![]() |
ඡායාරූපය http://www.naturephoto-cz.eu අඩවියෙන් |
ඔව් මෙයා තමා නයා එහෙම නැත්නම් නාගයා. Cobra යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙයා ඇත්තටම Indian Cobra (ඉන්දියානු නයා) ලෙස හැදීන් වෙන්නේ. විද්‍යාත්මකව Naja naja ලෙස හැඳින්වෙනවා. ආසියානු කලාපයේ උග්‍රවිෂ හතරදෙනා හෙවත් බිග් ෆෝ අතරට නාගයා ඇතුලත්. නාගයා අයත් වන්නේ ඉලාපිඩේ (Elapidae) කුලයට.
වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. ඉතා උස් කඳුකරයේ හැර රට පුරාම වගේ දක්නට ඇත. දිවා රාත්‍රී කාල දෙකේම ක්‍රියාශීලී සතෙකි. ක්ෂණිකව කොපයට පත්වේ. විශේෂයෙන් තරුණ වයසේ නයෙකු පහසුවෙන් කෝපයට පත්වේ. එවිට පෙනය විහිදුවයි. ඊට අමතරව ෂූ යන ශබ්දයක් නිකුත් කරයි. බොහෝවිට දෂ්ඨ කිරීම් සිදුවන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවේ සිට අඩියක් පමණ උසකින් බොහෝවිට සිදුවේ
පෙනය විහිදුවා ගත් විට නයෙකු පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.
හඳුනා ගැනීම
ශරීර වර්ණය දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. ශරීරයේ තැනින් තැන සුදු පැහැ තිත් දක්නට ලැබේ. දිගටි ශරීරයක් ඇති අතර හොඳින් වැඩුනු නයෙකු අඩි 6ක් පමණ දික්වේ. ඉතා කලාතුරකින් අඩි 8ක් පමණ වර්ධනය වූ අය වාර්ථා වී ඇත. හඳුනා ගැනීමට පහසුම පෙනය මගිනි. පෙනය විහිදුවා ගත් විට එහි ඉදිරි පසින් ඇති ලප දෙකක් වැනි සලකුණත්, පසු පසින් ඇති “ප“ අකුරේ සලකුණත් හඳුනා ගැනීම පහසු කරයි. (රූපය)
![]() |
නාගයා හඳුනා ගැනීම |
බෝවීම
නයාගේ බෝවීම සිදුවන්නේ බිත්තර මගිනි. සැපින්න වරකට බිත්තර 5-25 ත් අතර ප්‍රමාණයක් දමයි. ඒවායෙන් දින 48-60 අතර කාලයකදී අඟල් 8ක් පමණ දිගැති පැටවුන් පිටතට පැමිණේ.
ආහාර
නයා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ගෙම්බන් හා මැඩියන්, මීයන්, කුඩා පක්ෂින් හා වෙනත් සර්පයින්ය.
දෂ්ඨ කිරීම හා විෂ
නාගයා බොහොවිට දෂ්ඨ කරන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවෙන් අඩියක් පමණ උසකින් සිදුවේ. උග්‍ර විෂ සහිතය. ප්‍රතිකාර නොකළහොත් පැය 5කින් පමණ වැඩුණු මිනිසෙකු මරණයට පත්කිරීමට තරම් විෂ ප්‍රභලය. නයාගේ විෂ ප්‍රධාන වශයෙන් බල පාන්නේ ස්නායු පද්ධතියටය. අප රටේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් නාග විෂ නිසා වන මරණ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී.
නාග විෂ නිසා ඇතිවන රෝග ලක්ෂණ කීපයක්
- ඇස් කුඩාවීම
- ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම
- අධික වේදනාව හා තුවාලය අවට ඇතිවන දැවිල්ල
- හුස්ම ගැනීමේ අපහසු තාවය
- යමක් ගිලීමේ හා කථා කිරීමේ අපහසු තාවය
මිත්‍යා මත.
නයා පළි ගන්නා සතෙකු ලෙස සමාජයේ මතයක් පවතී. මෙහි කිසිම සත්‍යා තාවයක් නොමැත. සර්පයෙකුට එසේ මතක තබාගෙන පළි ගන්න තරම් බුද්ධියක් නොමැත.
මීට අමතරව ඇතැම් පිරිස් අතර නයා කාලයක් සැව ඉවත් කිරීමෙන් පසු තටු සහිත කොබෝ නයෙකු වන බවට පිළිගැනීමක් පවතී. එයද මිත්‍යා විශ්වාසයකි.
නයා ගැන අප සමාජයේ පවතින පූජනීය පිලිගැනීම නිසා වෙනත් රටවලට සාපේක්ෂව අප රටේ නයි මරණ අවස්ථා අඩුය. නමුත් මෙම සතාගේ පැවැත්මට පරිසර දූෂණය ලඳු කැලෑ එළිවීම නිසා තර්ජනයක් පවතී. මොවුන් අප පරිසරයේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විශේෂයෙන් ගොවීන්ට මිතුරෙකු ලෙස සලකන්න පුළුවන්. ගොවිතැනට හානි කරන මීයන් විනාශ කරන නිසා.
දෂ්ඨ කිරීමකදී කළ යුතු දෑ, සර්ප විෂ ගැන මේ ලිපි මාලාව අවසානයේ වෙනම පෝස්ට් එකක් පළ කරන නිසා මෙහි වෙනම සඳහන් නොකරන්න තීරණය කළා.
එහෙනම් තවත් සර්පයෙකු ගැන පෝස්ට් එකකින් හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්.!!!
නයාට කරදරයක් නොකර උගේ පාඩුවෙ ඉන්න ඇරියොත් ඌ කරදරයක් කරන්නෙ නෑ. (අත්දැකීමෙන් කියන්නෙ)
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDeleteඔන්න මම ආව..
ReplyDeleteසර්පයො ගැන ලිපි ලියන අතරතුර අපි ගැන ලිපි ලියන්න එපා....
වැරදි වැටහිම් ඇතිවෙවි...
සුබ දවසක්...
වටින වැඩක්..
ඇත්තටම ගොඩක් වටිනා ලිපියක්!!!!! නියමයි අයියේ...
ReplyDeletehoda lipiyak
ReplyDeleteප්‍රසන්න අයියා හරි කරදර නොකලොත් කරදර කරන්නැහැ. ඒකනේ අපේ ගම් වල මිනිස්සු කරදර නොකර නයි හාමිට යන්න කියන් නේ. ඒක නෑහුනත් එහි වන හැසිරීම ඔහුට කරදරයක් නැති බව දැනුනම කරදරයක් නොකර යන එකමයි එතන සිදු වෙන් නේ.
ReplyDeleteපළමු ලිපියත් කියෙව්වා අයියා. පහුගිය දවස් 2 නෙට් නාවෙමි.
දිගටම ලියමු.
අයියා ලිපිය නම් හරිම වටිනවා........ අර අන්තිමට දාන්න ඉන්න එක දැන්මම දැම්මොත් මොකද? ලිපි ටික දාන කාලය තුලත් කාට හරි උවමනා වෙන්න පුළුවන්නේ...... ;)
ReplyDeleteරන්දිල් කිව්වත් වගේ ,ප්‍රියන්ත අයියා මේක ලියල එවර වෙනකම් අපිව සර්පයො නං කන්න එපා දෙයියනේ. :D
ReplyDeleteකොහොම උනත් මේ ලිපි ටික නං සෑහෙන්න වැදගත් වෙයි.
මමත් පහසුවෙන් ප්‍රකෝප වෙන කෙනෙක්. හැබැයි අසාධාරනයට. මේක කියෙව්වේ ප්‍රියන්තගේ ලිපියක් නිසාවෙන්. අද රෑට කන්නවත් ලැබෙන්නෑ නයිහාමිගේ පින්තූර දැකපු නිසා. ඔස්ට්‍රේලියාවේ ඉන්නවා ඉතා විසකුරු සර්පයෝ. ඒ විස්තර ප්‍රියන්තට හම්බවුනේ නැද්ද?
ReplyDelete@ Praසන්ன
ReplyDeleteඒ කතාව ඇත්තක් මම දැකල තියෙනවා නයි කරදරයක් නැතිනම් හානියක් නොකර යනවා.
@ CALHARA
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට CALHARA.
@ ඉංදික
ReplyDeleteනෑ නෑ බය වෙන්න එපා. සර්පයෝ ගැන විතරයි ලියන්නේ.
@ blog gadol
ReplyDeleteස්තූතියි මලේ. ලිපි එකක් නෙවේ මේ ලිපි මාලාවක්.
@ chinthaka
ReplyDeleteස්තූතියි chinthaka.
@ හා පැටික්කි (MS)
ReplyDeleteහා නගා වගේ අගේ උදවු මට ඕන මේ ලිපි පෙල ලියන්න. අඩු පාඩු ඇතිනම් පෙන්වන්න. ස්තූතියි.
@ RanDil
ReplyDeleteපිළිවෙලකට ලියන්න ඕනනේ රන්දිකා. අනික ගොඩක් පෝස්ට් ඩ්‍රාෆ්ට් කරල ඉවරයි. ඒක නම් තාම මග. ඒත් එහි ගොඩක් දේ කියන්න හිතන් ඉන්නේ.
@ හරී
ReplyDeleteබය වෙන්න එපා. සර්පයෝ කන්නෙත් කරන පින් පවු වලටලු.
ප්‍රවීනා
ReplyDeleteස්තූතියි මාව බලන්න ආවට. ඔයා අකැමැති නම් මේ පොස්ට් බලන්න එපා. ඔයා හරි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ වැඩිපුරම උග්‍රවිෂ සර්පයින්. වියලි තත්ව යටතේ සිටින සර්පයින්ගේ විෂ අධිකයි. ලෝකයේ අනෙක් රටවල සර්පයින් ගැන මෙහි ලියන්නේ නෑ. ඒ විස්තර ටිකක් තියෙනවා. ලිපි පෙල නම් කලේ ලංකාවේ සර්පයින් ලෙසනේ.
අර ප්‍රකෝප වෙන කතාව කීවේ කාව බය කරන්නද. ඔන්න මම නම් සාධාරනයි...
නයි විෂට බෙහෙතුත් ඉක්මනට කියන්න.වටින පෝස්ට් එකක්.
ReplyDeleteකරන්න දෙයක් නෑ. ඔයාගේ හන්දා කොහොමහරි කියවගන යනවා. ඉක්මනින් ප්රකෝපවෙනවා කීවේ ඔයාව බය කරන්නමයි. ඒත් ඔයා බය උනේ නෑනේ!
ReplyDeleteප්‍රවීනා.
ReplyDeleteඇයි නින්ද යන්නේ නැද්ද මේ මහරෑ කමෙන්ට් දාන්නේ.
ඔයා කැමතිනම් කියවන්න. මාව බයකරනවා එහෙම නෙවේ.
elaaaa
ReplyDeleteThanks.
Deleteහොද කතාවක් හැබයි එක වැරැද්දක් තියනව ලන්කාවෙ කොබො නයා ඉන්නව ඒක ඇත්තක් ඇස් දෙකෙන් මන් දැකල තියනව..එයගෙ වැරදි කතාව තමා තටු එනව කියන එක . හැබැයි ඒකත් එනවද දන්නිනම් නෑ.මොකද කොබෝ නයා ඉන්නව කියන එකත් විශ්වාස කරන්න අමරු උන එකේ.ජීවිතේටම එකම එක වතාවක් දැක්ක. හැබැයි මේක ගොඩක් අය විශ්වාස කරන එකක් නැතිවෙයි ඒත් ඇත්තටම කොබෝ නයා ඉන්නව අදටත් ලන්කාවෙ 0770369263
ReplyDeleteඅපේ ගෙදර නයෙක් ඉන්නවා අල්ලන්න කෙනෙක් ගැන දන්නවද
ReplyDelete