මේ කතාව කොතනින් පටන් ගන්නද? මට හිතාගන්න බෑ. මම මේ බ්ලොග් එකේ දැනට පොස්ට් 85කට වඩා දාල තියනවා. හැමදාම මාතෘකාවක් ගත්තම පොස්ට් එක කොහොම හරි ලියවෙනවා. ඒත් අද නම් මේ වැඩේ කරන්න හරි අමාරුයි. වෙනදා වගේම පුරුදු ලෙස අම්මාට වඳින්න ගියාමත් මට තේරුම් ගන්න බැරි දෙයක් හිතේ තෙරපෙනවා වගේ දැනුනනා.
මේ ලෝකේ ඕනෑම කෙනෙකුට තම දෙමාපියන්ට වඩා වටිනා වස්තුවක් නැහැ නේද?. ඒ වටිනා වස්තූන් දෙකෙන් අම්මාට ඇති වටිනාකම කියන්න පුළුවන්ද?
මගේ අම්මා මට දක්වන ආදරය මට මතක දවසේ ඉඳන් කිසි වෙනසක් නෑ. පුංචිම දවස්වල මම ඇඳෙන් නැගිටිනකොට වඩාගෙනයි අරන් යන්නේ. මූණ කට සෝදවා කුස්සියේ බංකුවේ ඉන්දවා කිරි සදා දී බොනකන් ලඟටම වී ඉන්නවා. අම්මා ආදරෙන් සාදා බොනකන් ඔලුව අතගාමින් ඉන්න නිසාදෝ ඒ කිරි එක පුදුමාකාර රසයක් ගෙන දුන්නා. පාසල් යන්න ගත්තමත් උදේ වඩාගෙන ගොස් මුහුණ කට සොදවා සූදානම් කරන්නේ. ඉන්පසු අම්මාද සූදානම් වී නංගිවත් සූදානම් කරගෙන මා පාසලට ගෙනයනවා. සවස ගෙදර ආවම බත් බෙදාදී කා අවසන් වනතුරුම දවසේ පාසලේ විස්තර අසමින් ළඟින්ම ඉන්නවා. කෑම කන්න බෑ කියනා දවස්වල කිසිවක් නොකියාම කන්න කැමති කෑමක් සාදා කෑම එක කවනවා. ඒ පුරුද්දනම් අම්මාට තවම තියනවා. මොනවා නැතත් මාසයකට වරක්වත් අම්මා අතින් බත් පිඟාන කවා ගන්න වාසනාව තාම මට තියනවා. මට එදිනදා කන්න පුළුවන් බත් ප්‍රමාණය හරියටම දැනගෙන අම්මා පිඟානට බෙදන්නේ කොහොමද කියන එකනම් මට තවමත් ප්‍රශ්ණයක්. සාමාන්‍යෙයන් අපි හැමදාම එකම ප්‍රමාණය කන්නේ නෑනේ. කෑමට ඇති රුචිය, සහ තවත් විවිධ හේතු නිසා අද කන ප්‍රමාණය හෙට වෙනස් වෙනවා. ඒත් මගේ ඒ වෙනස් වන ප්‍රමාණය අම්මා හරියටම දන්නවා. ඇත්තටම මම බෙදා ගත්විට වැඩියි, නැතිනම් මදි. අම්මා බෙදූ බත් පත හරියටම ප්‍රමාණවත්.
රෑ නින්දට යන විට ළඟට තුරුල් කරගෙන කතන්දර කියමින් ආදරයෙන් හිස හෝ පිට පිරිමදිනවා. එවිට නින්ද යන්නේ නොදැනීමයි. තවමත් මා රෝගාතුර වී නම් නින්ද යන තුරු ළඟට වි හිස පිරිමදින පුරුද්ද අම්මාට තියනවා. ඒ දවස්වල අම්මාගේ මුහුණේ ඇති අඳුරු දුක්බර ස්වභාවය මේ ලියන මොහොතේ උනත් පරිගනක තිරය අතරින් මැවී පේනවා.
අම්මා මං පුංචිම කාලේ රැකබලා ගත් විධිය නම් මට මතක නෑ. ඒත් මලක් වගේ බලාගන්න ඇති කියා කියන්න පුළුවන් මල්ලිව රැක බලාගත් ආකාරම මම දන්න නිසා. මා කුඩා කල මා අතින් වූ වරදකට අම්මා ගහන්න හදන විට මම අතින් අවහිර කරන්න ගොස් අතට අම්මා සිතුවාට වඩා තදින් පහරක් වැදී තිබෙනවා. ඒ අවස්ථාවේ එම ස්ථානය රත් පැහැ ගැන්වී තිබෙනවා. එය දැක අම්මා දවසම හඬා තිබෙනවා. ඒ වගේම ඒ ගහන්න ඇදූ අත දොරකට හසු කරන් අම්මාත් වේදනාවක් ලබල. ඒ සිද්ධිය මතක් වන විට අදටත් අම්මාගේ ඇස් වලට කඳුළු එනවා. මට සිරීමක් වත් නොවුනත් යන්තම් රත් පැහැවූ එම අවස්ථාව අම්මාට අදටත් දුකක්.
මම හිතන්නෙ නෑ මගේ අම්මා විතරයි මෙහෙම කරන්නේ කියා. අනෙක් අම්මලාත් මේ වගේ ඇති. ඒත් අම්මා කීවම මම දන්නේ මගේ අම්මා විතරයි. ඒක ආත්මාර්ථකාමි අදහසක් කියා හිතන්න එපා. මම අනික් අම්මාලා තුලිනුත් ඒ මගේ අම්මා ළඟ ඇති ගුණවත් බව දකිනවා කියා කියන එකයි මම අදහස් කරන්නේ. තව .. මගේ මුල්ම ගුරුතුමිය උනෙත් අම්මානේ. තවමත් හැමදාම ඇයගෙන් මම මොනවා හෝ පාඩමක් ඉගෙන ගන්නවා. පාසල් කාලයේ නම් අපි පාඩම් ඉගෙන ගත්තේ පාසල් වේලාව ඇතුලත විතරනේ. ඒත් අම්මාගේන් ඉගෙන ගන්නෙ දේ හැමදාම මම ලබනවා.
අම්මා ගැන කියන්න ගියාම දහස් ගනන් මකතයන් සිත තුල තෙරපෙනවා. මොනවා කියන්නද කියා හිතා ගන්න බෑ. අදනම් මගේ හිත වැඩ කරන්නේ මට ඕන විධියට නෙවේ වෙන්න ඇති. ඇස් දෙකත් බොඳ වෙලා කඳුළුත් ඇවිත් ඒ සතුටු කඳුළු වෙන්න ඇති. මට වගේම අම්මාටත් මගේ සතුටේදී සතුටු කඳුළු හා දුකේදී දුක් කඳුළු එන බව මේ මොහොත් ආයෙම මට සිහි වෙනවා. සමහර විට තව ටිකකින් ඇවිත් මේ රෑ මොනවද නිදි මරාගෙන කරන්නේ. දැන් ඉතින් ඕක වහල නිදා ගන්න කියයි. නිදි මරල ඇවිත් මට අමාරුව කියන්න එපා කියයි. ඒ තරහකට නම් නෙවේ. තියෙන ආදරේ වැඩි නිසයි. කඩෙන් කනවා නෙවේ. ඔය කඩ කෑම වලට ලෙඩ වෙනවා. එහෙම කියල උදේ පාන්දරින් අවදි වෙලා මට කෑම සාදා දෙන්නේ. සමහර විට නීති දාන්නෙත් ආදරේටනේ. සැර වැඩි කෑම කන්න එපා, වැඩිය සෝස් කන්න එපා, වැඩිය තෙල් කන්න එපා. මතක් වෙන කොටත් හිතේ අම්මාට ඇති ආදරේ දෙගුණ තෙගුණ වන්නේ ඒ හැම දේම කියන්නේ මගේ හොඳට නේද කියා සිහිවෙන විටයි.
තවමත් නිවාඩු දවසට පැදුරක් බිම එලා එහි වාඩිකරවා හිසේ තෙල් ගානවා. ඉන්පසු හිස සම්බාහනය කරනවා. නවත්වන්නේ ඇගේ ඇඟිලි රිදෙන්න ගත් විටයි. දැන් නම් දුකත් හිතෙනවා එහෙම කරන්න ඉඩ දෙන එක ගැන. ඒත් ඒ තුලින් ඇය ලබන සතුට අනන්ත අප්‍රමාණයි.
මම මේ අම්මා ගැන ලියන පළමු පොස්ට් එක. මම හිතන්නේ හැම බ්ලොග් කරුවෙක්ම තම මැණියන් ගැන එක් වරක්හෝ ලියන්න ඕන කියලයි. නැතිනම් බ්ලොග් කිරීමෙන් ඇති පලක් නෑ කියා මම හිතනවා. ඒ කෙසේ වෙතත් මගේ අද පොස්ට් එක මෙතෙක් මා ලියා පළ කළ පොස්ට් අතරින් කිසිම පිළිවෙලක් නැතිව ලියවුනු එකම පොස්ට් එක වෙන්න ඕන. එහෙම උනේ කියන්න තියන කරුණු ගොඩ අතරින් සොනවා කියනවාද කියා සිතාගන්න බැරි කමයි. ඒ වගේම ලියන් යන විට තව තව දේ එකතු කරන්න මතක් වෙනවා. ඒවා සමග හැම දේම අවුල් වෙලා. ඒත් අම්මා හෙටත් උදේම මම නැගිටින විට මගේ අවුල් සිතුවිලි නිරවුල් කරන්න බලන් ඉන්නවා. මුහුණ කට සෝදන්න වතුර විදුරුවත් අතින් අරන්. ඉතින් දරුවෙකුට ඊට වඩා දෙයක් කොයින්ද?
දැන් විස්තර කිවා ඇති. මම කියන්න ආ දේ දැන් කියන්නම්.
අදයි මගේ අම්මාගේ උපන් දිනය. වෙනදාට නම් අපි සියලු දෙනා එදාට නුවර දළදා මාළිගාවට යනවා. ඒත් මම අද රැකියාවට යන්න තිබෙන නිසා ඒ ගමන යන්න වෙන්නේ නෑ. එත් අම්මයි අප්පච්චියි පුරුදු ලෙස එහි යාවි. මම එහි නොගියත් අද සතුටින්. ඒ මගේ අම්මාගේ උපන්දිනය සයිබර් අවකාශයේ මගේ මිතුරන් සමග බෙදා සුභ පතනා පළමු දවස අද නිසා.
මගේ රත්තරන් අම්මේ. අම්මාට සුභ උපන්දිනයක්. නිදුක් නිරෝගී සුව ලැබේවා..!!!
"සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා"
මවු ගුණ සිහිකර ගැයෙනා දහසක් ගී අතරින් මගේ හිතට තදින්ම දැනෙනා ගීතය වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වූ අම්මා. ඔන්න ඔයාලත් මාත් එක්ක ඒ ගීතය රසවිඳින්න එන්න.
අම්මලා වයස්ගත වෙනකොට වැඩියෙන් කැමති මුණුබුරු, මිනිබිරියන් හුරතල් කරන්නයි.
ReplyDeleteකසූ කියපුදේ ඇත්ත අයියේ. :D අම්මාට නිදුක් නිරෝගී සුව පැතුවයි කියන්න.
ReplyDeleteමවකගේ ආදරයට සමාන වෙනත් ආදරයක් මේ ලෝකෙ නැති තරම් නෙ ......
ReplyDeleteඅම්මාට සුබ උපන්දිනයක් වේවා...! නිදුක් නීරෝගීබව වගේම දීර්ඝායුෂ ලැබේවා!
ReplyDeleteඊ ළග උපන්දිනේටවත් අර කාකා කිව්ව විදියට සුභ පතන්න ලැබේවා..!
ReplyDeleteඅම්මට සුබපැතුව කියන්න අයියේ......අම්මල එහෙම තමා.ඊයේ රැ මට හොදටම සනීප නැති උනාම, ලගට ඇවිත් නින්ද යනකම් ඔලුව අතගගා හිටිය අපේ අම්මා .....
ReplyDeleteප්‍රියන්ත මල්ලි,
ReplyDeleteඔබෙ මෑණියන්ට සුබ උපන් දිනයක්, ඒ වගේම නිදුක් නිරෝගී සුව!!!
මොනවා නැතත් මාසයකට වරක්වත් අම්මා අතින් බත් පිඟාන කවා ගන්න වාසනාව තාම මට තියනවා.
ReplyDeleteහැබැයි අයියේ අම්මා කැමති ඇති තවත් අතකින් ඔයා ඉක්මනටම බත් කනවා දකින්න.
ඔය උඩ පිංතූරේ අම්මා ඉන්නේ, ආන් ඒ වගේ ඔයාගේ පිංතූරෙක ඉන්නත් අම්මා බොහොම කැමති ඇති.
ඉතිං මේන් අපෙනුත් අම්මාටත් පුතාටත් සුභම සුභ පැතුම් !!!
ප්‍රියන්ත අයියා,
ReplyDeleteඑක පාරක් හරි අම්මා ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න කියපු කාරණාව මමත් ඉටු කලා අපේ අම්මගේ උපන් දිනේ දවසෙ.
එහෙනං අම්මට මමත් දීඝායු පතනවා!
ඒක නෙමේ අර කතන්දර කියන කාරණාව ගැන සලකලා බැලුවොත් මොකද?
අම්මා කියන්නෙ සදහටම ජීවත්වෙන සත්වයෙක් නොවෙයි.සදහටම ජීවත් වෙයි - ඒ හිතේ.හිත් පතුලෙ.මකන්න ඕනෙ වුනත් මකන්න බෑරිවෙයි.ඕනෑම දරුවෙකුගෙ හිතේ අම්මට නියමිත ස්තානයක් ඇති,ඒ ස්තානයේ අම්මා කියන ස්ත්‍රියට ඉන්න ඉඩ අරින්න.ඒත් මතක තියාගන්න.අම්මා කියන්නෙ නොමෑරෙන කෙනෙක් නෙමෙයි.අපිට අත අරින්න බෑරි අම්මව නොවෙයි,අම්ම කෙනෙක් දෙන ආදරය,තමන්ට කියල කිසිම දෙයක් වෙන් කරගන්නෙ නෑතුව,බදුන පිටින්ම දරුවන්ට පුද කරන ආදරය.ඒ ආදරය නේද අමතක කරන්න බෑරි?
ReplyDeleteමේ කොටස දැක්කෙ මම් ලගදිම කියවපු පොතකින්,ඒ සුමිත්‍රා රාහුබද්ධ ලියපු "කන්දක් සේ මා" නවකතාවෙ.බලන්නකො කොච්චර ඇත්තක් ඒකෙ තියනවද කියල.අපිට කවදාවත් අම්ම කෙනෙක් දෙන ආදරය අමතක කරන්න බැ.මමත් මගෙ බ්ලොග් එකේ අප්පච්චි ගැන ලියල තියනව,අම්ම ගැන ලියල නැ.මමත් හිතාගත්ත ඒ අඩුව පුරවන්න.
අය්යගෙ අම්මට නිරෝගි සුව සදාකල් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව,සුබ උපන්දිනක් වේවා!!!
@ Kathandara
ReplyDeleteකියන කතාවනම් ඇත්ත තමා කතන්දර.
මම අපේ අම්මාගෙන් ඔය ස්වභාවය දකිනවා. අම්මා මගේ සොයුරියගේ දරුවන් සුරතල් කරන දෙස බලා සිටීමෙන්. මම හිතන්නේ ඔවුන් ඒ තුලින් නැවත අපිව දකිනවා වෙන්න පුළුවන් කුඩා දරුවන් ලෙස. අපේ පුංචි කාලේ ඒ අය නිසා නැවත සිහිවෙනවා ඇති.
@ හරී - පිණිපළස
ReplyDeleteහරී නම් ඒ අත්දැකීම් විදින නිසා හරියටම කියන්න පුළුවන් නේද. ස්තූතියි සුභ පැතුම් වලටත්.
@ රොකියා | Udara
ReplyDeleteඒක සදාතනික සත්‍යයක් වගේ නේද උදාර. ස්තුතියි මේ පැත්තට ආවට..
@ හසී
ReplyDeleteස්තූතියි හසී සුභ පැතුමට..
@ මාරයාගේ හෝරාව
ReplyDeleteබලමු තව කල් තියනවනේ..
@ සිතුවිලි නිහඬයි
ReplyDeleteස්තූතියි නංගියේ සුභ පැතුමට. එහෙම වෙලාවට ලෝකේ මොන දේ නැතත් අම්මා හිටියනම් ඇති හිතෙනවා නේද?
@ Ravi
ReplyDeleteගොඩක්ම ස්තූතියි අයියේ සුභ පැතුම් වලට.
@ RanDil
ReplyDeleteඔය පින්තූරේ මංම ගත්ත එකක් තමා. අම්මට සුභ පැතුවට මටත් සුභ පතන්න ඕනිද?
ස්තූතියි රන්දිකා සුභ පැතුම් වලට...
@ බුද්ධි
ReplyDeleteමට ඔය කතාව කියන වෙලාවේ මතක් උනෙත් බුද්ධිගේ ඒ පොස්ට් එක තමා. කතන්දර කියපු කාරණාවත් සලකා බලමු..
ස්තූතියි බුද්ධි සුභ පැතුමට...
@ නදී...
ReplyDeleteකියල තියන දේවල් ඇත්තම ඇත්ත. මට ඔය පොතනම් කියවන්න ලැබිල නෑ. ඒත් ඒ වචන නම් තදින්ම හිතට වදිනවා.
සුතූතියි සුභ පැතුමට...
මාතලුනුත් සුභ පැතුවයි කියන්න. පරන කෙනෙක් නිසා කොහොමත් කැමතිවෙයි......
ReplyDeleteඅම්මාට නිදුක් නිරෝගී සුව පතනවා....
ReplyDelete“මගේ අම්මා මට දක්වන ආදරය මට මතක දවසේ ඉඳන් කිසි වෙනසක් නෑ.“
ReplyDeleteඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මල්ලි... අම්මල කොහොමත් ආදරේ පුතාලටනෙ... ඔයාට මේ දවස්වල අම්මගෙන් හරී කරදරයි නේද? බත් කවන්න කිව්වම “කවන්න එකියක් හොයාගනින්“ කියල බොරු තරහක් අරන් ආයෙම බත් එක කවනව නේද ආදරෙන්... ඔයා කනවට වඩා හරිම රසයි නේද අම්ම අතින් කනකොට...
මමත් අම්ම කෙනෙක්නෙ... වැරැද්දකට පාරක් ගැහුවත් දරුවන්ට ඒක අමතක කරන්න පුළුවන් වෙයි... ඒත් අම්මට ඒක අමතක කරන්න බෑ...
සියක් ආයු ඔයාගෙ ආයු මම ප්‍රාර්ථනා කරන්නෙ නෑ... ජීවත් වෙනකම් ලෙඩක් දුකක් හිතේ කරදරයක් ඇති නොවේවා කියල හදවතින්ම පතන්නම් ඇයට!!!
අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා!
ReplyDelete" පෙම්මාදර නිසා රතු ලේ සුදු කිරට
හරවා පොවා මා ඇති දැඩි කල යසට
නිම්මා නොමැති දුක් වින්දා විටින් විට
අම්මා මගේ අම්මා සිතුමිණකි මට!"
(උපුටනයකි)
ගෙදර නොහිටපු හන්දා අම්මට සුබ පතන්න පමාවුනු එක ගැන අමනාප නෑනේ. ඊතල පනිවිඩය අම්මාට ලැබෙන්න සලස්සන්නත් ඇතිනේ. අම්මා ගැන නම් අලුතින් මොනවත් එකතු නොකලට අනිත් අය කියලා තියන දේවල් ඇති කියලා හිතනවා. ප්‍රියන්ත හරිම වාසනාවන්තයි ඔය වගේ අම්මෙක් ලබන්න. අම්මත් ඉතින් ඔයා වගේ පුතෙක් ලබන්න වාසනා කරලා තියනවා කියලයි මට හිතෙන්නේ. අනේ අර ඔලුවේ තෙල් ගාලා මසාජ් කරන එක...ප්‍රියන්ත ඔයා නම් ඇත්තටම වාසනාවන්තයි.
ReplyDeleteඅම්මාට නිරෝගී සුවයෙන් හා සතුටින් පිරි, සියලු පැතුම් ඉටුවන අනාගතයකට මගෙනුත් ආසිරි!!!
@ මාතලන්
ReplyDeleteසුභ පැතුමට අලුත් පරණ නෑනේ. හැම සුභ පැතුමක්ම අලුත්. බොහොමත්ම ස්තූතියි නැවත ආ සැනින් මගේ මතකයටත් ඇවිත් අම්මාට සුභ පැතූ එකටත්.
@ Praසන්ன
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රසන්න සුභ පැතුමට...
@ ඉන්දික
ReplyDeleteමගේ මතකයට ඇවිත් අම්මාට සුභ පැතුවට ගොඩක් ස්තූතියි. අර උපුටාගැනීමත් මගේ සිතට හොඳටම දැනුනා. එයටත් තුති...
@ පොඩ්ඩි
ReplyDeleteවෙනදා පළවෙනියට එන කෙනානේ. එක දවසක් ප්‍රමාද උනාට කිසිම අමනාපයක් නෑ. මෙතරම් වෙහෙසට පත්වී ඉන්න ඔයා මගේ මතකයට ඇවිත්ම ගිය එකම ලොකු සතුටක්. පොඩ්ඩියේ වාසනාව හා අවාසනාව එකම රෝදයේ දෙපැත්ත. ඒ නිසා වැඩිය වාසනාව ගැන කියන්න එපා. අනික් පැත්තේ අවාසනාවත් ඇති. මේවගේ දවසක ඇවිත් ගිය සුභ පැතුම් එක් කලා එක නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
ඔයාටත් ගොඩක් ස්තූතියි...
@ තනෝජා රාජපක්‍ෂ
ReplyDeleteතනෝජා අක්කේ. ගොඩක් සතුටුයි අක්කත් අපේ අම්මට සුභ පතන්න එකතු උන එක ගැන. අපිට වඩා අක්කට අම්මෙකුගේ හද ගැස්ම හොඳට දැනෙනවනේ. බත් කවන එකේදි නම් මොනවත් කියන්නේ නෑ ඔලුවේ තෙල් ගාල මසාජ් කරන වෙලාවට නම් ඔය කතාව කියනවා.
අක්කටත් ගොඩක් ස්තූතියි.
අනේ පරක්කු වුණාට සමාවෙන්න අයියේ අම්මට සුභම සුභ උපන්දිනයක් එක්කම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඅම්මගෙ උපන්දිනේ දැක්කම නම් මට පුදුම හිතුණා. මට හරි කලාතුරකින් මගේ උපන්දිනය දවසේ ඉපදුන අය හමු වෙන්නේ. හරි සතුටුයි මට!
(ඔයා අයියේ සර්පයින් ගැන ලියන එක ගැන මම ඇත්තටම දැන් පුදුම වෙන්නෙ නෑ. සර්පයින් ගැන ලියලා ලියලාමද කොහෙදෝ අයියටත් දැන් ඕනි දේකින් නියමෙට ලිස්සලා යන්න පුළුවන් නේද??)
@ සංජු
ReplyDeleteපරක්කු උනා කියා කිසිම අමනාපයක් නෑ. මේ කමෙන්ට් එකටත් උත්තර දෙන්න පරක්කු උනා නේ මටත්. ස්තූතියි සුභ පැතුම් වලට.
(සර්පයෝ ලිස්සා යනවද? මම නම් දන්නේ ආඳා ලිස්සා යනවා කියල විතරයි.)
මම පරක්කුවැඩියි සුබ පතන්න .අද තමා පෝස්ට් එක.
ReplyDeleteදැක්කේ .අම්මට දීර්ඝායු නිදුක් නිරොගී සුව ප්‍රාර්ථනා කරනවා .
උපන්දිනේට සුභ පතන්නනම් පරක්කු වැඩියි ඒත් අද අම්මාවරුන්ගේ දිනය... අම්මා කෙනෙක්ගේ වටිනාකම දරුවෙක්ට මහමෙරක්.....
ReplyDelete@ TG
ReplyDeleteප්‍රමාදයි කියා කිසිම වෙනසක් නෑ. සුභ පැතුම එලෙසින්ම පිළිගන්නවා. අම්මා ගොඩක් සතුටු උනා මගේ යාළුවන්ගේ සුභ පැතුම් දකලා. මේකත් මම අම්මට කියන්නම්.
@ සුදු හංසි
ReplyDeleteඅම්මාවරුන්ගේ දවසේ මෙහෙම සුභ පැතුමක් එකතු කිරීම කොතරම් හොඳද. පරක්කු උනාට අමනාප නෑ. සුභ පැතුම එලෙසින්ම පිළිගන්නවා. අම්මා ගොඩක් සතුටු උනා මගේ යාළුවන්ගේ සුභ පැතුම් දකලා. මේකත් මම අම්මට කියන්නම්.