Saturday, January 1, 2011

සුභ අළුත් අවුරුද්දක් වේවා.....


මගේ මතකයට පිවිසෙන ඔබ සියළු දෙනාම "සුභ අළුත් අවුරුද්දක් වේවා" කියා සාදරයෙන් පිළිගන්නවා...
අද දවස කාටත් වැදගත් දවසක්. අමුතුවෙන් කියන්න ඕන නෑනේ අදින් අළුත් වසරක් ඇරඹෙනවා. ඉතින් ඒ 2011 වසර සැමගේ පැතුම් ඉටුවන වසරක් වෙන්න කියල නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුද්දක් පටන් ගන්න දවසේ සුභ පතන එක සාමාන්‍ය සිරිතක්නේ. ඒත් අද මගේ මතකයට ගොඩ වදින ඔබ මට සුවිශේෂ පිරිසක් වෙනවා. ඒ අද මට, මගේ මතකයට සුවිශේෂ දවසක් නිසා ඇයි ඒ..??
මෙන්න බලන්නකෝ හේතුව....

ඔව් ඔය තියෙන්නේ රත්තරනින්ම ලියල. 
මේ තමා මගේ මතකයේ දිග හැරෙන 50 වෙනි පොස්ට් එක. මේ වසරේ මැයි 25 වනදා පටන් ගත් මේ බ්ලොග් එක මගේ පළමු බ්ලොග් එක. මීට කලින් මම කිසිම බ්ලොග් සටහනක් තබා බ්ලොග් එකක කමේනට් එකක් දාලවත් නෑ. කොහොම හරි දන්නෙම නැතිව 50වෙනි සටහනටත් ඇවිත්. බ්ලොග් කරණය ගත් විට එක් එක් අය තමන්ට ආවේණික රටාවකට අනුවයි ලියන්නේ. එය මටත් පොදු දෙයක්. මම නිතරම ලියන කෙනෙක් නම් නොවේ. ඒකනේ මේ 50 ලියන්න මාස 7ක් පමණ ගියේ. ඉතින් අද කරන්න යන්නේ අතීතය දෙස නැවත හැරී බැලීමක්.
මම කලින් පොස්ට් කීපයකම සඳහන් කර ඇති ආකාරයටම මට බ්ලොග් කරණයට පාර කැපුනේ අහම්බෙන්. ඒ කතන්දර ගේ බ්ලොග් එක එහම්බෙන් කියවීමෙන්. ඒ නිසා කතන්දර මම මගේ බ්ලොග් කරණයේ ගුරුවරයා ලෙසයි සැමදාමත් සලකන්නේ. ඒ දිනවලම කියවූ එකේ වාට්ටුව නිසා බ්ලොග් එකක් ලියන්න ඇතිවූ ආසාව වැඩි උනා. ඔය විධියට පටන් ගත් බ්ලොග් එකේ පළමු කොමෙන්ටුව ලැබුනේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගෙන්. ඉතින් බුද්ධිටත් මම ස්තූති වන්ත වෙනවා. මාව පළමුවෙන්ම ෆලෝ කරන්න පටන් ගත්තේ රවා මල්ලියි. දෙවැනුව නුවන් මාව ෆලෝ කරන්න ගත්තා. දැන් නම් 60 කට වැඩියෙන් මා පසුපස පන්නනවා. 
මේ කාලයේ මා සමග සිටි තවත් බොහෝ දෙනෙක් මතක් නොකරම බෑ.
සෑම පොස්ට් එකකටම පාහේ කමෙන්ට් එකක් දෙන්න එන මංකඩ ලියන කාංචන හා පිණිපලස ලියන හරී අමතක කරන්න බැරි දෙදෙනකේ.
දැනට මාස දෙකකට පමණ පෙර පළමු වරට මගේ මතකයට ගොඩවැදුන දා සිට එකක් නෑර සෑම පොස්ට් එකටම කමෙන්ට් එකක් දමන ඒ වගේම පොස්ට් ලියවෙන්නේ නැති අවස්ථාවල ලියන්න උනන්දු කරන පොඩි කුමාරිහාමි ලියන ප්‍රවීනාත් මගේ මතකයෙන් කොහෙම අයින් කරන්නද?.
බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් සෑම පොස්ට් එකක්ම කියවා කමෙන්ට් එකක් දමා යන්න අමතක නොකරන ප්‍රසන්නත් මම කොහොම අමතක කරන්නද?
ඒ විතරක් නොවේ. බ්ලොග් අවකාශයට ආ දින පටන් මේ පැත්තට නොවරදවාම එන ඉංදික ටත් ස්තූතිය පිරි නමන්නම ඕන.
තව මතක් කරනකොට ඉන්න ලිසිට් එක හරි දිගයි. ඒත් මගේ මතකයට නිතරම ගොඩවදින ඩුබයි වට්ටක්කා ලියන පුතා මල්ලිවත් අමතක කරන්න බෑ.
හැකි සෑම අවස්ථාවකම මේ පැත්තට ඇවිත් යන දුකා අයියා, බ්ලොග් ගඩොල් මල්ලිලා, සොඳුරු සිත ලියන වත්, සියපත ලියන සන්සරසිඳු, කට කහන කතා ලියන දුමී අයියා, සිතැඟි ලියන මා මිත්‍ර කුෂාන්, හා පැටික්කි, හසියාගේ නවාතැන ලියන හසියා, වැප්, ජීවිතේ මල්, ආන්ශ්, මගේ මරණය, රනා, පසන්, රන්දිකා, ෆා ද බ්ලොගි, සෝරෝ, ජේඩී, වාසල, තිස්ස අයියා, නොම්මරේ, අභීත ඇතුළු බස් එකේ කාණ්ඩේ කොහොම අමතක කරන්නද?
ඉන්න පොඩ්ඩක් තව කව්ද ඉන්නේ බලමු.....
ඇයි තව ඉන්නවනේ..
ආගිය කතා ලියන හසිත, ත්‍රිමාන ලියන කංචු, පලා මල්ල ලියන පිස්සා, ගැමුණු, මංමුලාවූ සිතිවිලි ලියන හේමලයා, වැම්පයර් ලියන වැම්පයර්, විහඟ ගීතයOutsider , නිශ්, මාරයාගේ හොරාව ලියන මාරයා.
කලින් කියන්න අමතක උනා. අපේ රවි අයියවත් මතක් කරන්න ඕන.
ඔය තමා මට මතක් වුන ලිස්ට් එක. තව ඇවිත් ගිය අය ඇති. ඒඅයත් නම් වශයෙන් ලියන්න බැරි උනත් ආදරයෙන් මතක් කරනවා කමෙන්ට් නොකරත් මගේ මතකය බලන තවත් පිරිසක් ඉන්නවා. ඒ අයටත් ස්තූතිය පල කරනවා.
ආ..කියන්න අමතක උනා තව Anonymous ලා සෙට් එකකුත් ඉන්නවා. තව කමෙන්ට් දාන්න ආපු වීරයෙකුත් ඉන්නවා. නෑ ඒව ඕන නෑ දැන්...
ආ ගමන ගැනත් කියනවනම් පළමු පොස්ට් එක දැම්මේ මැයි 25 වෙනිදා. වැඩි යෙන්ම ලියා ඇත්තේ පරිගනක තාක්‍ෂණය සම්බන්ධ ලිපි. ඉඳ හිට කවියක් දෙකක් ලියුවත් දැන් ඒවා ලියන්නේ මියුරු කල්පනාවේ. වැඩිම හිට්ස් ආවේ තාක්‍ෂණ ලිපි වලට හා අපේ වැඩ අපිම කරගමු ලිපි වලට. පෝස්ට් 49ක් අතරින් වැඩිම දෙනෙක් කියවා ඇත්තේ Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද? යන ලිපියයි. අඩුවෙන්ම කියවපු එක දාන්න ඕන නෑනේද. මොකද දැන් ඒකට ලින්ක් එක දුන්නොත් ඒකේ වාර්ථාව නැති වෙනවා.
තව මොනව කියන්නද? දැන් ඇති වගේ. අළුත් අවුරුද්දේ මේක කියවනව ඇරෙන්න තව වැඩ ගොඩක් ඇතිනේ.
මමත් තව දවස් කීපයකින් අළුත් ලිපි මාලාවක් පටන් ගන්නවා. දැනට ඒ සඳහා ලෑස්ති වෙමින් ඉන්නේ. අවුරුද්ද පුරාවට ලියන්න දේවල් හොයන්නත් තියෙනවානේ.
එහෙනම් මම ගිහින් එන්නම්. මෙතෙක් ආ ගමන ගැන ඔබේ සිතට එන දේවල් පහලින් කොටලම යන්නකෝ. ‍
සුභ නව වසරක් වේවා සෑම සියලු දෙනාටම !!!!!!

28 comments:

  1. ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා! ප්‍රවීනා නම් කොහොමත් අමතක කරන්න එපා. ඔයාගේ මතකයේ හැමදාම රදවාගන ඉන්න. අලුත් ලිපි මාලාව එනකල් අපි බලාගන ඉන්නවා.

    ReplyDelete
  2. මෙතනත් සුභ නොපැතුවොත් ඒක අඩුවක් නේද?
    ඉසුරු බර දිවියකට ආසිරි!!!,කිරි ඉතිරේවා නව වසරේ,,,,

    ReplyDelete
  3. ප්‍රියන්තටත් සුබම සුබ නව වසරකට ආසිරි පතනවා.
    ඒවගේම දිගටම 'මගේ මතක' ලියන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. අයියටත් පවුලේ සැමටත් සියළු පැතුම් බලාපොරොත්තු ඉටුවන නීරෝගීමත් වාසනාවන්ත නව වසරක් වේවා....!!!!!

    අයියා මට වඩා කොච්චර හොඳද ඔයාට කලින් ලියන්න පටන් අර ගෙනත් තවම 50 පේන තෙක් මානෙකවත් නෑ........ :D :D
    එහෙනම් තව තවත් බ්ලොග් ලිපි බොහෝමයක් ලියන්නටත් ලැබේවා......!!!!
    බස් එකේදි හම්බ වෙමු..... හික්ස්.... :P

    ReplyDelete
  5. ෂා නියමයිනේ අයියා....අපි ඔක්කෝම එකම බෝට්ටුවේනේ....

    මමත් අපේ හසී නඟාත් අද පනස්වෙනි පෝස්ට් එක දැම්මා....

    හදවතින්ම සුභ පතනවා අයියේ...දිගටම ලියමු....හදවතින්ම උණුසුම් සුභ පැතුම් අයියා....!!!

    ඒ වගේමයි සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  6. මගෙන් උණුසුම් සුබ පැතුම් 50වෙනි පෝස්ට් එකට...තවත් ලිපි ගොඩාක් ලියන්න ලැබේවා, අයියාටත් සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :D

    ReplyDelete
  7. අයියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ඒ වගේම 50 වෙනි ලිපිය ලිවිම සම්බන්දයෙනුත් අපේ උණුසුම් සුභපැතුම්. ලිපි 50ක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම අයියා ලියනවා වගේ වැදගත් ලිපි ලියන එක කොහොමත් අමාරුයි. ඉතිං වැඩි කල් නොයවා සෙන්චරියත් ගහන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    අපේ බ්ලොග් එකේ කවදාවත් වරද්දන්නෙ නැතුව අයියා දාන කොමෙන්ට් එක අපිට ලොකු ශක්තියක් කියලා කියන්නත් මේ වෙලාවෙදි කැමතියි

    ReplyDelete
  8. සුභම් සුභ අලුත් අවුරුද්දක් වේවා............
    ඔබගේ 50 වෙනි blog එක වෙනුවෙන් මගේ සුභ පැතුම් පිලිගන්න.
    http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

    ReplyDelete
  9. ප්‍රවීනා...
    ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.
    නෑ කවදාවත් අමතක කරන්නේ නෑ.

    ReplyDelete
  10. @ හරී
    එසේම වේවා හරී. ස්තූතියි...

    ReplyDelete
  11. @ Praසන්ன
    ප්‍රසන්නටත් සුභ නව වසරකට ආසිරි පතනවා. සුභ පැතුමටත් ස්තූතියි...

    ReplyDelete
  12. @ හා පැටික්කි (MS)
    හා නගාටත් සුභ නව වසරකට ආසිරි.
    හා පැටික්කි මේ විභාග, නෙට් කප්පාදුව එක්ක මේ තරම් දුරක් ආ එකම කොතරම් දෙයක්ද? ස්තූතියි නංගියේ..

    ReplyDelete
  13. @ ෴ හසියා ෴
    අම්මෝ හසියෝ සුභ පැතුමේ දිග. අවුරුදු දෙක තුනකටම ඇතිනේ...
    හසියා මල්ලිටත් එසේම වේවා .....!!

    ReplyDelete
  14. @ හසී
    හසී සුභ නව වසරක් පතනවා...!!
    අළුත් අවුරුද්දේ මගේ මතකයට අළුතින් ආව හසීව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  15. @ blog gadol
    මල්ලිලාටත් එසේම වේවා කියා පතනවා. මේ අවුරුද්දෙත් රසවත් කතා තොගයක්ම කියවන්න ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ.
    ස්තූතියි මල්ලිලාටත්....

    ReplyDelete
  16. 50ට 500ක් ලියවෙන සුබ නවවසරක් වේවා

    ReplyDelete
  17. ප්‍රියන්ත මල්ලි,

    ආයෙම පාරක් එහෙනම් සුබ නව වසරක් පතන්නම්,

    ReplyDelete
  18. “ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

    කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
    මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.

    ...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

    e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

    ප.ලි./-
    අයියේ ඔයත් අර්ධ ශතකයක් ගැහැව්ව එහෙනම්... ආන් අරෙහෙ හසිගේ සිතිවිලිත් අර්ධ ශතකයක් පහු කරල නෙව... ඕං අයියටත් අපෙන් උණුසුම් සුබ පැතුම් !! දිගටම ලියන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා...

    ReplyDelete
  19. @ Hasitha ජයසූරිය
    මගේ අම්මෝ එච්චර ගොඩක් අවුරුද්දකට ලියන්න නම් බෑ..
    හසිතටත් සුභ නව වසරක් වේවා ....

    ReplyDelete
  20. @ Ravi
    සුභ පැතුම්නේ අයියේ. වැඩි වෙන්නේ නෑ....
    අයියටත් සුභ නව වසරකට ආසිරි..

    ReplyDelete
  21. @ sansarasidu
    ස්තූතියි මල්ලිටත්.
    නියම සහතික කළ සුභ පැතුම මල්ලිගෙන්නේ.......
    එහෙනම් මල්ලිටත් සුභ නව වසරකට ආසිරි..
    ( Backdate කරන්න ඕන නෑ. අදත් සුභ දවසක්..)

    ReplyDelete
  22. නව වසරට සුබ පතන්න වෙන්නේ දවස් දෙකක් පරක්කු වෙලා.. මොනව කරන්නද ගෙදර හිටියෙ නෑ නොවැ.. මාවත් මතක් කරල තියෙන්නේ බොහොම ස්තුතියි.. පනහටත් නව වසරටත් ආසිරි එහෙනම් ඕන්.
    -කාංචන

    ReplyDelete
  23. සුබ වේවා මිත්‍රයා!

    ReplyDelete
  24. @ කාංචන
    දවසක් දෙකක් පරක්කු උනා කියල මම අමනාපයක් නෑ. කාංචනත් අමතක නොකර මේ පැත්තේ එන කෙනෙක් නේ. ඉතින් ඉඳහිට දවසක පරක්කු උනාම මොකද නේ..
    කාංචනටත් සුළභ නව වසරකට ආසිරි..

    ReplyDelete
  25. @ මුචලින්ද
    එසේම වේවා මමුචලින්ද මිත්‍රයාටත්....

    ReplyDelete
  26. Dear Priyantha,
    Congrats on your 50th post.
    Good work mate.
    Please continue writing.
    -KK

    ReplyDelete
  27. @ Kathandara
    ස්තූතියි කතන්දර. ඔව් දැන් අළුත් පොස්ට් ලියන්න පටන් ගන්නවා.
    ළඟදිම ඒවා දාන්නම්.
    කතන්දරටත් සුභ නව වසරකට ආසිරි පතමි....!!!

    ReplyDelete