Tuesday, January 25, 2011

ලංකාවේ සර්පයෝ.පොළොන් තෙලිස්සා (Hump-nose viper)

අද කියන්න යන්නේ පොළඟුන් අයත් වන වයිපරිඩේ කුලයට අයත් තවත් සර්පයෙකු පිළිබඳවයි. ඒ තමයි පොළොන් තෙලිස්සා හෙවත් කුණ කටුවා.
ෆොටෝ එක ගත්ත තැන පේනවනේ. මම ගත් එකක් නම් නොවේ
මෙම සර්පයා කුණකටුවා ලෙසින්ද හැඳින්වේ. ඉංග්‍රීසි භාෂාවෙන් Hump-nose viper ලෙසද, විද්‍යාත්මකව Hypnale hypnale ලෙසද හැඳින්වේ. මොහු අයත් වන්නේ ලෝරියල් අවපාතය සහිත පොළඟුන් කාණ්ඩයටය.

වාස භූමිය හා හැසිරීම
භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරව හැසිරෙන සතෙකි. කෝපි, රබර්, කොකෝවා වැනි වගාවන් ආශ්‍රිතව හා කැළැවල බහුලව දක්නට ලැබේ. කිපුන විට වලිගය අග සොලවයි.

හඳුනා ගැනීම
මොවුන්ගේ වර්ණ වෙනස්කම් රැසකි. ශරීරය දුඹුරු පැහැතිය. නමුත් පොදු වශයෙන් සිරුර මතුපිට කළු හෝ දුඹුරු පුල්ලි දැකිය හැක. අඩි එකත් එකහමාරත් අතර දිගට වැඩේ. හිස ත්‍රිකෝණාකාරය. මොල්ලියක් වැනි ඉහලට එසවුනු නාසයක් ඇත. නාසය හා ඇස අතර ඇති ලෝරියල් අවපාතය (සිදුර) හඳුනාගත හැක පෘෂ්ඨයක් පතුපිට සිටින විට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටිනු දැකිය හැකිවේ. 

හිස අංශක 45කින් ඔසවාගෙන සිටින ආකාරය

බෝවීම.
බෝවීම සිදුවන්නේ පැටවුන් දැමීම මගිනි. ගැහැණු සතා වරකට පැටවුන් 5ත් 15ත් අතර ප්‍රමාණයක් දමයි.

දෂ්ඨ කිරීම හා විෂ
අපේ රට සැලකූවිට මෙම සර්පයා නිසා සිදුවන දෂ්ඨ කිරීම් බහුලය. සිදුවන මරණ වලින් 2%ක් පමණ මෙම සර්පයාගේ විෂ නිසා සිදුවේ. කලින් මෙම සර්පයා මද විෂ සහිත බවට නම් කර තිබුනත් පසුව විෂ සහිත සර්පයෙකු ලෙස හඳුනාගෙන ඇත. දෂ්ඨ කළ විට තුවාලය වට දැඩි වේදනාවක් ඇතිවේ. පේශි අවට විනාශ වීම සිදුවේ.

පැවැත්මට ඇති තර්ජන
මිනිසා අතින් සිදුවන පරිසර විනාශය මෙම සර්පයාගේ පැවැත්මටද ඇති ප්‍රධාන තර්ජනයකි.

එහෙනම් මෙම සර්පයා ගැන මේ විස්තර ඇති. තවත් පොස්ට් එකක් සමග හෙටත් හමුවෙමු..
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!



15 comments:

  1. මෙයා ටිකක් බහුලව ඉන්න කෙනෙක් නේද???? ඒ නිසා තමා මං හිතන්නේ වැඩියෙන් දශ්ඨ කිරීම් සිදු වෙන්නේ......

    එයත් ඉවරාාාාායි........

    කවුද ඊළඟ සුරතල් පැංචා..... :D :D :D :D

    ReplyDelete
  2. යාන්තම් දන්න අහිංසක කෙනෙක් ඉන්නවා. එයාගේ නම් පෙනුමත් ටිකක් හුරතල් පාටයි. කීවත් වගේ සර්ප විමානෙම ඉඳලා මගේ බයත් ටිකක් විතර අඩුවෙලා වගේ.

    ReplyDelete
  3. සර්පයටත් එක්කම ඔන්න වතුර පාරක්...

    ReplyDelete
  4. his in every where so beware use hardware = boots

    nice posts

    ReplyDelete
  5. අපෝ ප්‍රියන්ත අයියේ මට නම් මේ පැත්තේ එන්නත් බයයි,කවදද මෙයාලා ගැන ලියලා ඉවර වෙන්නේ?

    ReplyDelete
  6. මු එක්කනම් මට පොඩි ගණුදෙනුවක් තියෙනවා. දවසක් මේ හාල්පාරුවා අපේ අම්මට දස්ටකොලා.

    ReplyDelete
  7. පියා අයිආ කොහෙන්දැ හැබැටම මුන්ගැණ හොයාගනේ :D
    කාලයක් zඌ..... එකේවත් වැඩකොලා දැ ? :)

    ReplyDelete
  8. @ හා පැටික්කි (MS)
    ඊළඟට ඉන්නේ පළා පොළඟා. හරිම ලස්සන සර්පයෙක් හා පැටික්කි.

    ReplyDelete
  9. @ ප්‍රවීනා
    අහන්නත් සතුටුයි. දැන් බය වෙන්න දෙයක් නෑ. නපුරු අය එලෙව්වා. දැන් එන්න ඉන්නේ අහිංසකයෝ. ඒ අය ඔයාව හපන්න එන්නේ නෑ. අනික මෙතන මම ඉන්නවානේ.

    ReplyDelete
  10. @ Praසන්ன
    සර්පයා කොහොම උනත් මම නම් නෑවිලා ගියා...
    ස්තූතියි..

    ReplyDelete
  11. @ neetha
    ඉක්මනටම ඉවර කරනවා නීතා. දැන් ඉන්නේ විෂ අඩු අය. එහෙම ඉවර කළාම ලියන්න දෙයක් හොයන්නත් වෙනවා.

    ReplyDelete
  12. @ ..ChAnDiKa..
    මූ වෙන්න බෑ චන්දික. මුගේ නෑයෙක් වෙන්න ඇති. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  13. @ ජේ.ඩී
    අද ඊයේ නෙවේ ජේ.ඩී. ඉස්කෝලේ යන කාලේ.

    ReplyDelete
  14. පොලොං තෙලිස්සා,අද මට මුණ ගැසුනා,කැලෑ එලි කිරීම ඇත්තටම මෙම සත්වයාගේ විනාශයට හේතුවයි,නිහඩ සර්පයෙක්,ජීවිත දානය දුන්නා,මට ගොඩාක් සතුටුයි.අවධානයෙන් සිටීමෙන් අවධානමෙන් මිදිය හැක.

    ReplyDelete