Thursday, January 6, 2011

ශ්‍රි ලංකාවේ සර්පයෝ..

අම්මෝ සර්පයෙක්...
කෝ කෝ කොහේද??
මරමු මරමු...
මේ වගේ කතා අපේ රටේ ගම් බද ප්‍රදේශ, කෘෂිකාර්මික ප්‍රදේශ වලින් නිතරම අසන්නට ලැබෙනවා. සර්පයෙක් දැක්කම අපේ ගොඩ දෙනෙක්ට ඇති වන්නේ මාරක බියක්. ඉතින් ඒ නිසාමද කොහේද සර්පයෙක් දුටුතැන මරන්න එක් රැස්වෙන පිරිසක් නැති වෙන්නෙත් නෑ. මේ පිරිස් අතින් මිය පරලොව යන සර්පයන් ගණන කොතරම්ද? ඒ හැම සර්පයාම භයානකද?
මේ කතාව ලියන්න කලින් මම මේ ගැන ලියන්න හේතුව කියල ඉන්න හිතුවා. දැනට වසර ගණනාවකට පෙර මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්. ඉගෙන ගත්තේ 8 වන වසරේ. ගසක අත්තක සිටි සර්පයෙකු විසින් සපා කෑවා. තරමක විෂ සහිත එම සපා කෑම නිසා මට දින 5ක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නත් සිදුවුනා. ඒ වෙනකොට මගේ ළඟ සර්පයන් ගැන ලියවුනු කුඩා පොත් පිංචක් තිබූ නිසා මගේ අත සපාකෑ සර්පයා මට හඳුනාගන්න පුළුවන් වුනා. ඒ පොත අතින් ඇඳ ඇති රූප නිසා එතරම් පහසුවෙන් සතෙකු දැක හඳුනා ගැනීමට අපහසු වුවත් තරමක අවබොධයක් ලබා ගන්න ප්‍රමාණවත් වූවා. මම ඒ සර්පයා හඳුනාගැනීම වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමේදී ලොකු පහසුවක් වූ බවත් මට මතකයි.
මේ සිද්ධියෙන් පසු මම සර්පයන් ගැන ලියවුනු පොත්, පුවත්පත් වාර්ථා, වෙනත් වැඩ සටහන් වැඩි උනන්දුවකින් කියවන්න ගත්තා. මේ නිසා මම සර්පයන් ගැන තරමක අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම සර්පයන් ගණනාවක් හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඒ මතක ඔබ සමග බෙදාගන්න හිතුනා. ඒ උත්සාහයයි අද සිට ශ්‍රිලංකාවේ සර්පයන් ලෙස ඔබ හමුවේ තබන්නේ.
එහෙමනම් මෙතැන් සිට අපි සර්පයන් ගැනත් කියවමු. සර්පයන්ට බය වෙන්න එපා. ඒ සර්පයාට පුළුවන් සපා කන්න විතරයි. ඒහෙම බැලුවොත් වැඩිය බය වෙන්න ඕන ඇතැම් මිනිසුන්ට. ඔවුන් සපා නොකෑවට බොහෝ හානි කරන්න පුළුවන්.
ඉහත ඡායා රූපය ලංකාවේ සිටින විෂකුරු සර්පයින් අතරින් එකෙකු වන තිත් පොළඟා ගේ. 
ස්ථානය දෙහිවල ස්ත්වෝද්‍යානය.
එහෙනම් ගිහින් සරුපයන්ගේ විස්තරත් අරගෙනම එන්නම්..
සුභ දවසක් !!!!!

20 comments:

  1. අලුත් අදහසක්,එතකොට මොකාද අයියගෙ අත කෑවෙ?

    ReplyDelete
  2. ගොඩ දෙනෙක්ගෙ අතින් මැරෙන් බොහෝ සර්පයින්ට මිනිස්සුන්ට කිසිම හානියක් කරන්න බෑ.
    අලුතින් කරන්න යන වැඩේ හොදයි. අපටත් සර්පයො ගැන දැනගැත්තහැකි.

    ReplyDelete
  3. මගේ නම් සර්ප දැණුම බිංදුවයි.... බලමු ඒක වෙනස් කරගන්න...

    ජය වේවා...!!

    ReplyDelete
  4. නියමායි අයියා....දවසට අහිංසක සත්තු කීදෙනෙක් මැරෙනවද මිනිසුන්ගේ නෙදැනුවත්කම නිසා බයවෙලා.වැදගත් ලිපි ටිකක් වෙයි අපිට....
    අර අයියා කියපු කතාවනම් ඇත්ත‍‍.සර්පයෙක් දෂ්ඨ කරන්නේ උගේ ආරක්ෂාව වෙනුවෙන්...ඒත් අපි වටා ඉන්න මිනිස්සු අපිට දෂ්ඨ කරන්නේ අපිටත් නොදැනි....දෂ්ඨ ‍කරලා අවුරුදු ගාණක් ගිහින් තමයි තේරෙන්නේ අපිට ඒ මිනිහා දෂ්ඨ කරලා කියලා....එතකොට අපි පරක්කුයි....
    සුභ පැතුම් අයියා...දිගටම ලියමු....ඒ ලිපි ටික මේ ලිව්ව ඒවා වගේම ගොඩාක් වැදගත් වේවි...!!!

    මාත් හිතුවා බේත් පැලෑටි ගැන පෝස්ට් ටිකක් දාන්න...බලමු වෙලාව එක්ක....

    ReplyDelete
  5. නියමයි. සර්පයෝ ගැන ඉගෙන ගන්න මමත් හෙනම කැමතියි. සිද්ධිය ඉස්සරහටත් ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. පුලුවන්නම් වැඩි විස්තර විදිහට පාරම්පරික වෙද ක්‍රම, ඒ ඒ විෂ ගැන විද්‍යාත්මක විශ්ලේෂන සහ මීට වැඩිය පින්තූර (දෙක තුනක්) දෙන්න. ජය වේවා!

    ReplyDelete
  6. ප්‍රියන්ත,

    සර්පයන්ට මම නම් ආසම නෑ. බයම බයයි. ඔයා ලීව නිසයි කියෙව්වේ! හොඳ ලිපියක්...

    @ මුචලින්ද,

    මේ අර දරන ගහගන හිටපු කෙනා නෙමේ වෙන්න ඇතිනේද?

    ReplyDelete
  7. වැඩේ හරිම හොඳයි.

    සර්පයින්ව වුනත් නිරපරාදේ මරලා පව් පුරවගන්නවාට ඕනේ නැනේ.
    අගය කරන්න ඕනේ වැඩක්.

    @ සෝරෝ...
    ඇයි මචෝ "ප" යන්න තින එකාවවත් අදුරන්නේ නැද්ද? හික්ස් :D

    ReplyDelete
  8. ශික් මේ ඇඩ් එකක්නේ...කෝ ෆිල්ම් එක...

    ReplyDelete
  9. සහතික ඇත්ත කතාව. බොහෝවිට නොදැනුවත් කම අතින් අහිංසක සර්පයන් විශාල ප්‍රමාණයක් මිය යනවා. අගේ කල යුතු උත්සහයක්!!!

    ReplyDelete
  10. මාත් බොහොම ආස මාතෘකාවක් අයියා. මාත් ගොඩක් වෙලාවට ගෙදර අයට උනත් සර්පයන් මරණ්න දෙන්නැහැ. මොකද කව්රුත් හිතන මාරාන්තික විස හැම සර්පයා ළඟම නැති නිසා.
    ලංකාවේ මාරාන්තික සර්ප වර්ග කීයද දැක්කම මරපු අයටම මොන අපරාදයක්ද කලේ හිතෙයි. මද විස සර්පයන් තමා ගොඩක්ම ඉන්නේ.

    නියමයි...... මටත් ටික කාලෙක ඉඳන් සර්ප උණක් තියනවා..... ලිපි ටික කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා........ :D :D :D :D

    ReplyDelete
  11. @ හරී - පිණිපළස
    තාම පටන් ගත්තා විතරනේ. අත කාපු කෙනා ළඟට ආවම එයා ගැන කියන්නම්. කාලයක් හිතේ තිබූ අදහසක් මේ ලියන්නේ...

    ReplyDelete
  12. @ Praසන්ன
    ඒගැන හිතල තමා ප්‍රසන්න මමත් මේ වැඩේ පටන් ගන්න හිතුවේ..

    ReplyDelete
  13. @ සෝරෝ
    එහෙනම් කියවමු සර්පයන් ගැන ලියන පොස්ට් ටික..

    ReplyDelete
  14. @ ෴ හසියා ෴
    ඔව්නේ මල්ලි. සර්පයා උගේ ආරක්‍ෂාවට නැතිනම් ආහාරය අඩපණ කරගන්නයි දශ්ඨ කරන්නේ. ඒත් මේ අපේ අතර ඉන්න සර්පයෝ..
    හොඳ අදහසක්. ලියන්න බෙහෙත් පැළ ගැන දන්න අය දැන් හොයන්නත් නැතිතරම්. ඇත්ත කියනවනම් මමත් ඕය ගැන දන්නේ නැති තරම්.

    ReplyDelete
  15. @ මුචලින්ද
    ඉදිරියට දාන පොස්ට් වලදී මීට වඩා ෆොටෝ එකතු කරන්න ඉන්නේ. කියා ඇති කරුණු ගැන මමත් හිතුවා. ඒත් පාරම්පරික විෂ වෙදකම ගැන නම් ලියන්න තරම් විස්තර මට නෑ. පුළුවන් උපරිමයෙන් ලියන්නම්.

    ReplyDelete
  16. ප්‍රවීනා.
    සර්පයන්ට ආස අය නම් ඉන්නේ බොහොම සුළු පිරිසක්. විශේෂයෙන් කාන්තා පාර්ශවය කැමතිම නෑ. ඒත් සර්පයින්ට බය වෙන්න ඕන නෑ. අපේ මිනිස්සුන්ට තරම්.
    බය වෙන්න එපා. සර්පයෙක් ආවොත් මට කියන්නකෝ. හැබැයි බඩගාගෙන එන එකෙක්. ඇවිදගෙන එන උන්ටනම් මමත් කිට්ටු කරන්නේ දෙපාරක් හිතලයි..

    ReplyDelete
  17. @ සංකල්පනා - රුවන්
    ඔව් ඒනිසාම තමා රුවන් මම මේ පෝස්ට් ටික කරන්න හිතුවෙත්..

    ReplyDelete
  18. @ indi
    දැන් හැම එකටම කලින් එන්නේ ඇඩ් එකනේ. පොස්ට් ගණනාවක් තියනවා ලියන්න. තාම මගබලනවා. ඉක්මනින් දෙන්නම්..

    ReplyDelete
  19. @ ..ChAnDiKa..
    තවම පටන් ගත්තා විතරයි. පොස්ට් 10ක් වත් ලියවෙයි මේ ගැන.

    ReplyDelete
  20. @ හා පැටික්කි (MS)
    මම දන්නවා නංගි සත්තුන්ට ගොඩක් ආදරේ කරන බව. සතුන් ගැන හොඳ දැනුමක් හා නගාට තියනවනේ. වරදින තැන්වලදී මට උදවු කරන්නකෝ..

    ReplyDelete