Tuesday, January 11, 2011

සිහිනයෙන් දුටු අවුරුද්ද

දැන් ටික දවසකට කලින් අපේ ටික ටික හිනාවෙන අභිත හෙවත් අභියා මාර හීනයක් දැකලනේ. කට්ටිය දැන් දන්නවත් ඇති මොකක්ද මේ හීනෙ කියල. දන්නෙම නැතිනම් හීනේ බලන්න මේ පාරෙන් යන්න. 
හිනාව නවත්ත ගන්න බෑනේ.
ටිකක් ඉන්න මම තාම හිනා වෙනවා.
මොනව උනත් හොඳ අදහසක්. අපේ බ්ලොග් කරුවන් මේ වගේ දේකට එකතු කරගන්න එක. අනික අවුරුදු උත්සවයක්නේ. අවුරුදු උත්සව නම් මොනවද. ආයතනයක කට්ටිය සෙට් වෙලා තියයි. නැති නම් ගමේ කට්ටිය සෙට් වෙයි. අන්තිමට මුල්ලකට සෙට් වෙලා බාල්දියකුත් පෙරලන් කට්ටිය විසිරෙයි. සමහරු අවුරුදු උත්සවේ ඉවර කරන්නේ පොලෝසියෙන් කියනවනේ. අනේ මන්දා මේ වයේ ඇත්ත නැත්ත.
ඒත් මේක වෙනස් දෙයක්. අර කලින් කීව ඒවගේ වගේ නොවේ. වැඩිය නොදන්න. සමහර විට කිසිදා නොදුටු සෙට් එකක් එකතු කරන්නයි මේ අදහස. මේකටම ගුගල් බස් එකකුත් දාල අපේ වැප්. පුදුම උනන්දුවනේ. දවසින් සියල්ල සූදානම්. කොච්චර කටිටිය උනන්දුද කියනවනම් බස් එක දවසින් චකබ්ලාස්. දැන් ඔය දෙවෙනි එකකුත් යන්නේ. දැනටම සංවිධායක කමිටුව පත් වෙලත් ඉවරයි. කිසිම දෙයක් බලා පොරොත්තු නොවී හොඳ සංවිධායකයින් ටිකක් එකතු වෙන්නේ.
කිසි කෙනෙක් කලබල වෙන්න එපා මේක වෙනස්ම අවුරුද්දක්. අර කලින් කීව ඒවා වගේ නම්නෑ. එන අයගේ සතුට වෙනුවෙන් තමා මේක කරන්නේ. දැනටම බ්ලොග් කරුවන් කීප දෙනෙක් අනුග්‍රහය දක්වනවා. බස් එකෙනුත් අනුග්‍රහය දක්වනවා. අවුලක් නැතිව ඔබ කවුරුත් වෙනුවෙන් අපි මේක කරමු.
දිනය 2011 අප්‍රේල් 03 දා උදේ 9.30 සිට සවස 3.30 වෙනකල්
ස්ථානය: තිඹිරිගස්යාය හෙන්රි පේදිරිස් ක්‍රීඩංගනය.
එහෙනම් ඔන්න කලින්ම කිව්වා ඒ දවස වෙන වැඩකට වෙන් කරගන්න එපා.
එන්න එදාට අපි සැම එකතු වෙමු. බ්ලොග් ගැන, තාක්‍ෂණය ගැන නොව අප ගැන කතා කරමු. අපි එකිනෙකා හඳුනා ගනිමු. පොඩි සිංදුවක් කියල අවුරුදු ක්‍රීඩා කරල, ඕනනම් නටල විනෝද වෙමු..
ගිහින් එන්නම්..
සුභ දවසක් !!!


ප/ලි
දිනය වෙනස් කළා. දිනය අප්‍රේල් 03 වෙනිදා. වේලාව උදේ 9.30 සිට සවස 3.00 දක්වා. 

9 comments:

  1. ශිහ්... මම දාන්නත් කළින් ප්‍රියන්ත අයියා දාලනේ.... එළකිරිස්.. අපි දෙමු ලෙසට...

    ReplyDelete
  2. වැඩේ එලකිරිස් අයියා. හැබැයි දවස තමයි අවුල. ලංකාව වර්ල්ඩ් කප් ෆයිනල් ආවොත් කවුරුවත් අවුරුදු උත්සවේට එන එකක් නෑ. (අප්‍රේල් 2 වර්ල්ඩ් කප් ෆයිනල්)

    ReplyDelete
  3. වැඩේනං නියමයි...

    ReplyDelete
  4. ලංකාවෙ හිටියොත් එනව......

    අනුමත වෙන්න මුකුත් සංවිදානය කරල නැද්ද?

    ReplyDelete
  5. දැන් ඕං සීන් එක ඇත්ත වෙන්නනෙ යන්නෙ.

    ReplyDelete
  6. අනේ අම්මප සංසදේ සුහද හමු දෙකම මිස් උනා... මේකවත් බලමු.
    මේ ඔය පේදිරිස් ක්‍රීඩාංගනේ කොහෙද තියෙන්නේ. . .

    ReplyDelete
  7. @ අභීත
    මම ඉස්සර උනා නේද...
    @ blog gadol
    ඔන්න දවස හරි 3 වෙනිදට ගත්තා...
    @ Praසන්ன
    එන්න පුළුවන් නම් තමා හොඳ..
    @ ඉංදික
    ඒවා පසු දිනට...
    @ dinesh
    ඇත්ත කරන්න යන්නේ දිනේශ්...
    @ raala
    ඔන්න විස්තර එකතු කළා. කිට්ටු වෙනකොට අපි සෙට් එකම තව පෝස්ට් එකක් දාන්න ඉන්නේ. සියලු විස්තර එක්ක..
    @ පුතා
    යමු යමු. මටත් යන්න කෙනෙක් නැතිව උන්නේ...

    ReplyDelete
  8. ප්‍රියන්ත අයිය කිව්වත් වගේ ඇත්තමට මේ අවුරුදු උළෙල වෙනස්ම ආකාරයක එකක් වේවි..

    උණුසුම් සුබ පැතුම් එක්කරන ගමන් හැකි උපරිමයෙන් උදව් කරන්න අපිත් ලැහැස්තියි..

    ReplyDelete