මේ තමා තිත් පොළඟා. ඉංග්‍රීසියෙන් Russell's viper ලෙස හැඳින්වෙන මෙම සර්පයාගේ විද්‍යාත්මක නාමය Dabia russelli. ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ, චීනය, තායිවානයේ ද වාසය කරනවා. ආසියාවේ ලොකුම හතරදෙනා (බිග්ෆෝ) අතරට මෙම සර්පයා එක් වෙනවා.
වාස භූමි හා හැසිරීම
භෞමිකව ජීවත්වන සතෙකි. බහුලවම රාත්‍රී කාලයේ හැසිරෙන නමුත් ඇතැම් විට දිවා කාලයේද දක්නට ලැබේ. උස් කඳුකර ප්‍රදේශ හැර රටේ සෑම පළාතකම වාගේ දක්නට ඇත. පඳුරු ආශ්‍රිතව, කුඹුරු වල දක්නට ලැබේ. වහාම පහර දීමට පෙළඹෙන සර්පයෙකි. කිසිවෙක් ලංවූ කල පිඹිමින් දරණ ගසා දුන්නක් මෙන් ශරීරය දිගහැර පනිමින් පහර දෙන ස්වභාවයක් පෙන්වයි.
හඳුනා ගැනීම
ශරීරය රතු දුඹුරු පැහැතිය. ශරීරය මතුපිට කිරිබත් කැට හැඩය ඇති සලකුණු එක පෙළට ඇත. එය දෙපසින් දුඹුරු පැහැ අර්ධ කවාකාර සලකුණු දෙපේළියක් ඇත. හිස මත දාරය දිගේ සුදු පැහැ ඉරක් දැකිය හැකිය. හිස ත්‍රිකෝණා කාරය. දිගින් අඩි 5ක් පමණ වර්ධනයවේ. වලිගය කෙටිය.
මෙම සර්පයා බෝවීම සිදුවන්නේ පැටවුන් බිහිවීමෙනි. ගැහැණු සතා වරකට පැටවුන් 50ක් පමණ දක්වා බිහි කරයි.
ආහාර
ප්‍රධාන ආහාරය වන්නේ මීයන්ය.
දෂ්ඨ කිරීම් හා විෂ
වහා පහරදෙන සතෙකි. දෂ්ඨ කීරීම් සුලභය. උග්‍ර විෂ සහිත සර්පයෙකි. විෂ ශරීර ගතවු විට සෙමෙන් ගමන් කොට වකුගඩු ආදියේ එකතු වේ. මීට අමතරව හෘදය, මොළය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විෂ තැම්පත්වේ. දෂ්ඨ කිරීමේදී දැකිය හැකි ප්‍රධාන රෝග ලක්‍ෂණ වන්නේ
- ලේ කැටි ගැසීම ප්‍රමාදය
- ඉදිමුම
- අධික වේදනාව
- සම යට සිදුවන ලේ ගැලීම්
- විදුරුමසෙන් ලේ ගැලීම
- මූත්‍රා සමග ලේ පිටවීම
- මීට අමතරව අභ්‍යන්තර ලේ ගැලීම් සිදුවේ
මිත්‍යා විශ්වාස.
මෙම සර්පයා කල් යනවිට වාර ගණනාවක් සැව හැලීවෙන් පසු පිඹුරකු බවට පත්වන බවට මිත්‍යා විශ්වාසයක් පවතී. එහෙත් මෙම සතුන් දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් නොමැත.
එහෙනම් තවත් සර්පයෙකුගේ විස්තර සමග තවත් දවසක හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!
හයියෝ..... මට කලින් ලිපිය මඟඇරිලා........
ReplyDeleteකාට හරි මෙයාගේ තිරිකොණාකාර ඔළුකට්ට බලන්න ආසාවක් තියේ නම් මෙතන්ට යන්ට......
ඊගාව එකත්...
ReplyDeleteනයි තව කමක් නෑ. පොලොංඟු නම් එපාමයි.
ReplyDeleteඅම්මෝ.. දවසක් අපේ ගෙදර වතුර මෝටරේ පොඩ් අවුලක් වෙලා එතන අස් කරද්දි මෝටරේ වහල තිබුණ ලෑල්ල උඩ ගල් ගෙඩියක් තියනව කියල අපේ මලය අත දික් කරා අයින් කරන්න. මෙන්න බොලේ එක පාරට ගල් ගෙඩිය පොඩ්ඩක් ඇඹරැණා. ක්ෂණයෙන් අත ගත්තෙ නැත්තං අපේ මලය පරලොව යන්නෙ එදා. පොලොං නට්ටෙක්.
ReplyDelete@ හා පැටික්කි (MS)
ReplyDeleteස්තූතියි නංගියේ. ඔන්න එයාගේ ඔලුවේ පින්තූරෙත් දැම්මා. ඒක නැතිව එයා අඳුන ගන්න අමාරුයි තමා.
@ Praසන්ன
ReplyDeleteඊගාව එක බ්‍රහස්පතින්දා දෙන්නම්. බදාද පොය දවසේ සර්පයින් ගැන කියන්නේ නැතිව.
ප්‍රවීනා
ReplyDeleteසර්පයින් ටික තාම ඉවර නෑනේ. මම මේ කල්පනා කරන්නේ ඔයාට කියවන්න සුරතල් සර්පයින් නෑනේ. ඉක්මනින් මම මේ සීරීස් එක ඉවර කරල අළුත් පොස්ට් කරන්න ඕන.
@ ..ChAnDiKa..
ReplyDeleteසර්පයෙකුදේ දෂ්ඨ කිරීමක් කියන්නේ මරණය ලෙස සිතන්න එපා චන්දික. ලංකාවේ කිසිම සර්පයෙකු නිසා මරණය නියත නෑ. ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. ස්තූතියි මේ පැත්තට ආවට..
බලන්නකො පාට...
ReplyDeleteවැලි පොලවක නම් අදුරේ ගන්නම බැ නෙ ද?
සුබ දවසක්..!
ඔව් ඉංදික
ReplyDeleteවැලි පොළවක වගේම වියලි පස් මත, වියලි කොළ රොඩු සහිත බිමක මෙයාව වෙන්කර හඳුනා ගන්න හරිම අපහසුයි.
මෙයාවනම් මං හොඳට අඳුරනව.
ReplyDeleteඒත් මෙයා කවදාවත් මාව අඳුරන්නැහැ.
පහුගිය වැහිබර දවස්වල මෙයා නිතර ගැවසුණා.
ඒ දවස්වල රුක් අත්තන මල් සුවඳ පලාතෙම පැතිරුණා.
අම්ම අනතුරු ඇඟෙව්ව එතකොට මෙයාල ගැන.
ඒ මල් සුවඳට රෑට සර්පයො එළිමහනට එනව කියල ජනප්‍රවාදයක් අපේ පැත්තෙ තියනවා.
8 panthiyata uganvanata me thoraturu tika mata godak wegagath vei
ReplyDeletethanks