Friday, May 6, 2011

Microsoft Security Essentials නොමිලේම වයිරස් වලින් ආරක්‍ෂාව..

Microsoft Security Essentials යන්න ගොඩක් අය අහල ඇති නේද? නැති අයට දැන ගන්නයි වැඩියම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. මොකක්ද මේ Microsoft Security Essentials කියන්නේ. මෙය අන්ටිවයිරස් (Antivirus) සොෆ්ට්වෙයාර් එකක්. මෙය ලබා දෙන්නේ Microsoft ආයතනයයි. සල්ලි වලට එහෙම නොවෙයි. නොමිලේමයි. නිකන් දෙන එකක් නම් අපි ටිකක් විස්තර දැන ගත්තට වරදක් නෑ නේද? කතාවට කියන්න නිකන් දෙනවනම් හොරිකඩයක් උනත් කමක් නෑ කියලනේ. ඒත් මෙය නම් හොරිකඩයක් නොවේ.
මෙය Microsoft ආයතනය විසින් මුල් වරට නිකුත් කලේ 2009 සැප්තැම්බර් මාසයේ. ඒ අත්හදා බැලීමක් ලෙසයි. පළමු Stable Version එක 2010 දෙසැම්බර් 16 වැනිදා තමා නිකුත් වන්නේ. මමත් මේ ඇන්ටිවයිරස් එක 2010 මුල් කාලයේ සිටම භාවිතා කරනවා. 
මෙය දැනට භාවිතයේ ඇති මෙහෙයුම් පද්ධති (OS) අතරින් Windows XP, Windows Vista හා Windows 7 සඳහා හොඳින් ක්‍රියාකරනවා. මෙය Intel x86 (32bit) මෙන්ම x64 (64bit) යන platform දෙක සඳහාම එකසේ භාවිතා කරන්න පුළුවන්. මෙයින් Computer Viruses, Spyware, Rootkits, Trojan horses ආදියෙන් ඔබේ පරිගනකය ආරක්‍ෂා කරගන්න පුළුවන්. 

මොනවාද මෙහි ඇති වාසි කියා අපි සොයා බලමු.
මෙය නිපදවා ඇත්තේ Microsoft ආයතනය නිසා තම මෙහෙයුම් පද්ධතිවල ඇති අඩු පාඩු, වයිරස් ඇතුල්වන්න ඇති සිදුරු ගැන වඩා හොඳින් දන්නේ ඔවුන් මයි. ඒ නිසා ඔවුනට මෙය තුලින් පහසුවෙන් අදාල සිදුරු පමණක් වහන්න පුළුවන්. වෙනත් ඇන්ටි වයිරස් එකකින් මෙය කරන්න පහසු නොවන නිසා ඔවුන් විසින් සෑම අවස්ථාවක්ම අවහිර කිරීමක් කරනවා. එවිට කොම්පියුටරයේ ඇති සම්පත් (resources) භාවිතය අතින් වෙනත් ඇන්ටි වයිරස් පසුපසින් ඇත්තේ. එනම් වෙනත් ඇන්ටි වයිරසයක් ඇති විට ඇතිවන පද්ධතියේ වේගය අඩාල වීම Microsoft Security Essentials වලදී වෙන්නේ අවම වශයෙන්. සාමාන්‍යෙයන් Microsoft Security Essentials මගින් කැපී පෙනෙන වේගය අඩාල වීමක් මම දැක ඇත්තේම නෑ.
මෙහි තවත් වාසියක් වන්නේ වෙනත් අපි කැමති ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් සමග වුවත් භාවිතා කරන්නට හැකි වීමයි. මම අතහදා බැලීමක් ලෙස Kaspersky Antivirus සමග වසරක්ම භාවිතා කලා. ඊට අමතරව McAfee සමගද භාවිතා කළා. Update කිරීම (definition update) on line මෙන්ම off line යන ආකාර දෙකෙන්ම කරන්න පුළුවන්. ඔබට කොම්පියුටර් ගණනාවක් update කරන්න ඇති නම් වඩා සුදුසු offline updater එකයි. මෙහිදී අදාල ෆයිල් එක ඩවුන්ලොඩ් කර ජාලයක් නම් (Network) එය හරහා කරන්න පුළුවන්. නැතිනම් පෙන් ඩ්‍රයිව් එකක් මගින් කරන්න පුළුවන්.
මෙහි මම දුටු එක් දුර්වල තාවයක් තියනවා. එනම් වයිරස් එකක් ඉවත් කරන්නේ ලෝකල් කොපි කරගෙන  ඉන් පසුවයි. යම් ලෙසකින් ඒ අවස්ථාවේ යන්ත්‍රය ස්ට්‍රක් වීමක් හෝ ක්‍රියා විරහිත විමක් වුවහොත් වයිරසය ඉතිරි වෙන්න පුළුවන්. නමුත් බොහෝවිට මෙය සිදුවන්නේ ඇන්ටි වයිරස් දෙකක් එකවර ක්‍රියාත්මක වන විටයි. එවන් අවස්ථාවක ඉවත් කරන්න තරමක් වෙහෙසෙන්න වෙනවා. ඒ ඇන්ටි වයිරස් දෙකෙන්ම හොයන නිසයි. එකකින් අල්ලා ගත් විට අනෙකට ඉවත් කරන්න බෑ.
දැන් අපි බලමු මේ සොෆ්ට්වෙයාර් එක දමන්න පුළුවන් මොනවාටද කියා.
ඉහත සඳහන් කල ආකාරයෙන්ම  Windows XP(Service Pack 2), Windows Vista හා Windows 7 සඳහා  ෙමය භාවිතා කළ හැකියි. එනමුත් එය Genuine Windows ම විය යුතුයි.
Microsoft Security Essentials වඩුන්ලෝඩ් කර ගැනීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න.
මෙම ලිපියට ඔබේ අත්දැකීම් ඇතිනම් කමෙන්ට් එකක් දමා ඒවා එකතු කරන්න.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

ප/ලි (10-05-2011)

මේ පොස්ට් එකට පොඩ්ඩි ඇසූ ප්‍රශ්නයට මම දුන් පිළිතුරට ඇය මගෙන් නැවත මේල් එකේ අසා තිබුනා මෙවන් ප්‍රශ්නයක්.
ehema nam oya dekama pavicchi kireeme terumak naa neda
ඇත්තටම ගොඩක් අයට ඔය ප්‍රශනේ තියෙන්න ඕන ඇසුවේ නැති උනාට.
ඒකට උත්තරේ තමා:
ඇත්තටම වයිරස් ස්කෑනර්ස් දෙකක් භාවිතා කරන එකේ වැදගත් කමක් තියනවා. අපි කොහොම හිතුවත් වයිරස් ගාඩ් එකකින් සම්පූර්ණ ආරක්‍ෂාවක් ලබන්න බෑ. සෑම වයිරස් ගාඩ් එකකින්ම රිංගා යන්න පුළුවන් වයිරස් තියනවා. Kaspersky එකට අල්ලන්න බැරි ඒවා McAfee එකට අහුවෙනවා. ඒ දෙකටම අහුවෙන්නේ නැති ඒවා security essential එකට අහුවෙනවා. ඔවායෙන් සමහරකට අල්ලන්න බැරි ඒවා AVG වලින් පුළුවන්. නැතිනම් Norton වලින්. එහෙම බැලුවම වයිරස් ගාඩ් දෙකක් තියන එකෙන් වැඩි ආරක්‍ෂාවක් ලබන්න පුළුවන්. නමුත් ඉතා සාමාන්‍ය පාවිච්චියකදී නම් එකකින් ලැබෙන ගාඩ් එක ඇති වෙන්න පුළුවන්. නමුත් වයිරස් වැඩි තැනක ආරක්‍ෂාව ගැන විස්වාසයක් නැති තැනකදී මැෂින් එකේ ඇතිවෙන්න මෙමරි (RAM)  තියනවනම් දෙකකින් ලැබෙන ආරක්‍ෂාව වඩා හොඳයි. නමුත් දෙකක් ඇති විට ගැටළු ඇතිවෙනවා මම කලින් කීවාවගේ. මම වයිරස් ගාඩ් 4ක් එක්ක වැඩ කරනවා. ලැප්ටොප් එකේ 2ක්, සර්වර් එකේ ESET, සහ ඩෙස්ක්ටොප් එකක McAfee. සාමාන්‍යෙයන් සැකයක් ඇතිනම් ඔය 4න්ම චෙක් කරනවා. ඒත් ඔයාලට වගේ නම් ඒතරම් බලපෑමක් ඇති කියා හිතන්න බෑ. මම පිටතින් ගේන ගොඩක් ෆයිල්, සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන නිසයි මට ඔය ප්‍රශ්නේ එන්නේ. මේක තව විස්තර කරන්න පුළුවන්. ඒත් මේ ටිකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද?


Microsoft, Microsoft Windows, Microsoft Security Essentials are registered trade mark of Microsoft corporation.  

25 comments:

  1. මම ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් එකක් එකක් විදියට භාවිතා කරන්නේ Kaspersky.මම අහන්ට ගියේ ඒත් එක්ක එකට Microsoft Security Essentials පාවිච්චි කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නයයි. ඒකට උත්තර ප්‍රියන්ත පහලින් දීලා. ගොඩාක් වටිනා පෝස්ට් එකක්.

    ඔන්න නොදන්න කමටයි මේ අහන්නේ. දැන් මේ දෙකම පාවිච්චි කරද්දි වයිරස් එකක් ආවොත් ඉස්සල්ලාම එලියට ඇවිත් එයත් එක්ක සටන් කරන්නේ කවුද? එතකොට අනෙක් කෙනා මොකද කරන්නේ? හිනාවෙන්ට එහෙම ඔට්ටු නෑ.

    ගොඩාක් ස්තූතියි ප්‍රියන්තට අපිව මෙහෙම දැනුවත් කරනවට.

    ReplyDelete
  2. @ ප්‍රවීනා
    බොහෝවිට පළමුව detect කරන්නේ Microsoft Security Essentials වලින් තමා. ඒත් එයින් remove කරන්න කලින් Kaspersky වලින් නැවත detect වෙනවා. ඒනිසා සමහර විට දෙකටම clean කරන්න බැරි වෙනවා. ඒ අදාල ෆයිල් එක ලොක් කරගන්නා නිසා. එවැනි අවස්ථාවක එක් වයිරස් ගාඩ් එකකින් එන ඇක්ෂන් එක මග හරින්න (ignore කරන්න) හිනාවෙන්නේ ඇයි මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. වැඩි දෙනෙක් මේවා අහන්නේ නැති කමයි වැරැද්ද.

    ReplyDelete
  3. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මෙම වටිනා මෘදුකාංගය ගැන මෙම ලිපියේ පැහැදිලි කර තිබීම ප්‍රශංසනීයයි...

    ReplyDelete
  4. මෙන්න වටින ලිපියක් ..තැන්කෝ සර්ප්‍රියා අයියා

    ReplyDelete
  5. ආයේ ඉතින් සුපුරුදු ලෙසින් ඔය ගැන අකුරක්වත් නොදන්න අපිටත් තේරෙන විදියට ලියලා තියනවා. මේකේ තියෙන්නේ බිට් ඩිෆෙන්ඩර් කියලා එකක් මං නම් වැඩි යමක් නොදනිමි.

    ReplyDelete
  6. අයියේ මගේ ගාව තියෙන්නේ එක්ස් පී සර්විස් පැක් 3 ජෙන්ටා එකක් නම් නෙවේ හොර කොපියක් ඒකේ මේක වැඩක් කරයිද ?

    කෝකටත් අරගෙන තියාගන්නම් ..

    ReplyDelete
  7. වටිනා ලිපියක්...හැමෝටම තේරෙන විදියට ලියල තියනවා....

    ReplyDelete
  8. අඩේ....මමත් මේක තමා පාවිච්චි කරන්නේ...බිල් අයියා නිකන් දෙන ඕන ජරාවක් අපිත් දාගන්නවා නේ

    ReplyDelete
  9. @ දිනේශ් දීපාල්
    බොහොම ස්තූතියි දීපාල් ප්‍රතිචාරයට. මම මේ පොස්ට් එක දැමීමෙන් බලා පොරොත්තු උනේ ගොඩක් ප්‍රශ්න එයි කියා. ඒත් ප්‍රශ්න නම් අඩුයි.

    ReplyDelete
  10. @ වැප්
    ස්තූතියි මේ පැත්තට ආවට වැප් මල්ලටත්...

    ReplyDelete
  11. @ හා පැටික්කි (MS)
    BitDefender යනු තවත් ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක්. මම නම් තාම භාවිතා කර නෑ. ස්තූතියි මේ පැත්තට ආවට හාවිටත්..

    ReplyDelete
  12. @ හිස් අහස
    සඳරූ genuine නොවන එකකට සාමාන්‍යෙයන් දාන්න බෑ. යම් ලෙසකින් දැම්මත් අප්ඩේට් කරන විට හෝ Genuine Advantage Tool එක මගින් වින්ඩෝස් කුමන කොපියක්ද යන්න සොයනවා. විස්තර කියන්න මට මේල් එකක් එවන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  13. @ සිතුවිලි නිහඬයි
    ස්තූතියි නංගිටත් මේ පැත්තට ඇවිත් ප්‍රතිචාර දැක්වීමට..

    ReplyDelete
  14. @ හුදකලා යාත්‍රිකයා
    ඔව් සහෝ. මේක දාන්න කලින් වින්ඩෝස් ජෙනුවින්ද යන්න පරික්‍ෂා කරනවා. ඒ වගේම අප්ඩේට් වලදිත් ඔය ප්‍රශ්නය එනවා. නමුත් අප්ඩේට් නම් ඕෆ් ලයින් දාන්න පුළුවන්.

    ReplyDelete
  15. @ රත්ගමයා
    ස්තූතියි මල්ලි ඇවිත් ප්‍රතිචාර දක්වා ගිය එක ගැන.
    තව ටිකෙන් කියන්න අමතක වෙනවා. ඕන ජරාවක් දාගන්න එපා. ඉකේයියා....

    ReplyDelete
  16. අඩේ මේක මගේ මැශින් එකේ තිබිලා මන් අයින් කලානෙ. Kaspersky දානකොට මේක අයින් ක‍රන්න කියලා ආවා. ඒ ගමන මන් අයින් ක‍රලා දැම්මා.

    ReplyDelete
  17. මමත් මේක පාවිච්චි කරන්නේ ..දැන් මස ගණක වෙනවා . යන්න ඕන හැම තැනකම රිංගනවා තමා හෙනයක් වත් නැ ..නියමයි ..

    ReplyDelete
  18. අඩේ මම මේක ගැන දැන් නේ දැනගත්තේ.... තැංකිවු වේවා සර්ර්‍ප්‍රී අයියා...!!

    ReplyDelete
  19. මේ ටෙක් ලිපිය මම අගේ කරන්නෙ කාටත් තේරුම් යන විදියට සරලව උවමනා කරුණු ලියල තියෙන නිසා . පරිගණක එක්ක වැඩකරන හැමෝම අයි ටී ඉන්ජිනේරුවො නෙවෙයිනේ .නමුත් මේ බහුතර පිරිසටත් පරිගණක වැඩ ගැන දැනුමක් ඕනෙනේ .මේ වගේ ලිපියකින් ඒ කාරණය ඉටු කරනවා . නරකද වරින් වවර මෙහෙම ලිපියක් දෙකක් ලිව්වොත්

    ReplyDelete
  20. @අනුරාධ
    ඕන නම් ආයෙම දාන්න පුළුවන්. මම මේ මැෂිමෙත් ඔය දෙක භාවිතා කරනවා. ස්තූතියි ආවටත්..

    ReplyDelete
  21. @priyan
    ඔව් මගෙත් ඔෆිස් එකේ මැශිමක් තියනවා මේක විතරක් තියන. තාම කිසි අවුලක් නම් නෑ. ගොඩක් ඩවුන්ලෝඩ් කරන්නෙත් ඒකෙන් තමා. මේක මයික්‍රොසොෆ්ට් එක්ක හොඳට ගැලපෙනවා..

    ReplyDelete
  22. @ සෝරෝ
    ඇවිත් ගියාට ස්තූතියි මල්ලියේ..

    ReplyDelete
  23. @ TG
    ස්තූතයි ප්‍රතිචාරයට හා යොජනාවන්ට. මම දිගටම මෙවැනි ලිපි වරින් වර ලියන්න ඉන්නේ. මෙයටම තව පැහැදිලි කිරීමක් කරන්නත් තියනවා. පොඩ්ඩිගේ ප්‍රශ්නෙත් එක්ක ඇය මට ඊ මෙල් එකකින් ඇසූ ප්‍රශ්නයක් තියනවා. එයට දුන් පිළිතුර මෙයට එක් කරන්න ඕන සෑම දෙනෙකුටම අදාල වනසේ.

    ReplyDelete
  24. Xp sp3 එක්කත් වැඩ කරනවා අවුලක් නෑ සහෝ.

    ReplyDelete
  25. @ Thushara
    ස්තූතියි ප්‍රතිචාරයට. මම කියලා තියෙනවා නේද XP වලට සහය දක්වනවා කියා. මම XP SP3 වල භාවිතා කරනවා. කිසිම කරදරයක් නෑ.

    ReplyDelete