සයිබරයේ කවුරුත් ආසාවෙන් බලා සිටි සයිබරයේ මහා බක්මහ සැනෙකෙලිය අවසන් විය. දැන් ඇත්තේ ඒ ගැන කතා කරන්නට කාලයයි.
මා දන්නා තරමින් මෙවන් උත්සවයක් ලාංකීය සයිබර් අවකාශයේ සංවිධානය කළ පළමු අවස්ථාව මෙය වන්නට පුළුවන්. කරනා කියනා හැම දෙයක්ම හොඳ නරක නොබලා විවේචනය කරන අපේ සමාජයේ දැඩි විවේචන වලට ලක් නොවූ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දෙන්නත් පුළුවන්. මා මීට කලින් මේ ගැන පොස්ට් කීපයක් පළ කර ඇති නිසාත් මෙයට බොහෝදෙනෙක් සහභාගි වූ නිසාත් වැඩිය දෙයක් ලියන්න හිතුවේ නෑ. ඒත් මෙච්චර මහන්සියෙන් කළ දෙයක් ගැන පොඩි පොස්ට් එකක් නොදැම්මොත් ඒක හිතට ටිකක් හරි මදි වගේ නිසා ඔය මොනව හරි කටුගාන්න හිතාගෙනයි ටිකක් ප්‍රමාද වෙලා ආවේ.
දැන් ඕක ඉවර වෙලා දවස් 3ක් විතර වෙනවනේ. පසුගිය දිනවල විවේකයක් නැතිව වැඩකළ නිසා, හරි නින්දක් නොලැබූ නිසාත් පොස්ට් එකක් දාන්න තරම් මානසික ඒකාග්‍රතාවයක් ඇතිකරගන්න පුළුවන් උනේ නෑ. තාමත් ඇඟ රිදෙනවා වගේ දැනෙනවා. ක්‍රිකට් තරඟ බලන්නත් සෑහෙන්න නිදි මරන්න උනානේ. ඒත් දුක අවසානයේ හොඳ තරඟයක් නොදීම පැරදුන එකයි.
කොහොම හරි අපි ඔය සයිබර් උළෙලට එන්න නුවරින් කට්ටියක්ම සෙට් උනා. මම නම් මුලින් හිතන් හිටියේ බස් එකේ යන්න. ඒත් කට්ටිය එකතුවෙලා වෑන් එකක යන්න කතා කළ නිසාත් ඔය අවස්ථාවේ සැරසිලි සඳහා අවශ්‍ය දේ නුවරිනුත් ගෙනියන්න උන නිසාත් නොදන්නා තව පිරිසක් එක්ක එකට යන්න ලැබෙන නිසාත් ඒ ලෙස යන්න තීරණය කළා. කොහොම හරි පාන්දරින්ම නැගිටලා ලෑස්ති උනත් වෑන් එක පැය බාගයක්ම ප්‍රමාදයි. ගීත් නම් කීවේ විනාඩි 20ක් කියල. ඒත් මමනේ දන්නේ ඇත්තටම විනාඩි කීයක්ද කියල....
ගිය විධිය නම් ගීත් බ්ලොග් පොස්ට් එකක්ම දාල තිබුනේ. ඒකත් කියවලා බලන්නකෝ.
කොහොම හරි ගිහින් අවුරුදු උත්සවේ නොසිතූ තරම් හොඳින් සාර්ථකව කරගත්තා. මේ ගැන පොස්ට් ගොඩක් ඇති නිසාත්, කියවන අයගෙන් වැඩි දෙනෙක් ඇවිත් ගිහින් තියෙන නිසාත්, එන්න බැරි අයත් ෆොටෝවලින් විස්තර ලබාගන්න ඇති නිසාත් වැඩි දෙයක් කියන්න ඕන නෑ කියා හිතනවා.
මම කලින් පොස්ට් එකෙත් කීවානේ මේ උත්සවයෙ අරමුණ බ්ලොග් අවකාශයේ ඉන්නා අය එක තැනකට ගෙන්වා සතුටු වීම කියා. නමුත් පසුව අපේ ඉලංදාරියාගේ සැත්කම වෙනුවෙන් යම් ශක්තියක් වෙන්න මෙය වේදිකාවක් කරගන්න බව. ඇත්තෙන්ම එය සිතුවාට වඩා සාර්ථක උනා. එදින එකතුකළ මුදල්, අර ඇනෝනිමස් කෙනෙක් කීවානේ ඇයි මේ රුපියල් 100ක් ගන්නේ හරිනම් මේවා කරන්න ඕන සල්ලි අරන් නෙවේ කියල. එහෙම කියද්දිත් අපි ටිකට් විකුණා එකතුකළ රුපියල් 15000 කට වැඩි මුදල සහ මේ සඳහා ලැබුන ආධාර වලින් ඉතිරිවූ මුදල් සියල්ල ඉලංදාරියා සුවපත් කිරීම උදෙසා පිහිටුවා ඇති ගිණුමට ඊයේ අසංග සොයුරා විසින් බර කළ බව කියන්නත් කැමතියි. කවුරු කෙසේ කීවත් මේ ටිකට් විකිණීම කොතරම් සාර්ථකද කියනවනම් අපේ ඒ අංශය භාරව උනු සොයුරන් ආරාධිතයින්ට පවා ටිකට් විකුණා තිබුනා. අපේ චූටිමහත්තයා ඒක දැකල පොස්ට් එකකත් කියල තිබුනේ. ඒ වගේම සංවිධායක මණ්ඩලයේ කිසිම අයෙකුට ටිකට් නැතිව ඇතුළු වෙන්න එයා ඉඩ දුන්නේ නෑ. හැම දෙනාම මේ අවස්ථාවේ සමානයි කියන්න එය හොඳම උදාහරණයක්.
මේ සඳහා මුදලින් ආධාර කළ හැමටම ස්තූතිය පිරිනමන්නත් මෙතනම ඉඩක් ගන්නවා. ඉලංදාරියාට ආධාර කළ අයට අරුණි ශපිරෝ සොයුරියගේ අගනා පොත් කට්ටලයක් ලැබුනා. මටත් එයින් පොත් ටිකක් ලැබුනා. ඇයටත් ස්තූතිය පිරිනමන්න ඕන. කේක් සංග්‍රහයකුත් දුන්නනේ ඇගේ අනුග්‍රහයෙන්. කොතරම් කේක් ගොඩක්ද කියනවනම් අපේ වෑන් එකටත් කවුද කේක් ගොඩක් දාල නුවර එනකල්ම කට්ටිය කේක් කකා ආවේ.
අවසානයේ සියලු තරඟ අවසානයේ කට්ටිය DJ එකට ඇතිවෙන්න නටල සතුටින් විසිර ගියා කියන්න තමා තියෙන්නේ.
පසුගිය දින දෙකේම වගේ අපි එකතුවෙලා සිදුවූ අඩු පාඩු කතා කළා. ඇත්තටම කියන්න සතුටුයි මේ වගේ එකිනෙකා හමුවී නැති පිරිසක් එකම සංවිධායක මණ්ඩලයක් ලෙස එකතුවී එකම අරමුණක් කරා ගිය ගමනේ දී දන්නා කියන අය සංවිධානය කරන උත්සවයකට වඩා සාර්ථක බවක් තිබුනා. සමහර අයට තිබුන චෝදනාව වූයේ එකිනෙකා හඳුනා ගන්න බැරිඋනා කියන එකයි. ඒත් සමහර අය ඕනෑවටත් වඩා හොඳින් ඒ දේම කර තිබුනා. ඒ නිසා මම හිතන්නේ තමන්ට කෙනෙක් අඳුනා ගන්න ඕන නම් ඒක කරන්න ඕන තමන් විසින්ම කියා. පැවති සුළු අඩු ලුහුඬුකම් මගහරවාගෙන ලබන වසරේ මීට වඩා සාර්ථක සයිබර් උළෙලක් සඳහා එක්වෙමු. ඔබ අපි සැවොම. මෙහි අඩු පාඩු එහෙම තියනවනම් ඒවා ඔබට පේනවනම්, මීට වඩා උසස් ලෙස කරන්න ඔබට පුළුවන් නම් එන්න ලබන වසරේ ඒ සඳහා පෙරමුණ ගන්න. ආධාර කළ, දිරිමත් කළ, සහභාගිවිමෙන් සහයෝගය දැක්වූ සැමට ස්තූතියි.
කිසිවෙකුට කාගෙන් හරි සිත් රිදීමක් වූවානම් සමාව ඉල්ලන්නත් මෙතනින්ම මම ඉඩක් ගත්තා.
සුභ දවසක්..!!!
මට නම් කිසිදු ආකාරයකින් මෙම කර්තව්‍යයට සම්බන්ධවෙන්න හැකියාවක් නොතිබුනත් මේක ඉතා හොද අවස්ථාවක් කියල කියනවා. මොකද අපි වැඩි දෙනෙකුට එකිනෙකා හම්බවෙලා දැක ගන්න, කතා කරන්න අවස්ථාවක් නොලැබෙන නිසා මේක ඒකට හොද වෙලාවක් වගේම දිනෙන් දින වර්ධනය වන සිංහල බ්ලොග් කලාව තවත් ශක්තිමත්වුන නිමිත්තක් කියලත් කියන්න පුළුවන්. මේ වගේ ඉදිරියේදී පැවැත්වෙන මේවගේ එකතුවකට මමත් සහභාගීවෙන්න සතුටින් බලා සිටිනවා...
ReplyDeleteමමත් එහෙමයි. එන අවුරුද්දේ නම් අනිවාර්යෙන්ම සහභාගී වෙනවා. සත්තමයි. ඒ කාලේ වෙනකොට බ්ලොග් ලොකේ මොන, මොන වෙනස්කම් වෙලා තියෙයිද කියන එක නම් දන්නේ නෑ.
ReplyDeleteඈ අයියේ ලබන පාරත් අබේපාල මාමා හිනේ දකිනවා කිව්වාද? මමත්දකින විදියට මේක ගොඩාක් සාර්ථක උත්සවයක් උනා.ඇත්තටම ගොඩාක් සතුටුයි මේකට සහභාගී වෙන්න ලැබීම ගැන...
ReplyDelete''ඒ වගේම සංවිධායක මණ්ඩලයේ කිසිම අයෙකුට ටිකට් නැතිව ඇතුළු වෙන්න එයා ඉඩ දුන්නේ නෑ. හැම දෙනාම මේ අවස්ථාවේ සමානයි කියන්න එය හොඳම උදාහරණයක්.''
ReplyDeleteමේක නම් බොරුවක්..
මම ඇතුලු වුනේ නිකම්මයි. කවුරුවත් මාව නතර කිරීමටවත් .. ප්‍රශ්ණ කිරීමකටවත් භාජනය කළේ නෑ. මම හැමතැනම ඇවිදල .. හැම දේම බලල කරල .. හුඟක්වෙල ඉඳගෙනත් ඉඳල .. කීප වතාවක් එළියට ගිහිල්ලත් ඇවිල්ල.. අවසානෙ මංම මගෙ කැමැත්තෙන් කවුන්ටරේ ලඟට ගිහින් .. ටිකට් එකක් ගන්න ඕන නේද මල්ලි .. කියල ඇහුවෙ.
එතකොට එතන හිටි මලය කිව්වෙ .. ටිකට් පොත වැපා ලඟ... පොඩ්ඩක් ඉන්න කියල එයාව හොයාගෙන එක්ක ඇවිත් තමා මට ටිකට් එක දුන්නෙ ඕං ...
මේ අවුරුද්දෙ එන්න බැරිඋනත් ඊළග අවුරුද්දෙනං අනිවාර්යෙන් එනව.
ReplyDeleteකොහොම උනත් මේ වගේ අවස්තාවක් සංවිධානය කළ අයට ස්තුති කරන්න ඕන
@ දිනේශ් දීපාල්
ReplyDeleteඔවි ලබන පාර එන්න බලන්න. මේක කට්ටිය එකතු කරන්න හොඳ අවස්ථාවක්. ප්‍රතිචාරයටත් ස්තූතියි...
ප්‍රවීනා
ReplyDeleteලබන පාර කොහොම හරි එන්න. ඒකාකාරී බවෙන් මිදෙන්න මේක හොඳ අවස්ථාවක්. සැරින් සැරේ ඇවිත් ලබා දුන් දිරියටත්, සුභ පැතුම් වලටත් ගොඩක් සුතූතියි...
@ හසී
ReplyDeleteඅපි අබේපාල මාමට ආයෙම හීනයක් දකින්න කියමු. නැතිනම් හසී හරි කමක් නෑ එහෙම හීනයක් දකින්න. කෙහොම උනත් කවුරු දැක්කත් ආයෙම ලබන අවුරුද්දේ අපි එකතුවෙමු....
@ kumaraya
ReplyDeleteකොහොමහරි ඔයා ටිකට් එක ගත්තනේ. කවුරු හරි කෙනෙක් හොරෙන් මේක බැලුවනම් ඒ ඔහුගේ ඇති පහත් ගතිය විනා වෙනත් දෙයක් නොවේ. ඔය ටිකට් එකේ සල්ලි ගියේ කෑමට නොවේ. අනික රුපියල් 100ට ඔය කෑම එකයි වතුරයි දෙන්න බෑනේ. ළඟදීම පොස්ට් එකක සියලු අයවැය සටහන් වෙයි. ඒ ගත්ත ටිකට් එකෙන් දවසක අපේ සොයුරෙක් ලෝකයට සවන් දෙයි. එදාට ඔබටත් සතුටු වෙන්න පුළුවන්.
ස්තූතීයි මේපැත්තට ආවට...
@ Praසන්ன
ReplyDeleteඑන්න බලන්න ප්‍රසන්න ලබන අවුරුද්දේ. ස්තූතියි ප්‍රතිචාරයටත්...
ලබන පාර මාත් එනෝ........ කවුරු හරි හීනේ දකින්නෝ.........
ReplyDeleteහාවි ආවේ නැතිවට නියෝජිතයෙක් ආවා කියලයි ආරංචිය. ලබන පාර එනවනම් අපි හාවට හීනේ දකින්න කියමු....
ReplyDeleteමේ අර ටයර් එක මාරු කලා "වගේ" ඉදලා ගත්ත පොටෝ එක නේද? ඔතනින් ටයර් එක මාරු කරන්න ඇත්තටම මහන්සි වුනේ අපේ ඉලන්දාරියා මලයා ඕන්. අයියා කට්ටියම ලබන පාර නුවර නේද? ලබන පාර හීනෙ දකින්නෙ ඕන් ප්‍රියන්ත අයියලු!
ReplyDelete@ සංජු
ReplyDeleteඔව් ඒ “වගේ“ ඉඳල ගත්ත ෆොටෝ එක තමා මේ. ඒත් මම මේ තාම හොයන්නේ ඇයි මේ ටයර් එකේ හුලං ගියේ කියල.....