අවුරුදු උත්සවයත් එක්ක පසුගිය දවස් වල හොඳටම වැඩ අධික වෙලයි තිබුනේ. බ්ලොග් එකේ දාන්න හිතන් හිටපු පෝස්ට් කීපයක්ම එහෙමම අතර මග නැවතිලා තිබුනේ. ඒ කියන්නේ ලියා ගන්න වේලාවක් නැතිව. යන්තම් අවුරුදු උත්සවේ ගැන නම් එකක් ලියල දැම්මා දවස් දෙකකට කලින්. ඒත් ඊට කලින් දවසේ ලියන්න හිතන් හිටපු පොස්ට් එක එහෙමමයි. ඒ නිසා ඒකත් ලියල දාන්න හිතුවා.
අපේ මියගිය ආත්තම්මලා හා ලොකුඅත්තලා දෙදෙනාට පින් පිණිස අප විසින් වාර්ෂිකව පිරිනමන දානය මෙවරත් අප්‍රේල් දෙවෙනිදාට යෙදී තිබුනා. සාමාන්‍යෙයන් අපි ගෙදර අය හා කිට්ටුම ඥාතීන් කීප දෙනෙක් විතරයි මේ දානෙට එකතු වෙන්නේ. මෙය අපි උදේ හීල් දානයක් ලෙසයි දෙන්නේ. දානය පිරිනමන ස්ථානය මහනුවර බොවලවත්ත වජිරාරාම ආරාණ්‍ය සේනාසනයයි. එය හරිම නිස්කලංක තැනක්. මම අද කියන්න යන්නේ මේ දානය ගැන නොවේ. මෙම නිස්කලංක ආරාණ්‍ය සේනාසනය ගැනයි. මෙය පිහිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් බිම් ප්‍රදේශයකයි.
මෙම ස්ථානයට එන්නට ප්‍රධාන මාර්ග දෙකක් තියනවා. එකක් මහනුවර පේරාදෙණිය පාරේ හීරැස්සගල හන්දියෙන් හීරැස්සගල පාරේ යන්න පුළුවන්. නැතිනම් ගැටඹේ සිට බෝවලවත්ත පාරේ යන්න පුළුවන්. ඉන්පසු Amaya Hills (කලින් Le Kandiyan) හෝටලය දක්වා ඇති පාරේ ගමන් කරන්න පුළුවන්. එම හෝටලය පසු කර සිමෙන්ති ගල් ඇතිරූ පාරක් තියෙනවා. එහි සමහර තැන් තාර දමා ඇති අතර සමහර තැන් ගුරු පාරක ස්වභාවය ගන්නවා. ඇතැම් ස්ථාන කොන්ක්‍රීට් අතුරා ඇත. එම පාර දිගේ කිලෝමීටරයක් පමණ ගිය විට මෙම ආරණ්‍ය සේනාසනය හමුවේ.
මේ තියෙන්නේ ඇතුළුවන තැන ඇති ගේට්ටුවයි. මෙම ස්ථානයෙන් ඇතුළු වී වම් පැත්තට ඇති කෙටි පඩිපෙල නැගගත් විට දාන ශාලාව හමුවේ. එහි ඉදිරියෙන් විශාල වැලි මළුවක් ඇති අතර පසෙකට වන්නට අළුතින් රොපනය කරන ලද බෝධියක්ද දක්නට ඇත. මළුවේ පිළිවෙලකට ගස් සිටුවා ඇත.
අවට පරිසරය හරිම සිසිල්ය. කුරුල්ලන්ගේ ගී හඬ හැර වෙනත් කිසිම ශබ්දයක් නැත. ඉඳ හිට මුවෙකුගේ නැතිනම් ඌරෙකුගේ ශබ්දයක් ඇසුනත් ඒ ඇසෙන්නේ කලාතුරකිනි. උන් මෙහි වැඩවසන ස්වාමීන් වහන්සේලාට කරදර නොකරනවා විය යුතුය. උදෑසන නිසා තවමත් තුරුපත් මත පිණි කැට ඉතිරිවී ඇත. ගස් අතරින් පෙරී එන ළාහිරු රැසින් ඒවා මිණිකැට මෙන් දිලිසෙයි.
මේ දාන ශාලාව පිටතින් පේන ආකාරයයි.
මේ දාන ශාලාවේ ඇතුලත ඡායාරූපයක්..
මෙහි ඇතුලත පිරිසිදු බව ඉතාම ඉහලින් පවත්වාගෙන යනු ලැබේ. භික්‍ෂූන් වහන්සේලා උදේ දානයට පෙර පැමිණ වැලි මළුව අමදිති. ඒදෙස බලා සිටි මට මේතරම් ශාන්ත තැම්පත් අයුරකින් මෙසේ අමදින්නේ කෙසේද කියා සිතා ගැනීමටත් අපහසුය. ඉදල වැලි හා ස්පර්ශ වන හඬ මිස වෙනත් කිසිම හඬක් නැත. උන්වහන්සේලා දෙදෙනෙක් කතා කරන බවක් පෙනෙන්නට නැත. එදින දානශාලාවේ සිටි කැපකරු මහතුන් නිවාඩු ලබා නිවෙස් වලට ගොස් ඇති නිසා දානය පිළියෙල කිරීමේදී එහි වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ නමක් කටයුතු කළේය. පන්සිල් සමාදන්වී බුද්ධපූජාව පවත්වා දානය භික්‍ෂූන්ට කැපකළ පසු දන් පිළිගැන්වීමක් සිදු නොවේ. උන්වහන්සේලා පැමිණ තමන් වහන්සේ විසින්ම පාත්‍රයට දන් බෙදාගනී. ඉන්පසු නිහඬව දන් වළඳයි.
එසේ දන්වළඳන වෙලාවේ ලද නිදහසින් මම භාවනා කුටි ඇති වනයේ ඇතුලට ගියෙමි.
මෙහි ඇතුල්වීම තහනම්ය. එහෙත් මම කලින් ස්වාමීන් වහන්සේ නමකට දන්වා තිබූ නිසා ඔබ වෙනුවෙන් විස්තර ටිකක් ගෙන ඒමට ඇතුලට ගියෙමි. ඇතුලත ඇත්තේ ගුරුපාරකි. එහි ඇතැම් ස්ථාන දායකයින් විසින් කොන්ක්‍රිට් අතුරා සකස් කර ඇත.
පාවහන් නැතිව ඇවිදින නිසා මගේ යටිපතුලේ ගල් ඇනී වේදනාවක් ආවද අවට නිස්කලංක පරිසරය ඒ සියල්ල අමතක කරයි. මෙහි ගසක් යට දවසක් වුවද ඉන්න පුළුවන්. මෙම ප්‍රදේශයේ මිනිසුන් ගැවසෙන්නේ ඉතාම අඩුවෙනි. ඒ නිසා වනාන්තරයට හානි වන්නේ නැති තරම්ය.
භාවනා කුටි ඇත්තේ පාරෙන් පිටතය. ඒවාට යන්නට පියගැටපෙලක් සකස් කර ඇත. මෙහි භාවනා කුටි ක්‍රම කීපයකට සාදා ඇත. මම ඒවා අසලට නොගියෙමි. එහෙත් ෆොටෝ කීපයක් ගන්න නම් අමතක කළේ නෑ.
මෙය තරමක් විශාල කුටියකි. මෙහි කුටියට අමතරව වැසිකිලියක් හා සක්මන් මළුවක් ඇත. වනාන්තරයේ සතුන් ගැවසෙන නිසා රාත්‍රියේ එළමහනේ සක්මන් කිරීම භයානකය. ඒ නිසා ඇතුලත ආරක්‍ෂාකාරි ලෙස සක්මන් මළුවක් සාදා දෙන්නට දායකයින් සිතුවා වන්නට පුළුවන. මෙහි පහලින් ඇත්තේ ඉතා කුඩා කුටියකි. එහි කුටියක් හා වැසිකිලියක් පමණක් ඇත.
මේ එහි තවත් පැත්තක ඡායා රූපයක්..
මේ තියෙන්නේ භාවනා කුටියට යන්න තියෙන පියගැටපෙළ.
මෙය පවත්වාගෙන යන්නේ මහනුවර බෞද්ධ සංගමයක් මගිනි. ඔවුන් මෙහි භාවනා කුටි සකස් කර දීම, ඒවාට විදුලිය ලබා දීම වැනි පහසුකම් සපයා ඇති. මෙයට උල්පත් මගින් ඉතා පිරිසිදු සිසිල් ජලට ලැබේ. ජල නල පද්ධතියක් සවිකර ආරණ්‍ය භූමිය පුරා එය බෙදා හැරේ. මෙහි වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේලා දායකයින් හමුවන්නේ ඉතා අඩුවෙනි. ඒ සඳහා දහවල් 12 සිට 2 දක්වා කාලය වෙන්කර ඇත. අනෙක් සෑම අවස්ථාවක්ම භාවනා කිරීම සඳහා වෙන් කර ඇත.
මා මෙම ස්ථානයට අවස්ථා ගණනාවක ගොස් ඇත. මෙහි මාසයකට වරක් භාවනා වැඩසටහනක් පැවැත්වේ. ඒ සඳහා කැමති ඕනෑම අයෙකුට සහභාගි වන්නට පුළුවන.
මෙය විඩාපත් සිතක් නිවන්නට අපූර්ව ස්ථානයක්. මගේ සිතත් සෑහෙන්න නිවා ගන්න පුළුවන් උනා එහි ගත කළ කෙටි කාලය ඇතුලත. දැන්නම් මෙහි දානයක් ලබා ගන්න එකත් අසීරු කාරණාවක් වෙලා. ඒ මම දැක්ක ආකාරයට මේ මාස දෙකම සඳහා උදේ දවල් සියලු දාන වෙන්කරගෙන අවසන් නිසා. එහෙත් භාවනා වැඩසටහනට සහභාගි වෙන්න හෝ නැතිනම් දවල් දානය වෙලාවට ගොස් සිත නිවා ගන්න හරිම අපූරු නිස්කලංක තැනක්. එහෙත් හොඳන්ම මතක තබා ගන්න මෙය භාවනා මධ්‍යස්ථානයක්. එමෙන්ම පූජා භූමියක්. ඒ නිසා එහි යන අයෙක් පූජා භූමියකට ගැලපෙන ආකාරයට යන්න. එහි ගෞරවය ආරක්‍ෂා වෙන අයුරින් කටයුතු කරන්න.
සමහර විට දවසක මමත් ඔහොම තැනක ඉන්නත් බැරිනෑ. ඒත් ඉතින් හෙට වෙන දේ අද කියන්න බෑනේ. ඒ නිසා අනාවැකි කියන්න නම් බෑ.
ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!
ලස්සන, හිත නිවන, අහිංසක තැනක්. දැක්ක හැටියේ යන්න හිතෙනවා. මේ වගේ කුටියක ඉඳලා දවසක් විතර ඒ අත්දැකීම් ගන්ට ඇත්නම් කියලා හිතෙනවා.
ReplyDeleteමටත් වෙලාවක හිතෙනවා ජීවිතේ අන්තිම කාලෙක මමත් මේ වගේ තැනක නතරවෙයිද කියලා. අර TGගේ පෝස්ට් එකක කීවා වගේ මගේ හොඳම යෙහෙලියක් ඉන්නවා තරුන මෙහෙනින් වහන්සේ කෙනෙක්. ප්‍රියන්ත කියන්නා වගේ හෙට වෙනදේත් දන්නේ නැති අපි අනාගතේ ගැන කියන්නේ කොහොමද නේද?
හරිම හොඳ පෝස්ට් එකක් ප්‍රියන්ත. ඔය හරියේ භයානක වන සතුන් ඉන්නවාද? එච්චරම ලොකු වනාන්තරයක් ඔය හරියේ තියනවාද?
ලස්සන නිස්කලංක තැනක් වගෙයි.
ReplyDeleteඅපේ මිනිස්සු ඔය වගේ තැනකට ගියහම තැනට ගැලපෙන විදියට හැසිරෙනවනං ලොකු දෙයක්.
@ ප්‍රවීනා
ReplyDeleteඇත්තම කීවොත් මටත් හිතෙනවා දවසක මේ රැකියාවලින් ඉවත්වෙලා අන්තිම කාලේ ඔය වගේ තැනක ඉන්න ඇත්නම් කියල. හැබැයි ඕක හිතුනේ ඔය ස්ථානයට ගිය මුල්ම කාලේ. ඒ කාලෙනම් මම පාසල් යනවා.
මේ හන්තාන අඩවියේ කොටසක්. ඌරන් ඉත්තෑවන් මුවන් වැනි සතුන් තමා වැඩිය ඉන්නේ. ඒත් නරියන්, දිවියන් කීපදෙනෙක් හා සර්පයින් ගණනාවක් ඉන්නවා. පිඹුරෙක්ද වාර්ථාවී තිබෙනවා.
@ Praසන්ன
ReplyDeleteඒක නම් ඇත්ත ප්‍රසන්න. ඒත් මා දැක ඇති පරිදි තාම මේ ස්ථානයට එවානි අය එන්නේ බොහොම අඩුවෙන්. මම නම් දැකලම නෑ එහෙම කෙනෙක් මෙහි එන බවක්. සැබැවින්ම ශ්‍රධාවෙන් එන පිරිසක් තමා මේ ස්ථානයට එන්නේ.
ස්තූතියි මේ පැත්තේ ආවට.
බොහොම ස්තුතියි අයියා සේනාසනය ගැන මතකය අලුත් කලාට
ReplyDeleteඑකම එක පාරක් ඔය සේනාසනයට යන්න ලැබුනා අහම්බයකින් කාලයත් එක්ක අමතක වෙලයි තිබුනේ බොහොම පිං ඒ මතකය නැවත අලුත් කලාට.
ගිහින් බලන්න ආසා තැනක්.
ReplyDelete@ නෙලුමා
ReplyDeleteස්තූතියි මේපැත්තට ආවට. මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා...
@ හරී - පිණිපළස
ReplyDeleteකාලෙකින් දැක්කේ. ඇයි හරී දැන් බ්ලොග් එක ලියන්නේ නැත්තේ??
පහුගිය ටිකේ ගෙවල් මාරු කරන්න උනා අයියේ. ටිකක් ඉඩකඩ තියෙන තැනකට ආවා. තවමත් පිළිවෙල උනේ නැහැ හරියට. ලියනවා තියා කියවන්න වෙලාව හොයාගන්නෙත් අමාරුවෙන්. බොහොම පිං මතක් උනාට.
ReplyDeleteසිත නිවෙන තැනකට යන්න ලැබීම, සිල්වත් හාමුදුරුවරු දකින්න හෝ ලැබීම වාසනාවක්.
ReplyDeleteඒත් දානයේ කුසලය නං අඩුවැඩි වෙන්නේ නෑ කොතන කාට දුන්නත්.
ඒ මට හිතෙන විදියට. හාමුදුරුවරුන්ගේ ගාථා නං ඇති අහවල් පිණ අහවල් එකට වැඩිය වැඩියි වගේ සමීකරණ එක්ක.
ඔබට යහපතක්ම වේවා!
@ Kathandara
ReplyDeleteබොහෝ සිද්ධස්ථාන වල ඔබ කියනදේ තමා වෙන්නේ කතන්දර. එහෙත් මෙතන එහෙම දෙයක් නෑ. මේ හාමුදුරුවෝ දීර්ඝ විස්තර නෑ. කෙටි අනුශාසනාවක් කරන්නේ. හරියට ඔබ කතන්දර කියනවා වගේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත්වා වැනි දේශනාවක් කරන්නේ. නොතේරෙන අයට ශෝක් බණක් වෙන්න පුළුවන්.
ස්තූතියි ප්‍රතිචාරයට..
@ හරී - පිණිපළස
ReplyDeleteඅළුත් නිවසට තාම පුටු සෙටියක් එහෙම ගන්න ගියේ නැද්ද?
ඇත්තටම ඔව්...
ReplyDeleteපිංතුර ටික දැම්මට පිං...
මට අපෙ ගෙවල් පැත්තෙ තපොවනය මතක් උනා.
@ ඉංදික
ReplyDeleteඔය වගේ භාවනා මධ්‍යස්තාන ලංකාව පුරාම වගේ තියනවා නේද? ඔයා කියන තැනත් එහෙම එකක් වෙන්න ඇති. ඔය බොහෝ තැන්වල මූලික වශයෙන් එක සමාන ලක්‍ෂන තියනවා. ප්‍රධාන දේ සිල්වත් භික්‍ෂුන් සිටීම.
ස්තූතියි ප්‍රතිචාරයට.
කලකට ඉහත මම මෙතනට ගිහින් තියෙනවා. ඒත් භාවනා පන්ති තිබුණ ශාලාවට විතරයි ගියෙ. කුටි තියෙන දිහාට ගියෙ නෑ. එතන හිටි ස්වාමීන්වහන්සේලාත් බොහොම සුහදශීලීයි.
ReplyDeleteස්තුතියි මේ තොරතුරුවලට.
@ නලිනි චන්දිමා
ReplyDeleteමෙම ස්ථානය ගැන දන්නා තවත් කෙනෙක් මගේ මතකයට ආ එක සතුටුයි. ස්තූතියි ප්‍රතිචාරයටත්...
හරිම නිදහස් නිස්කලංක සිත නිවන තැනක්.ගිහින් එන්න ආසයි.
ReplyDeleteපෝස්ට් එක දාලා අවුරුද්දකට පස්සේ මන්දාරම් ඇවිත් තියෙන්නේ. ඔන්න අපි ඊයේ නැවත එම ස්ථානයට ගියා.
Delete