Monday, January 31, 2011

ඉලංදාරියා. අපිත් ඔබත් සමග ඉන්නවා.....

ආයෙම බ්ලොග් එක පැත්තේ ආවේ බයෙන් වගේ. ඊයේ පොස්ට් එකට පස්සේ කට්ටියක් මාව හොයනවලු. යන්තමින් පොඩි සමාවක් වත් දෙන්න. ඔහොමත් කරනවද මේ අහිංසක මට.
හරි ඔය වල් පල් වලින් අද වැඩක් නෑ. බ්ලොග් සතිය ඉවර කරමු අදින්. ඒත් දැන් ලියන්න පොස්ට් නැති තරම්. එක දිගටම මාසයක් ලියන ඒවා සතියකින් ලියා දැම්මම ඉතින් වෙන මොනවා කරන්නද. 
ඒත් අපි කරන දෙයකින් ලෝකේ කාටම හරි සෙතක් සැලසෙනවානම් එය නේද අපට ලබන්න පුළුවන් ලොකුම තෘප්තිය. මේ අද කතාවයි. කවුරුත් දන්නවා ඇති අපේ බ්ලොග් ලියන ඉලංදාරියා. දැනට වසර එකහමාරක සිට ශ්‍රවණ ආබාධයකින් පසුවනවා. විස්තර බලන්න මෙතනට යන්න.
කියවලාම බලන්න. මේ මට හෙට වනදේ වෙන්න පුළුවන්. නැතිනම් ඔය කවුරුන් හෝ කෙනෙකුට වෙන දේ වෙන්න පුළුවන්. සියලු යස ඉසුරින් සපිරි ලොවකට පය නොතැබූ අප මේ වෙලාවේ මේ සහෘදයාට උදවු නොකර ඉන්නේ කොහොමද. ඔහුගේ ගිණුමට සල්ලි ටිකක් දාන එකම විතරක් නම් නොවේ පිළියම. අපි ඊට වැඩි යමක් ඔහු වෙනුවෙන් එකතු කරමු. ඔව් ඔබ අපි එකතු උනොත් ඒ රුපියල් මිලියන තුන කියන්නේ ලොකු මුදලක් නොවේ. අපි එකතු වී අපේ ඉලංදාරියා එක්ක අපට නිදහසේ කතා කරන්න දවසක් ලබා ගනිමු. එදිනට ඇසෙන්නේ ඉලංදාරියාගේ කන් දෙක නොවේ. අපි සියලු දෙනාගේම කන් සිය දහස් ගණනකි. 
එහෙමනම් අපිට ඔහු සමග කතා කර ඇවිත් ආයෙම ඔහු ගැන ලියන්න එන දවස වෙනුවෙන් පැතුම් පතමු. 
සුභ දවසක්..!!!

ප/ලි
බ්ලොග් සතිය අදින් අවසන්. ආයෙම පොස්ට් එකක් දාන එක තමා දැන් ප්‍රශ්නේ. තව මෙවගේ අපේ උදවු ඕන අය ඉන්නවද බලන්න. මේ පණිවිඩය බ්ලොග් නොකියවන පිරිස අතරේ බෙදන්න ඕන. අවංක සිතින්ම දායක වන්න. ඔහුගේ සිනාව දකින දවසේ ඔහු හා දොඩමළු වන දවසේ ඔබේ සිතේ ඇතිවන හැඟිම් අහන්න අපි බලා ඉන්නවා.
තව දෙයක් මේ කොල්ලව කවුරුවත් විකුණන්න නම් එපා. කිසිම තැනක. 

12 comments:

  1. දිලුම් අයියා වෙනුවෙන් එකතු වෙලා ඉන්න අපිට ඕක ලොකු ගානක් නෙමෙයි............


    මටත් වෙලා තියෙන්නේ ලියන්න දේවල් නැතිකම අයියා...... ඒත් මං සතියට 2ක් දාන්න එපැයි...... කොහොම හරි යමූ..... තමයි......

    ReplyDelete
  2. ඇයි අයියේ සර්පයො ගැන තවම ලියලා ඉවර නෑ නේද?

    ReplyDelete
  3. ඉලංදාරියා වෙනුවෙන් වලව්වේ අපි හැමෝම ඉන්නවා. (වලව්ව දාලා දුවපු අය ගැන අපි දන්නේ නෑ)

    ඇත්තටම සර්ප්‍රියා, අර 'බ්ලොග් ගඩොල්' කියන්න වගේ ඔයාගේ සර්ප විස්තර ඉවර නෑ නේද?

    ReplyDelete
  4. මට ලඟදි සර්පයෝ ගැන කතා කීපයක් ලැබිලා තියෙනවා,මම සර්පයො ගැනකතාවලට ආස නැතිඋනත් ඔයාට ලියන්නම දෙයක් නැතිනම් ඒ ටික මේල් කරන්නද?හැබැයි මම ඊ මේල් එඩ්‍රස් එක දන්නේ නැහැ.

    ReplyDelete
  5. ඉලංදාරියා වෙනුවෙන් මමත් ඉන්නවා.

    ඔන්න කුමාරිහාමි නමකුත් දාල.

    ReplyDelete
  6. අපිත් ඉන්නවා අපේ සහෝදරයා වෙනුවෙන්....අ‍පිට මේක කරන්න බරි නෑ...

    සර්පයෝ ගැන ලිව්වා ලිව්වමයි අයියා මට බලන්නවත් බැරි වුනා නෙවැ.....කොහොද ඉතිං වැඩ වැඩ අපල....හික්ස්...

    ReplyDelete
  7. @ හා පැටික්කි (MS)
    මේක කරන්න පුළුවන් හා පැටික්කි. හාපැටික්කිට අපිට වඩා කොච්චර ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  8. @ blog gadol
    තව පොස්ට් හතරක් පහක් විතර එයි. තාම ඩ්‍රාෆ්ට් කරනවා. බ්ලොග් සතිය නිසා තිබුන සියල්ලම දැම්මනේ..

    ReplyDelete
  9. ප්‍රවීනා
    ඒක දන්නවා. අනුකම්පාව දයාව කරුණාව හැම හදකම නෑ. එහෙම තියන අය අද අඩුයි. හැමදාම ඒ ගුණ දම් එලෙස පවත්වාගන්න ඔයාට පුළුවන්.
    හිකිස්...මට නම් කියන්න එපා කියපු කෙනාම නේද ඕක කීවේ..
    තාම පන්න්නවනේ මට ගහන්න...
    සුභ දවසක්...

    ReplyDelete
  10. @ neetha
    ඇයි ඊමේල් එක අර උඩ පැත්තක තියෙන්නේ. priyantha.ab@gmail.com. තව පොස්ට් කීපයක් තියනවා. කමක් නෑ එවන්න. ඒවා එකතු කර ගන්නම්. ස්තූතියි නීතාට..

    ReplyDelete
  11. @ Praසන්ன
    ගොඩක් ඉන්නවා ඒ වෙනුවෙන්. අපටත් මේ වගේ දෙයක් උනොත් මේ අය ඉන්නවනේ කියල හිතුනම ලොකුශක්තියක් එනවා.
    නමක් නේ. කමක් නෑ....

    ReplyDelete
  12. @ ෴ හසියා ෴
    පුළුවන් වෙලාවක කියවන්න මල්ලි. ඒවා කියවන්න පුළුවන් නම් ප්‍රෙයාජනයක් වෙයි කවදා හෝ..

    ReplyDelete