Wednesday, May 25, 2011

දින 365ක් පොස්ට් 100ක් එන්න අපි කැවුම් කිරිබත් කමු.....


ඔන්න අද මගේ මතකයට ගොඩ වැදුන ගමන් කිරිබත් කෑල්ලක් කාල ඉන්නකෝ. හරිනේ කිරිබත් කෑවනම් මේ කැවුම් තියනවා. පහලින්. ඒවත් කමුකෝ.

මොකද මේ අද හදිස්සියේ කැවිලි බෙදන්නේ කියා දැන් කට්ටිය බලනවා ඇති නේද? බලන්නකෝ ඔය උඩින් දකුණු පැත්තේ තියන මුළු පෝස්ට් ගණන. ඒක 100 ක් වෙලානේ. 
ඔව් ඇත්තටම බ්ලොග් එකක පොස්ට් 100ක් දානවා කියන්නේ තරමක අපහසු දෙයක් තමා. ඒත් ඇතැම් අය නම් ඔය වැඩේ මාස දෙක තුනක් ඇතුලත කරනවා මම දැකල තියනවා. තවත් අය අවුරුදු කීපයක් ලියනවා ඒත් තාම 100ට ඇවිත් නෑ. ඒත් ඉතින් මම අද 100 වෙනි පොස්ට් එක දාන්නේ ඉතාම සතුටින්. ඒ අදට මගේ මතකය පටන් අරන් හරියටම අවුරුද්දයි. බොහෝ දෙනා උපන් දිනය සමරන්න කේක් බෙදන නිසා මම මගේ මතකයේ පළමු උපන්දිනය සමරන්න සිංහල ක්‍රමයට කැවුම් කිරිබත් උයාගෙනම ආවා.
පුරා වසරක්, පොස්ට් සීයක්, කමෙන්ට්ස් 1550ක් හා හිට්ස් 35000 ක් පමණ කියන්නේ එතරම් ලොකු දෙයක් නොවන්න පුළුවන් මට බ්ලොග් කරණයට හේතුවූ කතන්දර වැනි බ්ලොග් සමග සංසන්දනය කලොත්. එහෙත් එක්තරා දිනක දැන් බ්ලොග් අවකාශයේ නැති ටැබූ මට දුන් කමෙන්ට් එකක කීවේ අද ලක්‍ෂ ගණන් හිට්ස් ලැබෙන බොහොමයක් බ්ලොග් කුඩා හිටිස් ගණනකින් පටන් ගත් ඒවා බවයි. එනිසා දිගටම ලියන්න පටන් ගත්තා. 

ඉතින් ලියන්න නම් කියවන්න කෙනෙක් ඉන්න ඕන නේ. ඒත් දිනෙන් දින දැබෙන කමෙන්ට් හා පෞද්ගලිකව ඊමේල් වලින් ලැබෙන ප්‍රතිචාර නිසා තමා අද වෙනකල් ලියන්නේ. ඉතින් සෑම පොස්ට් එකකටම පැමිණ කියවන, කමෙන්ට් මගින් දිරිමත් කරන ඔබ නොසිටින්න මෙය අතරමග නවතින්න ඉඩ තිබුනා. මගේ ලිවීම ගැන පසු විපරමක් මීළඟ පොස්ට් එකෙන් කරනවා. ඒ නිසා ඒගැන වැඩිය කියන්න කැමති නෑ. 

ඒ කෙසේ වෙතත් මගේ පොස්ට් අතරින් මෑතකදී ලියන්න ගත් Computer Hardware පාඩම නම් බොහො දෙනා ආසාවෙන් කියවන්නක් බව දැනටම ලැබෙන හිට්ස් වලින් තේරෙනවා. ඒ අතරම සතුටින් කියන්න කැමතියි ලංකාවේ පළවන පරිගණක සඟරා කීපයකින්ම මගේ පොස්ට් ඔවුන්ගේ සඟරාවල පල කරන්න කැමැත්ත පළ කර තිබුනා. ඒවායින් එකක් මම දැන් තෝරාගෙන සිටිනවා. ඔවුන්ට මෙහි පළවන දේ ඔවුන්ගේ සඟරාවේ පළ කරන්න. එහෙත් මම මෙයින් ඔබ වෙත ලබාදෙන කිසිම පාඩමක් නවත්වන්න හිතන්නේ නෑ. ඒවා එලෙසින්ම මගේ මතකය සමග එනු ඇත. 
කලින් නම් මම මෙහි පැමිණි අය නම් වශයෙන් පෙන්වා දුන්නත් දැන් එන පිරිස නම් වශයෙන් කියන්න ගියොත් කීප දෙනෙක් හො මගහැරෙන්න පුළුවන්. එයාලට කණගාටුවක් නොදැනෙන්න වෙන වෙනම නම් නොකියා සිටින්නම්. එහෙත් ඔබ සියලුදෙනාම මෙහි කොටස් කරුවන්. ඒ වගේම තිරය පසුපස සිටිමින් මා දිරි ගන්වන කීප දෙනෙක් ඉන්නවා. මට මෙය නවත්වන්නම සිතුනු විටක එය නැවත ලියන්න දිරි දුන් ඔබටත් මගේ ප්‍රණාමය මෙයින් පළ කරනවා. 
අද දිගට ලියන්න හිතුවේ නෑ. එදා සිට මා සමග සිටි අය වගේම ගමනේ අතර මගදී මා සමග යන්න ආ අයත් වරින් වර ඇවිත් යන අයත් කිසි වෙනසක් නැතිව මගේ මතකයට හෙටත් පිළිගන්නවා. ආගිය සැමට නැවතත් මගේ හද පත්ලෙන්ම නැගෙන අවංක ස්තූතිය පිරිනමමි.
සැමට ජයෙන් ජය වේවා..!!!

56 comments:

  1. මුලින්ම ඔයාගේ රසබර පෝස්ට් සීයට මගේ අවංක සුබ පැතූම්. අපි නොදන්න ගොඩක් දේවල් අපට ඉතා සරලව කියලා දීම ගැන අපි හැමෝම ඔයාට ස්තූතිවන්ත වෙන්ට ඕනි. ඊළඟ පෝස්ට් සීයත් ඉතා ඉක්මනින් ලියවේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා.

    ඊළඟට කිරිබත්. අනික් අය එන්ට කලින් ටිකක් වැඩියෙන් කන්ට ඕනි. කෝ ඉතින් කට්ට සම්බල් හා සීනි සම්බල්. මම හිතුවේ මිරිස් මාලුත් තියෙයි කියලා. :D

    ReplyDelete
  2. කිරිබත් කෙසේ වෙතත් ලංකාවෙ විදිහට බත් කටක් කාපු කෑවෙත් අවුරුදු 1 1/2 කට විතර කලින්.

    හොඳ වෙලාවට කිරිබත් කන්න කියල දුන්නෙ දුන්නෙ, අර දි.මු ජයරත්න අගමැති වෙච්ච වෙලාවෙ ගම්පොළ ජනතාව කිරිබත් පත්තු කර කර රතිඤ්ඤා කාපු එක අනුකරණය නොකර.

    මට කලින් 200 ගහන්න ලැබේවා !!!

    ReplyDelete
  3. උණුසුම් සුභ පැතුම් ප්‍රියා අයියා.....!!!

    ReplyDelete
  4. මකරා කමෙන්ටුව වගේ මඤ්ඤං නොවී ඉදිරියට යන්න සුබ පැතුම්

    ReplyDelete
  5. සුභ පැතුම් ප්‍රියන්ත අයියේ.., තව තවත් ලියන්න ලැබේවා..!!

    ReplyDelete
  6. නොදන්නා දේවල් පැහැදිලි කර ගන්න ඕනේ උනාම ඔබෙන් ලැබෙන උදව්ව ගොඩක් වටිනවා..
    දිගටම ලියන්න..
    මගෙනුත් සුභ පැතුම්..!!

    ReplyDelete
  7. සුබ පැතුම් අය්යා!!ඔයාගෙ හාඩ්වෙයාර් පාඩමයි අර සරපයෝ පාඩමයි නම් නියමයි.දිගටම ලියන්න.අපි ආසාවෙන් කියවනවා.

    කෝ...කැවුම් කිරිබත් කෑවා...කෙහෙල් ගෙඩි තියනවද කියල මේ බැලුවෙ...

    ReplyDelete
  8. 100 වන බ්ලොග් සටහනට මගෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  9. මෙතෙක් කලක් අපව දැනුවත් කළා වගේ ඉදිරියටත් ලියන්න.
    මගේ සුබ පැතුම් ප්‍රියන්ත.

    ReplyDelete
  10. ප.ලි. කිරිබත් සහ කැවුම් නියම රහයි.

    ReplyDelete
  11. සතුටුයි සතුටුයි.
    සුභ පැතුම්..

    ReplyDelete
  12. සුභ පැතුම් ප්‍රියන්ත අයියේ,,,මුල් කාලෙ ඉඳම්ම නොවරදවා කියෙව්ව බ්ලොග් එකක් මේක. සෑහෙන්න ඉගෙනගෙන තියෙනවා ඔයාගෙන්. කැවුම් කිරිබත් වගේ ඉක්මනට කේක් එහෙමත් දෙන්නෙ නැතෑ නේද?

    ReplyDelete
  13. සුභ පැතුම් සුභ පැතුම් සුභ පැතුම් සුභ පැතුම් මිත්‍රයා!

    ReplyDelete
  14. හැප්පි හැප්පි මේව්වා එකක් වේවා අයියේ..මම නම් හැමදාම එන්නේ නැහැ මතකේ පැත්තේ.. සතියකට සැරයක් වගේ ඇවිත් සේරම පොස්ට් ටික කියවලා සද්ද නැතිවම යනවා.. ඒත් කොම්පියුටර් පාඩමනම් හැමදාමත් ඇවිත් කියවන්න අසහසක් තියෙනවා.. ඔහෙම යමු ඉතින්.. බ්ලොගේ නිසා සගරාවකට ලිපි ලිවීමේ වාසනාව උදාවීමනම් ඉතාමත් සතුටු දායක් ආරංචියක්.. ඒකත් සාර්ථකව කර ගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...

    කිරිබත් කැවුම් දෙකම රහයි හොදේ... :D

    ReplyDelete
  15. උනුසුම් සුබ පැතුම් අයියේ..ඔහොම දිගටම ලියන්න...

    ReplyDelete
  16. සුබ පැතුම් ප්‍රියා. තව වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා

    ReplyDelete
  17. ඔන්න කිරිබත් කෑල්ලක් කාලාම සුබ පතනවා.... තව තව පොස්ට් ලියන්න ලැබේවා....

    ReplyDelete
  18. අම්මේ යන්තම් පැනගෙන ආවා....... නැ නැ වෙන මොකටවත් නෙමෙයි. අපෙනුත් උණුසුම් සුභ පැතුම් කියන්න. දිගටම ලියන්ට ඉතින්.
    මං ඉතින් කොයිදේත් පුලු පුලුවන් වෙලාවට විතරයි කියලා අයියා දන්නවනේ.
    හාඩ්වෙයාර් කෝස් එක නම් බලන්නැ. මං සොප්ටි වෙයාර් ගැන මළපොතේ අකුරක් දන්නෑනේ..... හී....... ඒකටත් හරියන්න මගේ සුදු හා පුංචා බලනවා ඒක. පස්සෙන් පහු මටත් කියලා දෙඤ්ඤං කිව්වේ.......

    එහෙනම් කිරිබත්...... කමක් නෑ හිත සතුටින් දෙනදේ නිසා ඕන් කෑලි 10ක් ගත්තා. නැත්නම් මං කැරට් අලයක් විතරයි හොයන්නේ...... හී......

    ආ ආපු කාරණේ....... තව ටිකෙන් මතක බැරි වෙනවා.

    තව තවත් වැදගත් ලිපි ලියන්න ධෛර්ය්‍ය ශක්තිය ඒ වගේම අදහස් අයියට ලැබේවා කියලා මුලු හා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!

    ReplyDelete
  19. හැපි හැපි මේව්වා එකක් වේවා අයියේ. කිරිබත් කන්න ලුණු මිරිස් කෝ අයියේ

    ReplyDelete
  20. ප්‍රියන්ත අයියා දින සීයට මගෙනුත් උණුසුම් සුබ පැතුම් කැවුම් , කිරිබත් හරිම රසයි. ( කවුද හැදුවේ)අර සර්පයො පෝස්ට් එකට ඇර මම අනිත් ඒවා ඔක්කෝටම කැමතියි.

    ReplyDelete
  21. මට මේක අහු උන දවසේ ඉඳලා අද වෙනකල්ම කියවපු බ්ලොග් එකක්...මං හිතන්නේ ප්‍රියා මගේ එකේ දාපු කමෙන්ට් එකක් හරහ ඇවිත් වෙන්න ඕන මං ප්‍රියාව අදුරගත්තේ..ඊට පස්සේ බොහෝමයක් වෙලාවට මොනවා හරි උදව්වක් ඕන වෙලාවට මං අල්ල ගන්න කිහිප දෙනා අතර ප්‍රියා සුවිශේෂී චරිතයක්...විශේෂයෙන්ම තාක්ෂණික පැත්ත ගැන මොනවා හරි දෙයක් දැන ගන්න ඕන උනහම අල්ලන්න ඕන හොඳම වෙදා ප්‍රියා කියලා මං දන්නවා...කියන පරක්කුවට කොහොම හරි ඒ දේ හොයලා බලලා කරලා දෙන ගතියට හං උඹට බොහෝම ස්තූතිවන්ත වෙනවා ප්‍රියා..එහෙම අය හුගාක් නැහැ මෙතන..හිටියත් අපිත් එක්ක සම්බන්ධතාවයක් තියෙන සහ කටක් ඇරලා උදව්වක් ඉල්ලන්න පුළුවන් එවුන් අඩුයි..තාක්ෂණික අවුලක්නං උඹ.. මොනවා හරි නොදන්න හර බර දෙයක්නං මකරා.. බ්ලොග් එකක නිර්මාණාත්මක පැත්තක් ගැනනං ලිෂා.. දුකක් කරදරයක්නං තිස්ස අයියා.. ඔනම කෙල වීමකදී චැනල් කරන රටේ වෙදා වැපා.. වගේ කිහිප දෙනෙක් හින්දා තමයි අදටත් මට අවුලක් නැතිව මට මේ කොම්පීතර කෙලිය සහ බ්ලොග් කරුමාන්තේ කොරගෙන යන්න හම්බ වෙලා තියෙන්නේ...

    දන්න කියන අළුත් කෙනෙකුට උනත් අව්ලක් වෙච්ච වෙලාවට මගෙන් මොනවා හරි ඇහැවුවහම නොදන්න දෙයක්නං මං යොමු කරන විශේෂඥ වෛද්‍යාවරු තමා ඔය මං කිව්වේ..ඊට අමතරව විවිධ අවස්ථාවලදී උදව් කරපු අය ඉන්නවා හොයාගෙන ඇවිල්ලා...

    ඒ ඇරුනම දුකකදී අවුලකදී නිතර සිහියට නැගෙන වෙද මහත්තුරු හැටියට උඹලා මට සුවිශේෂී පුද්ගලයින් ඒක මෙහෙම කියන්න මං බොහෝම කැමතියි.

    බ්ලොග් එකේදී සහ කමෙන්ට් අතරදී බොහෝම දොඩමළු පුද්ගලයෙක් උනාට හැබෑට කතා කරන්න ගියහම උඹ බොහෝම නිවිච්ච චරිතයක් වග මම දන්න දෙයක්...ඇත්තමට උඹ අහිංසක චරිතයක් මම දන්න අය අතර.ඒකත් මට උඹ ගැන මෙහෙම හිතවත්කමක් ඇති වෙන්න එක හේතුවක්. ඉතිං ඒ හැම දේටම ස්තූති වන්ත වෙන අතරේම තව තවත් මේ බ්ලොග් එකට කියවන්නන් වැඩි වේවා..උඹට වටිනාකියන ලිපි තොග පිටින් ලියන්න හැකියාව ලැබේවා..සහ සියළු අනාගත බලාපොරොත්තු ඉටු වේවා..! කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  22. සුභ පැතුම් අයියේ දිගටම ලියන්න :)

    ReplyDelete
  23. "ප්‍රියා අයියා පෝස්ට් 100ට මගෙනුත් සුභම සුභ පැතුම් !" ඒ සුබ පැතුම අන්ශුගෙන් අන්තර්ජාලයේ ප්‍රශ්නයක් නිසා එයාට සුබ පතන්න එන්න විදිහක් නැතිලු.

    අනේ එයා කිව්වම මතක්වුනේ මට ටැපලුනානෙ දින සීයට කියලනේ සුබ පතලා තියෙන්නේ සොරි ඈ පොස්ට් සීයට සුබපැතුම් !

    ReplyDelete
  24. මමත් ලගදි ඉදන් තමයි මේ පැත්තේ ආවේ.කොටින්ම කියනවනම් අර හාඩ්වෙයාර් පාඩම දැකලා.දිගු කාලයක් බ්ලොග් ලියන්න හැකිවේවා.

    ඒ වගේම මේ බ්ලොග් එකෙන් දැනුම අරගෙන අපේ මැශින් තනිවම හදාගන්න හැකිවේවා කියලත් අන්තිමට පතනවා. :D

    ReplyDelete
  25. ප්‍රියන්ත, ඉස්සෙල්ලම මගෙ සුබ පැතුම්,

    දිගටම ලියන්න, ඔයා ලියන පරිගණක පාඩම මම නොවැරදීම බලනවා. ඒත් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න තරම් මම Computer Hardware ගැන දන්නෙ නෑ. ඒත් ඉගෙන ගත්තු දෙයක් කවදාවත් අපතේ යන්නෙ නැති නිසා ඒ කරුණු බොහොම ප්‍රයෝජනවත් ඇත්තටම.

    Congtratulations, Priyantha, keep up the good work,

    ReplyDelete
  26. සියක් බ්ලොග් ලියා සිය සිය දින ගැනලා
    වගක් වත් නැතිව ඒ සියයම බලලා
    හුගක් තැනක තැබුවත් සටහන් ලියලා
    දහක් ලියන්නට ශක්තිය දෙයි නොවලා

    ReplyDelete
  27. උනුසුම් සුභ පැතුම් . . හමදාම වගේ තව තවත් අපට ප්‍රයෝජනවත් ලිපි ලියවේවා . . .

    ReplyDelete
  28. සුභ පැතුම් ප්‍රියන්ත අයියා.....!!!

    ReplyDelete
  29. ජය වේවා ප්‍රියා අයියා,,,, !!!! හොඳ දේ දෙන හොඳ බ්ලොග් වලට හෑමදාමත් මම ජය පතනවා !!!!!

    ReplyDelete
  30. ප්‍රියන්ත ඔබට මගේ උණුසුම් සුභපැතුම්!
    අල්ලාගත් කොටි වලිගේ දිගටම අල්ලා ගෙන ඉන්න ලැබේවා!

    ReplyDelete
  31. උණුසුම් සුබ පැතුම් අයියා........!!

    ReplyDelete
  32. සුබම සුබ පැතුම් ප්‍රියන්ත අයියේ !

    ඉතින් මේ පෝස්ට් 100 ලිවුවා වගේ තව තව සීයේ ඒවා එකතු කරමු ...ඔයාගේ Hardware පාඩම මමත් ළමයිට උගන්වද්දී පාවිච්චි කරනවා ඒකට ස්තූතියි ප්‍රියන්ත අයියේ .

    තවත් අවුරුදු ගනනාවක්ම ලියන්න ලැබේවා !!

    ජයම වේවා !!

    ReplyDelete
  33. හදවතින්ම සුභ පැතුම් අයියා.... දිගටම මේ ලිව්වා වගේම වැදගත් හරවත් ලිපි ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

    මේ කිරි බත් හදලා තියෙන්නේ අර මාතලේ වතුරෙන් නෙවේ නේද?
    මාත් ගත්තා කිරිබත් කෑලි 10ක්ම...වැඩි වෙනඑකක් නෑනේ....දෙන්න සම සමව කන්න එපායෑ....හික් හික්

    ReplyDelete
  34. නියමයි අයියා... මෙන්න මගේ සුභ පැතුම්....
    හැබැයි අර කැවුම් වල තෙල් ගතිය ටිකක් වැඩියිනේ. :D

    ReplyDelete
  35. සුභ පැතුම් ප්‍රියන්ත අයියා... එලැඹෙන අවුරුද්දෙත් තව තවත් රසවත් ඒ වගේම ප්‍රයෝජනවත් ලිපි සියයක් නෙවෙයි දෙසියයක්ම ලියන්ට ලැබේවා... ආහ්.. තවම කිරිබත් තියෙනවද.. අපරාදෙ උදේම දැනගත්තනම් ඔය පැත්තේ එන්ටත් තිබුනා...:)

    ReplyDelete
  36. තාම ඔය කැවුම් කිරිබත් ඉතුරුවෙලා තියෙනවද ?
    ජයවේවා ! පෝස්ට් සීය දාහ දෙදාහා දක්වා වැඩි වෙත්වා

    ReplyDelete
  37. සුබ පැතුම්...
    කිරි බතට ලුණු මිරිස් ලග එක උපන් දිනේදිවත් හම්බවෙයිනේ....

    ReplyDelete
  38. මම කොමෙන්ට් නොකලාට බොහෝ වෙලාවට මේ පැත්තෙ ඇවිත් යනවා. පෝස්ට් 100ට මගෙනුත් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  39. @ ප්‍රවීනා
    පළමු සුභ පැතුම අරන් ආවනේ. එයට ගොඩක් ස්තූතියි.
    මමත් හිතන්නේ ඊළඟ පොස්ට් සීය මීට වඩා ඉක්මනට ලියවෙයි කියල. බලමුකෝ.
    කිරිබත් කන්නම නේද පොඩ්ඩි කලින්ම ආවේ. හාහා ටිකක් ඉන්න. ඉක්මනට ලුනු මිරිස්, සීනි සම්බල්, මිරිස් මාලු හදල දෙන්නම්කෝ.

    @ Chanaka Aruna Munasinghe
    එහෙම දේකුත් වෙලාද?..:D
    අය්යෝ එහෙම එකක් නෑ. කවුරු කලින් 200ට ආවත් මොකද? දැනටම ඔයා අවුරුදු 3ක් විතර බ්ලොග් ලියල නොවැටී ඉන්නවානේ. වැදගත් වන්නේ පොස්ට් කවුන්ට් එක නෙවේනේ.
    ස්තූතියි මේ පැත්තට ආවාට..

    @ නචියා
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට.

    @ බුද්ධි
    ඉදිරියට යමු. ස්තූතියි බුද්ධිටත් ප්‍රතිචාරයට..

    @ Lishan Puwakowita
    ස්තූතියි ලිෂාන් මල්ලි මේ පැත්තට ඇවිත් සුභ පැතුම් එක්කළාට..

    ReplyDelete
  40. @ nimanthi
    මේ ලැබෙන ධෛර්යය තමා දිගට ලියන්න පදනම වන්නේ. ස්තූතියි නිමන්ති ප්‍රතිචාරයට.

    @ නදී
    හාඩ්වෙයාර් පාඩම නම් පටන් ගත්තා විතරනේ. සර්පයෝ නම් ලියා අවසන්.
    අපොයි කෙසෙල් තාම ඉදිලා නෑනේ. දුම් ගහල තමා ඉදවන්න වෙන්නේ.
    ස්තූතියි ප්‍රතිචාරයට.

    @ දිනේශ් දීපාල්
    ස්තූතියි දීපාල් ප්‍රතිචාරයට.

    @ Praසන්ன
    ප්‍රසන්න මගේ මතකයේ යාවජීව සාමාජිකයෙක් වගේ. ඔයාගේ කමෙන්ට් එකක් නැති පොස්ට් එකක් නැති තරම්. අද මේ දවස් 365 සම්පූර්ණවී තව අවුරුද්දකට මුල පුරන දවසෙත් මෙහි ඇවිත් දැක්වූ සහායට මගේ ස්තූතිය..

    @ රොබින්
    ඔබලා සතුටු නම් මට ඊට වඩා සතුටක් කොයින්ද?
    ස්තූතියි රොබින් ප්‍රතිචාරයට..

    ReplyDelete
  41. @ හරී - පිණිපළස
    අයියෝ ඇයි මේ සිංහල ක්‍රමයට කැවුම් කිරිබත් තියෙද්දි කේක්ම ඉල්ලන්නේ...:D
    බලමුකෝ දවසක දෙන්න.
    හැමදාම වගේ මේ පැත්තට ඇවිත් ප්‍රතිචාර දක්වන හරීටත් ස්තූතියි ගොඩක්..

    @ වන්නි.
    ගොඩක් ස්තූතියි කුෂාන්. මේ පැත්තට ආවටත් ප්‍රතිචාරයටත්.

    @ සුදු හංසි
    හැමදාම ආවේ නැතත් ඔක්කොම කියවනවනේ. මම ඉතින් හැමදාම ලියනවා කියලද?
    මම ලියන්නෙත් සතියට දෙකක් නැතිනම් පොස්ට් තුනක් විතරනේ. සඟරාවට ලියන එක ගැන තව පාරක් සිතන්න වෙනවා. මට ඕන මගේ දැනුම නොමිලේ බෙදාහරින්න පමණයි. එය මුදලට යට කරන්න නම් බෑ.
    ස්තූතියි සුදු හංසි ප්‍රතිචාරයට.

    @ රන්දික කුලතුංග
    ස්තූතියි රන්දික මල්ලිටත් ඇවිත් ප්‍රතිචාර දක්වා ගියාට...

    @ නිශ්
    ඔව් නිශ් ටිකක් වැඩියෙන් ලියන්න ආසයි. බලමු මේ තියන වැඩ එක්ක කොහොම කරන්න ලැබේවිද කියා.
    ස්තූතියි ප්‍රතිචාරයට නිශ්...

    ReplyDelete
  42. @ හසී
    හරිනේ. එහෙනම් කිරිබත් කෑවනේ. ස්තූතියි හසී ප්‍රතිචාරයට..

    @ හා පැටික්කි (MS)
    මම දන්නවෙනේ හාවි මේ පැත්තේ වරදින්නේ නැති කෙනා කියල. දැන් ඉතින් ඉදිරියට තව නිදහස අඩුවෙයි නේද? හාවි අමතක කරන්න බෑනේ. මෙන්න හාවිටම දෙන්න කැරට් ගෙනත් තිබුනා. හාවටත් දෙන්න හොඳේ.
    හා තව ටිකෙන් මටත් කියන්න අමතක වෙනවා. ස්තූතියි නගේ ප්‍රතිචාරයට.

    @ shanu
    හා ඉන්න ලුනු මිරිස් දෙන්නම්. මිරිස් වැඩියෙන් දාලද ඕන..:D
    ස්තූතියි ශානි ප්‍රතිචාරයට..

    @ neetha
    කිරිබත් නම් හැදුවේ අම්මා. රසද? මටත් තාම කන්න බැරි උනානේ.
    ස්තූතියි නීතා ප්‍රතිචාරයට.
    අංශුටත් කියන්න මම ස්තූතියි ප්‍රකාශ කළා කියා..

    @ මාරයාගේ හොරාව
    බොහොම දිග කමෙන්ට් එකක්. දැන් නම් මට දිග උත්තර ලියන්න බෑ රෑ වෙලානේ. මංගැන ඕනාවටත් වඩා කියලද මන්දා. දන්නදේ බෙදා මම ලබන සතුට අපමණයි.
    මොනව උනත් මේ පැත්තට ඇවිත් දුන් ප්‍රතිචාරයටත් ස්තූතියි මාරයො.

    ReplyDelete
  43. @ පූසා
    ස්තූතියි මල්ලි මේ පැත්තට ඇවිත් දුන් ප්‍රතිචාරයට.

    @ රජිත්
    අළුත් පරණ භේදයක් නෑ. මාව බලන්න එන හැමෝම මට සම්පතක්. මමත් ඒ දැනුම උපරිමයෙන් ඔයාලට දෙන්න තමා හිතන්නේ.
    ස්තූතියි ප්‍රතිචාරයට

    @ Ravi
    අයියා ඒ පාඩම් ගැන කියනවනම් ඒවායේ හොඳ අහන්න ඕනම නෑ මට. මට ඕන ඔයාල මොනවා හරි ප්‍රශ්න තියනවනම් අහන්න විතරයි. ඒ නිසා කමෙන්ට් කරනවානම් ඔයාට නොතේරෙන දෙයක් අහන්න.
    Thank you ayya.

    @ විහඟ ගීතය
    සැමදා පැමිණ මගෙ මතකය කියවාලා..
    එහි ගුණ දොස් සොයා පද බැඳලා..
    අකුරක් නෑර මෙහි කිවියෙන් ලියලා..
    තුති පුද කරමි මම ඔබටත් හිස නවලා..

    @ දුකා
    මම දන්නවා අයියා මෙයින් ඕන දේ කියවනා බව.
    අයියාටත් ස්තූතියි මේ දැක්වූ ප්‍රතිචාරයටත්...

    ReplyDelete
  44. @ Thusitha (දිමා)
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට..

    @ ජීවිතේ මල්
    ස්තූතියි නංගි. ඔයාලගේ පැතුම් උඩ තමා මේවා දිගට ලියවෙන්නේ.

    @ Kathandara
    මට මතකයි කතන්දර වරක් කීවා මේකා හොඳ කොටියා කියා. ඔන්න ඉතින් මමත් මේ හොඳ කොටියගේ වලිගය අල්ලන් ඉන්නවා.
    ස්තූතියි කතන්දර..

    @ හිම කුමාරි
    ගොඩක් ස්තූතිය් නංගි ප්‍රතිචාරයට...

    @ හිස් අහස
    මට දන්වන කමෙන්ට් එකකට වඩා දාහස් ගුණයකින් වටිනවා කෙනෙක් මෙයින් කිසියම් ප්‍රයෝජනයක් ගන්නා බව ඇසීමත්.
    ඔයාටත් ස්තූතියි සඳරූ..

    ReplyDelete
  45. @ ෴ හසියා ෴
    නෑ මේවා නුවර වතුරෙන් හැදුවේ. ඔව් දෙන්නා 20ක් ගත්තම එන අනික් අයට මොනවද මම දෙන්නේ..:D
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට..

    @ අනුරාධ
    තෙල් වැඩිද? ඉන්න මම ටිෂු එකක් දෙන්නම් තෙල් පොඟවන්න...:D
    ස්තූතියි අනුරාධ මල්ලි ප්‍රතිචාරයට..

    @ පුතා
    ඔව් ඔව් තාම කිරිබත් දෙනවා. දෙසීයක් නම් බැරි වෙයි. පුළුවන් උපරිමය ලියන්නම්කෝ.
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට...

    @ රොකියා | Udara
    තියනවා මල්ලි. ඒවා දවසම බෙදනවානේ..
    ස්තූතියි උදාර මල්ලිටත්

    @ තාරක Dilsh@n
    හා හා එදාට එහෙනම් දෙන්නම්කෝ
    ස්තූතියි තාරක ප්‍රතිචාරයට..

    @ D.G.M බස්සා
    හ්ම් හ්ම් ඇවිත් ගියා කියල ආරංචියි. ස්තූතියි බස්සෝ ප්‍රතිචාරයටත්..

    ReplyDelete
  46. මටත් ලඟදි තමා ඔයාගේ බ්ලොග් එක සෙට් වුනේ ..........
    එදා ඉඳලා අද වෙනකං එක පෝසට් එකක් ඇරියෙ නැහැ .....
    මගේ උණුසුම් සුබ පැතුම් .........

    ReplyDelete
  47. ඕං එහෙනම් කොන්ග්‍රාජුලේශන් ඇන්ඩ් සෙලබ්‍රේශන්...!!!

    "සුභ අනාගතයක්....."

    ReplyDelete
  48. අපේ ප්‍රියන්ත අයියාගේ වන්සීරෝසීරෝ වෙනි ලිපියට අපෙන් සුභ පැතුම් !!!

    තවත් මේ වගේම හරවත් වටිනා වැදගත් ලිපි වලින් අප හමුවට එන්නට ප්‍රියන්ත අයියාට හැකි වේවා !!! කියා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  49. @ කල්හාර දිසානායක
    ස්තූතියි කල්හාර. පුරුදු ලිපි පෙල ඉක්මනින්ම ආයෙම ලියනවා.

    @ මාතලන්
    සුභ අනාගතයක්???
    ස්තූතියි මාතලන් අයියේ ප්‍රතිචාරයට..

    @ RanDil
    අනිවාර්යයෙන්ම ලියනවා රන්දිකා.
    ස්තූතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  50. හැපි බර්ත්ඩේ හොදෙයි...!!

    එදාට කේක් ගෙනෙන් එහෙනම්..... :D

    ReplyDelete
  51. මෙ සතියක දෙකක ඉදලා තමා අයියා සිරි මල්ලි මෙ බ්ලොග් එක පැත්තෙ එන්නෙ. හැමොම කිවා වගෙ පරිගනක හාඩ්වෙයර් පාඩම මම අත් නොහැර කියෙව්වා. ගොඩක් සතුටු හිතුනා අයියාගෙ පොස්ට් සඟරා වලත් යනවා කියලා ඇහුවම. හදවතින්ම සුභ පතනව අයියා තවත් දීර්ඝ කාලයක් මෙ බ්ලොග් අවකාශයෙ වටින පොස්ට් අපි හමුවට අරන් එන්න අයියට ශක්තිය දහිරිය ලැබෙවා කියලා.
    හික්zz කැවුම් කිරිබත් ටික නම් රසයි අයියා..තැන්කු වෙවා අයියා. එත් ඉතින් මෙ සිරි කොලුවට ස්ට්‍රොන් බියර් එකක් තිබ්බන් ලොකෙ වටිනවා .. :D :D ( බියර් එකක් හොදටම ඇති හොදෙ.. සිරි මල්ලි දැන් බියර් එකෙන් එහාට යන් නැ අයියා. මෙ සිරාවටම සෙට් වෙමු අයියා දවසක. .. :) )

    ReplyDelete
  52. සුබ පැතුම් ප්‍රියන්ත පෝස්ට් සීයක් ලියන්න ලැබුණාට . සමාවෙන්න මේ පැත්තේ එන්න ප්‍රමාද වුණාට .වැඩ වැඩිවෙලා කියවන්න කමෙන්ට් දාන්න කලින් එන්න බැරිවුණා

    ReplyDelete
  53. @ සෝරෝ
    ස්තූතියි සෝරෝ. කවදටද දන්නේ නෑ කේක් ගේන්න ඕන නේද?

    @ සිරි කොලුවා
    පළමු වරට මෙහි ආ මල්ලිවත් සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි ප්‍රතිචාරයටත්.

    @ සියලුදෙනාට
    පළමු වරට ප්‍රතිචාර 50ක් ඉක්මවා ලැබුනා. ගොඩක් සතුටුයි. නොසිතූ හිට්ස් ප්‍රමාණයක් ලැබුනා. නැවත පොස්ට් එකකින් හමුවෙමු...

    ReplyDelete
  54. @ TG
    කිසිම අමනාපයක් නෑ. වැඩ ගොඩක් මැදින් ආව එක ගැනයි සතුටු. ස්තූතියි TG

    ReplyDelete
  55. ප්‍රියන්ත මල්ලි, පරක්කු වී සුභ පැතීමට පැමිණියාට සමාවෙන්න....! උඹේ බ්ලොග් එකට සුභම සුභ උපන්දිනයක් වේවා....!

    ඔන්න ඉතින් මමත් ආවා කිරිබත් කෑලකුයි, කවුම් ගෙඩියකුයි කාලා යන්න....!

    උඹ කිව්වත් වගේ උඹේ හාඩ්වෙයා පාඩම එළ කිරි.... මමත් ආසාවෙන් කියෙව්වා...... ගොඩක් ප්‍රොයෝජනවත් සීරීස් එකක්....!

    උඹට ජය වේවා !!

    ReplyDelete
  56. @ දුමී
    කිසිම ගැටළුවක් නෑ අයියා. සමහර විට නෙට් එන්න. බ්ලොග් බලන්න කමෙන්ට් කරන්න ඇතිවන අපහසුතා මම දන්නවා. අයියා ආ එකයි වැදගත්.
    ස්තූතියි අයියා සුභ පැතුම් වලට..

    ReplyDelete