Monday, May 16, 2011

Computer Hardware පාඩම 02....(Tools)

ඊයේ දාන්න හිතන් හිටිය පොස්ට් එක තමා අද දාන්නේ. මේ බ්ලොගර් වල පසුගිය දිනයක ඇතිවූ  දෝෂ නිසා පෝස්ට් එක නිසි දවසට ඉවර කරන්න බැරි උනා. එඩිටර් එකේ බාගෙට ටයිප් කරල තිබුන පෝස්ට් එකත් නැති වෙලා. අන්තිම පෝස්ට් එක තිබුනෙත් ෂෙඩුල්ඩ් පෝස්ට් වල. එහි කමෙන්ට් සියල්ල මැකිල.
හරි දැන් ඒවායින් වැඩක් නෑ. අද පොස්ට් එකට කලින් Computer Hardware පාඩම 01. බැලුවේ නැතිනම් ඒක බලාගෙනම එන්න.
අද කියන්න යන්නේ Computer Hardware කටයුතු හා සම්බන්ධයෙන් නිතර අවශ්‍ය වෙන ආයුධ හා උපකරණ (Tools) ගැනයි. 
පළමුව මතක තියාගන්න කොම්පියුටර් විතරක් නොවේ. අනෙක් ඕනෑම තාක්‍ෂණ කාර්යයකදී නිවැරදි උපකරණයම භාවිතා කරන්න. නැතිනම් ඒවායේ ඇති කොටස් වලට දැඩි හානි වෙන්න පුළුවන්. සමහර විට නැවත නිවැරදි කරන්නම බැරි ආකාරයේ හානි වෙන්නත් පුළුවන්. Computer Hardware සඳහා අවශ්‍ය වන සම්පූර්ණ ආයුධ කට්ටලයක් ගන්න එක තරමක් අසීරු කාර්යයකි. ඒ සඳහා තරමක විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. එහෙත් ඇතැම් ටූල්ස් භාවිතා වෙන්නේම නැති තරම්. ඒ නිසා නිතර භාවිතා වන ටූල්ස් කීපයක් ගැන තමා මම කියන්නේ.

පළමුවෙන්ම කියන්න යන්නේ මේ සඳහා අවශ්‍ය වන ඉස්කුරුප්පු නියන් (Screw drives) ගැනයි.
නිතර භාවිතයට Phillips® හිස සහිත ලැඉස්කුරුප්පු නියන් තිබිය යුතුය. මේ සඳහා හිස (Bit) මාරු කළ හැකි ඒවා ගන්න එපා. 6mm පමණ එකක් අත්‍යාවශ්‍යය. මීට අමතරව එම ප්‍රමාණයට අඩු හා වැඩි ප්‍රමාණ වලින් දෙකක් ගන්න. මෙම ටූල්ස් හොඳ වර්ග වලින්ම ගන්න. 



ලැප්ටොප් (නෝට් බුක්) සඳහා කුඩා ඉස්තුරුප්පු නියන් කීපයක් අවශ්‍ය වේ. එහෙත් ආධුනිකයෙකුට ලැප්ටොප් අළුත්වැඩියාව අසීරු නිසා පළමුව සාමාන්‍ය ඩෙස්ක්ටොප් ගැන කතා කරමු. තවද අවශ්‍ය වන පිලිප්ස් ඉස්කුරුප්පු නියන් වල ප්‍රමාණ නැවත ඉදිරියේදී සඳහන් කරනවා.

දෙවනුව අවශ්‍ය වන්නේ පැතලි හිස සහිත ඉස්කුරුප්පු නියන්ය (Slot head) වේවායින් 6mm පමණ එකක් අත්‍යාවශ්‍යය. ඊට අමතරව තවත් කුඩා එකක් (4mm) පමණ ප්‍රමාණවත් වේ. මෙම ටූල් එක නිතරම භාවිතා නොවේ.
තවත් ඉස්කුරුප්පු නියන් වර්ග ගණනාවක් ඇතත් මේවා සියල්ල නිතර භාවිතයට නොගන්නා ඒවා නිසා ඒවා වෙනුවෙන් වැඩියෙන් මුදල් වැය කිරීම ආධුනිකයෙකුට එතරම් ප්‍රයෝජනයක් නැත.

එහෙත් Torx වර්ගය නිතරම භාවිතයට ගැනේ. තරු හැඩය ඇති ඉස්කුරුප්පු ගැලවීමට මේවා ඉතාම වැදගත් වේ. විශේෂයෙන් ජනප්‍රිය වෙළඳ නාම යටතේ එන කොම්පියුටර් ගණනාවක භාවිතා වෙන්නේ මෙම වර්ගයේ අණයි. එමෙන්ම මේවා ගැලවීමට වෙනත් ටූල්ස් භාවිතා කිරීම නිසා එම ඇණයේ හිස හානිවී නැවත එම ඇණය ගැලවීමට නොහැකි තැනට පත්වන්න පුළුවන්. මේවායින් ප්‍රමාණ දෙකක් නිතර භාවිතා වේ. එම ප්‍රමාණ දෙකෙන් ටූල් එක බැගින් තබා ගැනීම වැදගත්ය. එවා නම් T10, T15 යන ප්‍රමාණයන්ය.
මෙම ඉස්කුරුප්පු නියන් ආධුනියයෙකුට ප්‍රමාණවත් වන අතර පළපුරුද්ද හා තමන් නිතර භාවිතා කරන ආකාරය මත අමතර ටූල්ස් ගන්න පුළුවන්. ඉස්කුරුප්පු නියන් ගැන විකිපීඩියාවෙන් කියවන්න පුළුවන් වැඩි විස්තර.

දැන් අපි බලමු මොනවාද නිතර භාවිතයට ගන්නා අඬු වර්ග කියා.
පැතලි හිස සහිත අඬුවක් (Flat-nose pliers) අනිවාර්යයෙන් ගන්න.


මීට අමතරව අනිවාර්යයෙන්ම උල් හිස සහිත අඬුවක් (Needle nose plier)  අවශ්‍ය වෙනවා.
Anti static wrist wrap එකක් අනිවාර්යයෙන්ම ගන්න. මේ පිළිබඳ විස්තර ඉදිරි ලිපි වලින් කියවෙනවා. 

මීට අමතරව Anti static mat එකක් ගන්න පුළුවන් නම් එයත් ප්‍රයෝජනවත්. නමුත් එය අනිවාර්යය නෑ.
විදුලිය හා විභව අන්තර (Voltages) ඇතුළු විදුලිය සම්බන්ධ ගණනය කිරීම් හා වෙනත් පරීක්‍ෂාකිරීම් සඳහා මල්ටිමීටරයක් (Multimeter) එකක් තමන් ලඟ තබා ගන්න.
මෙයට අමතරව කුඩා වැකියුම් ක්ලීනර් එකක් (Hand vacuum cleaner) එකක් ගන්න පුළුවන් නම් වඩා ප්‍රයෝජනවත් වෙනවා. 

දූවිලි පිස දැමීමට අඟල් එකක පමණ මෘදු කෙඳි සහිත තීන්ත ගාන බුරුසුවක් ගන්න. කුඩා ස්ථාන පිරිසිදු කිරීමට අඟල් 1/2 පමණ බුරුසුවක් අමතරව තබා ගැනීමේ වරදක් නැත.
මේවාට අමතරව කුඩා කඩදාසි කපන පිහියක් (Paper knife) පරිවාරක ටේප් (Insulation tape) හා වයර් ටයි (Wire ties) ඔබේ උපකරණ කට්ටලයේ තබා ගන්න.

මෙම උපකරණ මූලික වශයෙන් ප්‍රමාණවත් වන අතර උපකරණ සමග සිදුකරන ගණුදෙනුවක් නිසා සුළු අනතුරු, සුළු තුවාල සිදු වීමට ඇති ඉඩ කඩ සලකා කුඩා ප්‍රථමාධාර කට්ටලයක් තබා ගන්න පුළුවන් නම් එය වඩා හොඳයි. මෙහි තුවාල සඳහා බෙහෙතක්, ප්ලාස්ටර්, ගොස් හා පුළුන් ටිකක් ප්‍රමාණවත්.
දැනට මෙම උපකරණ ප්‍රමාණවත් වෙනවා. ඉදිරියේ තවත් දේ කතා කරමු.
මීළඟ ලිපිය ඉක්මනින් ගේන්නම්. 
සුභ දවසක්..!!!

ප/ලි
පසුගිය දිනවල බ්ලොගර් සේවාවේ ඇතුවූ දෝෂ නිසා ලිපි වල ප්‍රමාදයක් වන බවින් ඒ ගැන කණගාටුව පළ කරමි. ඩ්‍රාෆ්ට් කරමින් සිටි ලිපි දෙකක් අළුතින්ම ටයිප් කරන්න සිදුවී ඇත.

19 comments:

  1. අපොයි මේවා අරගන මොනවා කරන්ට යනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඒත් ඉතින් පාඩමට අවශ්‍ය හන්දා ගන්ට බලන්නම්.

    ReplyDelete
  2. දැන් ආයුද ටික හරි. ඊලගට වැඩේ පටන්ගමු.

    ReplyDelete
  3. නියමයි අයියා....ලියමු....

    ගන්න ඕනි මේ ටුල්ස් ටික.....

    ReplyDelete
  4. හ්ම්... බොරු මොටද මමනම් ගන්නේ එක නියක් විතරයි මේ හැම වැඩේටම .. හැම කෑල්ලක්ම ගලවන්නේ එකම එක නියනකින් ..

    ReplyDelete
  5. එකම නියනකින් වැඩ කරන්න ගිහිං මේ දැන් මගේ අතින් කොටසක් කැඩුනා වැඩේ දාලා තමයි මේ ඇවිල්ලා කමෙන්ට් එක දාන්න්නේ .. දැන් තමයි ප්‍රියන්ත අයියගේ උපදෙස් සිහි උනේ .. චි:හ්

    ReplyDelete
  6. @ ප්‍රවීනා
    ඇයි ඕවායින් කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද? කරන්න යන දේ ඉදිරියේදී ටික ටික කියන්නම්. දැනට කියවන් යමුකෝ. දැන්ම ඕවා ගන්න කලබල වෙන්න එපා. ඔවායින් ගොඩක් වැඩ ගන්න පුළුවන්..

    ReplyDelete
  7. @ Praසන්ன
    ඔව් පටන් ගමු. මේදවස්වල වෙසක් නිසා පොස්ට් දාගන්න වෙලාව බෙදාගැනීමේ ගැටළු තියනවා. ඉක්මනින් දාන්නම්..

    ReplyDelete
  8. @ ෴ හසියා ෴
    කලබල වෙන්න එපා හීමීට මේවා ටික ගන්න..

    ReplyDelete
  9. @ සඳරූ
    කමෙන්ට් එකට උත්තරේ සඳරූම දීලා තියෙන්නේ. මම හෙට මේ ගැන විස්තරයක් දාන්නම්. කමෙන්ට් එකක් ලෙසින්. ස්තූතියි..

    ReplyDelete
  10. @ කල්හාර දිසානායක
    ස්තූතියි කල්හාර. ඊළඟ ලිපිත් කියවමු...

    ReplyDelete
  11. සීපීයූ එකේ උඩින් හයි කරන ෆෑන් එක ස්සේ නියනක් දාලා මගෙ අතින් ඒ ෆෑන් එකේ කෑල්ලක් කැඩුනා ..මම හෙමීට ඒක යට ගැහුවා සිදුවීම උනේ මගේ ඔෆින් එකේදී ..

    ReplyDelete
  12. සඳරූ ගේ කතාවට මම පොරොන්දු උන විස්තරය
    ඇත්තටම සඳරූ කලින් කීවා වගේ උපකරණ කීපයකින් කෙසේ හෝ ඇණ ගලවන්න, නැවත සවි කරන්න පුළුවන්. නමුත් එය වෘත්තීයමය (professional) වශයෙන් කිසි ලෙසකින් අනුමත කරන්න බෑ. එමෙන්ම කිසිම අවස්ථාවක විශ්වාසයෙන් යුතුව එම කාර්යය කරන්න බෑ. නියම වෘත්තීය වේදියෙකු විසින් ඇණයක් ගලවා සවිකරන ලද අවස්ථාවක එය තවත් අයෙකුට සොයාගත නොහැකි තරමින් පවතින්න අවශ්‍යයි. කර්මාන්ත ශාලාවෙන් සවිකර ඇති අණ ගලවන අවස්ථාවේ නම් කිසියම් ශබ්දයක් (අර ජෑම් බෝතලේ පියන මුල් වරට ගලවන විට ශබ්දයක් එන්නේ) සමග අතට කිසියම් ගැස්මක් වැනි දෙයක් දැනෙනවා. එය දෙවන වර සිට ඇති නොවුනත් ඇණයේ කිසිම පලුදුවීමක් නොමැතිව ඇණය ගලවා සවිකරන්න පළපුරුදු වෘත්තීය වේදියෙකුට හැකියාව පවතින්න ඕන. මෙය නිසි ආකාරයෙන් කරන්නනම් අනිවාර්යයෙන්ම නිවැරදි ටූල් එකම භාවිතාකරන්න ඕන.
    එසේ කොනරන විටක සඳරූට සිදුවූ ආකාරයේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම නෝට්බුක් (ලැප්ටොප්)පරිගනක හා සම්බන්ධයෙන් මෙය තදින්ම සිතට ගතයුතුය.

    ReplyDelete
  13. පේන විදිහට ඉතාම හොඳ පාඩම් මාලවක්. මට ඔය ඉස්කුරුප්පු නියන් වැඩ එච්චර බැරි නිසා දැන් ඒක ඉගෙනගන්න හොඳ අවස්ථාවක්. දිගටම පඩම් පෙළ අරන් යෑමට මගේ ශුභ පැතුම්.

    ReplyDelete
  14. @ ඉස්තෝප්පුව
    මේ පැත්තට ගොඩ උනේ පළමුවරට වෙන්න ඕන. මගේ මතකයට සාදරයෙන් පිළ ගන්නවා. ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  15. අයියා මට හෑන්ඩ් වැකුම් ක්ලීනර් එකක් ගන්න ඕනි...හොද තැනක් දන්නවද?

    ReplyDelete
  16. බිට් මාරු කරන ඒවා ගන්න එපා කියන්නේ ඇයි??

    ReplyDelete
  17. @ තාරක
    සාමාන්‍යෙයන් මම එහෙම කීවේ වෘත්තීය වශයෙන් කටයුතු කරනා කාර්මික ශිල්පීන් ගැන සිතායි. එහෙත් පෞද්ගලික පරිහරණයට නම් එය ලාභදායි වෙනවා.
    1. බිට් මාරු කරනා ඒවා බොහොමයක් උසස් තත්වයෙන් ගන්න බෑ.
    2. එමෙන්ම බිට් එක කෙටි නිසා සමහර ඇණ ගලවන්න අපහසුයි.
    3. ඇතැම් විට ගැලවී පුවරු මත වැටී ෂෝට් වන්න පුළුවන්.
    4. කලක් ගතවන විට බිට් එක හා රඳවනය ගෙවීයාම නිසා සෙලවෙන්න පටන් ගන්නවා. එවිට පරිහරණය අපහසුයි.
    එහෙත් සාමාන්‍ය නිවෙසක පරිහරණයට ඒතරම් ගැටළුවක් නෑ. (2වන කරුණ හැර)

    ReplyDelete
  18. අම්මේ මම හිතුවෙ මොකක් හරි බරපතල සීන් එකක් වතත් ඇත්ද කියල.
    ඔය පොස්ට් එක දකින්න කලින් දවසෙ ටූල් සෙට් එකක් ඕඩර් කලා ව්තරයි...

    ReplyDelete