මමත් බ්ලොග් ලියන්න අරන් දැන් මාස 11ක් විතර. දැන් නම් ඒදවස්වල හිටිය බ්ලොග් කරුවන් බොහෝ දෙනෙක් හිටපු බ්ලොග් කරුවන් වෙලා. හොඳ, රසවත් බ්ලොග් ගණනාවක් ලියවෙන්නේම නැති තරම්. සමහර ඒවායේ නම් මමත් ගිහින් ඇයි ලියන්නේ නැත්තේ කියා කමෙන්ට් පවා දමා ආවා. නමුත් ප්‍රතිචාරයක් ඇත්තේම නෑ. ඒ අතරම සමහර බ්ලොග් හොයන්නත් නෑ. මකා දමා තිබෙනවා. සමහර ඒවා හැක් කිරිම් හෝ වෙනත් උවදුරු වලට ලක්වෙලා. ඔය අතර විවිධ තාක්‍ෂණික ගැටළු නිසා මැකීගිය බ්ලොග් අඩවිත් ඇති.
ඔය අතරම අළුතින් බ්ලොග් කරුවන් රැසක් බ්ලොග් කරණයට ආවා. සමහර ඒවා ඉතා සාර්ථකව ලියවෙනවා. සමහර ඒවානම් අර ඉස්සර කාලයේ රබර් වතු වල කිරි කැපීම සරු කාලයේ හදන්න ගත් ගෙවල් වගේ. ලොකු අත්තිවාරම් දැම්මට අත්තිවාරම විතරයි. ගෙයක් නෑ. කොහොම උනත් මම කියන්න ආවේ ඔය එකක් වත් නොවේ. පසුගිය කාලයක් පුරාවට ලියවුනේ නැති බ්ලොග් කීපයක්ම නැවත ලියන්න පටන් අරන්. සමහර ඒවා මම බ්ලොග් කරණයට එන කාලයේ හොඳ තත්වයේ තිබී පසුව නවතා දමා තිබූ ඒවා. සමහර ඒවා මම එන කාලයේම වගේ නැවතුන ඒවා.
මමත් ආසාවෙන් කියවන ඒවා ගැන මට මතක ආකාරයෙන් ලින්ක් දෙන්නයි අද පොස්ට් එක වෙන් කරන්නේ.
ඒවායින් එකක් තමා අක්කණ්ඩි ලියන පුලිනතලාව. කාලයකට පසුව තමා එය නැවත ලියන්න අරන් තියෙන්නේ. පසුගිය වසරේ ජූනි මාසයේ සටහනක් තබා ගිය මාතලන් අඩවියත් පසුගිය මාසේ සිට යලි ගමන් ඇරඹිලා. අළුතින් පොස්ට් දෙකක්ම එකතුවෙලා තිබුනා. රසබර කතා උපදේශනාත්මකව අපට දෙන ඉන්දිකගේ එකේ වාට්ටුවත් මෙන්න අළුතින් ලියවෙන්න පටන් අරන්. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ හෙද නිළධාරියෙකුගේ උපදේශනාත්මක අත්දැකීම් එහි නැවත පෙළ ගන්වනවා. පෙබරවාරි මාසයෙන් පසුව සටහනක් නොතැබූ හරීගේ පිණිපලසත් යලි දිගහැරී තියෙන්නේ. පෙබරවාරි මාසයෙන් පසුව සටහනක් නැතිව තිබූ කුෂාන්ගේ සිතැඟි නැවත අවදිවෙලා තියන බව දැන් දවස් කීපයකට කලින් තමා මම දැක්කේ. පූස් මල්ලිලා ලියන බ්ලොග් ගඩොල් ටික කලක් නැවතී තිබී ඔන්න එකින් එක බිත්තියක් බැඳෙනවා දැන් ටික දවසක ඉඳන්. ආහ් තව ටිකෙන් කියන්න අමතකම වෙනවා. මියුරු කල්පනාවෙත් ජනවාරියෙන් පස්සේ ආයෙම අප්‍රේල් පොස්ට් එකක් තියනවලුනේ. මුල සිටම මා බලන්න ආ නුවන් ටික කාලෙකට පස්සේ ආයෙම NUWAN's lane එකේ යන්න අරන් තියෙන්නේ.
මම ඔය කීවේ මම කියවන බ්ලොග් අතරින් නැවත උපන් කීපයක් විතරයි. මගේ මතකයෙත් ඉතාම තදින් සිතට දැනුන සටහනක් ගිය සතියේ ලියවුනා මතක ඇතිනේ අම්මාගේ උපන්දිනය වෙනුවෙන්. ඒ තමා මම අපහසුවෙන්ම ලියූ සටහන. එය ලියන්න නම් මට පුදුමාකාර අපහසුවක් දැනුනේ. මම එහිදි ගොඩක්ම හැඟුම්බර උනා. මේ කාලයේ පොඩ්ඩි ලියූ සටහනකුත් මගේ සිත් ගත්තා. මම හිතන්නේ එම බ්ලොග් එකේ ලියවුනු සංවේදී අව්‍යාජම සටහන එය වෙන්න ඕන. කතන්දරත් පසුගිය කාලයේ තරමක වෙනස් ආකාරයෙන් ලියූ නමුත් දැන් නැවත අපට සුපුරුදු කතන්දර දෙන්න පටන් අරන්. ඔය විධියට තමා අප්‍රේල් මාසය බ්ලොග් අවකාශයට දැනුනේ. තව මේ වගේ ඔයාලත් දැක්ක යලි ඉපදුන බ්ලොග් ඇත්නම් යටින් මතක් කරල යන්නකෝ. ඒවාත් මේ ලිස්ට් එකට දාන්න.
ගිහින් එන්නම්.
හොඳ පෝස්ට් එකක් ප්‍රියන්ත. කියලා තියන කතාවත් ඇත්ත. එකම දේ බලන කෙනාට මොනවද දෙන්ට ඕනේ කියන එක ප්‍රශ්නයක්. ඒක වෙන්ටැති ලොකුවට දමපු අත්තිවාරම් කතාව වගේ පෙනෙන්නේ.ලියනවා කීවට ඒක ඇදගන යන එකත් ටිකක් බැරෑරුම් කාර්යක්. බලන කෙනා සතුටු කරන එක ඊටත් වඩා අමාරු දෙයක්.
ReplyDeleteඔයා කියලා තියන හැම එකකටම ගිහින් බලන්ට ඕනි. වෙලාවක් තියන කොට මගේ වැඩේ බ්ලොග් ලෝකේ රවුම් ගහන එක. ගහන ගමන් අතරමංවෙන එක. මගේ පෝස්ට් එකක් ගැන සඳහන් කලාට ස්තූතියි. මම හිතුවේ පිරිමි ලමයි වලව්වට එන්නේ බැනුම් අහන්ට කියලා. බලාගන යනකොට එයාලත් එන්නේ කියවන්ටනේ.:-D
දැන් දැන් සෑහෙන්න අලුතින් කට්ටිය බ්ලොග් ලියන්න එනවා. ඒකනම් බොහොම හොඳ දෙයක් :)
ReplyDeleteහපොයි මමත් ඉන්නෙ නැවත උපන් ගොඩේ නේ. බොහොම ස්තූතියි, අයියා නිතරම ඇහුවා මොකෝ නොලියන්නේ කියලා. අපි ඉතින් දරු පවුල්කාරියො නිසා වෙලාව හොයා ගන්න එක තමා අමාරුම වැඩේ. බලමුකො ඉස්සරහට
ReplyDeleteහොඳ දැනුවත් කිරීමක්............
ReplyDeleteෂහ්, කතන්දරකාරයත් එහෙනං ආපහු ඉපදිලා (born again) ඈහ්.
ReplyDeleteඇත්තටම ඕක උනේ නං මෙන්න මේ විදියටයි.
http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html
ස්තුතියි මිත්‍රයා මාවත් මතක් කලාට
ReplyDelete@ ප්‍රවීනා
ReplyDeleteඔයා කියන එක සම්පූර්ණ ඇත්ත. බ්ලොග් එකක් ආසාවට ලියන්න ගත්තට ලියන එක පහසු නෑ. ඊට වඩා අපහසු කියවන්නා සතුටු කිරීම. ඔව් ඇත්ත අපිත් වලව්වට එන්නේ එහි කියවා සතුටු වෙන්න වගේම ගන්න දෙයකුත් ඇති නිසයි. තව ඉතින් ඔයාව බලල යන්නත් එක්ක තමා..
ගොඩක් ස්තූතියි උදේම මාව බලන්නත් ආවට.
@ පූසා
ReplyDeleteඅළුතින් ලියන්න ආවට මදි නේද. ඒවායේ කියවන්න දෙයක් තියෙන්න ඕන. නමුත් ඔබ කියනවා වගේම අළුත් අය අතර අති දක්‍ෂ අය ඉන්නවා.
උදාහරණයක් දෙන්නම්. බලන්න සිහි සටහන් ලියන චානුක වත්තේගම. ඔහු මම දන්නා කාලේ සිට විදුසරට ලියූ දක්‍ෂ ලේඛකයෙක්. එවැනි අය බ්ලොග් කරණයට ආ එක හොඳයි නේද?
@ හරී - පිණිපළස
ReplyDeleteඔව් අපටත් තේරෙනවා ඔයාලට ඇති ප්‍රශ්න පුළුවන් වෙලාවට ලියන්නකෝ..
@ කල්හාර දිසානායක
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට...
@ Kathandara
ReplyDeleteමම කීවේ නම් කතන්දරගේ සුපුරුදු රටාව පසුගිය කාලයේ දක්නට ලැබුනේ අඩුවෙන් කියන එකයි. ඒත් දැන් එය නැවත සුපුරුදු රටාවට ඇවිත්. අර ඒ දවස්වල එකම කතාව ඇතුලේ විවිධ කෝණ වලින් බලන අයට විවිධ ආකාරයෙන් දැනෙන ලෙස ලියන රටාව මට පසුගිය කාලයේ දැනුනේ නැති නිසයි එහෙම කීවේ. ස්තූතියි මේ පැත්තට ආවට කතන්දර.
@ NUWAN"s lane
ReplyDeleteනුවන්ව කාලෙකින් දැක්කේ. එහෙම අමතක වෙන්නේ නෑ මුල සිට මාව බලන්න ආ අය.
Thanks Priyantha EKEWATTUWA mathak kalata.
ReplyDeleteObata jaya
(Sinhala podi awlak giya..ekai singlish :( )
@ ඉන්දික
ReplyDeleteසිංහල අවුලක්ගියාට කියවන්න පුළුවන් ඇති කියා හිතනවා. එකේ වාට්ටුව මම බ්ලොග් ලියවන්නත් කලින් කියවන එකක්. මට ලියන්න හිතෙන්න එක හේතුවකුත් උනේ ඔයාගේ බ්ලොග් එක.
hmmm api danui awe...
ReplyDelete