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න. ලියන්නම් මේත් ලියන්න ලෑස්ති වෙන ගමන්..

    ReplyDelete
  12. @ හා පැටික්කි (MS)
    //අර බෘම් එකෙන් ඇවිදින්නේ කෝමද//
    ඒකෙන් ඇවිද්ද විධිය හාවාගෙන් අහන්නකෝ හාවියේ. ඇවිදින විධිය බලන්න හාවිටත් එන්න තිබුනනේ. හැබැයි කතා නොකර හිටිය එකට නම් තරහයි..:D

    ReplyDelete
  13. @ කල්හාර දිසානායක
    ස්තූතියි කල්හාර. ඔයාල තමා මට තියන ශක්තිය දිගටම ලියන්න.

    ReplyDelete
  14. @ පොඩ්ඩි
    ඇවිදලා ආවා මෙන්න. දැන්ම ප්‍රශ්න අහනවාද? ප්‍රශ්න කලින් කියල තිබුනනම් උත්තර ලියන්ම එන්න තිබුනානේ. නිකමටවත් කියන්න බැරිද මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා.
    මොකක්ද මේ කියන ලස්සන කෙටි කතාව?

    ReplyDelete
  15. @ කතන්දර Kathandara
    ගොඩක්ම ස්තූතියි කතන්දර. ඇත්තටම අපි වගේ අයට මේ පිළිබඳ ඇති අත්දැකීම් හරිම අඩුයි. නැති තරම් කීවත් නිවැරදියි. එනිසා ඔබ වැනි ඒ පිළිබඳ අවබෝධයක් ඇති අයෙකුගෙන් ලැබෙනා උපදෙස් ගොඩක් ප්‍රයෝජනවත්.

    ReplyDelete
  16. @ හිස් අහස
    ඒක නවත්වන්නේ නෑ සඳරූ. බ්ලොග් එකේ බැරි උනොත් ලියල ඔයාට එවන්නම්කෝ. උණට බෙහෙත් ගන්න සඳුදාට සඳරූ එන්නකෝ..:D

    ReplyDelete