පේරාදෙණිය නුවර පාරේ යන අයෙකුට නම් ඔය ගේට්ටුව නුපුරුදු දසුනක් නොවේ. මමත් නිතරම දකිනවා. ඒත් ඔය ගේට්ටුව හා බැඳුනු රසවත් අමතක කළ නොහැකි මතකයක් හදපතුලේ තැම්පත් වෙලා. ඔය ගේට්ටව දෙපසින් තව පොඩි ගේට්ටු දෙකක් තියනවා. අවුරුදු ගණනාවක්ම ඔය ගේට්ටු දෙකෙන් ගිහින් තියනවා. ඒත් ඔය පින්තූරේ ඇති ලොකු ලස්සන ගේට්ටුවෙන් ගිහින් තියෙන්නේ වසරකට දෙතුන් වරක් විතර වෙන්න ඕන.
කිංස්වුඩ් විද්‍යාලය (Kingswood College). ඒ තමා මගේ පාසල. හදිස්සියේ ඇයි මේ පාසල මතක් වෙලා කියල කෙනෙකුට හිතානවා ඇති. අද මගේ සුරක්‍ෂිත පොත් ගොන්න අතරින් එක් පොතක් මගේ අතේ නැවතුනා. ඒ පොත තමා මේ සුන්දර අතීතයට මාව අරන් ගියේ. ඒ සුන්දර මතක අද මම ලියන්න යන්නේ නෑ. පාසල් කාලේ ගැන මම ලියා ඇත්තේ කතා කීපයයි. ඒවායිනුත් පාසලේ සිදුවීම් ඇත්තේ එකම එකයි. ඒත් අද කියන්න යන්නේ ඒ පාසල ගැන මිස ඒ හා බැඳි මතකයන් නම් නොවේ. ඒවා ඉදිරියේ ලියන්නත් හිතන් ඉන්නවා.
ඇත්තටම මහනුවර කිංස්වුඩ් විද්‍යාලය කියන්නේ තරමක් වෙනස් පාසලක්. ලංකාවේ සෑම පාසලකම මෙන් මෙහි කරන්නෙත් උගන්වන එක තමා. ඒත් තරමක් වෙනස්. ඒ කියන්නේ තනිකරම විභාග ඉලක්ක කර ගත් ක්‍රමය මෙහි කිසියම් අභායොගයකට ලක් වෙනවා. මෑතක නම් මම විස්තර හොයන්න ගියේ නෑ. පටන්ගත් දා සිට අපි ඉන්නා කාලෙ දක්වාම මෙයින් බිහි වන්නේ සම්පූර්ණ මිනිසුන්. ඔවුන් විභාග වලින් වගේම වෙනත් සමාජ සබඳතා, ක්‍රීඩා ආදී බොහෝ දෙයින් ඉදිරියෙන් සිටියා. ඒ වගේම ආවේණික සම්ප්‍රදායන් තියනවා. සිසුන්ට මහත්වරුන් (Gentleman of Kingswood) යනුවෙන් අමතන එකම පාසල මෙයයි. අපිට හැමදාම උදේ විදුහල්පති තුමා අමතන්නේ ඔය විධියට තමා. කවදාවත් පුතා, ළමයා, දරුවා වැනි නමකින් අමතන්නේ නෑ. තවත් ඔය වගේ සම්ප්‍රදායන් රැසක්. ඒත් මම කියන්න ගියේ අර මැගසින් එකක් ගැන කතාවක් නේද?
ඔය සඟරාව 1991 මුද්‍රණය කරන ලද්දක්. ඒ පාසලේ 100 වෙනි සංවත්සරය සඳහා. ඒ කාලේ අපි එහි අභිමානවත් කිංස්වුඩ් මහත්වරුන්. ඒ දිනය යෙදී තිබුනේ 1991 මැයි 4 වෙනිදාට. ඒ සඳහා පැවති ප්‍රදර්ශනය තමා මම සහභාගිවූ පළමු ප්‍රදර්ශනයත්.
ඉතින් ඔය පොත බලන විට මට සිහියට ආවේ ලුවී එඩ්මන්ඩ් බ්ලාසේ (L. E. Blaze) මැතිතුමා ඇරඹූ අප පාසල මේ මැයි 4 වෙනිදා සිය 120 වෙනි ජන්ම දිනය සැමරූ බව. මට නම් දවස් ගාණකින් ඒ පාරෙන් යන්නත් බැරි උනා. ඒත් එය එදින සමරන්න ඇති උත්සවාකාරයෙන්.
ගොඩක් දේ කියන්නේ නෑ. හෙට අළුත් පොස්ට් එකකට මුල පුරන්න තියනවා.
ඒත් මට ආලෝකය දුන් විදුහල් මාතාවට තවත් දිරාත් කාලයක් සිසුනට දිවි මග ආලෝකමත් කරන්න අවස්ථාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ආදරණිය කිංස්වුඩ් මහත්මයෙක් විධියට..!!!
Hill-throned, where Nature is gracious and kind,
Home of our early youth, grant us the love of truth,
Health for the body, and light for the mind.
KINGSWOOD, O may we be loyal and true to thee,
Holding what'er betide, Virtue and Faith our guide.
Loyally, Manfully
All of us true to thee,
'No room for trimmer, coward, or fool;
Word and will true and clean,
Work and play strong and keen,
'None for himself, but all for the school!
School! School! None for himself, but all,
All for the school!
Nor shall the world destroy our love and pride,
For both, we know, the stronger shall grow,
And whatever thy fortunes, we stand at thy side.
Present and Past shall be one in the heart, all for thee,
Holding what'er betide, Virtue and Faith our guide.
Then in all things, whatever Duty's voice many call
Ready we follow and spring to our work;
Country or School may call; play the game, Forward, all!
Shoulder to shoulder, disdaining to shirk!
Duty we dare not flee, heavy the cost may be,
Holding what'er betide, Virtue and faith our guide.
(හැමදාම උදේට කියන පාසල් ගීතය. තාම ඇහෙනවා වගේ මේ අකුරු දකින විට)
EaSt OR WEsT KCK iS bEsT
ReplyDeletegood Post Machan..
wishes from 2000 A/L Batch
ඉස්කෝලේ අමතක වෙන්නේ නෑ තමා කාටත්
ReplyDeleteela lipiyak.we are the best
ReplyDeleteඉස්කෝලෙකට ගිය ලමුනේගේ හොඳ හැදියාවක් තියනවා. ඒක ලමයි දිහා බැලුවාමත් පේනවා. මම මෙතනදි හොඳ කියලා කියන්නේ ලොකු ඉස්කෝල නෙමේ. හොඳ ඉස්කෝලවට.
ReplyDeleteප්‍රියන්ත දිහා බැලුවාමත් පේනවා හොඳ මහත්තයෙක් බව. ඒ හන්දා ප්‍රියන්තගේ ඉස්කෝලේ ගැන කියන කතාව අපිට අවිවාදයෙන් පිලිගන්ට සිද්ධ වෙනවා.
සුබ පතනවා ඉස්කෝලෙ 120 වැනි සංවත්සරයට
ReplyDeleteමම මේ කල්පනාකලේ මගේ ඉස්කෝලෙ ජෙන්ටල මෙන් , විමෙන් දෙගොල්ලම ඉන්නවනේ!
සතුටුයි අපේ ඉස්කෝලෙ කෙනෙක් හම්බවෙච්ච එකට. ඔව් ගිය සතියෙ බදාද අපි 120 සංවත්සරය ඉහලින් සැමරුවා සෙනසුරාදා walk එකත් ගියා -මම 2012 A/l
ReplyDelete@ කලවැද්දා...
ReplyDeleteThank you brother....
@ රත්ගමයා
ReplyDeleteඔව් අපිට එයත් අමතක වෙනවනම් අපෙන් ඇති පලේ කිම නේද මලේ..
@ nuwansrimal
ReplyDeleteකිංස්වුඩ් මහත්මයෙක් වගේ. ස්තූතියි...
@ ප්‍රවීනා
ReplyDeleteමගේ සයිබරයේ මෙන්ම ගැහැනු ළමයෙකුගෙන් ලැබුන වටිනාම චරිත සහතිකය මෙයයි පොඩ්ඩියේ.මෙයට නම් ස්තූති කරන්නේ කොහොමද කියා තෙරෙන්නේ නෑ. ගොඩක්ම තුති...
@ TG
ReplyDeleteස්තූතියි තරංගා. ඇත්තද එහෙනම් මොනවාද කියන්නේ. හැබැයි මේක නම් අපේ ඉස්කෝලේ සම්ප්‍රදායක්. එය වෙන ඉස්කෝලෙක තියනවද දන්නේ නෑ...:D
@ dimuthu
ReplyDeleteතවත් කිංස්වුඩ් මහත්මයෙක්. සතුටුයි අඳුනාගත්තට. හැබැයි මල්ලි මේ කාලෙ නම් ඉතින් විභාග ගැනත් හිතන්න වෙනවා.
මමනම් කිංස්වුඩ් එකේ ඉස්කෝලේ ගියේ නෑ .. ඒත් ඒ ඉදිරියෙන් දිවෙන මුල් ගම්පොල පාර මට කවදාවත් අමතක වෙන එකක් නෑ ... මම මගේ දෙවනි ආදර කතාව පටන්ගත්ත්ත පාර ... මම පන්ති ගිය කාලේ මගේ බෝඩිම තිබුනේ ඔය අසලමයි ..
ReplyDelete@ සඳරූ
ReplyDeleteඔය කියන්නේ මේ මෑත කාලේ වෙන්න ඕන. අපි ඔය පැත්තේ කැරකුනේ දැනට අවුරුදු 15කට විතර කලින්..
ස්තූතියි මේ පැත්තේ ආවට.
හ්ම්ම්ම්ම්ම් කිංග්ස්වුඩ් මහත්වරු.... කතාව ඇත්ත.... මහනුවර පිරිමි පාසල් අතරින් හොදම විනය මම දැකල තියෙන්නෙ කිංග්ස්වුඩ් මහත්වරුන්ගෙන්.
ReplyDelete120 සංවත්සරයට මගෙනුත් සුභ පැතුම්!
පාසල ගැන ගෞරවයෙන් යෙදු සටහනක්. මම උසස් බාලිකාවෙ. ඇත්ත, ඒ කාලෙත් කිංස්වුඩ් ශිෂ්‍යයන් ලඟ හොඳ හැදියාවක් විනයක් තිබුණා. 1991 ප්‍රදර්ශනය බලන්නත් අපි ගියා.
ReplyDelete@ සංජු
ReplyDelete@ නලිනි චන්දිමා
දෙදෙනාටම ස්තූතියි. මේවා තමා ඇත්තටම ලැබෙන හොඳම සහතික. සහොදර බාලිකා පාසල් දෙකක සොයුරියන් දෙදෙනෙක් කියනා මේ ඇගයීම තමා මට මේ පෝස්ට් එකට ලැබුන ලොකුම දිරිය..
දෙදෙනාටම ස්තුතියි...
к . f . є
ReplyDeleteKFE..... කවදාවත්ම අමතක නොවන තැනක්.....
ReplyDelete---
ගොළු යථාර්තය...
නුඔට තාම දැනිල නෑ
උණු වුණ ඒ හිතේ ගින්දර
නුඔ තාමත් දැකල නෑ
කදුළු පිරුණු ඒ දෙනෙත්
ආදරේ කලා ගොඩක්, සත්තතමයි
නුඔට අමතකයි ඒ සොදුරු අතීතය
අහිංසකයි නුඔ හැමදාමත්
ඒත් ගොළුයි ඔබේ යථාර්තය තාමත්
සිහි කරන් ඔය මුහුණු
හිරකරන් ඒ මතකය
මියැදෙනවා කාටත් හොරා
නුඔට ආදරේ ඒ පණ.....