Saturday, January 8, 2011

ශ්‍රි ලංකාවේ සර්පයන් ගැන හැඳින්වීම...

එහෙනම් කලින් පොස්ට් එකේ පොරොන්දු වූ ආකාරයෙන්ම අද සිට මේ අප අවට පරිසරයේ ඉන්න සර්පයන් ගැන කතා කරන්නයි යන්නේ. මම පාසලේදී සත්ත්ව විද්‍යාව ඉගෙන ඇතත් ඉන්පසු ඒ පිළිබඳව ඉගෙන ගත්තේ නෑ. ඒ නිසාම මම සර්පයන් පිළිබඳ විශේෂඥයෙක් නම් නොවේ. මගේ ලිපිවල ඇතුලත් කරන්න බලා පොරොත්තු වන්නේ සර්පයන් ගැන සාමාන්‍ය තොරතුරු පමණක් බවත් කලින්ම කියන්නම්.
සර්පයින් යනු පාද නොමැති, දිගු ශරීරයකින් යුත්, කොරපොතු සහිත සමකින් වැසුන උරගයින් පිරිසකි. ලොව පුරා ගණ 450කට වැඩි සංඛ්‍යාවකට අයත් සර්ප විශේෂ 2900ක් පමණ වාසය කරයි.
සර්පයින්ගේ වර්ගීකරණය දැක්වෙන්නේ මේ ආකාරටයි.
රාජධානිය (Kingdom)        සත්ත්ව (Animalia)
වංශය (Phylum)                 කොඩාටා (Chordata)
උප වංශය (Sub Phylum)    වර්ටිබ්‍රේටා (Vertebrata)
වර්ගය (Class)                   රෙප්ටීලියා (Reptilia)
ගෝත්‍රය (Order)                ස්කුවමාටා (Squamata)
උප ගෝත්‍රය (Sub Order)   සර්පන්ටස් (Serpentes)
මෙයින් අප රටේ සත්ත්ව කුල (Family) 8කට අයත් සර්ප විශේෂ 96ක් පමණ හමුවන අතර ඉන් 35ක් පමණ විශ සහිත සර්පයන් ගණයට අයත් වේ. මේ අතරින් සර්ප විශේෂ 20 උග්‍ර විෂ සහිත සර්පයන් වන අතර එයින් 13ක්ම මුහුදේ වාසය කරන කරදිය වාසී සර්පයින් වේ. ගොඩබිම වසන වර්ග ඇත්තේ 7ක් පමණි. මෙම උග්‍ර විෂ සහිත සර්පයින් 7 අතරට ආසියාවේ උග්‍රම විෂ සහිත වර්ග 4ක්ම අයත් වේ. The big four ලෙස හඳුන්වන නාගයා (Cobra),  වැලි පොළඟා (Saw scaled viper), තෙල් කරවලා (Common Krait) හා තිත් පොළඟා (Russell's viper)  යන සිව් දෙනා මේ කොටසට ඇතුලත්.

මීට අමතරව මුදු කරවලා (Ceylon Krait), දෙපත් කළුවා (Ceylon Coral Snake) හා කුණකටුවා හෙවත් පොළොන්තෙළිස්සා (Hump-nose viper) උග්‍ර විෂ සහිත සර්පයන් යටතට ගැනේ.
මෙයට අමතරව මද විෂ සහිත සර්ප විශේෂ 3ක් හඳුනාගෙන ඇත.
පළා පොළඟා (), මූකලන් තෙලිස්සා () හා කුඩා මූකලන් තෙලිස්සා () මේ යටතට හඳුනාගෙන ඇත.
මීට අමතරව සුළු විෂ සහිත සර්ප විශේෂ 12ක් ලංකාවේ හඳුනාගෙන ඇත.
ඉතිරි සියලුම සර්පයින් අයත් වන්නේ විෂ රහිත සර්පයින් යටතටයි. ඒ අනුව අපේ රටේ ගොඩබිම මාරාන්තික සර්පයින් සිටින්නේ විශේෂ 7ක් පමණි. 
මෙම සියලු දෙනාම කුල 8කට අයත් බව ඉහත සඳහන් කළානේ. ඒ කුල පහත දැක්වෙනවා.
  1. ටිප්ලොපිඩේ කුලය (Typhlopidae
  2. යුරෝපෙලිටිඩේ කුලය (Uropeltidae)
  3. බොයිඩේ කුලය (Boidae)
  4. ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය (Acrochordidae)
  5. කොලුබ්‍රිඩේ කුලය (Colubridae)
  6. ඉලැපිඩේ කුලය (Elapidae)
  7. හයිඩ්‍රොපිඩේ කුලය (Hydrophiidae)
  8. වයිපරිඩේ කුලය (Viperidae)

ටිප්ලොපිඩේ කුලය
මොවුන් අන්ධය. පාංශු වාසීන්ය. ඝන දෙකකට අයත් විශේෂ 10ක් පමණ වාසය කරයි. 
    යුරෝපෙලිටිඩේ කුලය
    මොවුන්ද පාංශු වාසීන්ය(පොළව යට වාසය කරයි). ඝන 5කට අයත් විශේෂ 15ක් පමණ ලංකාවේ වාසය කරයි. එක් විශේෂයක් ලංකාවට ආවේණිකය.

    බොයිඩේ කුලය
    භෞමිකව වාසය කරයි. ඝන දෙකකට අතේ විශේෂ දෙකක් පමණක් ඇත. පිඹුරන් අයත් වන්නේ මෙම කුලයටයි. විෂ රහිතයි.

    ඇක්ක්‍රෝකෝඩිඩේ කුලය
    ජලයේ වාසය කරන සර්පයන් මෙම තුලයට අයත්ය. එක් ඝනයකට අයත් එකම විශේෂයක් පමණක් ලංකාවෙන් වාර්ථා වේ. උදාහරණ දිය නයා හෙවත් දියබරියා.

    කොලුබ්‍රිඩේ කුලය
    පාංශු වාසී, භෞමික, රුක්වාසී හා ජලජ යන පරිසර සියල්ලේම පාහේ දක්නට ඇත. ලංකාවේ වැඩිම ඝන සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මෙම කුලයෙනි. ඝන 22කට අයත් විශේෂ 42 පමණ වාසය කරයි. විශේෂ 4ක් ලංකාවට ආවේණික ලෙස සැලකේ. උදාහරණ ගැරඬියා.

    ඉලැපිඩේ කුලය
    භෞමිකව වාසය කරන සර්පයන් වේ. ඝන 3කට අයත් විශේෂ 5ක් ගැන ලංකාවෙන් වාර්ථා වේ. උග්‍ර විෂ සහිතය. කවුරුත් දන්නා නාගයා අයත් වන්නේ මෙම කුලයටයි.

    හයිඩ්‍රොපිඩේ කුලය
    කරදිය වාසී සර්පයන් මෙයට අයත් වේ. ඝන 10කට අයත් විශේෂ 15ක් ගැන ලංකාවෙන් වාර්තා වී ඇත. විෂ සහිත සර්පයන් වේ.

    වයිපරිඩේ කුලය
    උග්‍ර විෂ සහිත හා විෂ සහිත පොළඟුන් අයත් වන්නේ මෙම කුලයටයි. භෞමිකව හෝ තුරු මත වාසය කරයි. ඝන 4කට අයත් විශේෂ 6ක් ලංකාවේ වාසය කරයි.

    මම මෙම පොස්ට් එකෙන් මේ තරම් කුලය, ඝනය ආදිය ගැන විස්තර කරන්න සිතුවේ පාසල් අධ්‍යාපනය ලබන අයෙකුට මින් කිසියම් උපකාරයක් ගන්න හැකි වන් නිසා. අනෙක් අයටත් කිසියම් හෝ ප්‍රයෝජනයක් ඇතැයි සිතනවා. මීළඟ පොස්ට් එකේ සිට සර්පයින් එකිනෙකා බැගින් ගෙන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහෙනම් ගිහින් එන්නම්.
    සුභ දවසක් !!!

    ප/ලි
    හයිඩ්‍රොපිඩේ කුලය ගැන තරමක් වැඩි විස්තර දන්න අයෙක් සිටීනම් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිනවා. සියලු කරුණු පොත පතින් හා අන්තර්ජාලය මගින් ලබා ගත් ඒවා වන අතර වෙනස් කම් ඇත්නම් මීට වඩා අළුත් කරණු ඇත්නම් ඒවා සටහන් කර යන මෙන් ඉල්ලා සිටිමි. ඒවා මේ පෝස්ට් එකට එක්කරන්න මම සූදානම්.

    12 comments:

    1. වැදගත් තොරතුරු ටිකක්.
      දිගටම ලියන්න.

      ReplyDelete
    2. ප්‍රියන්ත,

      ලිපිය නම් ගොඩාක් හොඳයි. ඒත් අනේ මට නම් බැහැ සර්පයෝ දිහා බලන්න. ඔයා කියෙව්වොත්, මම අහගන ඉන්නම්.

      ReplyDelete
    3. sarpayo kawama karana prathikara ehemath danna puluwannam itha watinawa.

      ReplyDelete
    4. බුදු අම්මෝ සර්පයො ගැන මෙයා දන්න දේවල්,, අනේ ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට !
      අර කිව්වත් වගේ සර්පයෙක් දෂ්ඨ කරහම නිසි ප්‍රතිකාරයක් කෙරෙනකම් කල හැකි අත් බෙහෙත් ගැනත් ලියන්න.

      ReplyDelete
    5. @ Praසන්ன
      ස්තූතියි ප්‍රසන්න. ඔව් මේදවස්වල ඉදිරි ලිපි ඩ්‍රාෆ්ට් කරගෙන යනවා.

      ReplyDelete
    6. ප්‍රවීනා
      ලෑස්තිද අහන් ඉන්න. ඔන්න මම කියවන්න යන්නේ. හැබැයි සාවධානව ආසා සිටින්න ඕන. ප්‍රශ්න ඇසීම අවසානයට.

      ReplyDelete
    7. @ Anonymous
      ඒ ගැන කෙටියෙන් ලියන්නම්. මේ ලිපි මාලාව අවසානයේ.

      ReplyDelete
    8. @ හරි
      සර්ප දශ්ඨ කිරීමකදී අත් බෙහෙත් කීරීමක් නොකළ යුතුයි. අවසානයේ ඒ ගැන සරල කෙටි විස්තරයක් කරන්න ඉන්නේ.

      ReplyDelete
    9. නියමයි මචෝ.. දිගටම ලියපන්.. ගොඩක් වටින විස්තරයක්.. ගොඩක් හොද Blog එකක්..

      ReplyDelete
    10. නියමයි මචෝ.. දිගටම ලියපන්.. ගොඩක් වටින විස්තරයක්.. ගොඩක් හොද Blog එකක්..

      ReplyDelete
    11. ඇත්තටම නියම ලිපියක් තව ලියන්න. ඔයාගේ අදහස් වලින් මම ගොඩක් හොද දේශන කළා.

      ReplyDelete