පේනවානේ පින්තූරේ. ඔව් අද කියන්න යන්නේ ආරක්‍ෂාව ගැන තමා. මේ කියන්න යන්නේ මොන වගේ ආරක්‍ෂාවක් ගැනද කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ. නෑ මේ රටේ ආරක්‍ෂාව, නැතිනම් ජාතික ආරක්‍ෂාව ගැන පොස්ට් එකක් නෙවේනේ. අපි මේ දවස්වල කතා කරන්නේ Computer Hardware ගැනනේ. ඉතින් මම අදත් කියන්නේ ඒ සම්බන්ධ දෙයක්ම තමා. අද පෝස්ට් එකෙන් අපි පැති දෙකක් ගැන කෙටියෙන් කතා කරනවා. පළමුවැන්න වශයෙන් මම ඉතා කෙටියෙන් අපේ ආරක්‍ෂාව ගැනත් දෙවනුව පරිගනක හා උපාංග වල ආරක්‍ෂාව ගැනත් කතා කරනවා.
පුද්ගල ආරක්‍ෂාව.
පරිගනක කාර්මිකයෙකු මුහුණ දෙන අනතුරු ගණනාවක් තියනවා. මේවායින් ප්‍රධාන දේ කුමක්ද?
ඔබ දැනටම දැක ඇති මෙම සලකුණ. නොදන්නා අය හොඳින් නැවත බලන්න. මෙයින් නිරූපනය වන්නේ අධි වෝල්ටීයතා ඇති බවයි. අපේ පරිගනකයේ ස්ථාන කීපයකම මෙම අධිවෝල්ටීයතාවයන් (High Voltages) පවතිනවානේ. හිතන්න පුළුවන්ද? නෑ ඕන නෑ මම ම කියන්නම්. සම්පූර්ණ මොනිටරයම අධිවෝල්ටීයතා කලාපයක් තමා. අළුත් LCD හෝ LED මොනිටර් වලත් මෙම අධිවෝලිටීයතා පවතිනවා. ඒ නිසා ඒවා ඇතුලත පරීක්‍ෂා කිරීමේදී ඒගැන සැලකිලිමත් වන්න.
මේ හැර සියලුම විදුලි සැපයුම් (Power Supply) භාවිතා කරන්නේ ප්‍රධාන විදුලියයි. මේවා තුලද මෙම අධිවෝලිටීයතා පවතිනවා. මීට අමතරව මේවායේ දෝෂ ඇති විට විදුලි සැපයුම ක්‍රියාවිරහිත කර යම් කාලයක් ගතවනතුරුම මේවායේ ඇති ධාරිත්‍රික (Condenser) විදුලි ආරෝපණ පවතින නිසා ඒවායින් විදුලිසැර වදින්න පුළුවන්.
දෙවනුව සඳහන් කරන්න පුළුවන් වන්නේ සීරීම් තුවාල වීම් තැලීම් වැනි අනතුරු සිදුවන අවස්ථාවන්ය.
මෙය විශේෂයෙන් පරිගනක එකලස් කිරීමේදී (Assembling) සිදුවේ. මේවායේ ඇති තියුණු ලෝහ දාර වල වැදීමෙන් කැපීම් හා සීරිම් සිදුවීම බහුලය. මේ සඳහා ආරක්‍ෂක පියවරක් ලෙස අත් ආවරණ පැළඳීමද ප්‍රායෝගික නොවේ. එනිසා වැදගත් වන්නේ ඉතා සැලකිල්ලෙන් වැඩ කිරීමයි. තවද ආයුධ වලින් සිදුවන අනතුරු ආදිය මෙන්ම බර වැඩි මොනිටර් වැනි දේ පාදය මතට වැටීමෙන් පවා අනතුරු සිදුවේ. කොටස් දෙකට ගලවා ඈත් කිරීමේදී ඒවා අතරට ශරීර කොටස් (විශේෂයෙන් ඇඟිලි) හසුවීමට පුළුවන්.
මීට අමතරව LCD තිර බිඳී යාමෙන් ඒවායේ ඇති රසායන ශරීරයේ තැවරෙන්න පුළුවන්. මේවා විශ සහිත රසායනයන් වේ. තවද සේවා සිදුකිරීමේදී ඇතුලත ඇති දූවිලි අපද්‍රව්‍ය ඉවත් කරන නිසා ඒවා ශරීර ගතවීමෙන් රොගාබාධ ඇතිවෙන් පුළුවන්. ඉහත මූලික කරුණු ගැන අවධානය යොමුකීරීම කාර්මිකයෙකුට ප්‍රයෝජනවත්ය.
උපාංග වල ආරක්‍ෂාව
උපාංග වල ආරක්‍ෂාව කොටස් ගණනාවකින් විස්තර කරන්න පුළුවන්.
මේ පින්තූරෙන් කියන්නේ මොනවද?
මෙම රූපය දක්වා ඇත්තේ එහි සඳහන් උපකරණ ස්ථිති විදුලියට (Electrostatics) සංවේදී බවයි. මතකද අපි කුඩා කල පනාවක් වියලි හිසකෙස් හෝ සිල්ක් රෙදි කඩක පිරිමැද කුඩා කඩදාසි කැබලි නැතිනම් රෙජිෆෝම් කැබලි වලට ලංකලාම ඇදී එන ආකාරය. එසේ වන්නේ මෙම Electrostatics නිසා තමයි. මෙය ඇත්තටම විදුලි ආරෝපනයක්. මෙම ආරොපණ අපේ ශරීරයේ මෙන්ම ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේ මත ඇති වන්න පුළුවන්. විශේෂයෙන් වියලි කාලයට මෙසේ ආරෝපනය වනවා වැඩියි. මෙම සඳහන් උපාංග මෙම Electrostatics වලට අධිසංවේදී බවක් දක්වනවා. එනම් Electrostatics මගින් මෙම උපාංගයන්ගේ ඇති සියුම් උපකරණවලට හානි සිදුවේ. මේවා සපයන්නේ මෙම විදුලියට ආවරණය කළ උරයක් තුලයි. එහෙත් එයින් පිටතට ගැනීමේදී ස්ථිති විදුලියට නිරාවරණය වෙන්න පුළුවන්. මෙයින් වැලකෙන්න බැරිද?
ඒ සඳහා තමා කලින් පොස්ට් එකේ Anti static wrist wrap හා Anti static mat එකක් ගැන සඳහන් කලේ. එයින් ස්ථිති විදුලිය ලුහුවක් කරන්න (discharge) කරන්න පුළුවන්. එවැන්නක් නැතිනම් අත සෝදා පිසදා ගන්න. නැතිනම් වරින් වර භූගත කරන ලද යකඩ පෘෂ්ඨයක් ස්පර්ශ කරන්න. නමුත් මේවා නිවැරදිම ක්‍රම නොවේ. නිවැරදි ක්‍රමය වන්නේ Anti static wrist wrap භාවිතයයි. Anti static wrist wrap භාවිතය ගැනත් මෙතනදීම කියන්නම්. Anti static wrist wrap භාවිතා කිරීමේදී එහි අග්‍රය හොඳින් බිම්ගත කරන්න. Anti static mat ද හොඳන් බිම්ගත කළ යුතුය. කෙසේ වෙතත් ස්ථිති විදුලිය ආරෝපණය වීම වැඩි වියලි අවස්ථාවන්හිදී. විශේෂයෙන් වායු සමනය කළ පරිසරයේ වැඩි බව මම දන්නේ අත්දැකීමෙන්. හේතුව ලංකාව වැනි තෙත් කලාපීය රටක වායුසමනය කළ කාමර වියලි නිසා. එබැවින් එම ස්ථිති ආරොපණ ගැන සැලකිලිමත්ව ආරක්‍ෂක පියවර අනුගමනය කරන්න.
මීළඟට කියන්න යන්නේ මේවායේ ඇති ඉතා කුඩා පරිපථ කොටස් හා උපාංග අප භාවිතා කරන ටූල්ස් නිසා පහසුවෙන් හානියට ලක්වන්න පුළුවන්. සම්බන්ධක සීරිම නිසා විදුලිය ගමන් නොකිරීම, පරිපථයටම අලවා ඇති සියුම් උපාංග වලට හානි වීම සිදුවෙන්න පුළුවන්. තවද ඉස්කුරුප්පු ඇණ තද කිරීමේදී ප්‍රමාණයට වඩා තද කිරීමෙන් (Over tight) ඒවාට මෙන්ම එවා මගින් සම්බන්ධ වන උපාංග වලටද හානි සිදුවෙන්න පුළුවන්.
කවද Hard disk වැනි උපාංග කම්පනයට ලක්වීම නිසා ක්‍රියා විරහිත වෙන බව දන්නවා ඇතිනේ. එබැවින් මේවා පරිහරණයේදී බිම වැටීම වැනි කම්පනයට ලක්වවන අවස්ථා සඳහා ඉඩ නොදෙන්න. එමෙන්ම ගැලවීමේදී හා නැවත සවිකිරීමේදී ප්ලාස්ටික් හෝ වෙනත් කොටස් බිඳී යා හැකි නිසා ප්‍රමාණය ඉක්මවා බලය යොදා ඒවා ගලවන්න උත්සාහ නොකරන්න. විශේෂයෙන් ක්ලිප් කර ඇති සබඳතා පහසුවෙන් කැඩෙන්න පුළුවන්.
මීට අමතරව කලින් පෝස්ට් එකේ සඳහන් කළ ආකාරයටම නිවරදි ටූල් එක භාවිතා නොකිරීම නිසා සිදුවන හානිද මෙයටම ඇතුලත්. සඳරූ එයාගේ අත්දැකීමත් එකතු කරල තිබුනනේ. ඒනිසා නිවැරදි ටූල්ස් භාවිතයෙන් එවන් හානි වලක්වා ගන්නත් නියම කාර්මිකයෙකු සෑම විටම උත්සාහ කරන්න ඕන.
මෙයට තවත් කරුණු ඇතත් ඒවා අදාල පොස්ට් එක සමග විස්තර කරන්නම්. කලින් පොස්ට් කියවා නැති අය මේ ලින්ක් වලින් මෙයට අදාල කලින් පොස්ට් කියවන්න.
එහෙම නම් අදට මේ ඇති කියා සිතනවා. ඊළඟ පොස්ට් එකෙන් හමු වෙමු.
සුභ දවසක්..!!!
ප/ලි
සමහර විට තව සතියක් පමණ යන තෙක් මේ Computer Hardware පාඩම ලියන්න බැරි වෙයි. ඒ අත්‍යවශ්‍ය පෝස්ට් කීපයක් ලියන්න සිතා සිටින නිසා. ඒ ගැන අමනාප නොවන මෙන් ඉල්ලමි.
මේ පාර නම් පාඩම හරිම අමාරුයි සර්. හොඳට කියවලා බලලා තමයි කමෙන්ට් දාන්ට ඕනි.
ReplyDeleteකියෙව්වා.ගොඩක් දේවල් දැන ගත්ත.මමත් කාලෙක ඉදල් ලැප්ටොප් එක ගලවල බලන්න හිතන් ඉන්නව.ඒත් බයයි.මොනව හරි වෙයි කියල :/
ReplyDeleteඅද පාඩමත් බැලුවා හොඳයි නියමෙට යනවා මගෙත් යාළුවෝ කීප දෙනෙක්ම මේක බලනවා
ReplyDeleteමම අහලා තියනවා ස්තිති විද්‍යුතය උදාසීන කරන්න හැකි Anti static mat.. අපි සතුව නැත්නම් පොලව සමග සම්බන්ධවී ඇති පිත්තල මොනවා හරි දෙයක් ස්පර්ෂ කලාම ගොඩක් දුරට ස්තිතිවිද්‍යුතය උදාසීන වෙනවාලු ...
ඔය විද්යට මුලින්ම වට පිටාව හඳල කියල දෙන එක ගොඩක් වටිනවා...
ReplyDeleteමමත් අම්බානකට අත කපාගෙන තියෙනවා ඕව කරන්න ගිහින්...
අදත් කියෙවුවා..පැහැදිලියි..
ReplyDeleteඅර නදී කිව් දේ තමා මගේ ඔළුවෙත් තියෙන්නේ..ලැපය ගැලවීම..හෙක් හෙක්...
ඔහොම යං ....... ඔහොම යාං ........
ReplyDeleteකියෙව්වා. නියමයි. දිගටම යං.
ReplyDelete@ ප්‍රවීනා
ReplyDeleteඔය තරම් අමාරුද. හා කියවලා එන්නකෝ හොඳට ගෝලයෝ...
සොරි වැරදුනා ගෝලියෝ නේද වෙන්න ඕන...:D
@ නදී
ReplyDeleteඇයි ලැප්ටොප් එකට ඇති ආසාව ඉවරද?
@ හිස් අහස
ReplyDeleteහොඳින් බිම් ගත කළ තහඩුවක් ඇල්ලීමෙන් පවා ස්තිති විද්‍යුතය උදාසීන කරන්න පුළුවන්. නමුත් මම කීවේ නිවැරදි හා වඩා විශ්වාසදායක ක්‍රමයයි. Anti static wrist wrap නම් ඉතා අඩු මිළක් වෙන්නේ.
@ තාරක Dilsh@n
ReplyDeleteඔව් මගෙත් ඔය අත්දැකීම් තියනවා. ඒනිසයි මමත් ඒ ගැන ලීවේ...
ස්තූතියි තාරක කමෙන්ට් එකට..
@ මාරයාගේ හෝරාව
ReplyDeleteඅළුත්වැඩියාවක් කරන්න ලැප්ටොප් එකක් ගලවන්න ඉක්මන් වෙන්න එපා. ඒ සඳහා හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන. නැතිනම් ලොකු විනාසයක් වෙන්න පුළුවන්.
@ කල්හාර දිසානායක
ReplyDeleteයන් යන් එන්නකෝ ඔයාලත් මාත් එක්කම යන්න..
යන් දිගටම යන්. ඔයාලත් එනවනේ..
ReplyDeleteඅයියා ඔය මේ පෝස්ට් එක දැක්ක ගමන් මතක් වුනා හොද සිද්ධියක්...
ReplyDeleteඅපේ ක්ලාස් එකේ මට දුන්නා පීසී එකක් පවර් දෙන්න කියලා...මාත් ඉතිං පොර වගේ ගිහින් සප්ලයි දුන්නා...සීපීයු එක තිබුනේ මේසේ ඇතුලේ..ඉතිං මාත් හොදට ඔළුව දාලා පවර් කේබල් එක ගහලා මේසෙම හයිකරලා තිබ්බ ස්විච් එක දැම්මා....කනට පුදූම සනීපයක් දැනුනා....
ඒ මැෂිමේ පවර් සප්ලයි එකේ වෝල්ටේජ් මාරු කරන්න (110V-230V) ස්විච් එකක් තිබිලා...(සමහර ඒවයේ තියෙනවනේ...) ඉතිං ඕවා බලන්නේ නැතිව තමා මේන් පවර් දුන්නේ...110V වලට ස්විච් එක හදලා 230V දුන්නහම කෝම තියෙයිද.... හික් හිත් අපරාදේ කියන්න බෑ....දැන්නම් පවර් සප්ලයි එකක් දැක්කහම ඉස්සෙල්ලම බලන්නේ වැඩකරන වෝල්ටේජ්.....හිකි හික්....
පස්සේ සර් කිව්වා ඒක එහෙම දුන්නේ ආයේ අමතක නෙවෙන්නමයිලු... ක්ලාස් එකේ අයටත් ඒකනම් බොක්කටම වැදුනා....
මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියනවා.දවසක් Ram එකක් ගලවල හදිස්සියට මං ගහල තියන්නේ බාගෙට.Machine එක On කලා.මුකුත්ම නෑ.ටිකකින් ගඳක් එනවා..බැලින්නම් 512 DDR1 Ram එක ඉවරයි. එදා ඉඳං අද වෙනකල් Ram එකක් ගැලෙව්වොත් හොඳට දෙපැත්තට වනල තද කරනවා.අමතක වෙන්නේ නෑනෙ අතින් කයිට් උන 1500/=
ReplyDelete