උදේම ජංගම දුරකථනය නාද වන්නට විය. මොන කරදරයක්ද සිතමින්ම දුරකථනය අතට ගත්තේ.
හෙලෝ ගුඩ් මෝර්නින්...
හෙලෝ...හෙලෝ...පිළිතුරක් නැත. ඒත් ඒපැත්තෙන් සද්ද ගෝෂා ඇහෙන්නේ කතා කරන කෙනා මාව උදේම රවටනවාද? උදේ පාන්දර තරහ ගන්නේ නැතිව නිහඬවම දුරකථනය විසන්ධි කළෙමි.
පසුදින දවල් නැවතත් එවැනිම ඇමතුමක්. ම්ම් 111** ඔව් ඒ නොම්මරේම වෙන්න ඕන. කවුද මේ මට මෙහෙම කරන කෙනා. මම කලින්දා වගේම ඇමතුම විසන්ධි කළෙමි.
නැවත දින කීපයකින් ආ ඇමතුමක් සියල්ල වෙනස් කරන බවත් දැනෙන්නට විය.
හෙලෝ....
ආ හෙලෝ කොහොමද? මේ මම ලමයෝ...
මොහොතකට හදවත නැවතුනාදෝ මට දැනුනේ. ඇත්තටම ඔයාද?
ඇයි ඔයාට විශ්වාස නැද්ද?
නෑ එහෙම නෑ. මට අදහාගන්න බැරුව ගියා.
මේ ඒක නෙවේ වැඩිය කතා කරන්න බෑ. හෙට එන්නකෝ අනේ ලමයෝ මාව හමුවෙන්න. මම හෙට උදේට එන්න තැනක් කියන්නම්.. එනවා නේද? ඇය ලයාන්විත හඬින් පවසයි..
හොඳයි මම එනවා. බලන් ඉන්නම් උදේ කතා කරනකල්.
එහෙනම් තියනවා බායි......
බායි....කිව්වාද කියවුනාද මට මතක නැත. ජංගමේ අතකින් ගෙන විනාඩි කීපයක් සමහර විට පැයක් විතර මම එහෙමම ඉන්න ඇති..
පසු දින නිවාඩු දවසක් වුවත් උදේම අවදිවී බලා සිටියේ ඇමතුමක් එනතුරුය. මේක බොරුවක්ද? කවුරුත් මාව රවටනවාද? ටිකෙන් ටික වේලාව ගතවෙද්දී මට නොසිතුනා නම් නොවේ. ඒත් ඒත් පලවෙනි රිං එකටම ආන්සර් කලේ කොහොමද කියන්න මට තාම බැරිය.
හෙලෝ මම අර පාරේ මල් ගස් පේළිය ළඟට උදේ 10ට එන්නම්. ඔයාට හොයාගන්න ලේසි වෙන්න රෝස පාට ටීෂර්ට් එකක් ඇඳන් එන්නම්. ඔයා එන්නේ කොහොමද?
මම ඉතින් පුරුදු විධියට බයික් එකේ එන්නම්. ..
හා නම්බර් එක කියන්නකෝ බයික් එකේ...
****** හරිනේ..
හරි එහෙනම් මම තියන්නම් ලමයා..
හොඳයි එහෙනම් පරෙස්සමෙන්. බුදු සරණයි..
ඔයාටත්..
මම ඇඳ ගත්තේ කොහොමද කියා මට මතකම නැත. ඒත් වෙනදාට වඩා ඒ සඳහා බොහෝ වේලාවක් ගතවූ බවනම් දැනුනා. කොණ්ඩෙම කීපාරක් පීරන්න ඇතිද? පර්ෆියුම් වැඩි උනාද මන්දා...
මෙච්චර පීරුව කොණ්ඩේ හෙල්මට් එකට අවුල් වෙන බව මතක් උනේ බයික් එකේ යතුර අතට ගන්න වේලාවේ.
අම්මා මම නුවර ගිහින් එන්නම්. යාළුවෙක් එනවා කීවා. අම්මාට ප්‍රශ්නයක් නොතියාම මම අවසර ගත්තේ. හොඳයි පුතේ පරෙස්සමෙන්. ඒ ඉතින් කවදත් පුරුදු ආශීර්වාදෙනේ.
මම ඇය හඳුනාගෙන ටික කලක් වුවත් අප හමුවන්නේ පළමු වරටයි. තනිකම පිරි සිතට සහනයක් ගෙනාවේ ඇයයි. අද ඇය මා හමුවනවා....
පාරේ දෙපස ගස් වල කවදාවත් නොදුටු ලස්සන මල් පිපිලා තියෙන්නේ. මේවා වෙනදත් තිබුනද?
උදේ පිපුන මල් සුවඳ නාසය පුරා විඳින මට එය දැනුනේ ආත්මය සිඹිනා සුවඳක් ලෙසයි...
පාර අයිනේ නිවසක පිපුන රෝස මල් දෙකක් මද සුළඟේ එකිනෙක වැළඳ ගන්නේ කොතරම් ආදරෙන්ද. මේවා මීට කලින් මේ පාරේ තිබුනාද මට මතක නැත..
කුරුළු ගී හඬ බයිසිකලයේ එන්ජිමේ ගොර ගොර නද අභිබවා හෙල්මට් එකත් සිදුරු කරන් ඇවිත් වෙන්න ඕන මගේ කන් වලට ඇතුල් වෙන්නේ. වෙනදා නම් මට ඇසෙන්නේ බයිසිකලයේත් අනෙක් වාහන වලත් ඒන්ජින් වලින් නැගෙන රළු හඬ හා කරච්චලයක් වන නලා හඬ පමණි. ඒත් අද ඒ හඬ සියල්ල ගොළු වී ගිහින්. ඒ වෙනුවට කුරුළු ගීත, සුළඟ මුමුනන ගීත, පාරේ යන මිනිසුන්ගේ සුමිහිරි වදන්.. මේවා හදිස්සියේ කොහොමද මෙහාට ආවේ..
ඕනෑවටත් වඩා කලින් ගෙදරින් ආවත් නොදැනීම බයික් එකේ වේගය වැඩිවෙනවා. මගේ සිත අද මට අයිති නෑ වගේ. මේ හැමදාම පුරුදු බයික් එක හෙමින් ගෙන යන්න බැරි ඇයි..
අන්තිමට කරන්නම බැරි තැන විනාඩි කීපයක් බයික් එක පාර අයිනේ නවතා නිදහසේ හුස්මක් ගෙන සිත සැහැල්ලු කර ගතිමි. ආයෙම දැන් නම් පරෙස්සමෙන් පදිනවා සිතාගෙන සෙමින් ගමන ආරම්භ කලෙමි.
අහසේ වළා කුලක් පාවී යයි. එයින් වැස්සක් එන් එකක් නම් හිතන්න කොහෙත්ම ඉඩක් නෑ.
ඒත් මට වික්ටර් රත්නායකගේ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්...අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් සිංදුව මිමිනෙන්නට විය...
අවසානයේ ඈ පැවසූ වෙලාවටම මල් ගස් පේළය ළඟ බයික් එක නතර කළෙමි..
රෝස පැහැ ටී ෂර්ට් එකකින් සැරසී මිහිබට සුරඟනක් මෙන් බංකුවේ වාඩිවී සිටින්නේ ඇයම විය යුතුය.
මා බයික් එකෙන් බැස හෙල්මට් එක ගලවන විටම බයික් එකේ අංකය බලා නැවත මාදෙස බැලු ඇගේ මුහුනේ ඇතිවූ සතුට...
ඒ සොඳුරු මුව මත කෝපි මල් පොකුරක් පිපී දිලෙන්නට විය..
ප/ලි
(තවත් කොටසක් හෙට)
හම්බවෙන්න එන කෙනා වෙන්න ඇති ඔය කම්පියුටරයක් අතේ තියාගන බලා ඉන්නේ. ලස්සනයි. කතා කරලා ඇවිත් අපටත් කියන්නකෝ මොනවද කතා කලේ කියලා.
ReplyDeleteඑන්නේ ළමයෙක්ද? එයා ඉක්මනින් ඔයා හම්බවෙන්න එයි කියලා මමත් ප්‍රාර්තනා කරන්නම්.
ඉතින් ඉතින් මොකද උනේ? මගෙත් සුභ පැතුම් හොදේ!!!!!
ReplyDeleteහොඳට හිටපු කොළුවට මක් උනාද මන්දා.......
ReplyDeleteහත් වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද.....?
මේක ඇත්තක් වෙන්න ඕන. එහෙනම් ඔන්න ඊළඟ කොටස ඉක්මනට ඕනෝ........ ආ අරයා ඔව් ඔව් එයා කවුද කියලත් කියන්නකෝ........ :D
ReplyDeleteඑහෙනම් මේ පාරවත් ඕක හරියට කරගන්න, මේ අවුරුද්දේ අපිට කේක් කෑල්ලක් කන්න පුලුවන් වේවි නේද?
ReplyDeleteඑතකොට...................?? නෑ ඒ ප්‍රශ්නය මං වෙන වෙලාවක අහන්නම්කො :D
ReplyDeleteha haa haa , I 'll not tell any thing :)
ReplyDeleteBoss soon ur going to be in trouble :) god bless u :)
අයියො...
ReplyDeleteකො ඉතුරුටික...
හොදම හරිය නැනෙ...
ඉක්මනට ඉතුරු ටිකත් දාන්න ..
ReplyDeleteඑහෙනම් ඒකත් ජය සිරි මංගලම්..
හරි මං කියන්නං එතන ඉඳලා...
ReplyDeleteඇය-අයියා මගේ මේ ලැප් එකේ අවුලක්..අනේ ටිකක් බලන්නකෝ
ප්‍රියා-$$%&&%#%%*(^&*(^
එයා එයාමද? ;D
ReplyDeleteප්‍රවීනා
ReplyDeleteතාම කතාව ඉවර නෑ. එන කෙනා කවුද කියල දැන ගන්න පුළුවන් වෙයි. ඉන්නකෝ බලාගෙන..
ඒ ළමයා ආසම සූරිය කාන්ත මලකුත් මම අරන්ම ආවා..
@ හරී - පිණිපළස
ReplyDeleteඉතින් මොකද උනේ..
මම දන්නේ නෑ. බලන්න ඉන්නකෝ..
@ අභීත
ReplyDeleteඒක තමා හොඳට හිටියට මෙහෙම වෙනවා නේ.
හොඳට හිටිය හින්දම වෙන්න ඇතිනේ.
@ හා පැටික්කි (MS)
ReplyDeleteහාවි නම් මොකක් හරි කෑල්ලක් අහුලන් වගේ.
ඔව් අරයා තමා..
@ neetha
ReplyDeleteඅපි එහෙම හිතමු නේද නීතා. ඇයි දැන් කේක් ගන්න කොහේවත් නැද්ද මේ අවුරුද්දේ කේක් කමු කීවේ....
@ Ansh Lucky Sri Jay
ReplyDeleteඔව් ඒක හොඳයි. වෙන වෙලාවක අහන්නකෝ අන්ශ්..
@ TG
ReplyDeleteබුදු අම්මෝ... ඒ මොකද TG?
@ ඉංදික
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් එළ වෙන යාමෙට කීවලු...
@ ඉලංදාරියා
ReplyDeleteස්තූතියි මල්ලි. ඔයාට මේ අවුරුද්දේ ඔයාගේ ආදරණිය හඬ ඇසෙන්න පතනවා..
@ මාරයාගේ හෝරාව
ReplyDeleteමාර වැඩේනේ නංගි. මගේ ටූල්ස්කිට් එක ගෙනාවේ නෑනේ...
@ නිශ්
ReplyDeleteවෙන කවුද ඉතින්....:D
@ StArry aNgeL
ReplyDeleteඇඩ් දානවට වඩා හොඳයි ඇවිත් බ්ලොග් වල කමෙන්ට් කරන්න. එහෙම කලාම අනෙක් අයත් ඔයාගේ බ්ලොග් එක බලන්න එයි.
මූනු පොතේ තවත් එක් ආදර කතාවක්
ReplyDelete@ Angel
ReplyDeleteනෑ මෙහෙම කියන්නද?
මූනු පොතේ නම් නෙවේ. බ්ලොග් එකේ නැතිනම් චැට් එකේ වෙන්න පුළුවන්. ඊ මේල් වෙන්නත් පුළුන්.
ම්ම්ම්ම්ම්ම්ම් ඒ කියන්නේ ජාලේ ආදර කතාවක්
ReplyDeleteමොනා උනත් පරිස්සමින් අයියා මම අත්දැකීමෙන් කියන්නේ
@ Angel
ReplyDeleteගොඩක් අයට ඒ වගේ අත්දැකීම් තියනවා තමයි. ජාලේ ආදර කතා බොහොමයක පසුපස ඇත්තේ රැවටීම තමා. මමත් ඒක නොදන්නවා නොවේ. මට නම් ඒ අත් දැකීම නෑ. ඒත් එහෙම උන අය මට ඒගැන කියලත් තියනවා. ඒත් මේක වෙනස් කතාවක්. අන්තිම වෙවකල්ම මේ කතාව එක්ක ඉන්නකෝ...
හුටා.... විනාසයි....
ReplyDelete@ අනුරාධ
ReplyDeleteමොකක්ද අනුරාධ මල්ලි විනාසේ...:D