අද කියන්න යන්නේ ලංකාවේ ඉන්න තවත් ආවේණික සර්පයෙකු ගැනයි. මේ සර්පයා නොහිටින්න මේ පෝස්ට් සීරිස් එක මගේ අතින් පල නොවන්න බොහෝ දුරට ඉඩ තිබුනා. මේ වර්ගයේ කෙනෙක් තමා කලකට ඉහත මගේ අත සපා කෑවේ. එදින ඇතිවූ උනන්දුව නිසා තමා මම සර්පයින් ගැන මෙතරම් කියවන්න පටන් ගත්තේ. අවසානයේ මම එකතු කළ දැනුමේ ප්‍රථිපලය තමා මේ පෝස්ට් තුලින් මම බෙදා හදා ගන්නේ. පළමුව මෙයාගේ රූපයක් බලමු වෙනදා වගේම.
මේ පලා පොළඟා ඉංග්‍රීසියෙන් මෙයා Sri lankan Green Pit Viper ලෙසින් ද විද්‍යාත්මකව Trimeresurus trigonocephalus ලෙසින්ද හඳුන්වනවා. ලංකාවට ආවේණිකයි. මෙම සර්පයා ඇතුලත් වන්නේද ලෝරියල් සිදුර සහිත පොළඟුන් කාණ්ඩයටය. එමෙන්ම මෙයා අලංකාර සර්පයෙකු ලෙසත් පෙන්වා දිය හැක.
වාස භූමිය හා හැසිරීම
රුක් වාසී සර්පයෙකි. නිශාචරය. බොහෝ විට අලසව ගස් මත නිදා සිටින බවක් දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට කඳුකරය දක්වාම ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ වැවැලි සහිත ප්‍රදේශ වල බහුලව දක්නට ඇත. මා හන්තාන කඳුවැටියේ බහුලව සිටිනු නිරීක්‍ෂණය කර ඇත. ඉක්මනින් කෝප නොවන සර්පයෙකි.
හඳුනා ගැනීම
මෙම සර්පයා නිලට හුරු කොළ පාටින් යුතුය. උදරය ප්‍රදේශය කහ පාටට හුරු කොළ පැහැතිය. ශරීරයේ තැනින් තැන කළු පැහැති පැල්ලම් දක්නට ඇත. හිස ත්‍රිකෝණාකාරය. ඇස හා නාසය අතර ලෝරියල් සිදුර දක්නට ලැබේ. දිග අඩි 4ක් පමණ වේ. වල්ගය කෙටිය.
බෝවීම
මෙම සර්පයා අයත් වන්නේ වයිපරිඩේ කුලයට නිසා බෝවීම පැටවුන් බිහි කිරීම මගින් සිදු කරයි. මෙම වර්ගයේ ගැහැණු සතෙකු වරකට පැටවුන් 5ත් 30ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි.
ආහාර
මෙම සර්පයාගේ ආහාර වන්නේ කුරුල්ලන්, ගෙම්බන්, මීයන් වැනි සතුන්ය.
දෂ්ඨ කිරීම හා විෂ
මෙම සර්පයා අයත් වන්නේ මද විෂ (මධ්‍ය විෂ) සර්පයින් කාණ්ඩයටය. දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැති බව පැවසේ. නමුත් දෂ්ඨ කිරීම ඉතා වේදනාවක් ගෙනදේ. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම දින කීපයත් පවතී. තවද දෂඨ කළ ස්ථානය පැසවීමට හෝ කුණු වීමට ඉඩක් ඇත.
පැවැත්මට ඇති තර්ජන.
කැලෑ එළි පෙහෙලි කිරීම නිසා වාස භූමි අහඅමි වී යාමෙන් විනාශයට මුහුණ දී ඇත. ලංකාවට ආවේණික සර්පයෙකි. වඳවී ගියොත් මෙම සර්පයා ලොවටම අහිමි වනු ඇත.
මෙම සර්පයාගෙන් පසුව අපට හමු වන සියලුම ගොඩබිම වසන සර්පයින් සුළු විෂ හා විෂ රහිත අයයි. ඉදිරි ලිපි වලින් එම සර්පයින් ගැන කෙටියෙන් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා.
එහෙනම් ගිහින් එන්නම්. බ්ලොග් සතියේ පිට පිටම 3වෙනි පොස්ට් එකත් දැම්මා ඔන්න.
සුභ දවසක්..!!!
ඇත්තෙන්ම මෙවැනි අංග සම්පූර්ණ ලිපි මාලාවක් සකස් කිරීම හිතන තරම් ලේසි කටයුත්තක් නොවේ. මොකද තමන්ගේ අදහසක් ලියනව වගේ ලියන්න බැහැ. කරුණු නිවැරදි වියයුතු නිසා සෑහෙන්න දේවල් සොයන්න වෙනවා. හැකිනම් වෙනත් රටවල සිටින සර්පයො ගැනත් අපට ඇස නොගැසෙන දේවල් ලියන්න.
ReplyDeleteඑල එල ප්‍රියන්ත අයියේ! ඒක නෙවෙයි, මොකද දැන් සර්පයො ගැනම ලියන්නෙ? ඔය ඉතින් අලුත් කාඩ් එකක් දාගන්න තමයි. :-)
ReplyDeleteවැදගත් ලිපි පෙළක්.සර්පයින් ගැන නොදැන සිටි බොහෝ දේ දැනගත්තා.දන්නා දේ බෙදා ගත්තාට ස්තුතියි
ReplyDeleteආන්න වැදගතා ලිපි පෙලක ආරම්භයට හේතු වුන.......
ReplyDeleteමට ඉතින් කියන්න මුකුත් නැ. උපරිමයි තමා......
මෙන්න ඒ පාර සර්පයෝ පාට, පාට වෙලා.
ReplyDelete'දේදුන්නෙන් එන සමනලුනේ...'සින්දුව
'දේදුන්නෙන් එන සර්පයොනේ...' කියලා වෙනස් කලා නම් හරි.
මේ ලිපිපෙල නම් උපරිමයි......මේව ලියනවට බොහොම ස්තූතියි........
ReplyDelete@ දිනේශ් දීපාල්
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට දිනේශ්. ඒ ගැනත් ලියන්න බලන්නම්. පළමුව අපේ සර්පයින් ගැන ලියා අවසන් කරන්න ඕන.
@ blog gadol
ReplyDeleteඒක තමා පූස් මල්ලියේ. දැන් මේ ලිපි පෙළ ඉවර කරන්න කාලය ඇවිත් වගේ. තව ලිපි කීපයක් තියෙනවා. ඒවායින් පසුව මේ ලිපි ඉවර කරනවා.
@ මුතු මැණික්
ReplyDeleteමේ පැත්තට ආ එක සතුටුයි සොයුරිය. ස්තූතියි ප්‍රතිචාරයට.
@ හා පැටික්කි (MS)
ReplyDeleteඔව් මෙයා තමා මේ ලිපි පෙළ ආරම්භ කරන්න වස්තුබීජය. ලස්සන සර්පයෙක්.
@ අඳුරෙන් එළියට
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට සහෝ..
අපොයි, මට අන්තිම පදේ අමතක වෙලා තිබුනේ. එයාලා රෑන්, රෑන් ඇවිත් අපේ ලඟින් හිටියොත් කොහොම වෙයිද? ඊට වඩා හොඳයි කුරුල්ලන්ටම ඇවිත් අපේ ලඟින් ඉන්න කියමු නේද?
ReplyDeleteමේ වගේ වැදගත් ලිපි පෙළක් ඵල කරන්නට ප්‍රියන්තව මහතාව මෙහෙයවූ අපේ පලා පොළොං මහතාට මගේ උපහාරය.
ReplyDeleteමෙයා නම් හැබැයි සාමාන්‍යෙයන් අහිංසක සර්පයෙක්. ලේසියෙන් දෂ්ඨ කරනවා අඩුයි. ඇත්තටම ප්‍රියන්ත අයියා ඔයාගෙ මේ වැඩේනම් නියමයි. හරියට සර්පයෝ අඳුරගන්නෙ නැති නිසා අවුරැද්දකට මැරෙන අහිංසක සර්පයන්ගෙ ප්‍රමාණය දැන් එන්න එන්නම වැඩීයි.
ReplyDeletegodak hondai me wade nam..
ReplyDeleteai digatama liyanne naththe...?
nawaththanna epa digatama liyanna...
මේක බොහොම වටිනා වැඩක් ප්‍රියන්ත...
ReplyDelete