ඉලැපිඩේ කුලයට අයත් මීලඟ මාරාන්තික සර්පයා ගැනයි අද කතා කරන්න යන්නේ. මෙයා කලින් සඳහන් කළ ආසියාවේ ලොකුම හතර දෙනාට අයිත් වන්නේ නෑ. ඒ ඇයි කියන එක දැන ගන්න කලින් මෙයා හඳුනාගමු නේද.
ඔව් මෙයා මුදු කරවලා. Sri Lanka Krait/Ceylon Krait යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අමතරව සිංහලෙන් හක් කරවලා, පොළොන් කරවලා ලෙසද හඳුන්වනවා. විද්‍යාත්මකව Bungarus ceylonicus ලෙස හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සර්පයෙක්. මෙයා ලංකාවට ආවේණික නිසා වෙනත් ආසියානු රටවල දක්නට නැති නිසා තමා ඉහත මා සඳහන් කළ ආකාරයට මෙයා "බිග් ෆෝ" ට ඇතුළත් නොවන්නේ. ඒ නිසාම අප ආරක්‍ෂා කරන්න අවශ්‍ය සතෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.
වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරය. ලංකාවේ තෙත් කලාපයේ දක්නට ඇත. දිවා කාලයේ දෂ්ඨ කිරීමක් වාර්ථා වෙන්නේම නැති තරම්ය.
හඳුනා ගැනීම
තද කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති මුදු ආකාර පටි ඇත. වයසට යන විට මෙම මුදු හඳුනාගත නොහැකි තරමට නොපෙනී යයි. කුඩා කාලයේ හිස මතුපිට සුදු පාට ඇතත් එයද වයස් ගතවන විට නොපෙනී යයි. දිගින් සේන්ටිමීටර් 75ත් 100ත් අතර ප්‍රමාණයකට වර්ධනය වේ.
බෝවීම
බිත්තර මගින් බෝවේ. ගැහැණු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි. බිත්තරයක් 30mmx17mm පමණ වේ.
ආහාර
නිශාචර සර්පයෙකු නිසා රාත්‍රී කාලයේ ආහාර සොයායයි. බහුලව ආහාරයට ගන්නේ අනෙකුත් විෂ රහිත සර්පයින්ය, කුඩා මීයන් හා ගෙම්බන් වැනි සතුන්ය. අන්ධ සර්පයෙක් ආහාරයට ගන්නා අවස්ථාවක් මා දැක ඇත.
දෂ්ඨ කිරීම හා විෂ
දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ රාත්‍රී කාලයේය. දිවා කල දෂ්ඨ කිරීමට පෙළඹෙන්නේ නැත. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ අඩුවෙනි. එයට හේතුව දෂ්ඨ කිරීම් සුලභ නොවීමය. රෝග ලක්‍ෂණ නයා, තෙල් කරවලා දෂ්ඨ කිරීම නිසා ඇතිවන ලක්‍ෂණ හා සමානය. විෂ බලපාන්නේ ස්නායු පද්ධතියටයි. නිසි ප්‍රථිකාරයක් නොකළහොත් දෂ්ඨ කිරීමෙන් පැය 12කට පමණ පසු මරණය සිදුවන බව සඳහන්වේ.
පැවැත්ම හා ඇති කර්ජන
පරිසර දූෂණය නිසා මෙම සර්පයාද තර්ජනයට ලක්ව ඇත. මොහු අප පරිසරයෙන් වඳවී ගියොත් ලෝකයටම අහිමි වනු ඇත. ඒ අපට ආවේණික නිසාය.
මෙම සර්පයා ගැන සඳහන් විස්තර ඇත්තේ අඩුවෙනි. එසේම වැඩි අවධානයකට ලක් නොවූ සර්පයෙකි. තව විස්තර දන්න අය සීටීනම් කියන්න.
එහෙනම් අදට ඇති. තවත් සර්පයෙකුගේ විස්තර අරන් ආයෙම දවසක හමුවෙමු.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

මම රෑට රෑට ගන් බිමන් යන්නේ නැති නිසා ගොඩ.......... :D
ReplyDeleteරෑට ගමන් බිමන්,,,,,ශුවර් නැති සර්ප ඒරියා එකකින් යනවනම් කෝටුවක් හරි ලීයක් හරි අරන් පොලොවට තට්ටු කර කර යන්න.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැදගත් ලිපියක් සහෝ. තවත් දෙයක්. පෙර ලිපියෙදි මා සටහන් කල කමෙන්ටුවේ අත්වැරැද්දකිනුයි විනාඩි 10ක් ලෙස සටහන් වෙලා ඇත්තෙ. මෙය පැය 10ක් පමණ ලෙස නිවැරදි විය යුතුයි. මම පාසල් යන කාලයේ පරිසර නියමු කණ්ඩායමේ සාමාජිකයෙකු වු නිසා මෙම විස්තර අධ්‍යයනය කොට තිබෙනවා. :)
ReplyDeleteමම ඔයා කීව විදියට ඇස් වහලා කියවන්න හැදුවා. ඇස් වහගත්තාම පේන්නේ නෑනේ!
ReplyDeleteඇත්තටම වටිනා ලිපි පෙලක්..
ReplyDeleteපොඩි උදැල්ලක් දාන්නම්,
සර්ප විශ ගැන යමක් කියනවනම්... සර්ප විශ කියන්නෙ විශාල ප්‍රොට්න් ලු..(බිත්තර කහමද උනත් එක වරගට ගොඩක් කැවොත් විශවෙන්නෙ අදික ප්‍රොටෙන් දිරව ගන්න බැරුව) එකම වර්ගයෙ උනත් දශිට කරන ප්‍රදෙශය අනුව විස වෙනස්වෙනව.. තෙත් කලාපගෙ විස තරමක් අඩු ලු... එකට හෙතුව විදියට කියන්නෙ සාන්ද්‍රනය අඩු නිසයි... (තෙත් කාලාපයෙ ඉන්න සත්තුන්ගෙ වතුර වැඩියි) වියලි කලාපයෙ එකෙ අනිත් පැත්ත.. විස වැඩියි... සාමාන්යෙන් සර්පයෙකුගෙ විස දල සිල්වෙලාලු තියෙන්නෙ.... දශ්ඨනයකදි එ සිල් 1ක කඩෙනව (පිඩනයට-හරියට එන්නතක් විදිනව වගෙ)... එතකොට එ සතාගෙ තියන විස ගොඩක් එවෙලෙම එලියට යනවලු... එකම සතා දෙවනි පාරට කැවට විස නැ.... සාමාන්න්‍යයෙන් පැය 6කට පසු නැවත රිලොඩ් වෙනවලු.. .....
ලු ලු කියල කියුවෙ මම සින්හරජයෙ සංචාරය කරපු වෙලාවෙ අපෙ මග පෙන්වපු රංජිත් මහතා අපට කියල දුන්න නිසා.. අපෙන් මුදල්වත් ගන්නෙ නැට්ඝුව තමයි අපිව එක්කගෙන ගියෙ... පරිසරයට ගොඩක් ආදරය කරන වටිනා කියන පුද්ගලයෙක්... ඔහුට ස්තුති... තව ගොඩක් දෙවල් ඔහු කියල දුන්න..
සුභ දවසක්...!
එහෙනං ඉතින් අර යුද්ධෙට යනවා වගේ පලිහක් (වගේ එකක්) අරගන් ගිහින් සර්පයා දෂ්ට කරනකොට ඒක අල්ලලා, කවාගන්න ඕනි කට්ටිය දෙවන පාර දෂ්ට කරවාගත්ගත්තාම අහවරයිනේ! (විහිලුවට, ඇත්තට එහෙම නෙමෙයි )Antivenom ගත්තාම හරිනේ සර්පයෝ දෂ්ට කරපුවාම.
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteමේකට වෙනමම ලේබල් එකක් ගන්න.එතකොට බලන අයට පහසුයි.
ReplyDelete@ සෝරෝ
ReplyDeleteදවල්ට එන සර්පයෝ ඉන්නවා. ඒනිසා රෑ යන්නේ නෑ කියල බේරෙන්න බෑ.....
@ indi
ReplyDeleteහරියටම හරි ඉන්දි...
ඒ එක ක්‍රමයක්. නැතිනම් තදින් පාද තබා යන්න පුළුවන්..
@ ..ChAnDiKa..
ReplyDeleteකරවලාගේ විෂ නිසා ඊට අඩු කාලෙකින් මැරෙන්න පුළුවන් චන්දික. මමත් බැලුවේ කොහොමද විනාඩි 10න් මැරෙන්නේ කියල. මම හිතුවට වඩා පිරිසක් සර්පයින් ගැන දන්න එක සතුටක්.
ප්‍රවීනා
ReplyDeleteමම හිතුවේ ඇස් වහගෙනත් පේනව ඇති කියලනේ. අනික මම කිවුවා කියල හැමදේම කරන්න එපා හොඳේ..
ප්‍රතිවිෂ ගැන කියනවනම් අපේ රටේ හැම සර්පයාගෙම විෂට ප්‍රති විෂ නෑ. ඒ වගේම දෂ්ඨ කිරීම් වලින් වැලකීම තමා වඩා වැදගත්. සුව වූ පසුව ඇතිවන අතුරු ආබාධ තියෙනවනේ. අකැමැත්නේ උනත් කියවන්න එන එක නම් මට ලොකු සතුටක්...
@ ඉංදික
ReplyDeleteඔව් සර්ප විෂ කියන්නේ ප්‍රෝටීන් ඇතුළු තවත් ඇමයිනෝ අම්ල ආදී මිශ්‍රණයක්. ඒ ගැන අවසානයේ කියනවා. ඔබ කී දේ ඇත්ත නමුත් දෙවන වර වැඩියෙන් විෂ ඇතුල්වූ අවස්ථා වාර්ථා වෙනවා.
ඔබ කියා ඇති ආකාරයටම වියලි තත්ව යටත් සිටින සර්පයින්ගේ විෂ අධිකයි..
@ Praසන්ன
ReplyDeleteස්තූතියි ප්‍රසන්න ප්‍රතිචාරයට...
@ Anonymous
ReplyDeleteමේවා ලියවෙන්නේ වෙනම ලේබලයක් යටතේ තමා. දකුණු පස පටුනේ ලංකාවේ සර්පයෝ කියා ලේබල් එකක් තිබෙනවා..ස්තූතියි ප්‍රතිචාරයට.
මේක මඟ ඇරිලනේ මට...... :(
ReplyDelete@ හා පැටික්කි (MS)
ReplyDeleteපසුව හරි බැලුවනේ...
අපේ මිදුලෙ ලඟදි දවසක් මුදු කරවලෙක් හිටියා. උගේ දිග අඩි දෙක හමාරක් තුනක් විතර. ඌව දැක්කෙ රෑ 9.30ට විතර. බල්ලා අමුතු විදියට බුරන නිසා ගිහිල්ලා බැලුවා. ලෑල්ලකින් වැහිලා තිබුණු ගඩොල් කැට කීපයක් අතර ඌ හිටියේ. ලෑල්ලත් ගඩොල් කැට කීපයත් අයින් කරන කම් හෙලවුනේ වත් නෑ. අන්තිම ගඩොල අයින් කරන කොට ඒක උගේ ඇඟට වැටුනා. ඒ පාර ඌ කලබල වෙලා වේගයෙන් එහෙට මෙහෙට ගියා. අපි බල්ලව එතනින් අයින් කලාට පස්සෙ ආපහු ඌ කලබල නැතිව හිටියා. කොහොම හරි උගේ photo එකක් ගන්න තිබුනා කියලා තේරුණේ බොහොම අමාරුවෙන් ඌව කැලයට එලෙව්වට පස්සෙ.
ReplyDeleteමුදු කරවලා ගැන විස්තර හොයන්න යනකොට තමයි මේ ලිපිය දැක්කෙ. ගොඩක් වැදගත් ලිපියක්.