Sunday, April 17, 2011

මගේ අවුරුද්ද...


උදාවූ අළුත් අවුරුද්ද සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!
අවුරුද්ද උදා වෙලා දවස් තුනක්ම ගෙවිලා ගියා. අවුරුද්ද වෙනුවෙන් මොනව හරි පොස්ට් එකක් ලියන්න කලින් ඉඳන්ම සිතා සිටියත් මොන හේතුවක් නිසාද මන්දා ලියන්න හිතුනේම නෑ. අවුරුද්දට කලින් පෝස්ට් එකෙත් මගේ අවුරුද්ද ගැන පොස්ට්එකක් ලියනවා කියා ගිහින් පොරොන්දු කඩ කරන්න හොඳ නෑනේ අළුත් අවුරුද්දේ. ඔන්න එහෙනම් අද කියන්නේ මගේ අවුරුද්ද ගෙවුනු ආකාරයයි.

සාමාන්‍යෙයන් මම අවුරුද්දට කියා අළුතින් වෙනම ඇඳුම් පැළඳුම් ගන්න පුරුද්දක් නෑ. ඒත් අම්මට අප්පච්චිට අළුත් ඇඳුමක් අරන් දෙන්න මම හරිම ආසයි. බොහෝවිට කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් දෙන එක තමා. මොකද මට ඔය ඇඳුම් තෝරනවා කියන්නේ කරන්න අපහසුම දෙයක්. ඒත් මෙවර දෙන්නා එක්ක ගිහින් ඇඳුම් අරන් දෙන්නම ඕන කියා හිතුවා. ඔන්න ඉතින් අපි තුන්දෙනා එක්ක ටවුන් එකට ගියා. හම්මේ ඉන්න සෙනග. අනේ මන්දා මිනිස්සු අවුරුදු කියා මොනවා මෙච්චර ගන්නවාද කියල. හැම දේම මේ කාලෙට මිළත් වැඩිනේ. අනික නිදහසේ තොරලා දෙයක් ගන්න පුළුවන්ය. වෙළෙන්දන්ටම ගිය නගරයක් වෙලා. පාරිභෝගික අයිතීන් කියල දෙයක් ඔවුන් දන්නවාද කියන්නත් බෑ. මින්ස්සුත් එහෙමයි. ගන්නවාට වැඩිය තෝරනවා. ඒත් අනිත්මට ගන්න දෙයක් නෑ. සමහර අයගේ පැය කීපයක් තෝරලත් මලු හිස්. අන්තිමේ පටන් ගත් තැනටම ඇවිත් මුලින්ම බලපුදේම ගන්නවා. ඔහොම වරුවක් විතර ටවුමේ දඟලල යන්තම් ඔන දේ අරන් ගෙදර ආවා.

අම්මා බොහොම මහන්සියෙන් කැවිලි හදනවා. අප්පච්චි උයන්න කැමති උනාට ඔය කැවිලි හදන ඒවට වැඩි මනාපයක් නෑ. නංගිත් අම්මාට වඩා වෙහෙසිලා. මමත් ඔය කැවුම් බදින කොකිස් බදින වැඩේට අකැමැත්තක් නෑ. කොහොමත් මට ඔය මිශ්‍රණය නම් හරියට හදන්න බෑ. ඒත් ගෙදර හැම දෙනාටම වඩා හොඳින් කැවුම් කොකිස් බදින්න නම් පුළුවන්. අනික අපේ බොහෝ කාන්තාවන්ට අපහසු කොණ්ඩ කැවුම් බදින්න බට හොඳට පුළුවන්. මම ඕක ඉගෙන ගත්තේ අපේ අම්මාගෙන්. අච්චුවක් නැතිව ඉරටු කූරක් හා තෙල් හැන්දෙන් කොණ්ඩය සිටින සේ කැවුම හදන්න මට හොඳට පුළුවන්. ඒත් මෙවර නම් කොණ්ඩ කැවුම් හැදුවේ නෑ.

කොහොම හරි ඔය ඔක්කොම ඉවර කරන් පරණ අවුරුදු දවසත් ආවා. නංගිලයි අප්පච්චියි උදේ වරුව නෑ හිතවතුන්ගේ ගෙවල් වල ගිය නිසා අම්මයි මායි ගෙදරට කොටු උනා. මොකද අවුරුද්දට ගෙදරට එන කට්ටියට ආපසු යන්න ගෙවල් වහල යන්න හොඳ නෑනේ. අවසනානයේ සවස අම්මයි මායි නෑදෑ ගෙවල් වලට යන්න ගියේ. 
ඔය අවුරුදු කාලෙට ගෙවල් වලට එන අයටත් අමුතු ලෙඩක් තියනවා දන්නවාද? අනේ මොනවත් කන්න බෑ. තේ එකක් වත් බොන්න බෑ. වතුර ටිකක් දෙන්නකෝ ඒ ඇතිනේ කියන. ඒත් හැම දෙනාම අවුරුද්දට කැවිලි හදන්නේ ලොකු වෙහෙසක් දරල. නැතිනම් සෑහෙන මුදලක් වියදම් කරල. එහෙම හදල කවුරුත් කන්නේ නැතිව යනකොට දුකයි නේද? ඒ නිසාම මම නම් කරන්නේ හැම ගෙදරකින්ම සුළුවෙන් හෝ යමක් කාලම යන එක. එක ලඟ ගෙවල් කීපයක් ඇතිනම් තව ලේසියි. එක තැනකින් කැවිලි එකක්, තව තැනකින් තවත් කෑමක්, තව තැනකින් තේ හෝ කෝපි එකක්. කාටත් සතුටුයිනේ. කොහොම නමුත් ගෙදර ආවේ හොඳටම රෑ බොවෙලා. හැමදාම අප්පච්චි එක්ක අවුරුද්දට ඇවිදින අම්මා මාත් එක්ක අවුරුදු නෑගම් ගියාමද කොහේද?

වෙන අවුරුදු වල නම් ගමේ අවුරුදු උත්සවයටත් යනවා. ඒත් කලින්ම අවුරුදු උත්සවයකට ගිය නිසා මෙවර අවුරුදු උත්සවයට නම් ගියේ නෑ. 
අවුරුදු ලබන දවසේ උදේම පුන්‍ය කාලය නිසා ගෙදරම හිටියා. පන්සල් යන්න හිතුනත් පන්සලට යන එක නුහුරු දෙයක් නොවන නිසා ගෙදරම ඉඳන් ආගමික වතාවත් ඉටුකළා. වෙන අවුරුදු වල නොකරන දෙයකට කලේ පුන්‍ය කාලයෙන් වැඩි වෙලාවක් මේ කොම්පියුටර් එකත් සමග ගත කිරීමයි. අවුරුද්ද ලබන වේලාවේ නම් යාළුවෙක් එක්ක චැට් එකකයි හිටියේ. මම හිතන්නේ ඒ වගේ විශේෂ අවස්ථාවක චැට් කළාම වෙන්න ඇති. ඒ අතරම පොඩිකාලේ මතක් වෙලා දුවගෙන ගිහින් රතිඤඤා පත්තු කරල එන්නත් අමතක කලේ නෑ. හැබැයි කාගේවත් ඇඟට නම් රතිඤඤා දාන්න ගියේනෑ.

මේ අවුරුද්ද මම නම් සැමරුවේ වෙන අවුරුදු වලට වඩා වෙනස්ව. අවුරුදු නිවාඩුවේ වැඩි කාලයක් වැය කලේ ගෙදර ඉන්නයි. වෙනදාට වඩා හොඳ නිවාඩුවක් ගත්තා කීවනම් තමා වඩා නිවැරදි. සුභ පැතුම් SMS, E-mail එහෙමත් මේ පාර අඩුවෙන් ලැබුනේ. එවූ අයට රිප්ලයි කළා විතරයි කළෙත්. වෙනදා වගේම කැවිලි වල නම් රස නොඅඩුව වින්දා. 
ඔන්න ඉතින් දැන් අවුරුදු නිවාඩුවත් ඉවරයි. හෙට උදේම වැඩට යන්න තියනවා. පසු ගිය කාලෙට වඩා වැඩියෙන් මහන්සිවී මේ වසරේ වැඩ කරන්න ඕන කියා පමණයි අළුත් අවුරුද්දේ පැතුවේ.
ඔබ සැමටත් සියලු පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

ප/ලි
වෙනදා මෙන් නොව සිතට නැගුනු සිතිවිලි නින්දට පෙර අකුරු කලා. හොඳද නරකද කියා නැවත කියවන්නේ නැතිව පොස්ට් කරනිනයි යන්නේ. ඔය උඩ පින්තූරය කොහේද තිබී සොයාගත් එකක්. එහි කිසිම අයිතියක් මට නෑ. නිදිබර දෑස් එකිනෙක ගැටෙනා හෝරාවේ එය තිබූ අඩවිය ගැන නම් මතකයට එන්නේ නෑ.

13 comments:

  1. ‍හොඳයි.. කවුද කියන්‍නොනරකයි කියල...

    ප්‍රියා .. ‍ජේද ඈත් ක‍රොත් කියවන්න ‍ලේසියි....

    ReplyDelete
  2. හම්මෝ....... හොඳයි හොඳයි..... නිදිමතටද මංදා ඡේජ වෙන් කරන්න අමතක වෙලා ඔන්න..........

    ReplyDelete
  3. ඔව් කිව්වත් වගේ නිදි මතටම කොහෙද ප්‍රියා අයියාගේ මමත් බට වෙලා.... :)

    සුබ අලුත් අවුරුද්දක් අයියා පරක්කු වෙලා ඔං... කිව්වත් වගේ මිනිස්සු හරි නම් අවුරුද්දට ඇදුම් ගන්නවා නම් ගන්න ඔනේ අවුරුද්ද පටන් ගන්න කලින් මයි..නැත්නම් ඉතින් පුදුම දුකක් විදින්නේ...

    ReplyDelete
  4. @ සොඳුරු සිත
    ස්තූතියි වත් උපදෙසට. මට ඡේද ඈත් කරන්න අමතක වෙලා තමා. ඔන්න ඒක හැදුවා..

    ReplyDelete
  5. @ හා පැටික්කි (MS)
    ස්තූතියි හාවියේ. ඔන්න දැන් ඡේජ වෙන් කරල තියනවා. නිදිමතට තමා ඕක අමතක උනේ..

    ReplyDelete
  6. @ නිම්ශා
    අවුරුද්ද සුභ වෙන්න කියන්න පරක්කු නෑ. මමත් බට වෙලා කීව එකනම් තේරුනේ නෑ අදත් නිදිමතේ හින්නද මන්දා?
    නිම්ශාටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!

    ReplyDelete
  7. නිවාඩු දවසේ එහෙ, මෙහෙ, දිව්ව හන්දා කලින් එන්න බැරි උනා. හොඳ අවුරුද්දක් ලබලා තියන බව පේනවා. සඳුදට එහෙම නං වැඩට යන්නකෝ.
    ඔයා පෝස්ට් ලීවේ නිදිමතේ වගේම මම මේ කමෙන්ට් එක ලීවෙත් නිදිමතේ. නොනගතේ වෙලාවේ ඔහොම එක, එක්කෙනා එක්ක කතා, කරන්න හොඳද දන්නේ නෑනේ.

    ලැබු සුබ අලුත් අවුරුද්ද, අවුරුද්ද පුරා එලෙසම තිබේවා.

    ReplyDelete
  8. @ ප්‍රවීනා
    නිදිමතේ ලීව පෝස්ට් එකට නිදිමතේ ලියූ කමෙන්ට් එකක්. අළුත් අවුරුද්දට අළුත් සංකල්පයක්ද?
    නොනගතේ වෙලාවේ එක එක්කෙනා එක්ක කතා කරන්න හොඳනම් නෑ තමා. ඒත් කතා කළ කෙනා අවංකවම හොඳ විශ්වාසවන්ත හොඳ හදවතක් ඇති කෙනෙක් නම් එහෙම කෙනෙක් එක්ක කතා කළාට වරදක් නෑ නේද? මම නම් හිතන්නේ මේ අවුරුද්දම වාසනාවන්ත සුභ එකක් වෙයි කියලයි.
    ලැබූ අළුත් අවුරුද්ද ඔයාටත් සුභ එකක්ම වේවා..!!!

    ReplyDelete
  9. සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  10. ඕං දැං තමා කියෙව්වේ. මේ අවුරුද්දේවත් කේක් දියෝ,,,,,,,,,, :D

    ReplyDelete
  11. @ Praසන්ன
    ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුභ නව වසරක්ම වේවා..!!!

    ReplyDelete
  12. @ හරී - පිණිපළස
    කේක් නම් දෙන්න බැරිය. එන දවසක් කියන්නකෝ කේක් අරන් ගෙදරටම එන්න.
    හරී ටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා..!!!

    ReplyDelete
  13. මං ඉතින් අවුරුද්දට වැඩිකාලයක් ගෙදර ඉන්න හිතුවට අවුරුද්ද මග අරෙනවා හැමදාම .ගමන් බිමන් නෑදෑ ගෙවල් වල යන්නෙ වෙන්නෙ නැති තරම් . මෙදා මට අවුරුද්ද ලැබුවේ නොරටකදීනේ . එයාලත් අවුරුදු සමරනවා . ඒත් අපි වගේ නෙවෙයි අප්‍රේල් දහතුන රාත්‍රී දොලහට ,මිනිස්සු වීදි බැහැලා නිලා මල්වෙඩි පත්තුකරලා සතුටුවෙන දිහා මගේ නවාතැන්කාමරේ ඉඳන් තනියම බලා හිටියා .මම තාම ආස පුංචිකාලේ ගමේ තිබුණ අවුරුද්දට

    ReplyDelete