Thursday, April 28, 2011

ආයෙත් වැස්ස වහිනවා....

වසා තිබූ ජනේලයේ වීදුරුව අතරින් ඈත බැලූ නමුත් ඒ තරම් දුරක් පේන්නේ නෑ. ඒ හොඳටම වහින නිසා. මිදුල මැදින් මහා ජල කඳක් ගලාගෙන යනවා. අදත් පාරේ කාණුව උතුරනවා ඇති. මේ වැහි කාලෙට හැමදාම වැස්ස වෙලාවට කවුරු හරි ගෙදරට එන පාරට වැලි මලු දමා වතුර පාර අවහිර කරන්න ඕන. නැතිනම් ගෙදරට ඉහලින් ඇති පාරේ කාණු උතුරන නිසා ගලා යන මහා වතුර කඳෙන් කොටසක් ගලා යන්නේ අපේ මිදුල මැදින්. ඉතින් වැස්සකින් පසුව අපේ මුළු මිදුලම හේදිලා ගිහින්.
http://www.freefoto.com

ඒ විතරක් නම් තව කමක් නෑ කියමුකෝ. රොන් මඩ එකතු වෙලා. තව ප්ලාස්ටික් බෝතල්, යෝගට් කප්, පොලිතීන් ඇතුළු අප ද්‍රව්‍යයන්ගෙන් මිදුල පිරිල. සුළු පටු කාර්යයක් නෙවේ පිරිසිදු කරන එක. ඉතින් මේවා ඉවත් කරල මුලු මිදුලම පිරිසිදු කරන්න ඕන. මෙහෙම වෙන්නේ පාරේ කානුව උතුරන නිසයි.
ඉස්සර ඉඳන් තිබුනු කානු උතුරන්න ගත්තේ ඒවා ගොඩවීම නිසයි. ගොඩ වෙන්නේ නිකම්ම නොවේ. ඒ අවට සිටින අය තම නිවෙස් වලින් ඉවත් කරන බොහෝ දේ පාරට හෝ කාණුවට දැමීම නිසයි. මේ ප්‍රදේශය ප්‍රාදේශිය සභාවෙන් පාලනය වන අතර ඔවුන් වරිපනම් එකතු කිරීමට හැර කුණු ඉවත් කිරීමට නම් කවදාවත් එන්නේ නෑ. තවද මෙහි බොහෝ දෙනා. විශේෂයෙන් පාරට ඉහලින් සිටින අය තම ඇල්ලෙන් හෝ ආරක්‍ෂක බැම්මෙන් පහලට කුණු අපදුව්‍ය, කඩා වැටෙන පස් ආදිය හැලීම නිසා කානු පිරී යනවා.
අවසානයේ වන්නේ විශාල විනාශයකි. තවද උතුරායන වතුර, ඒවායේ ඇති ප්ලාස්ටික් භාජන පොල්කටු ආදියේ එකතුවන වතුර නිසා මදුරුවන් බෝවීම ඩෙංගු වැනි රෝග වලට අත වැනීමකි. ඒ වගේම මේ කාණු සුද්ධ පවිත්‍ර කිරීම ප්‍රාදේශීය සභාවේ වගකීමක් වේ. නමුත් මගේ ජීවිත කාලය පුරාම කවදාවත් ප්‍රාදේශීය සභාවෙන් නම් මේවා සුද්ධ කරනවා දැක නැත. කරනා එකම දේ වරිපනම් එකතු කිරීමයි. තවත් කියන්න ගියොත් වෙන්නේ හිතේ කෝපයක් ඇතිවෙනවා මිස වෙනත් කිසිම වාසියක් නම් නොවේ. සියල්ල අමතක කර වැස්සේම තෙමි තෙමී ගොස් අර උඩ පින්තූරේ තියනවා වගේ වැලි ගෝනි දමා ජලය අවහිර කර නැවත ආවෙමි.
අපිරිසිදු ජලයෙන් තෙමුන ඇඟ සෝදා ඇඳුම් මාරු කළ මම උනුසුම් කෝපි කෝප්පයක් බොන්නට ගත්තේ අපේ අය කවදා හැදෙයිද සිතමිනි. කිසිත් නොදන්නා වැස්ස තවමත් එලෙසම වසිනු කෝපි කෝප්පයෙන් නැගෙන දුම් රොටු අතරින් බලා සිටියෙමි.
කම්මැලි කමට ලියවුනු දෙයක්. ගිහින් එන්නම්.
සුභ සැන්දෑවක්..!!!

22 comments:

  1. වැස්සයි, කෝපි කෝප්පයයි එක තැන් උනාම නම් රසවත්. වැස්සට තෙමෙන එක ඊටත් වඩා රසවත්. වැස්සේ වැඩ කරන එක කොහොමද කියන්න දන්නේ නම් නෑ. ඒත් ලස්සන පෝස්ට් එකක්.

    ReplyDelete
  2. වැස්සෙ සීතල අත‍රින් උණුසුම් කෝපි කෝප්පයක්. සික්! මට නෑනෙ එහෙව් පිනක්. :D

    ReplyDelete
  3. වහින්න කලින් එන සුවදට මම් ගොඩක් ආසයි.ඒ කියන්නෙ අර ඈත බිම් තෙමීගන හුලගත් එක්ක එන්නෙ,එන්න ඒ සුවද.වැස්සට හොද රස්නෙට දුම් දාන කෝපි කෝප්පයත් නියමයි.ආය බෝට්ටු අරින්නත් කැමතී.,මේන් ඒ ගැන ලියපු එකක්.

    http://galaayanajeevithaya.blogspot.com/2011/01/blog-post_5309.html

    ReplyDelete
  4. ඒකනෙ මලේ අපි වගේ කන්දක් උඩ ගෙයක් හදාගත්තනම් අහවරයිනෙ... :)

    අනේ කොච්චර වැස්ස තිබ්බත් එක කෝපි කෝප්පයක් ඇති ඈ... අර ඉන්දරේ වගෙ ් ඇබ්බැහි වෙන්නෙ හෙම නෑ හොඳේ... :)

    ReplyDelete
  5. මට නම් වැස්ස පෙන්නන්න බෑ....සරි ඇදන් වැස්සේ යනකොට...ඊයා....

    ReplyDelete
  6. වැස්සකට හොඳට තෙමිලා කෝපි කෝප්පයක් බීලා පොරවගෙන නිදාගන්ඩ තරම් සැපක් කොහේද..? ආයෙම වැස්සකට තෙමෙන්ඩ නම් ලංකාවට එන්ඩම වෙනවනේ.... මේ ගිනි ගහන කාන්තාරේ කොහෙද අපිට වැහි....?

    ReplyDelete
  7. බලහං අර කිව්වත් වගේ කී දෙනෙක් නං කැමතිද වැස්සකට අහුවෙලා නාලා..කෝපි එකක් ගහලා දොයියන්න...

    ReplyDelete
  8. වැස්ස + කෝපි = ජාඩිය + මූඩිය

    ReplyDelete
  9. දැං කීප දොහකට කලින් මෙහාටත් හොඳටම වැස්සා. අම්මෝ පොඩි එව්වො වැස්සෙ නටපු සතුට...

    ReplyDelete
  10. නදී අක්කා කිව්වත් වගේ වැස්ස එනකොට එන අර නැවුම් සුවද...එක තමයි මමත් ආසම...

    ReplyDelete
  11. @ පොඩ්ඩි
    මමත් වැස්සට තෙමෙන්න හරි අසයි. ඉස්සර අම්මලා දෙන්නෙම නෑ. දැන් නම් එහෙම අවුලක් නෑ. වැස්සේ පොඩි වැඩක් කරනවා කියන්නෙත් තෙමෙනවා වගේම නැතිනම් වැස්සේ නටනවා වගේම වැඩක් තමා. තව වැස්සට කාමරේ ගුලි වෙලා නිදන්නත් ආසයි. ඔය කෝපි තමා මගේ ප්‍රියතම පානය. මට ඔය කෝපි බොන වෙලාවට පොඩි කතාවක් මතක් උනා.

    ReplyDelete
  12. @ අනුරාධ
    මටත් ගොඩක් වෙලාවට මටම තමා අනුරාධ කෝපි කෝප්පය හදාගන්න වෙන්නේ. අම්මා කෝපි වැඩිය බොන්න එපා කියල කෝපි හදල දෙන්නේ නෑ.

    ReplyDelete
  13. @ තනෝජා රාජපක්‍ෂ
    අක්කේ කෝපි නම් එකක් ඇති එක වෙලාවට. මට නම් කෝපි කිසි අගුණයක් නෑ. ඒත් ඉතින් දවසට කෝපි එකක් දෙකක් තමා බොන්න වෙන්නේ. මොනව කරන්නද ගේ හැදුවේ මම නෙවේනේ.

    ReplyDelete
  14. @ සිතුවිලි නිහඬයි
    සැමදා නියං එකදා වැහි වලාවේ කීවලු. වැස්සට ගොඩ දෙනෙක් කැමති නෑ තමා. මමත් දිගටම වහිනවට ආසනෑ. ඒත් දවස් කීපයකට වරක් වහිනවාටනම් කිසි අකැමැත්තක් නෑ.

    ReplyDelete
  15. @ Jeew
    ඔය කියල තියෙන්නේ නියමෙටම. අන්න කාන්තාරෙට වැස්සා කියල පිණිපලසේ හරි කියල තියනවා. මොකද බ්ලොග් එක ලියන්නේ නැත්තේ. ලියමු නේද ආයෙම මොනවහරි. අර බටගම සීරිස් එකේ කතා එහෙම නැද්ද ආයේ.?

    ReplyDelete
  16. @ මාරයාගේ හෝරාව
    කෝපි තියා තේත් නැතිව වැස්සේ තෙමිල සීතලේ හටපු අත්දැකීම් තියනවා ඉස්කෝලේ යන කාලේ. වැස්ස කෝපි නම් නියම සම්බන්ධෙ.

    ReplyDelete
  17. @ හරී
    මේ හරී මේපැත්තට අළුත් කෙනෙක් වගේ. මට මතක තිබුනේ පිණිපලසේ හරිනේ. ඔන්න මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.
    වැස්ස + කෝපි = ජාඩිය + මූඩිය ඒකනම් ලස්සන කතාව..

    ReplyDelete
  18. හරී - පිණිපළස
    වැස්සට තෙමෙන්න වැස්සේ නටන්න අපිත් ඒ කාලේ කොච්චර ආසද? ඒත් ඉඩ දෙන්නේ නෑ අම්මලා. ඒ නිසාද මන්දා තාමත් වැස්සේ තෙමෙන්න ආස. ඒකාලේ බැරි උන ඒවටත් එක්ක.

    ReplyDelete
  19. @ නදී...
    වහින්න කලින් නෙවේ නදී ඒ සුවඳ ඒන්නේ. වියලි කාලෙකට පස්සේ වහින්න පටන් ගත් සැනින් වගේ. කලින් කියා හිතෙන්නේ වැස්ස සුළඟ සමග එන විට ඇත තෙමීගෙන එන නිසා ඔබ කීවා වගේම. ඒත් මට මතක වහින්න පටන් ගෙන ටික වෙලාවකින් ඒ සුවඳ එනවා කියාමයි.

    ReplyDelete
  20. @ නිම්ශා
    ඔය සුවඳම එනවා අලුත් මැටි වළඳකට වතුර දැම්මමත්. ආයේ ගොඩනැගිලි ඉදිකරන තැන්වල ගඩොල් පොඟවන වෙලාවටත් ඔය සුවඳ එනවා. තව දන්නවාද අලුත් ගුරුලේත්තුවේ තියෙන්නෙත් ඔය සුවඳමයි.

    ReplyDelete
  21. ප්‍රාදේශීය සභා ගැන නම් කතා කරලා වැඩක් නැහැ.........

    ReplyDelete
  22. @ කල්හාර දිසානායක
    ඔව් ඒගැන කියනකොටත් වෙනවා. ස්තූතියි ප්‍රතිචාරයටත්..

    ReplyDelete