Monday, January 24, 2011

ලංකාවේ සර්පයෝ.දෙපත් කළුවා (Coral snake)

අද කියන්න යන්නේ ඉලැපිඩේ කුලයට අයත් තවත් සර්පයෙකු ගැන. මේ ඉන්නේ දෙපත් කළුවා. පින්තූරය බලන්න.
සුලභව දක්නට නොමැති සර්පයෙකි. ඒ නිසාම මෙම සර්පයා ගැන විස්තර සොයාගැනීමත් ඉතා දුෂ්කර දෙයක්. ඒ නිසා මෙයා ගැන මම කෙටියෙන් කියන්නම්.
සිංහලෙන් දෙපත් කළුවා නමින් හැඳින්වෙන මෙම සර්පයා Sri Lanka Coral Snake නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මෙයාගේ විද්‍යාත්මක නාමය වන්නේ Caliophis melanurus යන්නයි. ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්ථා වෙනවා.
ප්‍රමාණයෙන් කුඩා සර්පයෙකි. දිගින් සෙන්ටි මිටර් 30ක් පමණ වේ. දිරා යන ගස් කඳන් හා කොළ රොඩු යටින් බහුලව හමුවේ. කහ පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුත් ශරීරයේ තැඹිලි පැහැයට හුරු තිත් දක්නට ලැබේ. හිස සහ වලියේ ඇති කළු පැහැ තිත් නිසා දෙපත් කළුවා යන නම භාවිතා වේ. ලංකාවේ පළමු වරට වාර්ථා වී ඇත්තේ මාතලේ පළාතෙනි. 
බෝවීම බිත්තර මගින් සිදුවේ. ආහාර ගැන විස්තර සොයාගැනීමට අපහසුය.

කුඩා සර්පයෙකු නිසා මිනිසාට දෂ්ඨ කිරීම අපහසුය. එමෙන්ම නිතර දක්නට නොමැති නිසා දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ කලාතුරකිනි. නමුත් ඉලැපිඩේ කුලයට අයක් උග්‍ර විෂ සහිත බව මෙම සර්පයාටත් හිමිව ඇති ලක්‍ෂණයකි.
මෙම සර්පයාත් විනාශ විමේ තර්ජනයට ලක්ව ඇති නිසා ආරක්‍ෂාකළ යුතු සතෙකි. එමෙන්ම විෂකුරු වුවද හානිකර සතෙකු ලෙස සැලකීමටද අපහසුය.
එහෙනම් තවත් සර්පයෙකුගේ විස්තර සමග හෙට හමුවෙමු. මේ සතියේ හැකි තරම් පොස්ට් දාන්නයි ඉන්නේ. බ්ලොග් සතියනේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

19 comments:

  1. සර්පයෝ අදුනගෙන තියාගන්න එක වටිනවා. අර එක සර්පයෙක් දස්ට ක‍රපු මනුස්සයෙක් වෙදාගාවට ගියාම, වෙදා ඇහුවලු සර්පයාව අදුනනවද කියලා. ලෙඩා කිව්වලු. අදුනනවනම් කයිද ඕයි කියලා....

    ReplyDelete
  2. මෙයා තමා ගඩොල් අස්සේ රිංගන් ඉන්නේ....... කොහෙද මරණ්නමයි හදන්නේ..... මං ළඟක ඉන්නවා දැක්කොත් මරණ්න උස්සපු පොල්ලම තියලා පරිස්සමෙන් කැලේට දානවා...... අපේ ගෙදර අය එහෙමයි........ :(

    ReplyDelete
  3. අනේ මම නං මෙයා ගැන ඇහුවෙත් අදමයි :O

    ReplyDelete
  4. මට නම් ඉතින් දැනගන්නත් ඕනි නෑ.

    ReplyDelete
  5. සර්පයෝ ගැන දැනගෙන ඉන්න එක හොඳයි ඒත් ප්‍රියන්ත හොයන්න, දැනගන්න තව කොච්චර ලස්සන දේවල් තියෙනවද?

    ReplyDelete
  6. ලියමු ලියමු දිගටම ලියමු..

    ReplyDelete
  7. ප්‍රියන්ත අයියේ ඊ ලඟ පාර ඔය රෝසමල් ගැනවත් විස්තර ටිකක් හොයලා දාන්නකෝ!

    ReplyDelete
  8. මමනම් මූව මීට පෙර දැක නැත.
    දැන් අපේ ගෙදරට නිතරම වාගේ එන්නේ ගැරඬිය.
    ඒත් කලෙකට ඉහත නාගයෙක් උදය වරුවේ ආවේ ගියේය.
    දවසක් මම ඌගේ පෙනයටද උඩින් පැන ඇත්තෙමි.
    කලෙකින් නයෙකු නොදුටිමි.
    ඒ නිසා දැනට මම නයින්ට බය නොවෙමි :-D

    ReplyDelete
  9. පොඩ්ඩි අක්කා මෙච්චර සර්පයන්ට බය තියෙද්දිත්, මේ සර්ප විමානෙට එනවනේ!

    ReplyDelete
  10. @ අනුරාධ
    ඔව්නේ. හැබැයි දෂ්ඨ කරන්න හිතන් ඉන්න සර්පයාම අඳුනගන්න වෙනවා. ස්තූතියි අනුරාධ ප්‍රතිචාරයට.

    ReplyDelete
  11. @ හා පැටික්කි.
    කොච්චර හොඳද මේ වගේ සතෙක් බේරලා යවන එක. මේයාගෙන් කරදරයක් වෙන්න ඉඩ අඩුයිනේ. ස්තූතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
  12. @ හරි
    මෙයා ගැන කියවෙනවා හුඟක්ම අඩුයි. මං හිතන්නේ සුලභව නැති සර්පයෙක් නිසා වෙන්න ඕන.

    ReplyDelete
  13. @ ප්‍රවීනා
    ඔව් ඉතින් ඔයාට මොකටද මේ සර්පයින් ගැන නේද. වලව්වට සර්පයෙක් ආවොත් මොකද කරන්නේ.

    ReplyDelete
  14. @ neetha
    මම නම් දැන් සර්පයින් ගැන හොයන්නේ නෑ නීතා. ඉස්කෝලේ යන කාලේ තමා වැඩියම මේ ගැන හෙව්වේ. ඒ විස්තර වලට අළුතින් එකතු කරල තමා මේ ලියන්නේ. දැන ගන්න තියෙන ලස්සන දේවල් මටත් කියන්නකෝ.

    ReplyDelete
  15. @ Praසන්ன
    මේ සතියම ලියන්න යන්නේ ප්‍රසන්න. ස්තූතියි ප්‍රතිචාරයන්ට.

    ReplyDelete
  16. @ Anshu
    රෝස මල් ගැන ලියන්නේ මොනවද? මල් වල ලස්සන ෆොටෝ ටිකක් නම් ඇති ඕන නම් ඒවා දාන්න පුළුවන්. රෝසමල් වගේ ගැණු ළමයි ගැන තමා ලියන්න වෙන්නේ. ඒකත් අහන්න කෙනෙක් හොයාගන්න වෙනවා...

    ReplyDelete
  17. @ මගේ ජීවිතය
    ඔව් ගෙවල් වලට නිතරම එන්නේ ගැරඬි තමා. ඒ එයාල වැඩියෙන් ඉන්න නිසා වෙන්න ඇති. එයාගෙන් කරදරයක් නෑනේ. හැබැයි දැක්කම නම් පිළිකුල් තමා.
    දැන් නයි දකින්න අඩුයි. පරිසරයේ නිදහසේ ඉන්න නයෙක් අවුරුදු 3කින් විතර දැක්කේ නෑ.

    ReplyDelete
  18. @ Samanalee
    මෙකේ පණ තියෙන කෙනෙකුට ඉන්නේ මම විතරයි සමනලී. පොඩ්ඩි සර්පයින්ට බය උනාට මට බය නැතුව ඇති.
    ස්තූතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete