Thursday, January 20, 2011

ලංකාවේ සර්පයෝ.වැලි පොළඟා (Saw-scaled viper)

අද කියන්න යන්නේ ලංකාවේ ජීවත් වන තවත් උග්‍ර විෂ සහිත සර්පයෙකු ගැනයි. මෙයත් ආසියාවේ විෂම හතරදෙනාගෙන් කෙනෙක්. දැක තිබෙනවද බලන්න.
ඡායාරූපය අන්තර් ජාලයෙන්
මේ වැලි පොළඟා. ඉංග්‍රීසියෙන් Saw-scaled viper ලෙස හඳුන්වන වැලි පොළඟා ගේ විද්‍යාත්මක නාමය වන්නේ Echis carinatus ය.

වාස භූමිය හා හැසිරීම.
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචර සතෙකි. ශරීරය දුඹුරු හෝ රතු දුඹුරු පැහැතිය. ශරීරයේ අළුවා කැට හැඩය ඇති සලකුණු දක්නට ලැබේ. ශරීරය රළු පෙනුමක් ඇත. හිස මතුපිට කුරුල්ලෙකුගේ පාදය වැනි සලකුණක් ඇත. (රූපය)

අප රටේ සැලකූ විට වියලි කලාපයේ දක්නට ඇත. මන්නාරම, යාපනය ප්‍රදේශ වලින් බහුලව වාර්ථා වේ. වැලි සහිත පොළවේ වැලි යට, ගල් අතර, කටු පඳුරු, පතොක් පඳුරු අතර දක්නට ලැබේ. ඉක්මනින් කෝප වන සර්පයෙකි. ප්‍රකෝප වූ විට ෂූ වැනි ශබ්දයක් නිකුත් කරයි.

බෝවීම
පැටවුන් බිහි කරයි. ගැහැණු සතා වරකට පැටවුන් 3ක්-6ක් අතර ප්‍රමාණයක් බිහි කරයි. මෙය 15ක් පමණ දක්වා වෙනස් විය හැක.

ආහාර
ආහාර සොයා යන්නේ රාත්‍රී කාලයේය. ගෙම්බන්, ගෝනුස්සන්, කටුස්සන්, පත්තෑයන් වැනි සතුන් ආහාරයට ගනී.

ප්‍රකෝප වූ විට දෂ්ඨ කරයි. බොහෝ විට රාත්‍රී කාලයේ දෂ්ඨ කිරීම් සිදුවේ. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් ලංකාවේ දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ අඩුවෙනි.

පැවැත්මට ඇති තර්ජන
මිනිස් ක්‍රියා නිසා සිදුවන පරිසර දූෂණය මෙම සත්වයාගේ පැවැත්මට තර්ජනයකි. ජීවත් වන පරිසර පද්ධති විනාශ වීම. රසායන නිසා සිදුවන හානි නිසා බෝවීම අඩුවෙමින් පවතී.

එහෙනම් අපි අද තවත් සරපයෙකු ගැන දැන ගත්තානේ. මීළඟ සර්පයාගේ විස්තරය සමග ආයෙම දවසක හමු වෙමු.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!

14 comments:

  1. ඔන්න පොළගෙක්... :D

    ReplyDelete
  2. ඉස්සර මගේ ජාලගත යාළුවෙක් හි​ටියා පොරගේ නික් නේම් එක වැලිපොළඟා.. දැන් නම් කාලෙකින් සෙට් වුනේ නෑ... මට බුවා මතක් වුනා මේ පෝස්ට් එක දැකලා...:D

    ජය වේවා...!!

    ReplyDelete
  3. හරි හුරතල් අය තමා මං හිතන්නේ දැන් ලියන්න ඉතුරු.......... :D

    මිනිස්සුන්ට දකින දකින හැම එකාම මරණ්න ඕන උනාට දකින දකින හැම එකාටම දෂ්ඨ කරන පුරුද්දක් නැ මයේ හිතේ..... හකිස්.... :P

    ReplyDelete
  4. ඇත්ත තමයි හා නගා කියලා තියෙන්නෙ,, ඉස්සරහට එන්න ඉන්නෙ හුරතල්ම කට්ටිය නේද? :D

    ReplyDelete
  5. මගෙ අම්මෝ... මේක සර්ප විමානයක් වගේනේ....
    හොඳ මෙහෙම දාන එක. අපි ඔච්චර දේවල් දන්නේ නැහැනේ...

    ReplyDelete
  6. @ Praසන්ன
    බලාගෙනයි....:D

    @සෝරෝ
    පොරත් වැලි යට හැංගෙනවද???

    @හා පැටික්කි (MS)
    හුරතල් නම් තමා. තව විෂ සහිත සුරතලුන් ඉන්නවා...

    @හරී - පිණිපළස
    මාර සුරතල්නේ තියෙන්නේ...

    @ Jeew
    ඔව් ජීව්. පෙරහැර වගේ තව ඉන්නවා එන්න.

    @All
    අසනීපයෙන්. අද තමා බ්ලොග් එක පැත්තේ ආවේ. පොස්ට් ටිකත් කල් දාන්න උනා. කෙටියෙන් පිළිතුරු දුන්නේ ඒකයි...
    ස්තූතියි සැමටම..

    ReplyDelete
  7. තරහාවෙන්න එපා පරක්කු උනාට. වලව්ව පැත්තේ හරි කලබල. බලන්න ආවේ ඔයාවයි. ඔයාගේ හුරතල් සර්පයෝ ටික නෙමෙයි.

    ReplyDelete
  8. @ ප්‍රවීනා.
    ඊටත් වඩා මොනවද..
    ඔහොම තමා රජතුමා පිටුවහල් කළාම...:D

    ReplyDelete
  9. මාත් ආවා මේ පැත්තේ අය්යව බලලා යන්න. සර්පයොන්ට නම් බයයි. ඒත් අය්යා ඉන්නවනේ. පොඩ්ඩි අක්කවත් දැක්කා. ඒ හන්දා ආවා.

    ReplyDelete
  10. @ Samanalee
    ස්තූතියි. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. බය වෙන්න එපා පොඩ්ඩි අක්කා ඔයාව බේරගනියි..:D

    ReplyDelete
  11. අම්මෝ සර්පයෝ...

    මුගටියෙක්වත් හදා ගන්න වෙනවා

    ReplyDelete
  12. බය වෙන්න එපා බිඟු. සර්පයෝ හිටියට උන් කාටවත් කරදර කරන්නේ නෑ අපි කරදර නොකලොත්. ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට.

    ReplyDelete