Tuesday, May 10, 2011

Computer Hardware ගැන දැනගන්න කැමතිද?

   Computer Hardware කීවම මොනවද සිතට එන්නේ?    Computer Hardware ගැන පොස්ට් එකක් කියවන් ආ ඔබ සිතනවා ඇති මේ මොන වදයක්ද? දෙයක් දැන ගන්නයි ආවේ. ඒත් මේ ආපු ගමන් අහන්නේ ප්‍රශ්ණයක්නේ කියල. ඇත්තටම අද පොස්ට් එක ප්‍රශ්නයක් තමා. ඊට වඩා පොස්ට් එකක් මෙතන නෑ කියන්නත් පුළුවන්. ඇත්තටම    Computer Hardware කියන්නේ මොනවද?
ඔය පින්තූරේ වගේ අදහසක් බොහෝ දෙනෙක්ට එන්න ඇති. ඒකේ ඇති වැරැද්දක් නම් නෑ. ඒත් වඩා නිවැරදිව කියනවනම්  Computer Hardware යනුවෙන් හඳුන්වන්න පුළුවන් වන්නේ පරිගනකයක ඇති සියලුම භෞතික කොටස්ය. සමහර ඒවා අපට පිටතින් දැකිය හැකි අතර අනෙක්වා අභ්‍යන්තරයේ ස්ථිරව සවිකර ඇත. එහෙමනම් Computer Hardware ගැන අපට මොනවද දැනගන්න තියෙන්නේ. මම බ්ලොග් ලියන්නේ පරිගනක භාවිතාකරන අයට නිසා ඒවා එකින් එක විස්තර කරන්න ඕන නෑ. 
එහෙත් පරිගනකයක් එකලස් කිරීම (Computer assemble) අළුත්වැඩියාව හා දෝෂ සොයාගැනීම ගැන කෙටියෙන් සරලව සටහන් පෙලක් ලියන්න හිතුවා. නමුත් මගේ බ්ලොග් එකට එන අය අනුව හා ලැබෙන ට්‍රැෆික් අනුව පෙර තාක්‍ෂණික ලිපි කියවන්න බොහෝ අය ආවත් දැන් සරල විනෝදාත්මක දේ හොයාගෙනත් ගොඩක් අය එනවා. ඒ නිසා එක දිගට එවැනි ලිපි පෙලක් පල කිරීම ඒ අයට කරන අසාධාරණයක්. ඒ නිසා එවැන්නක් කරනවානම් කරන්න වෙන්නේ අතරමැදින් තාක්‍ෂණ ලිපි ඉවත්කර හුදු විනෝදය හෝ වෙනත් තාක්‍ෂණ නොවන ලිපි පල කරන අතරතුරේ වෙනවා.
සාමාන්‍ය පරිගනකයක සැකසුම ඔය පහලින් ඇති ආකාරයේ එකක්නේ. 

එහි ඇතුලත තමා ඔය ඉහල රූපයේ වැනි අංගොපාංග සවිකර ඇත්තේ. ඒ සියල්ල තමා Computer Hardware යනුවෙන් හඳුන්වන්න පුළුවන්. 
එහෙම නම් මම මේ ලිපි පෙල ලියන්න බලාපොරොත්තු වන්නේ මේ කියන Computer Hardware එකලස් කිරීම, අළුත්වැඩියාව හා නඩත්තුව, දෝෂ නිවාරනය වැනි කරණු ගැනයි. 
එහෙත් ඊට කලින් මේක කියවා එම ලිපි පෙලක් අවශ්‍යද? නැතිනම් දැනට ඔබට අවශ්‍ය එවානි ලිපි ප්‍රමාණවත් තරමට ජාලයෙන් සොයාගන්න පුළුවන්ද කියා කමෙන්ට් එකකින් කියන්න. අවශ්‍ය නැතැයි හැඟේනම් එයත් පවසන්න. බහුතරයකගේ කැමැත්ත අනුව ලිපි පෙලක් ලියනවාද නැතිද යන්න තීරණය කරන්නම්.
ඔබේ ප්‍රතිචාර මෙම ලිපියට නම් ඉතාම වැදගත්. 
ගිහින් එන්නම්. සුභ දවසක්..!!!
පින්තූර 

18 comments:

  1. ලියන්න අයියේ

    ReplyDelete
  2. එලම තමයි..ලියපන් ලියපන්

    ReplyDelete
  3. නියමයි ලියන්න. ඔබ කලින් ලියපු ලිපි වලින් නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ඉතින් තාක්ෂණික ලිපි අනෙක් සියල්ලටම වඩා වටිනාකමෙන් යුතුයි.

    ReplyDelete
  4. ලියන්න ලියන්න,, ඔයාගෙන් ඉගෙන ගන්නදේ සෑහෙන්න නැතැයි අපි වගේ කට්ටියට

    ReplyDelete
  5. දිගටම ලියන්න. ඒත් මොනා හරි උනොත් ඇවිත් හදලා දෙන්ට. :D

    ReplyDelete
  6. අපෙන් අහන්න ඕන යැ...ලියන්න නේ තියෙන්නේ

    ReplyDelete
  7. මම ප්‍රියාව අඳුරගත්තේ මෙවැනි ලිපි හරහා...ඇත්තටම මම හුගාක් තාක්ෂණික ලිපි කියවන්න ආසා නැති එකෙක්.ඒකට හේතුව ඒ වගේ ලිපි ලියන බොහෝ දෙනා කරන්නේ කෙහේ හරි තියෙන ලිපියක් කොපි තරලා අපිට දෙන එක හරි..බොහෝම බර බර වචන ටිකක් රිංගවලා මෙලෝ රහක් නැති ඒවා අපිට දෙන එක හරි..ඊට වඩා ලේසියි ප්‍රශ්නයක් ආවම ගූගල් දෙයියන්ට කියලා ඊට අඳාල ප්‍රශ්නයට උත්තර හොයන එක විදේශභාෂාවලින් තියෙන ලිපියක් හරහා..

    ඒත් ප්‍රියා ලියන ලිපි හරිම සරලයි පැහැදිලියි...ඒ හින්දා තාක්ෂණික ලිපි කියවන්න මම කැමතිම තැන මෙතන..ඒ වගේම ඒකට අදාලව දෙයක් පසු විපරම් කරලා සාර්ථකම පිළිතුරු ලබා ගන්න පුළුවන් කෙනත් ප්‍රියාම තමා...

    ඒකට හේතුව අත්දැකීම් එක්කම ප්‍රියා ලියන එක..එහෙම නැතිව ලිපි කොපි පේස්ට් කරන හරි බාගෙට පරිවර්ථනය කරන කෙනෙක්ගෙන් හරි අපිට එහෙම දෙයක් ගන්න බැහැ..මොකද එහෙම කෙනෙක් ඇත්තටම සාරථකව ඒ දේ කියාදෙන්න දන්නේ නැහැ..

    ඒ අතින් බලපුවහම වැඩිය නොලිව්වත් ප්‍රියාගේ තාක්ෂණික ලිපි සෑම අතින්ම උසස් මට්ටමේ ඒවා කියලා කියන්න පුළුවන්...

    සරල විනෝදාස්වාදයනං කොහෙන් හොයා ගන්න බැරිද..?
    දැන්වත් ලියහං ප්‍රියෝ..මේයිට වඩා කෑ ගහන්න බැහැ...

    ReplyDelete
  8. මාරය කියල තියෙන දේට මාත් එකගයි.
    පොතේ ගුරාලනං ඕනතරං හොයාගත්තහැකි. ඒත් කෙනෙක්ට තේරෙන විදියට ඒක ලියන එක තමයි වැදගත්කම.
    දැන් ඉතිං පටංගමු.

    ReplyDelete
  9. ප්‍රියන්ත,

    මෙහෙමනෙ, අපිට එච්චරම දෘඩකාංග ගැන දැනුමක් අවශ්‍ය නැතිඋනාට දැනුම කියන එක අපතේ යන්නෙ නැහැනෙ. ඒ නිසා ලියන්න.

    ReplyDelete
  10. @ All
    මෙයට වෙන වෙනම උත්තර දෙන්න අවශ්‍ය බවක් පේන්න නැති නිසයි තනි උත්තරයක් දෙන්නේ. මගේ බ්ලොග් ඉතිහාසයේ අලුත් පොස්ට් එකක් දැමූ දිනට ලැබෙන වැඩිම හිට්ස් ප්‍රමාණය දැනටම ලැබී අවසන්. සාමාන්‍යෙයන් බ්ලොගර් දිනය සලකන්නේ GMT 0.00 නිසා තවත් පැය 7 1/2 පමණ ඇති දිනය නිම වෙන්න. දැනට සාමාන්‍යෙයන් පොස්ට් එක දැමූ දින ලැබෙන ප්‍රමාණය මෙන් දෙගුණයක් හිටිස් ලැබුනා. ඉතින් එහෙනම් ලියන්න තමා තියෙන්නේ. කමෙන්ට් කළ ඔබ සැමට ස්තූතියි.

    ReplyDelete
  11. @ ප්‍රවීනා
    කියන්න අමතක වෙනවා තව ටිකෙන් නම්. මේ නිදිමත වෙලාවනේ. මොනා හරි උනොත් ඇවිත් හදල දෙන්නම්. එන පාර කියන්නකෝ..:D

    ReplyDelete
  12. ලියන්ඩ ලියන්ඩ මටත් මෙවිවා ඕනෑ වෙනවා ළමයින්ට උගන්වද්දී ..මම මෙවුවා ගැන තොරතුරු දැනගත්තේ ප්‍රියාගේ බ්ලොග් අඩවියෙන් කියලත් ඒ එක්කම ළමයින්ට කියන්නම් ..

    ReplyDelete
  13. ලියන්න ලියන්න හොඳ පෝස්ට් එකක් ............

    ReplyDelete
  14. ලි.............ය....................න්.............................න

    ReplyDelete
  15. "දෘඩකාංග" වචනෙ දැක්කෙ "රවි" ගේ කොමෙන්ට් එකේ. මන් හිතන්නේ හාර්ඩ්වෙයාර් කියන එක වෙන්න ඕනෙ. එකලස් කොරන විධියෙ ඉඳලම කියනව නං හොඳය්, හැබය් දන්න කට්ටියට එපා වෙය්ද මන්ද. මං කැමති විධියය් කිව්වෙ..

    ReplyDelete
  16. @ සඳරූ
    එහෙමනම් ඕන නෑ. ඔයා මේවායින් දෙයක් ගත්තොත් ඒක තමා මට ඇති සතුට. නම දාගන්න නම් පොතක් ලියන්න බැරිය නේද?

    ReplyDelete
  17. @ Observer
    මම දෘඩකාංග යන වචනය ගත්තේ නැත්තේ සිංහලෙන් උනත් වැඩි භාවිතය ඇත්තේ Computer Hardware යන්නට වීම නිසයි. නෑ මම මේ ලිපි ලියන්නේ ඒ අතර මැදින් වෙනත් ලිපි ලියන ගමන්. එයාලටත් කියවන්න.

    ReplyDelete
  18. ඇත්ත දිව උලුක් වෙන වචන හින්ද කියවන්න ඉගෙනගන්න ආසාව තියෙන අයටත් එපා වෙන්න ඉඩ තියෙනව.කරන්න යන වැඩේ ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete