Sunday, January 30, 2011

සත්වෙනි දවස....

ඔන්න දවසක් එකෙක් එෆ් එම් එකකට කොල් කරල වැඩක් අනාගෙන ඒක වහන්න බ්ලොග් පොස්ට් සතියක් දාලලු. හැබැයි ඒකෙන් උනේ කොහෙදෝ යන එකෙක් එතන තිබුණ කුණු අඹයකට සෙට් වෙලා ඒක විදගෙන යන අතරේ මේ කේස් එක ඇහිල ඇවිත් පෝස්ට් එකක්ම දාලලු. දැන් බස් එකෙන් බේරෙන්න ගිය එකාට බස් එකෙයි බ්ලොග් එකෙයි දෙකෙන්ම ගරු සැලකිලි ලු. ඔය සෙට් එකේම කට්ටියක්ලුනේ කාලෙකට කලින් අර කොහේද ගඟක පාරු පදින්න ගියා කියන්නේ. සූ ගාල 17දෙනෙක් ලේලන්ඩ් වයිකිං සීට් 52 බස් එකක කට කපල එකක් ගියාලු. ඔය යද්දිනේ එකෙක් කට්ටියට ලෝකේ පළවෙනි වතාවට ගල්රෝලක් පෙන්නලා තියෙන්නේ. ඒකත් වෙලා තියෙන්නේ පොර කේක් කෑල්ලක් කන්න යනකොට. අප්පද බොල කියන්න බැරි උනානේ. ඔය ගමනෙදි එක්කෙනෙක් සම්මාන කලින්ම ගන්න කලින් දවසෙ ඊමේල් බෙදාගෙනම ඉන්විසිබල් මූඩ් එකේ  ගමනට සෙට් උනාලුනේ. පවු අසරණ හබීට තමා නහය දන ප්‍රශ්ණෙ. 
ඔය දවසේ පොරක්ගේ සැඟවුනු දක්‍ෂතා එළි උනා කියනවනේ. ඒ කියන්නේ ටියුබ් එකක නැගල වැඩිම වෙලාවක් වතුරේ පාවෙන්න පුළුවන් කියල පෙන්නපු එක. තව එකෙකුට කැමරාවක් සෙට් වෙලා. අපොයි කැමරාවේ 8ජීබී මෙමරිය ඉවර වෙනකල් ෆොටෝ ගහල මදි උනාම තව කැමරා හොයනවලු. ඌට සපෝට් එකට ෆොටෝ ගන්න තව ස්වීට් පොරකුත් සෙට් උනා කියන්නේ. ඔය ගමන යන්න කියනවනේ කැලේ ඉඳන් වැදි ජෝඩුවක් අස්සයෙක් පිටේ ආවා කියන්නේ. උන් දෙන්නා දවල් වහිනවාද කියල අහගෙන ආවේ  රෑ වැස්සෙ නාගෙනලු. ඔය අර පොඩි කාලේ අම්මිලා ඇත්තෝ නෑව්වට පස්සේ නෑවම කියනවනේ. 
දැන් ඉතින් කට්ටිය ආපසු යන්න කියල. ඒත් එකෙක් යන්නේ නැතිව හිටියාලු. ඒ ඌට ලැබුන කොමිස් එකයි කියන්නේ හාවෝ ටිකක් ගෙනාවට. 
තව පොරක් හිටිය කියනවනේ ඔය සෙට් එකේ වචන 10ක් කතා කරපු නැති. හැබැයි ඌ ගෙදර ගියාට පස්සේ සද්දේ බලන්න ඕන. එහෙම වෙන්නේ එක කටක් තිබුනට ඇඟිලි 10 කින් ටයිප් කරන හින්දලු. පොර අඳුන ගන්න හරි ලේසියි. වයසක පෝනියෙක් පිටේ යන්නේ. දැන්නම් ඌව රා කඩේට උකස් කරලලු. ඒ සල්ලි වලින් බාගයක්ම අරන් පොරක් බුලත් විට කාල. ඌම තමා බස් වලට කෙල්ලො ආවම රචනා ලියනවා කියන්නෙත්. කවදාවත් ආදරේ කරපු නැති එකෙක්ද මන්දා. 
කියන්න අමතක උනානේ. මේ ළඟදි දවසක නාරංගොඩ පැත්තේ බුවෙක් (එහෙම කිවුවට පොඩි කොල්ලෙක් කියල හිතන් ඉන්නේ) කාන්තා බස් එකකට නැගල මාර සීන් එකක් උනාලු. කොසු අමොරාගත් කෙලි පැටික්කියෙක් මහාමේරු පර්වතය සේ පන්නන් එද්දි යන්තම් කොල්ලොටිකක් පැනල බස් එක නවත්තලලු බේර ගත්තේ. 
මේවා වාර්තා කරන්න ගියේ රජකම් හොයන්න ගිහින් අන්තිමට කෙලවගෙන ආපු එකෙක් කියනවනේ. හැබැයි ඔය රජ මැදුරද කොහෙන්ද කියන තැනිනුත් ඇහෙනවා ඒ ඇත්ති හැම දේම අසාර්ථක උනාම මිදි ඇඹුල් කිව්වයි කියල.
එන විධිය හොඳ නෑ වගේ. මාධ්‍යයන්ට අත නොතබනු...
ඒ කිව්වට දුවන එක හොඳයි වගේ..
සුභ.. ද...ව....ස...ක්....!!! .......

13 comments:

  1. අපොයි රජ මැදුරේ ඇත්තී මිදි ඇඹුල් කීවලු කියන්නේ රජ ගෙදර ඇත්තෝම වෙච්ච එකනේ කාරිය. අග රජතුමා ඉතින් ඇඹුල් මිදි ගෙඩියක් වෙන්නැති. දුවන්න වෙනවා, අහුවුනොත් රජාට උනත් කොසු පාර. (අනෙක බස් එකකට නැග්ගේවත් නැති කෙනෙකුට තමා මේ මඩ ) මේ පාර නම් නියම ශ්‍රී ලාංකික සිංහලෙම ලියලා තියනවා.

    දැන් ඉතින් ඔය බ්ලොග් සතිය අහවරද?

    ReplyDelete
  2. හික් හික් .......... ‍පෝනියා වික්ක සෝලෝ :D

    ReplyDelete
  3. මාරම මාරයි මේකනම්.......

    කෝ බලන්න දැන් ප්‍රියා අයියා දීපු තොප්පි දාගෙන ගැලපෙනවද බල බල කැරකි කැරකි හැඩ බලන උදවිය............

    ReplyDelete
  4. @ හා පැටික්කි,

    ඔන්න හොඳට බලාගන්ට එක්කෙනෙක්ව. මම ඔයාලගේ ප්‍රියා අය්යගේ නම මාරු කලා. ප්‍රියන්ත ඒ. බී. වෙනුවට ප්‍රියන්ත ඒ. මි. බී. කියවන්න පුලුවන්ද? ප්‍රියන්ත ඇඹුල් මිදි බන්ඩාර.

    ReplyDelete
  5. මෙන්න ඒ ගමන මෙයාත් පටන් අරන් :D :D

    ReplyDelete
  6. කවුරු ගැනද අනේ මේ ලියලා තියෙන්නේ.....
    අපිට නොකියා කවුද ට්‍රිප් ගියේ ආ....හ්!!

    ReplyDelete
  7. ය‍කෝ අපි මෙච්චර බස් වල යනවා.. මුන් අපිට හොරෙන් ට්‍රිප් එකකුත් ගිහින්.. වැඩේ නන් හරිම කැතයි ප්‍රියන්ත අයියා....

    ReplyDelete
  8. මොකෝ ප්‍රියන්ත අයියේ අද උදේ නැගිට්ටේ ඇඳේ වැරදි පැත්තෙන්ද?

    ReplyDelete
  9. සියලු දෙනාටම...
    ලියන්නම දෙයක් නැති නිසයි මේ ලීවේ. කවුරුත් අමනාප වෙන එකක් නෑ කියල තියෙන විශ්වාසය මතයි මේ ලියන්නේ. මෙහි සියලු චරිත මට ගොඩක් සමීපයි. ඉතින් ඔයාලට තියෙන ආදරේට මෙහෙම ලියන්නේ. ඔය ඉන්න අයත්, කමෙන්ට් කරන්න ආ සැමත් තමා මගේ ශක්තිය.
    මේන් වැන්දා. ගහන්න නම් එපෝ......:D

    ReplyDelete
  10. දෙයියනේ කියලා මම ගැන මොකුත්ම ලියවිලා නෑ... තෑන්ක්ස් ප්‍රියා,,,

    ReplyDelete
  11. ඇත්තට ප්‍රියා කව්ද බන් අර හා පැතව් ටික ගෙනිච්ච එකා?
    බය නැති කෙනෙක්ද

    ReplyDelete