Monday, January 24, 2011

බ්ලොග් සතිය


සුභ දවසක් කියලම පටන් ගන්න යන්නේ.
බ්ලොග්, ෆේස්බුක්, ටිවීටර්, ගූගල් බස්. කුවුරුත් දන්න දේවල් වෙලා නේ දැන්. අපේ සිංහල දැන් මේ හැම එකේම ව්‍යාප්ත වෙලා. කොපමණක්ද කියනවනම් අපේ අය දැන් ගූගල් බස් ටීම් එකේ ඔෆිශියල් බස් වල යන්නෙත් සිංහල යුනිකෝඩ් වලින්. ගූගල් කාරයත් ඒක දන්නවා කියන්නේ. නැතිනම් මාතෘකාවට පටහැනියි කියල බස් එක කඩා දමයිද? දැන් ගුගල් සිංහල ඉංගිරිසි ට්‍රාන්ස්ලේටරයක් හදනවා කියන්නේ. අනේ මම නම් දන්නේ නෑ මේ කතා ඇත්තද බොරුද කියල. කොහොම උනත් කලෙක ඉහලම තලයක පැවති බ්ලොග් කරනය දැන් තරමක් පහලට ඇවිත් කියල ඇතැම් අය කියනවා. මේ බුකියෙන් (ෆේස්බුක්) හා බස් එකෙන් බ්ලොග් කරණයට බලපෑම් එල්ල වෙලාලු.
එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ. මම නම් මගේ පොස්ට් ආපු පිළිවෙලටම දාගෙන යනවා. ඔය දෙකෙම මමත් ඉන්නවා. ඒත් මගේ බ්ලොග් පොස්ට් ඒ කිසිවකින් ප්‍රමාද කරලා නම් නෑ.
ඒ කෙසේ වෙතත් බ්ලොග් කරණයට නව පණක් දෙන්න අපේ වැප් බ්ලොග් සතියක් ප්‍රකාශයට පත් කරල. ඒ කියන්නේ අද සිට 31 වෙනි දින දක්වා එක දිගට සතියක් දවසට එක බැගින් පොස්ට් 7ක් දාන්න. ඉතින් මමත් හැකි ආකාරයෙන් පොස්ට් ටිකක් දාන්න හිතුවා. අඩුම වශයෙන් දිනක් හැර දිනක් වශයෙන් පොස්ට් 4ක් වත් මම දානවා මේ සතියේ. බ්ලොග් කරණය නිසා අපි බොහෝ දෙනෙක් දැන හඳුනා ගත්තානේ. ඉතින් අපි කොහොමද මේ බ්ලොග් අමතක කරන්නේ. 
එහෙමනම් අපි කට්ටියම පුළුවන් තරමින් මේ සතියේ පොස්ට් කරමු. හැබැයි ඉතින් කියවලා වතුර පාරක් ගහල යන්නත් (කමෙන්ට් එකක් දාල යන්න) කට්ටිය ඉන්නවනම් තමා හොඳ.
ඔන්න මගේ පළමු පොස්ට් එක තව හෝරා කීපයකින් දානවා.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

12 comments:

  1. හුරේ මාත් එන්නම් ඔය සතියට...... අපි අපිමනේ ඉතින් වතුර ගහගන්නෙත් ඒ නිසා අඩුවක් වෙන එකක් නැ අයියා......

    වැප් අයියා පව්නේ එහෙනම් උදව් වෙමු...... හික්ස්...... :P

    ReplyDelete
  2. එහෙනම් පටන්ගන්න. මාත් පුළුවන් හැටියකට ඇවිත් වතුර ටිකක් ඉහල යන්නම් :-D

    ReplyDelete
  3. වැප් අයියා පව්නේ එහෙනම් උදව් වෙමු...... හික්ස්..

    ReplyDelete
  4. මටනං එච්චරම ලියන්න වෙන එකක් නෑ. විභාගෙනෙ :(

    ReplyDelete
  5. @ හා පැටික්කි.
    ස්තූතියි නංගි. ඔන්න තවත් සර්පයෙකුගේ විස්තර දැම්මා..

    @ මගේ ජීවිතය.
    ඊට වඩා මොනවද. වතුර පාරක් වදිනවනම් ලියන්නම්කෝ..

    @ Dar[K]
    ඔවු උදවුවක් දෙමු.....:D

    @ blog gadol
    අවුලක් නෑ පූස් මල්ලි. පුළුවන් විධියකට කරමු. විභාගෙ ගොඩ දාන එක කරගන්නම වෙනවා. ඒකයි වැදගත්.

    ReplyDelete
  6. හොඳ අදහසක් තමයි... මෙන්න මගෙනුත් ලොකූ,,,,,,,වතුර පාරක්.

    ReplyDelete
  7. පළවෙනි පෝස්ට් එක පැය කිහිපයකින් දානවා කියන්නේ මේක 0 වෙනි පොස්ට් එකද? :p
    පහුගිය ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා.. දන්නවනේ ඉතිං ;)
    -කාංචන

    ReplyDelete
  8. ඔන්න අපිත් ආව‍
    මාත් ගැහුව වතුර එකක්. හරි කමෝන්...

    ReplyDelete
  9. එක පාරටම පටන් අරන්නේ කලින් දැනුම් දුන්නේත් නෑ :-/

    ReplyDelete
  10. ඔන්න ‍මගෙන් සෝයි වතුර පාරක්.... :-D :-D

    ReplyDelete
  11. @ හරී
    @ කාංචන
    @ තරිඳු
    @ ප්‍රසන්න
    @ පූසා
    @ පසන්
    කට්යිටටම ස්තූතියි. පෝස්ට් දෙකක් දැම්ම නිසා මේකේ කමෙන්ට් බලන්න අමතක උනා. වෙන් වෙන්ව කිවුවේ නැතත් ඔය වතුර පාරෙන් තමා මේ බ්ලොග් දුවන්නේ...

    ReplyDelete