Thursday, May 12, 2011

Computer Hardware පාඩම 01....

මම මේ බ්ලොග් එක පටන් ගත්ත කාලෙම හිතුවේ Computer Hardware පාඩමක් කරන්න. නමුත් විවිධ හේතු නිසා කරන්න බැරි උනා. කොහොම උනත් මේක කරන්න හිතන් ඔබේ අදහස් විමසන්න දැමූ පෝස්ට් එකනම් හිතුවාට වඩා වැඩි ප්‍රතිචාර දුන් එකක්. කමෙන්ට්ස් නම් වැඩි ප්‍රමාණයක් නැතත් ගොඩක් හිට්ස් ලැබුනා. සාමාන්‍යෙයන් අළුත් පොස්ට් එකක් දැමූ දින ලැබෙන ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් හිට්ස් ලැබුනා. ඒ නිසාම තමා මේ ලිපි පෙල ලියනවාමයි කියා තීරණය කලේ. එහෙම නම් තවත් වැඩි විස්තර කියමින් ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න ඕන නෑනේ. පටන් ගමු.

Computer Hardware ඉගෙන ගන්න පෙර..
පරිගනකයක් භාවිතයේ කොටස් 3ක් ගැන අපි කතා කරනවා.
  1. Computer Hardware 
  2. Software
  3. Live-ware
මෙහිදි Computer Hardware යනු කලින් පෝස්ට් එකේ සඳහන් කළ විධියටම පරිගනකයේ භෞතික දේ.  මේවා අතර සක්‍රිය මෙන්ම අක්‍රිය කොටස්ද පවතිනවා. අපි මේ ලිපි පෙළ ලියන්නේ එම Computer Hardware එකලස් කිරීම, නඩත්තුව හා අළුත්වැඩියා කිරිම ගැන කතා කරන්නයි. එනිසාම මෙම ලිපි මාලාව ගොඩක් දිග, කාලයක් ලියවෙන ලිපි පෙලක් වෙනවා.
Software යනු පරිගනකයේ ස්ථාපනය කර ඇති Operating system, Application software (උදා. Microsoft Office, Open Office, Firefox, Games), Anti-virus software ආදියයි. 
Live-ware යනු පරිගනකය භාවිතා කරන්නාය.

Computer Hardware ඉගෙන ගැනීමට පෙර සපුරාගත යුතු අවශ්‍යතා කීපයක්ම තියනවා. 
සාමාන්‍යෙයන් Software සම්බන්ධ පාඨමාලා හදාරන්න කිසිම Computer Hardware දැනුමක් නැතිව කරන්න පුළුවන්. නමුත් Computer Hardware ගැන ඉගෙන ගැනීමේදී අනිවාර්යයෙන්ම Software ගැන අවබෝධයක් තියෙන්නම ඕන. මෙහිදී මම අදහස් කරන්නේ Software development ගැන නොවේ. Operating system, Application software, Anti-virus software ආදී දේ පිළිබඳව හා ඒවා ස්ථාපනය කිරීම පිළබඳවයි. මේවා හැසීරවීමේ අවබෝධය නැතිව ඒවා අදාල පරිගනකය තුල ස්ථාපනය කරන්න බෑනේ.
පරිගනක කාර්මිකයෙකු සතු වියයුතු තවත් ගුනාංගයක් වන්නේ හොඳ ඉවසීමක් තියෙන්න ඕන. නැතිනම් ටික කලකින්ම මෙය අතහැර දමන්න හිතෙනවා. ඒ ඇතැම් අවස්ථාවල පැය ගණන් තිරය දෙස බලාහිඳිමින් දෝෂ සෙවීමට, Software install කරන්න සිදුවෙන නිසා. මෙහි ඇති ඉතා සියුම් උපාංග නිසා හොඳ ඇස් පෙනීමක් තියෙන්න ඕන. උපැස් භාවිතා කිරීමේ ගැටළුවක් නැත. තමන්ගේ බුද්ධි මට්ටමත් හොඳ කාර්මිකයෙකු වන්න හේතු වෙනවා. හොඳින් දක්‍ෂ ලෙස ඇඟිලි තුඩු හැසිරවීමට හැකිනම් එයත් මෙම කාර්යයට ලොකු පිටිවහලක් වෙනවා. ඒසේ නොමැති අයට ව්‍යායාම මගින් එය දියුණ කරගන්න පුළුවන්. මීට අමතරව වෙනත් ඕනෑම කාර්යයකදී මෙන්ම ලොකු කැපවීමක් කරන්න වෙනවා මෙම ක්‍ෂේත්‍රෙය්ද හොඳ දියුණුවක් ලබන්නට.

දැන් ඔය අවශ්‍යතා සම්පූර්ණ කල අය මාත් එක්ක මේ පාඩම කරන් ඉදිරියට යනවා. නෑ ඇත්තෙන්ම එහෙම හිතන්න එපා. අනෙක් අයටත් උවමනාව ඇතිනම් මෙම අවශ්‍යතා සපුරන්න පුළුවන්. නැතත් මේවා ලියන්නේ කියවන හැම දෙනාම පරිගනක කාර්මිකයින් කරන්න නොවේ. එසේ නොවන අයටත් අපි හැමදාම සමහරවිට උදේ සිට රෑ නිදියන මොහොත දක්වාම අපත් සමග අපේ කටයුතු පහසු කරන පරිගනකයේ ඇතුලේ ඇත්තේ මොනවාද? ඒවා සවිකලේ කෙහොමද? ඒවා නඩත්තු වන්නේ කෙසේද? සුළු හෝ අළුත්වැඩියාවක් කරගන්න පුළුවන් ද කියා දැන ගන්න පුළුවන්නේ. අවම වශයෙන් එන දෝෂ දන්නවානම් ඒවාට හේතු දන්නවානම්, ඒවා ඇති නොවන සේ භාවිතා කරන්න පුළුවන්නේ. 

දැන් බලමු මේ සඳහා ඇති වෙනත් අවශ්‍යතාවයන් මොනවාද කියා. 
මේ සඳහා වෙනම කාමරයක් නැතිනම් අවම වශයෙන් වෙනම මේසයක් අවශ්‍ය වෙනවා. එම ස්ථානයේ පැවතිය යුතු දේ අතර හොඳ වාතාශ්‍රයක්, ජල කරාමයක් හා සින්ක් එකක්, ප්‍රථමාධාර කට්ටලයක් වැනි දේ පවා ඇතුලත් විය යුතු බවයි මගේ මතය. මේ මොන දේ ඇතත් නිසි ප්‍රමිතියේ ආයුධ කට්ටලයක් හා වෙනත් උපකරණ ගණනාවක් අවශ්‍ය වෙනවා. එහෙත් ඒවා දැනට අපි ලඟ නැතත් මේ වැඩේ තියන දේයින් කළමනාකරණය කරගන්න උනන්දුව ඇති දක්‍ෂෙයකුට අපහසු වෙයි කියා හිතන්නේ නෑ. එහෙමනම් මෙම ලිපි පෙලේ මීළඟ ලිපියට ඉඩ තබමින් අදට යන්නම්. මීළඟට කියන්න යන්නේ අවශ්‍ය උපකරණ, ආයුධ ආදිය ගැනයි.
සුභ දවසක්

16 comments:

  1. අනිත් කොටසුත් දාන්න ඉක්මනමට

    ReplyDelete
  2. ඉතින් ඊට පස්සේ???

    පින්තුරේ දැක්කාම නම් ටිකක් බයත් හිතෙනවා.:D

    ReplyDelete
  3. එළ එළ ඉතුරු ටිකත් දාන්න

    ReplyDelete
  4. බොහොම අපූරු වැඩක් අයියේ

    ReplyDelete
  5. ඔහොම යං ඔහොම යං .........

    ReplyDelete
  6. @ නදී...
    ස්තූති නදී. ඉක්මනට නම් බෑ හෙමින් දාන්නම්.

    @ මාරයාගේ හෝරාව
    ඊලඟ තාම ලියන්න ලෑස්ති වෙනවා. හිතුවා ලියන්න බෑනේ මේවා.

    ReplyDelete
  7. @ ප්‍රවීනා
    ඊට පස්සේ නේද? ඉන්නකෝ ලියනකල්. මේ රෑට හැදෙන නිදිමත එක්කනේ මේ බ්ලොග් කෙරුවාව කරන්න බැරි..:D
    මොකටද අප්පේ බය වෙන්නේ. ඔහොමය අපි මේ ආරක්‍ෂා කරන් ඉන්න අපේ ඇඟ ඇතුලේ තියන දේවල්. බය නෙවේ මැරෙන්න හිතෙයි දැක්කනම්..

    ReplyDelete
  8. @ පූසා
    ඉතුරු ටික නෙවේ. ගොඩක් තියනවා

    @Praසන්ன
    යමු යමු

    @ හරී - පිණිපළස
    ඊළඟ...තාම මග එනවා....

    ReplyDelete
  9. @ සුදු හංසි
    අපූරුයි නම් තමා. ඒත මම ලියන්නේ කිසිම පොතකින් අරන් නෙවේ. හිතේ තියන දෙයින්. ඒනිසා හිතන තරම් ලේසි නෑ ලියන්න. ස්තූතියි ප්‍රතිචාරයට

    @ කල්හාර දිසානායක
    යමු යමු. බලන්න එන්නකෝ..

    ReplyDelete
  10. ලියන්න ප්‍රියා අයියේ අපිත් බලනවා මේ පාඩම අහවර වෙනතෙක්ම ..ඇත්තටම ඔයා එලටම ලියලා තියනවා ඔයා මේ ෆීල්ඩ් එකේ කෙනෙක් වගේ

    ReplyDelete
  11. මෙම පොස්ට් එක සඳහා ඔබ දක්වන ලද ප්‍රතිචාර බ්ලොගර් වල ඇතිවූ දොෂ නිසා මැකී ගිහින් මෙන්න ඒවා.

    Podi Kumarihami
    ඉතින් ඊට පස්සේ???
    පින්තුරේ දැක්කාම නම් ටිකක් බයත් හිතෙනවා.:D

    පූසා
    එළ එළ ඉතුරු ටිකත් දාන්න

    නදී
    අනිත් කොටසුත් දාන්න ඉක්මනමට

    මාරයාගේ හොරාව
    හරි ඊ ළග...

    Praසන්ன
    දිගටම යං..

    හරී - පිණිපළස
    ඊළඟ, ඊළඟ.......

    සුදු හංසි
    බොහොම අපූරු වැඩක් අයියේ

    කල්හාර දිසානායක
    ඔහොම යං ඔහොම යං ........

    ReplyDelete
  12. මෙන්න පිළිතුරු
    @ ප්‍රවීනා
    ඊට පස්සේ නේද? ඉන්නකෝ ලියනකල්. මේ රෑට හැදෙන නිදිමත එක්කනේ මේ බ්ලොග් කෙරුවාව කරන්න බැරි..:D
    මොකටද අප්පේ බය වෙන්නේ. ඔහොමය අපි මේ ආරක්‍ෂා කරන් ඉන්න අපේ ඇඟ ඇතුලේ තියන දේවල්. බය නෙවේ මැරෙන්න හිතෙයි දැක්කනම්..

    @ නදී...
    ස්තූති නදී. ඉක්මනට නම් බෑ හෙමින් දාන්නම්.

    @ මාරයාගේ හෝරාව
    ඊලඟ තාම ලියන්න ලෑස්ති වෙනවා. හිතුවා ලියන්න බෑනේ මේවා.

    @ පූසා
    ඉතුරු ටික නෙවේ. ගොඩක් තියනවා

    @Praසන්ன
    යමු යමු

    @ හරී - පිණිපළස
    ඊළඟ...තාම මග එනවා....

    @ සුදු හංසි
    අපූරුයි නම් තමා. ඒත මම ලියන්නේ කිසිම පොතකින් අරන් නෙවේ. හිතේ තියන දෙයින්. ඒනිසා හිතන තරම් ලේසි නෑ ලියන්න. ස්තූතියි ප්‍රතිචාරයට

    @ කල්හාර දිසානායක
    යමු යමු. බලන්න එන්නකෝ..

    ReplyDelete
  13. godak watinwa mn 1 kiyewwa anith tikath okkma kiywanwa......... wellllllllllllll doneeeeeeeeeeeee......

    ReplyDelete