Saturday, July 30, 2011

ආදරණිය නිශාන්තය...........



ආදරණීය හිත්වලට ආදරයෙන් ගොඩ වෙන්න බස් රේඩියෝ අපි අදහස් කලා, ඉතින් එකතු වන්න මේ ඉරිදා රාත්‍රී අට වෙනකොට නිශාන්තය සමඟින්.. 

ආදරණීය නිශාන්තය නමින් සෑම ඉරු දිනක රාත්‍රී අටේ කනිසමට බස් රේඩියෝ මගින් ප්‍රේමණිය ගී එකතුවක් ගෙන එන්න අපි අදහස් කලා‍ ඉතින් එකතු වන්න බස් රේඩියෝව සමඟින් 

ආදරණිය නිශාන්තය වෙන්වන්නේ ආදරණිය ඔබ වෙනුවෙන්මයි ...  බස් රේඩියෝ බ්ලොග් අඩවියේ නිශාන්තය වෙනුවෙන් එම සතියේ වෙන්වන පොස්ටුවට කමෙන්ටුවක් වශයෙන් ඔබගේ ආදරණීය සටහන් තබා යා හැකියි.. ඒ සමඟම ඔබට අවැසි ගීතයත් සටහන් කරන්න.. ගීතය මෙන්ම අදහසද බස් රේඩියෝ අපි ඔබ වෙනුවෙන් සයිබර් ගුවනට මුසු කරන්නම්...

ඉතින් එක්වන්න  ආදරණිය නිශාන්තය සමඟ 

ගීතය හා ගායකයා සමග ඔබ එකතු කරගන්නා අයත් කමෙන්ටුවක ලියා යන්න. එදාට අපි එනවා ඔබේ ගී සමග

Thursday, July 28, 2011

සතුටුයි සතුටුයි ගොඩාක් සතුටුයි......

රෑ උනත් කමක් නෑ මගේ මතකයට ආ ඔබ සැම දෙනාම ඔන්න පිළිගත්තා සුපුරුදු ආදරෙන් සෙනෙහසින්...
සයිබර් අවකාශයේ අවුරුදු ගණනාවක් ගත කළා. මම මුලින්ම සයිබරයට ආවේ කොයි කාලෙද? මට මතක විධියට නම් 1998 වෙන්න ඕන. සෑහෙන්න පරණ කෙනෙක් නේ. ඒත් මම ඉතින් ජාලය භාවිතා කරන්නේ driver software, AV Updates download කරන්න තමා. ඒ හැර ඊ මේල් බලන්න යවන්න විතරයි. මුලින්ම එකතුඋනේ බුකිය නැතිනම් මූණු පොත හෙවත් ෆේස්බුක් එකට. එයින් සෑහෙන පරණ මිතුරන් පිරිසක් හමුඋනා. මට මතක විධියට නම් මම බුකියට එන්නේ දැනට අවුරුදු 3කට පමණ පෙර. පසුව අහම්බෙන් බ්ලොග් අවකාශයට ආ පසුව,  ගුගල් බස් එකට ආ පසුව කිසිදිනක නොසිතූ මිතුරු පිරිසක් මට ලැබුනා. 
මම මේ කියන්න ගියේ වෙන දෙයක්නේ. ඔය මිතුරු සමාගමේ උපරිමය අද දැනුනා. අම්මේ ඊයේ රෑ 12 සිට එන සුභ පැතුම්. මට සුභ පතා ගුගල් බස්ම කීයක් ගියාද මතක නෑ. ඇයි මේ...

පුංචි සාදයක් වගේ නේද?
නෑ ලොකු සාදයක් තියනවා මේ බලන්න....

ඔව් ඔව් අද මගේ උපන්දිනය. මොකට මේ උපන් දිනයට මේ පෝස්ට් දානවද කියල හිතන්න පුළුවන්. ඒත් අද මට කිසිදා නොලැබුන සුභ පැතුම් කන්දරාවක් ලැබුනා අන්තර්ජාලය හරහා. මට සුභ පතා බස්ම කීයක් ගිහින්ද? මේ වන විට ෆේස්බුක් වෝල් එකේ සුභපැතුම් 46ක්. අම්මෝ ඊමේල් තොගය. ඇයි දුර ඇමතුම්. කිසිදා නොලැබුනු කෝල් ගොඩක්. විදෙස් ඇමතුමකින් සුභ පතා තිබුනේ මේ වනවිට මගේ සොයුරා පමණයි. ඔන්න පළමු වරට අද එය වෙනස් උනා. 
රෑ මැදක් වනතුරු නිදිමරා ගෙන සිට සුභ පැතුම් එක්කළ අය, තම බ්ලොග් වල සුභ පැතූ අය කොතරම් සතුටක්ද?
වෙන් වෙන්ව නම් කියන්න ගියොත් එක නමක් හෝ අමතක වන්න පුළුවන්. ඒ නිසා සැමටම ස්තූති කරන්න මෙන්න පෝස්ට් එකක්ම දැම්මා.
යාළුවනේ මා සතුටු කළාට ඔයාල සැමටම ගොඩක්ම ස්තූතියි. ඔන්න දැන් තමා ලියන්න විවේකයක් ලැබුනේ.

මේ තෑගිත් ලැබුනානේ. ඒවාටත් ස්තූතියි....
ප/ලි
තව විශේෂ දෙයක් මගහැරෙනවා තව වෙලාවට මතක් උනේ.
අපේ බස් රේඩියෝව අද සිට අපේ අළුත් ඩොමේන් එකේ. අපේ බස් රේඩියෝ බ්ලොග් එකත් එහි ඇති.
සතුටුයි නේද?

Tuesday, July 26, 2011

SCSI & SAS (SCSI හා SAS)


අද හාඩ් වෙයාර් පාඩම කරන්න බැරි නිසා පොඩි තාක්ෂනික දෙයක් ම ලියන්න හිතුවා. අපේ ආගන්තුකයා කමෙන්ට් එකක කියා තිබුනා SCSI ගැනත් ලියන්න කියා. ඒ වගේම ඒ සඳහා උනන්දුව ඇති අයට මෙන්ම නොදන්නා අයට වුවද අවබෝධයක් ලබා ගැනීමේ වරදක් නැති නිසා අපි අද කතා කරමු මේ SCSI ගැන.
මොකක්ද මේ SCSI කියන්නේ.
මේ වචනයේ තේරුම නම් Small Computer System Interface යන්නයි. මෙය ව්‍යවහාරයේ ස්කසි (Skuz-ee) ලෙසින්ද හැඳින්වේ. මේවා සාමාන්‍යෙයන් භාවිතා වන්නේ සර්වර් පරිගනක හා වර්ක්ස්ටේෂන් වලයි (Servers & Workstation) පරිගනකය හා Peripheral අතර දත්ත හුවමාරු කිරීමට මේවා බහුලව යොදාගනී. මේවාට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ Harddisk හා tape drivers ය. මීට අමතරව Optical drivers හා scanners ද SCSI Bus වලට සම්බන්ධ වේ. එක් SCSI bus එකකට  Peripheral ඩිවයිසස් 8 ක් හෝ 16ක් දක්වා සම්බන්ධ කිරීමට හැකියාව ඇත.


 
විකිපීඩියා අඩවියෙන් ලබා ගන්නා ලද්දකි. පින්තූරය මත ක්ලික් කර සම්පූර්ණ රූපය බලන්න.




මේ 50 Pin SCSI connector දෙකක් සහිත SCSI කාඩ් එකකි.



මේවා මුලින්ම භාවිතයට පැමිණි ඒවා වන අතර SCSI Narrow Connector යනුවෙන්ද ඇතැම් විට නම්කරයි. මේවායේ දත්ත හුවමාරු වන වේගයන් ආදිය සඳහා වගුව බලන්න. 

ඉන් පසුව භාවිතයට පැමිණි 68 pin connector එකක් සහිත SCSI card ය. මේවායේ දත්ත සම්ප්‍රේශන වේගය කලින් එවාට වඩා වැඩිය. මෙම කනෙක්ටරය Wide SCSI connector යනුවෙන්ද නම් කෙරේ. 


මින් පසුව 80 pin connector එකක් සහිත SCSI card භාවිතයට එක්විය. ඒවා දත්ත සම්ප්‍රෙශණ වේගය සැලකූවිට කලින් එකට වඩා වැඩිය. වගුවේ Ultra3 SCSI යනුවෙන් ඇති විස්තර බලන්න.

මේවා සියල්ල භාවිතා කරන්නේ Parallel තාක්ෂණයයි. ඒ නිසා මේවා Parallel SCSI යනුවෙන්ද හැඳින්වේ.  
මීළඟට අපි කතා කරන්නේ Serial තාක්‍ෂණය සහිත SCSI ගැනයි.

SAS (Serial Attached SCSI)
මෙය SCSI වෙනුවට අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂනයයි. දත්ත හුවමාරු වන වෙගය ඉතා වැඩි අගයක් ගනී. හඳුන්වා දුන් අවස්ථාවේ එය 3Gbit/s වූ අතර 2009 පෙබරවාරි වනවිට 6Gbit/s විය. කේබල් එක මීටර් 10ක් දක්වා විය හැක. භාවිතා කරන්නේ Serial තාක්‍ෂණයයි. 
මේ තියෙන්නේ SAS controller එකක්

මේ SAS Hard disk එකක්
මේ SAS පිළිබඳ තාක්‍ෂණක තොරතුරු වගුවක් 
මෙම තාක්‍ෂනයන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ස්ර්වර් වැනි වැඩි ක්‍රියාකාරත්වයකින් යුතු පරිගනක සඳහාය. එම නිසා මේවා ඒහා සම්බන්ධ අයට වැඩි දුර හැදෑරීම අවශ්‍ය වුවත් අනෙක් අයට මෙවැන්නක් ඇති බව දැන සිටීම ප්‍රමාණවත්. එමනිසයි රූප කීපයක්ම එක් කර ඇත්තේ මේවා කුමන ආකාරයේ ඒවාදැයි දැන ගැනීමට. මම මේ පොස්ට් එක දැම්මේ මෙහම දේවල් තියනවා කියන්න පමණයි. උනන්දුවක් ඇති අයෙකුට වැඩි විස්තර විකිපීඩියාවෙන් හෝ වොනත් අඩවියකින් ගන්න පුළුවන්.

SCSI සඳහා නම් මෙතනින් යන්න
එහෙනම් අදට ගිහින් එන්නම්. හාඩ්වෙයාර් පාඩම ඊළඟ ලිපිය ඉක්මනින්ම.
සුභ දවසක්..!!!


Saturday, July 9, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 01-Expansion Slots)

අපේ Computer Hardware පාඩම ලිපි කීපයක්ම ලියා අවසන්. දැන් Mother Board එක ගැන ලිපි පෙල අවසන් කරන්නත් කාලේ හරි. ඒත් තව ටිකක් කියන්න තියනවනේ. Mother Board ගැන පොස්ට් 6ක් පමණ ලියන්න බලාපොරොත්තු වෙනවා.  ඒවායින් 5 වැන්න මේ. අපි අන්තිමට කතා කලේ Memory slot ගැනයි. එහෙම නම් අද Expansion Slots ගැන කතා කරමු.
මම අද ටිකක් කෙටියෙන් මේක හඳුන්වා දෙන්න සිතා සිටින්නේ. පරිගනකයක Expansion Slots භාවිතා කරන්නේ නිශ්පාදකයා විසින් සවි කර ඇති කොටස් වලට අමතරව අපට අළුතින් කොටස් එක්කර ගැනීමටයි. දැන් onboard sound, onboard video, NIC ආදිය දක්නට ඇතත් කලින් පැවති  Mother Board වල IO controllers (Hard disk, Floppy drive, Printer port වැනි දේ අයත් වන්නේ  IO controllers වලටයි) පවා වෙනම සවිකිරීමට සිදු වූවා. ඒසඳහා මුලින්ම භාවිතයට පැමිණියේ ISA (Industry Standard Architecture) මෙය පරිගනක Bus  Architecture එකකි. ඉන් පසුව PCI (Peripheral Component Interconnect) මෙයින් පසුව පැමිනියේ PCI Express slot එකයි. මේවාට අමතරව පසු කාලිනව video card සඳහා AGP (Accelerated Graphic Port) භාවිතයට එක් වූවා. ඊට අමතරව IDE හා FDD connectors ගැනද SATA  connectors ගැනද හැඳින්වීමක් මෙයින් සිදුකරනවා. 

 ISA (Industry Standard Architecture)
මෙය Bit ප්‍රමාණය අනුව width දෙකක් විය ඒ 8 Bit හා 16 bit වශයෙනි. මේවා 4.77 MHz සිට 8 MHz දක්වා පරාසයක පැවතිනි. එනම් 8 Bit ඒවා 4.77 MHz වූ අතර 16 Bit ඒවා 6-8 MHz විය.
මේ  8 Bit ISA slot එකකි. පසුව පැමිණි  16 bit ISA slot එකක් පහත දැක්වේ.

IBM ආයතනය 1981 8 Bit ISA bus හඳුන්වා දුන් අතර ඔවුන් විසින්ම 1984 දී 16 Bit ISA bus හඳුන්වා දෙන ලදී. මේවා සමගම 32 Bit EISA bus (Extended ISA) භාවිතයට එන්නේ 1988 දීය. මේවා සියල්ලම Parallel ආකාරයේ ඒවා වේ. මේ එවැන්නක රූපයකි.

 PCI (Peripheral Component Interconnect)
1993 දී හඳුන්වා දුන් මේවා තවමත් භාවිතයේ ඇත. නමුත් 2004 දී PCI Express හඳුන්වා දුන් නිසා දැනට හමුවන්නේ සීමා සහිතවයි. Width එක 32Bit හා 64 Bit ය. 
මේවායේ ධාරිතාවයන් වන්නේ,
133 MB/s (32-bit @ 33 MHz)
266 MB/s (32-bit @ 66 MHz හෝ 64-bit @ 33 MHz)
533 MB/s (64-bit @ 66 MHz)
මුල් කාලයේ Video cards සඳහාද PCI Slot භාවිතා විය. එහෙත් පසුව එය AGP Slot මගින් ප්‍රතිස්ථාපනය විය. මේවායේ Plug & Play (Plug n Play) තාක්‍ෂණයද භාවිතාවේ. 

රූපය wikipedia අඩවියෙනි 32Bit හා 64 Bit ඇතුලත්ය

මෙහි වැඩි දියුණු කිරීමක් වශයෙන්ද සර්වර් වල භාවිතා වන PCI-X තාක්‍ෂණය සඳහන් කළ හැක. මේවායේ ධාරිතාව 1024 MB/s වේ. 

මෙයට අමතරව Laptop/Notebook පරිගනක සඳහා Mini PCI නම් slot ඇත.
තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න ඇති නිසා ඉක්මනින් ඊළඟ කොටසට යමු.

PCI Express 
2004 දී හඳුන්වා දෙන ලදී. මෙය වර්ථමානයේ භාවිතා කරන තාක්‍ෂණයයි. Bit width එක 1 සිට 32 දක්වා වේ. මේවා Serial ආකාරයේ ඒවා වේ. ධාරිතාවයන් පහත පරිදි වේ.
Per lane (each direction)
v1.x: 250 MB/s (2 Gbit/s)
v2.x: 500 MB/s (4 Gbit/s)
v3.0: 1 GB/s (8 Gbit/s)
16 lane slot (each direction)
v1.x: 4 GB/s (32 Gbit/s)
v2.x: 8 GB/s (64 Gbit/s)
v3.0: 16 GB/s (128 Gbit/s)

PCI Express video card සඳහා slot එක.

මේවා Hot-plugging හා Plug n Play සඳහාද සහාය දක්වයි. 

AGP (Accelerated Graphic Port)
2004 දී හඳුන්වාදුන් මෙම තාක්‍ෂණය 2004 PCI Express එනතුරු භාවිතා විය. මෙය යොදා ගන්නේ Video Card එක සවිකිරීම සඳහා පමණි.
AGP 1.X
AGP Versions සඳහා විකිපීඩියාවෙන් ලබා ගත් මෙම සටහන බලන්න.

Disk Drivers Connectors 
IDE Hard Disk Connector.
1986 හඳුන්වා දුන් මෙය Pin 40 ක කනෙක්ටරයකි. Hard Disk, CD/DVD ROM ඇතුළු Optical drivers හා ZIP drivers සඳහා යොදා ගැනේ. මුල් කාලයේ I/O Card හෝ පසුව Mother Board එකේ දෙකක් පැවතිනි. ඒ එකක් සඳහා චැනල් දෙකකි.
Primary IDE Connector (Primary Master හා Primary Slave)
Secondary IDE Connector (Secondary Master හා Secondary Slave)
Width එක 16 කි. Bit rate එක 16, 33, 66, 100, 133 MB/s වේ.
මෙය Parallel ATA ලෙසද හැඳින්වේ. 

Floppy Disk Drivers Connector 
Pin 32ක connector එකකි. Drivers 2ක් සඳහා සහාය දක්වයි. එක් කනෙක්ටරයක් පමණක් ඇත. වර්ථමානයේ මේවා භාවිතයක් නැති තරම්ය.
SATA (Serial ATA)
මෙය 2003 හඳුන්වා දුන් තාක්‍ෂණයයි. වර්ථමානයේ සියලුම Hard Disk හා Optical Drivers ඇත්තේ මෙම පෝට් එක සඳහායි. 

අද ලිපියේ මම වෙනස් කම් කීපයක් කරනවා. කියවන ඔබටත් යමක් කරන්න අවස්ථාවක් දෙනවා. මෙම SATA ගැන විස්තර සොයාගන්න. තමා සොයාගත් දේ කෙටියෙන් කමෙන්ට් කරන්න. මම මෙහි රූපයට වඩා විස්තර කරන්නේ නෑ. ලැබෙන දේ අතරින් හොඳම විස්තරය අවසානයේ ප/ලි ලෙස පලකරනවා.
එහෙමනම් අප මෙහි අවසන් කොටසට යමු.
එහෙත් ඊට කලින් කිව යුතු දේ කීපයක් පවතිනවා. සර්වර් වල භාවිතා වන SCSI, Firewire ආදි දේ මම මෙහි විසතර කරනෑ. ඒවා නිතර බාවිතා නොවන නිසා.

USB (Universal Serial Bus)
1994 හඳුන්වා දෙන ලදී. එකිනෙකට වෙනස් devices ගණනාවක් සම්බන්ධ කිරිමට භාවිතා කරයි.
Mother Board එකේ පිටුපසින් කෙලින්ම සම්බන්ධ කල හැකි පෝට් කීපයක් ඇත. ඊට අමතරව ඉදිරිපසින් (Front USB) සම්බන්ධ කිරීමට කනෙක්ටර්ස් පමණක් ඇත. Versions 3කි. 
Version 1.0
Version 2.0
Version 3.0 
විවිධ USB සම්බන්ධක ආකාර
මෙයින් අද පොස්ට් එක අවසන් කරනවා. ඒ සමග 6වන පාඩම අවසන් වනවා 7 වන පාඩම Micro Processor ගැනයි. අද පාඩමේ වෙනස් කම් කීපයක් පවතින බව මම කලින් කීවනේ එයින් එකක් තමා පහලින් ඇති සටහන. එමෙන්ම අදත් ප්‍රශ්නයක් තිබෙනවා එයත් බලන්න.

සටහන.
නවකයින්ට මෙහි ඇතැමි වචන තේරුම් ගන්න අපහසු බව මට අවබෝධ වී ඇති නිසා සමහර යෙදුම් සෑම පොස්ට් එකකම පාහේ විස්තර කරන්න හිතුවා එයින් පළමු වැන්නයි මේ.

MB/s - Maga Bit per Second (තත්පරයට මෙගා බිට්) මෙය දත්ත හුවමාරු වන වේගය මැනීමට භාවිතා කරයි.

අද ප්‍රශ්නය. 
පහත රූපයේ ඇත්තේ කුමක්ද?
එහෙමනම් ප්‍රශ්නයට උත්තරෙත් දෙන්න. SATA ගැන කියවා ඔබටත් හඳුන්වාදීමක් කරන්න පුළුවන් නම් ඒ විස්තරත් ලියලම යන්න. මතක තබා ගන්න ඉතා කෙටියෙන් ලියන්න.

එහෙනනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!


ප/ලි
ඩිලාන් එකතු කළ SATA ගැන විස්තරයයි මේ..
SATA - Serial Advanced Technology Attachment

දත්ත ගමන් කිරීම සිදු වන්නේ සීරියල් ක්‍රමයට හෙවත් වරකට තනි දත්තය බැගින්, ඒවගෙම sata ඉන්ටර්පේස් එකත් ata වලට වඩා සම්පූර්නයෙන්ම වෙනස් කේබල් එක වගේම විදුලිය දෙන කනෙක්ටර් එකත්. sata කේබල් එකේ තියෙන්නේ පින් 7 ,ඒ එක්කම හාඩ් එකට විදුලිය දෙන පවර් කනෙක්ටර් එකත් පින් 15කි.
ata වලදී නිවැරදිව ඩේටා කේබල් එක ක්‍රියාත්මක වෙන්නේ අගල් 18ක් ඒත් sata වලදී මීටරයක් දක්වා කේබල් එක් දික් කරන්න පුලුවන් ඒ වගෙම ata වලට වඩා sata වල දත්ත ගමන් කිරීමේ වේගය ඉතා වැඩී තත්පරයට මෙගා බයිට් 150 වගේ වේගයක් තියනවා.

Sunday, July 3, 2011

Computer Hardware පාඩමට මොකද උනේ......?

Computer Hardware පාඩමට අදාල අන්තිම පොස්ට් එක ලියවුනේ පසුගිය ජූනි 22නේ. මම දිගටම සතියකට පොස්ට් දෙකක් හෝ දුන්නත් එක් වරම දින 10 කින් පමණ පොස්ට් එකක් නැති උනාම කවුරුත් හිතන්න ඇති ප්‍රියන්තටත් ලියන එක ඇති වෙලා කියල. පොඩි පොඩි ගැටළු ජීවිතේ මතුවෙනවනේ. ඒ අතරතුර කලින් භාර ගෙන අවසන් කරන්න නොහැකිවූ කර්තව්‍යයක් අවසන් කර දෙන්න තිබුනා. පසුගිය සතියෙන් දින පහක් පමණ වැය වූයේ ඒ සඳහායි. ඔය හැමදේම බ්ලොග් එකේ ලියන්න බෑනේ. සමීප බ්ලොග් මිතුරන් දෙතුන් දෙනෙක් නම් දන්නවා මට පසුගිය දිනවල තිබුන කරදර.  ඒ විතරක් නොවේ මම හොඳටම ලෙඩ උනානේ. තවම සම්පූර්ණ සුවය නම් ලැබුනේ නෑ. තාම ඇඳේ ඉඳන් මේ ලියන්නේ. එහෙත් පසුගිය කාලෙ පුරාම මම ඊළඟ පොස්ට් සඳහා අවශ්‍ය සූදානම නැවැත්වූවේ නෑ. බොහෝදේ එකතු කළා ඔබ වෙනුවෙන් ලියන මේ සටහන් වෙනුවෙන්. අද මේ ආ අතුර තුර ඒවා ගැන පොඩි දැනුවත් කිරීමක් කරලම යන්නම්කෝ.
මේ පොස්ට් සඳහා හොඳ ෆොටෝ අවශ්‍ය බව ඔයාල දන්නවනේ. ඒ සඳහා කැමරාව අත්‍යාවශ්‍ය බව කියන්න ඕන නෑනේ. මේසඳහා හොඳ කම්පැක්ට් කැමරාවක් මට මගේ සොයුරාගෙන් ලැබුනා. Panasonic Lumix DMC-FX520 මෙය තරමක් පරණ එකක්. 2008 මාදිලියක්. එහෙත් මට හොඳටම ගැලපෙනවා. ඊළඟ අවශ්‍යතාවය සෑම ෆොටෝ එකක්ම අතේ කැමරාව තබාගෙන ගන්න බෑ. විශේෂයෙන් ඉදිරි ලිපි වල කොටස් ගැලවීම් සවිකිරීම් වලදී ආධාරකයක් හෝ සහයකයෙක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ට්‍රයිපොඩ් එකක් (Tripod) එකක් මිළදී ගන්න තිරණය කළා. Ebay එකෙන් ගත් මෙය ගිය සතියේ තමා මට ලැබුනේ. අපරාදේ කියන්න බෑ. අපේ කස්ටම් එකේ මහත්වරු වෙන්න ඕන අණ්ඩක් කඩලයි එය එවල තියෙන්නේ. ඔන්න මගේ කැමරාවයි ට්‍රයිපොඩ් එකයි.

තනි කැමරාවෙන් හැම දේම කරන්න බෑ නේ. අමතර සහාය මගේ ෆෝන් එකෙන්. (එයත් මල්ලිගෙන් ලැබුන තෑග්ගක් තමා)
මේ ගන්න ෆොටෝ මගේ නෝට්බුක් එකට ගන්නත් ඕනනේ. අනික මේවා ගබඩා කරන්න කැමරාවේ මෙමරිය මදි. ඒනිසා මම ගත්තා කාඩ් රීඩර් එකක් හා අමතර MicroSD එකක් SD Adapter එකක්. ඒත් ඉතින් ebay තමා.

අළුතින් Tools කීපයක්ම ගෙන්වා ගත්තා. ඒවා ඉදිරි ලිපිවල දක්නට ලැබෙයි. තව කීපයක් ඉදිරියේ ගන්නත් තියනවා. මේ මම ගෙන්වාගත් Wrist wrap වලින් එකක්. 

මීට අමකරව තවත් Hardware අමතර උපාංග  ගොඩක් මම එකතු කළා. මේවා බොහොමයක් ක්‍රියාකාරි තත්වයේ පවතින්නේ. මේ සාමාන්‍ය IDE Hard Disk එකක් හා Laptop  IDE Hard Disk එකක්.

Memory හා Expansion Cards කීපයක්.

Desktop Computers නම් ගෙදර දෙකක් තියනවා. තව සේවා ස්ථානයේ දවසකට එකක් අළුත්වැඩියාවට ගලවන නිසා ඒවා ඕන තරම් ෆොටෝ ගන්න පුළුවන්. ඒත් ලැප්ටොප් ගලවා සවිකරන අළුත් වැඩියා කරන ආකාරය කීප දෙනෙක් විමසා ඇති නිසා ඒවා කීපයක් ගලවන්න හිතුවා. ඒත් හොඳ ක්‍රියාකාරී එකක් ගැලවීමේදී මම අනුගමනය කරන ක්‍රම නිසා ෆොටෝ ගන්න තරමක් අපහසුයි. එබැවින් ගත හැකි ඡායාරූප සීමිතයි. මගේ නෝට් බුක් එකත් තාම අන්ඩර් වොරන්ටි නිසා දැන්ම මේක ගලවන්න බෑනේ. ඒ නිසාම මම පරණ PII ලැප්ටොප් එකකුත් ගෙනාවා. මෙය තාම ක්‍රියාකාරි එකක්. අවුල හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකිරීම.

මේ හැර තවත් ලැප්ටොප් දෙකක් තියනවා හොඳ ක්‍රියාකාරී. ඒවා එකක් දැනටම ඡායාරූප එකතුවේ තියනවා ගලවන අවස්ථාවේ ලබාගත්. මේ ලිපි ලියාගෙන යන විට මගේ නෝට් බුක් එකත් වොරන්ටි ඉවර වෙලා තියෙයි. එහෙම උනොත් අපි ඒකත් ගලවමු.
අවසානයේ කියන්න ඇත්තේ මගේ මේ මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් එකත් එක්ක මේක කරන්න බෑ කියල. ඒ නිසා මම ADSL වලට මාරු වෙන්නයි යන්නේ. ඇප්ලිකේෂන් දීලයි ඇත්තේ. හෙට කනෙක්ෂන් ලැබෙයි. මම බොහෝකල් බලා සිටියා ADSL ලබා ගන්න. දැන් තමා අපේ ලයින් අප්ඩේට් කරල තියෙන්නේ. අවශ්‍ය රවුටර් එක ගෙනත් ප්‍රොග්‍රම් කර අවසන්. ඒ නිසා කනෙක්ෂන් එක ලැබෙන්න විතරයි තියෙන්නේ.
(ADSL Routers config කර දෙනු ලැබේ)

එහෙනම් ලෑස්ති වෙන්න ඊළඟ පාඩම් එක්ක. මීළඟ පොස්ට් එක දැන් ලියමින් පවතිනවා. එය හෙට හෝ අඟහරුවාදා වෙන විට දාන්න පුළුවන් වෙයි. 
ප්‍රමාදය ගැන මගේ කණගාටුව.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!