එක දිගටම සර්පයින් ගැනනේ කීවේ. දැන් දවස් දෙකකට කලින් මම අහම්බෙන් හාවෙක් දැක්කා. මේ නම් එයාගේ පින්තූරයක් නෙවේ. එයා පැනල දුවපු වේගයට මට මගේ ෆෝන් එක හරව ගන්නත් බැරි උනා. ඒත් සමගම මතකයට ආවේ මීට වසර ගණනාවකට පෙර සිටි මගේ සුරතලා.
ඒ 1991 විතර. මම පොඩියි. හිමිදිරි උදයේ නුවර සීතල මැදින් පාසල් යනවා. බස් නැවතුමේ ඉන්න වෙලාවේ මා සිටින දිශාවට කුඩා දෙමලිත්තෙක් වැනි සතෙකු දුවගෙන එනවා. ඈතින් පෙනුනා ඒ පසුපස එන බල්ලෙකුත්. ලංවන විට බැලුවම පොඩි හා පැංචෙක්. හරියටම ඔය උඩ පින්තූරේ ඉන්නවා වගේ කෙනෙක්. හැබැයි ප්‍රමාණයෙන් ලේනෙකු තරමි ඇති. මෙයා කිසියම් හේතුවක් නිසා මවගෙන් වෙන් වෙලා. බල්ලන් හඹා එන නිසා බේරෙන්නයි මේ දුවගෙන එන්නේ. පැංචට දුවන්නත් බෑ. මම ගිහින් අල්ලන්න හැදුවා. එයා අනික් පැත්තට දුවන්න ගත්තා. දැන් තව ටිකක් ගියොත් මේ පැංචා අර රුදුරු බල්ලට ගොදුරු වෙනවා. එවිට ඒ අසල සිටි අයෙක් කුඩයක් හරහට දැමු විට බයවූ හා පැංචා කුඩයට පැන්නා. ඔහු එයාව කන් දෙකෙන් අල්ලා මට දුන්නා. මම දැන් මෙයාට මොකද කරන්නේ. කැලේට යවන්නයි ඕන. නමුත් එතන සිටි වැඩිහිටියන් කීවේ මෙයා අම්මාගෙන් වෙන්වුන පොඩි පැටවෙක් නිසා අම්මා හොයාගන්න බැරිව බල්ලන්ට ගොදුරු වෙනඑක නවත්වන්න බැරි බවයි. අනික තාම හරියට දුවන්නත් බැරි කිරි බොන වයසේ පටියෙක්ලු.
ඉතින් මම කලේ මෙයා ඥාති ගෙදරක තබා පාසල් ගොස් එන විට ගෙදර ගෙන ගියා. ගෙදර අය එකතු වෙලා මෙයාට පැංචා කියල නමකුත් තැබුවා. විවිධ කොළ වර්ග දුන්නත් පැංචා ඒවා කන්නේ නෑ. පසුව කිරි සදා දුන්නා. එයා ඒවා බොන්න දන්නෙත් නෑ. පසුව අම්මාගේ උපදෙස් මත පහන් තිරක් කිරෙන් පොඟවා එයාට සපන්න දුන්නා. එයා බයටම වගේ එය සැපුවා. කිරි රස දැනුනම උරා බොන්න ගත්තා. ටික දිනක් ගතවන විට පිරිසියෙන් කිරි බොන්න එයාට පුළුවන් උනා. සෙමෙන් තණකොළ ඇතුළු දළු කොළ කන්නත් අපි කන බත් වැනි කෑම කන්නත් එයා පුරුදු උනා.
රෑ එළි වෙනකල් නිදහසේ ගේ ඇතුලේ එයාට ඉන්න ඉඩ තිබුනා. අපි පාසල් ගොස් පැමිණි සෑම විටමත් එයා සිටියේ ගේ ඇතුලේ. මේ ආකාරයට මෙයා වැඩිල ලොකු හාවෙක් උනා. අපි තීරණය කළා මෙයාව මුදා හරින්න. ඒත් මෙයා උදේ ගියත් රෑ ආපසු ගෙදරට ආවා. දැන් මෙයා යන්නෙම නෑ. ඉතින් දිගටම මෙහෙම අපි එක්ක ඉනනවා. රෑට අපි ටීවී බලන විට මෙයත් ඇවිත් ඉදිරියෙන්ම ඉඳගෙන ටීවී එක දෙස බලා ඉන්නවා. අපේ ළඟට ඇවිත් නිදා ගන්නවා.
උදේට නම් මෙයාට වෙලාවට කිරි බොන්නම ඕන. නැතිනම් කිරි දෙන කෝප්පය පෙරලනවා. ඉන්පසු එය වීසි කරමින් ශබ්ද කරනවා. පළතුරු, බත් වගේ කෑම කෑවත් වැඩියෙන්ම කන්න කැමති බතල දළු. එයා වෙනුවෙන් අපි ගෙවත්තේ බතල පාත්තියක් සිටුවා තිබුනා.
මෙසේ වසර දෙකක් පමණ අප සමග සිටි පැංචා දිනක් වත්තේ ඇවිදින අවස්ථාවක බල්ලන් දෙදෙනෙකු විසින් සපා කෑම නිසා මිය ගියා. ඌ මිය ගියත් අපට තවම අමතක කරන්න පුළුවන් කමක් නෑ. දැනට අවුරුදු 18ක් වුවත් තාමත් අප නිවසේ අය හාවෙකු දුටු විගස අපේ පැංචා වගේ නේද කියනවා.
අද මම පෝස්ට කළේ ආදරණිය සතෙකු පිළිබඳ මතකයක්. ඒ මතකය අළුත් වෙන්නදෝ මගේ ගමන් සගයාටත් පැංචා කියල නම වැටුනා.
කියන්න දෙයක් නැතිවට පරණ මතකයක් ඔහේ ලියා දැම්මා. දැන් කට්ටියට සර්පයින් ගැන කියවලා එපාවෙලා ඇතිනේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!
උදේට නම් මෙයාට වෙලාවට කිරි බොන්නම ඕන. නැතිනම් කිරි දෙන කෝප්පය පෙරලනවා. ඉන්පසු එය වීසි කරමින් ශබ්ද කරනවා. පළතුරු, බත් වගේ කෑම කෑවත් වැඩියෙන්ම කන්න කැමති බතල දළු. එයා වෙනුවෙන් අපි ගෙවත්තේ බතල පාත්තියක් සිටුවා තිබුනා.
මෙසේ වසර දෙකක් පමණ අප සමග සිටි පැංචා දිනක් වත්තේ ඇවිදින අවස්ථාවක බල්ලන් දෙදෙනෙකු විසින් සපා කෑම නිසා මිය ගියා. ඌ මිය ගියත් අපට තවම අමතක කරන්න පුළුවන් කමක් නෑ. දැනට අවුරුදු 18ක් වුවත් තාමත් අප නිවසේ අය හාවෙකු දුටු විගස අපේ පැංචා වගේ නේද කියනවා.
අද මම පෝස්ට කළේ ආදරණිය සතෙකු පිළිබඳ මතකයක්. ඒ මතකය අළුත් වෙන්නදෝ මගේ ගමන් සගයාටත් පැංචා කියල නම වැටුනා.
කියන්න දෙයක් නැතිවට පරණ මතකයක් ඔහේ ලියා දැම්මා. දැන් කට්ටියට සර්පයින් ගැන කියවලා එපාවෙලා ඇතිනේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!
ලස්සන කතාවක්. ඒක මතක් වෙලා ඔයාගේ ගමන් සගයට 'පැන්චා' කියලා දැම්මා වගේ බයික් එකේ යන ගෑනු ළමයි එහෙම 'පැන්චිලා' වෙයිද දන්නේ නෑනේ.
ReplyDeleteමට පේන්නේ ඔයත්, ඔයා වගේම අහිංසක සතුන්ට ආදරේ කරන කෙනෙක්.
අනේ...... එයා බල්ලන්ට ගොදුරු වෙන්නම ආපු කෙනෙක්ද මංදා......
ReplyDeleteඅපේ ගෙදර හිටි දෙන්නා නම් කංකුං කන්න තමා වැඩි කැමති. කිරි බීවේ නම් නෑ ලොකු වයසෙදි ගෙනා නිසා වෙන්නැති. ඒ දෙන්නව දුන්නා වෙන අයියා කෙනෙක්ට. දැන් නම් විස්තරයක් දන්නැ.
අහිංසකයව කොයිතරම් ආරක්ෂා කලත් ඉඩ ලැබෙන මොහොතින් දුෂ්ඨ බලවේග ගොදුරු කර ගන්නව. සත්තු සම්බන්ධ මේ වගේ අත්දැකීම් කිහිපයකින් පසු මම තේරුම් ගත්තෙ ඒකයි. අන්තිමට ඉතුරු වෙන්නෙ වේදනාවක් විතරයි.
ReplyDeleteඅපොයි, අපේ ගෙදර හිටපු පූස් පැටියෙකුත් බල්ලො හපලා මැරුණා. මටනං ඔය බල්ලො පේන්න බෑ
ReplyDeleteකට්ටිය සුනක අයිතිවාසිකම් උල්ලංගනය කරනව වගේ.
ReplyDeleteහාවෝ ගැන ලිව්වට අර පරණ නම නම් රෙජිස්ටර් වෙලා ඉවරයි. ඒක අපි කීයටවත් වෙනස් කරන්නේ නෑ. "සර්ප්‍රියා"
ReplyDelete:D :D
@ ප්‍රවීනා.
ReplyDeleteඇයි බහු වචනෙන්. පැංචියෙක් එයි දවසක මං හිතන්නේ...
(පැංචිලා නම් නෑ එනවනම් එක්කෙනයි)
@ හා පැටික්කි (MS)
ReplyDeleteඑහෙම වෙන්න ඇති හා පැටික්කියේ. ඒත් ඉතින් බල්ලන්ගේ හැටි එහෙම තමා. මොනව කරන්නද.
@ ``` Outsider```
ReplyDeleteඔව් මිත්‍රයා ඒක නම් ඇත්ත. ඒ සතා අපට යවන්න බැරි උනාට කැලේට අයිති දෙයක්. එයා කැලේ හිටියත් එහෙම වෙයි. වෙනස අප කොදකින එක. ස්තූතියි.
@ blog gadol
ReplyDeleteඅපේ ගෙදර හිටපු බල්ලෙකුත් පූසෙක් මරල තිබුනා දවසක්. ඒත් ඉතින් සත්තු කියන්නේ එහෙම තමා. ස්තූතියි මල්ලි.
@ Praසන්ன
ReplyDeleteඑහෙම කරන එක හොඳ නෑ නේද ප්‍රසන්න. මමත් බල්ලන්ට කැමතියි. සතුන් දඩයම් කරන එක උන්ගේ ජන්ම පුරුදු නේද?
ස්තූතියි.
@ Ansh Lucky Sri Jay
ReplyDeleteස්තූතියි ආන්ශ්...
@ Ansh Lucky Sri Jay,
ReplyDeleteදැන් එයගේ නම 'හා ප්‍රියා' කලොත් මොකද?
ලස්සන කතාවක්.... හරිම ශෝක් .... ආදරේට ඇති කරලා මැරුනම මම නම් ගෙදර 2 වෙන්න විලාප තියලා අඩලා තියෙනවා පොඩි කාලෙ. ඒක නිසා මට නම් සත්තු හදන්න හිතෙන්නෙම නෑ නෙ
ReplyDelete