Wednesday, April 20, 2011

මෝඩ පිරිමි විතරද?.....

පොඩි කුමාරිහාමිගේ පොඩ්ඩි වැඩ අල්ලයි පෝස්ට් එකට කමෙන්ට් කරන්න ගිහින් මාර අමාරුවක වැටුනේ. ඔය පෝස්ට් එක වෙනදා වගේ එකපාරක් කියවා කමෙන්ට් කරන්න ගියත් මොනවා ලියන්නද කියා හිතා ගන්න බෑ. අර උඩ පින්තූරේ තියෙන පිරිමි මෙතරම් මෝඩද කියන එක ඇහුවාමනම් පළවෙනි වතාවට පොලව පලාගෙන යන්න හිතුනා.
ජීවිතේ පළමු වතාවට පිරිමියෙක් වී ඉපදීම ගැන කනස්සල්ලක් ඇතිවුනා. ඇයි යටිනුත් කියල තිබුනනේ පිරිමි මේච්චරම මෝඩද කියල?. කොහොම හරි පොස්ට් එක දෙතුන්වතාවක්ම කියවා විනාඩි 45කට විතර පසුව බැලුවම පූසා කමෙන්ට් කරල මමත් වැඩිය හිතන්නේ නැතිව පූසාගේ කමෙන්ට් එක අනුවම යමින් කමෙන්ට් එකක් දාල ගියා. ඒත් ඒක ගැන මටත් කිසිම අදහසක් නම් නෑ. අන්තිමේ මේගැන පොස්ට් එකක් ලියන්න හිතුනේ මේ දවස්වල ලියන්න දෙයකුත් ඔලුවට එන්නේ නැති නිසා.
ඇත්තටම මෝඩ පිරිමි විතරද?
පොඩ්ඩි කියල තියෙන කතා තුනෙන් නම් වැඩි දෙයක් කියවෙන්නේ නෑ. අනික ඒවායින් පිරිමි මෝඩයි කියන්න පුළුවන්ද? එක වර කීපදෙනෙකුට ආදරය කරන්නේ කොල්ලෝ විතරද? මේගැන හිතුවාම පරණ කතා කීපයක අදහස් එක්ක පොස්ට් එකක් ලියන්න පුළුවන් කියල හිතුනේ. 
ආදරය හමුවේ කරන වංචාව හෙවත් රැවටිල්ල.
මේගැන කියන්න ගියොත් නම් කතන්දර ගණනාවක් ලියන්න පුළුවන්. පිරිමි විතරක් නෙවේ කාන්තාවන් මේ හැසිරීම පෙන්වන බවට මම දන්න උදාහරණ ඕනෑතරම්. තමාට පණමෙන් ආදරය කරන ස්වාමියා රවටා වෙනත් පිරිමින් හා සබඳතා පවත්වන, අවසානයේ තම ස්වාමියා අතහැර ඔහුගේ සියලු දේපල තමාට පවරාගෙන වෙනත් පිරිමියෙකු හා ගිය කාන්තාවක් ගැන කතාවක් මම මීට මාස තුනකට පමණ පෙරත් ඇසුවා. පිරිමින් පැත්තෙන් ගත්තාමත් එහෙම පිරිමි ඕනෑතරම්. එහෙම ගත්තම පිරිමි හා ගැහැණු ලෙස ප්‍රමාණාත්මකව නම් ගන්න බෑ. දෙපිරිසම එක වගේ.
පිරිමි මෝඩද?
ඇත්තටම ආදරය හමුවේ බොහෝ පිරිමින් මෝඩයන් සේ හැසිරෙනවා මම දැකල තියෙනවා. ඒවගේම තම ආදරවන්තියගේ සිත රිදවීමට ඇති අකමැත්ත නිසාත් පිරිමියා නිහඬවම මෝඩයාගේ චරිතයට අවතීරණ වෙනවා. ආදරය යනු පරිත්‍යාගයක් නම් තමා මෝඩයෙකු වී හෝ ඒ පරිත්‍යාගය කරන එකයි වැදගත් ලෙස මම දකින්නේ. නමුත් ඇතැම් කපටි කාන්තාවන් මේ පිරිමින්ගේ ලක්‍ෂණය තම වාසියට හරවා ගන්නා අවස්ථාවන් ඕනෑතරම්.
තවත් දෙයක් කියන්න තියෙනවා. කාන්තාවනුත් ආදරය නිසා මෝඩ ලෙස ක්‍රියාකර බොහෝදේ නැතිකර ගෙන ඇති අවස්තා මේ මිනිස් සමාජයේ ඕනෑතරම්.
මේ අනුව බැලුවම පොඩ්ඩි කියන දේ වැරදිත් නෑ. ඒත් එයාට පෙනිල නැත්තේ ඒ කෝණයෙන්ම කාන්තාවන් දෙසත් බලන්න පුළුවන් කියන දේ නේද?
ඇත්තටම නම් ඒ පොස්ට් එක හුදෙක් විනෝදය සඳහාම ලියූ එකක්. එයින් කිසිවෙකුට පහර ගැසීමට අවශ්‍ය වෙලා නෑ. නමුත් කියවා බලන විට එහි ඊට එහා ගිය බවක් පේන නිසා පිරිමි එක්ක තරහකින් ලියූ එකක් සේ පේනවා.
දැන් බලමු කට්ටියගේ ප්‍රතිචාර කොහොමද කියා.
මම හිතුවා වගේම පිරිමි ටික පිරිමි කම පෙන්වන්නද මන්දා පොඩ්ඩිට විරුද්ධව අවි අමෝරාගෙන සටනට ඇවිත්. උදාහරණ මගින් ඇගේ ප්‍රකාශය බිඳ හෙලනවාට වඩා උත්සාහ කරල තියෙන්නේ කාන්තාවන් පහලට ඇදල දාන්න. දැන් එතකොට අපේ කාන්තාවන් මොකද කරල තියෙන්නේ. ඒ අය අන්ධයින් මෙන් පිරිමින්ට විරුද්ධව අවි අතට අරන්. අපොයි හරියට යුද්ධයකට ඔන්න මෙන්න වගේ ගිහින් කියලයි මට හිතුනේ. ඇත්තටම පිරිමි අපට වැඩියෙන්ම අවශ්‍ය කාන්තාවන්, කාන්තාවකගේ ආදරය. ඒ වගේම කාන්තාවකටත් අවශ්‍ය පිරිමියෙකුගේ ආදරය. එහෙනම් ඇයි මේ එක් පිරිසකට වඩා තවත් පිරිසක් උසස් වෙන්න හෝ පහතට ඇද දාන්න හදන්නේ. බැලුවම රන්ඩුවට ගිය ගැහැණු පිරිමි දෙපැත්තම මෝඩයෝ නේද?
මමත් දාපු කමෙන්ට් එකත් හරි මදි වගේ. ඒ ගැන මට වඩා කියවන අනික් අයට වැටහෙනවා ඇති.
ගිහින් එන්නම් සුභ දවසක්..!!!

පින්තූරය පොඩිකුමාරිහාමි බ්ලොග් අඩවියෙන්.

15 comments:

  1. ගෑනු, පිරිමි දෙගොල්ලොම මෝඩ තමයි. පේන දේවල් ඒ විදියට කියනකොට ගහගන්න එන්නෙත් මෝඩ අයම තමයි.

    පොඩ්ඩිගේ පෝස්ට් එක කියවලා ගහගන්න ආවේ පිරිමි.:))

    ගෑනු කවුරුත් 'අනේ අපේ පිරිමි හොඳයි' කියාගන ආවේ නෑ.:))

    එල පෝස්ට් ප්‍රියා....:D:D:D

    ReplyDelete
  2. මට නම් ඕන් හිතේන්නේ ස්ත්‍රි පරාන තමයි බොරුවේ,මුලාවේ,උපත...උන්ගේ ඔලුව ඔයිට වඩා තවටිකක් හොද විදියට නිපෑයුවානම් ලෝකය මොනතරම් සුන්දරවෙයිද??
    ගෑනු ජාතිය,
    ජරා ජතිය,
    ගලේ ගහලා,
    මරාදාපිය......ඉස්සර උගත්තු ඔහොම කියලා තියෙන්නේ කට කහනවටයෑ.......එක පෝසට් එක..:))

    ReplyDelete
  3. මේ මොකෝ මේ , ප්‍රියන්ත අයියත් වලියට බර වෙලා??? හා හා,, හරි හරි,, පොඩ්ඩිට වැරදිලා. පිරිමි මෝඩ නැහැ. ඕගොල්ලන්ට සෑහෙන්ට මොළේ තියෙනවා, වෙලාවකට වැඩිත් තරමට .
    ඔන්න දැං හරි නේ :D

    ReplyDelete
  4. @ අසංක,

    අපොයි. මේක නං මොලේ අලුක්කාලක්වත් තියන කෙනෙක් කීව කතාවක් නෙමේ. පට්ට පල් මෝඩයෙක් කීව කතාවක්. :))

    කියලා තියෙන්නේ හැබැයි ගෑනියෙකුත් නම් නෙමේ.???

    ReplyDelete
  5. පියන්ත අයියේ හිතලා බලන්න ලෝකේ මුලින්ම මෝඩ වැඩක් කලේ ගෑනියෙක්ද ? නැත්තම් පිරිමියෙක්ද ? ...මම අහන්නේ ආදම් ඇන් ඒවා ගැන

    එහෙම බැලුවොත් අපි මෝඩ නෑ ප්‍රියන්ත අයියේ ..අරයලා තමා ...***ඩ

    ReplyDelete
  6. /*නමුත් ඇතැම් කපටි කාන්තාවන් මේ පිරිමින්ගේ ලක්‍ෂණය තම වාසියට හරවා ගන්නා අවස්ථාවන් ඕනෑතරම්.
    */

    ඒ කා ගැනද? කුමාරිහාමි ගැන නෙමේ නේද?

    ReplyDelete
  7. උම්බල චීත්තයක් දැක්කත් මළ පෙරේතයො වගේ පස්සෙන් යනව. පන්න පන්න කොමෙන්ට් කරනව. රිප්ලයි පෝස්ටුත් දානවත් එක්ක.

    උන් මොන ගූ පෝස්ට් දැම්මත් රස කර කර කොමෙන්ට් කරනව.

    විලි ලැජ්ජ නැති හැත්තක් බන්.

    ඔය ‍ඔක්කොම කරලත් ඔය ගෑනු උම්බල‍ට අල්ලයි ද? හා හා!! හූ හූ හූ..

    ReplyDelete
  8. @ ප්‍රවීනා
    //එල පෝස්ට් ප්‍රියා....:D:D:D//
    මේටික දැකල මට හිනාව නවත්තගන්න බැරුව ඉන්නේ. දකින දකින පාර හිනා එනවා. මාර ජොලියක්නේ පොඩ්ඩිට තියෙන්නේ මගේ පෝස්ට් එක කියවලා. පොඩ්ඩිගෙන් මෙහෙම කමෙන්ට් එකක් දැක්කමයි.
    ඔයා හරි මම කියන්නෙත් දෙගොල්ලොම නැණනවත් වගේම මෝඩයි. එක පැත්තකට විතරක් ඕක පාස් කරල බේරෙන්න බෑ කාටවත්.

    ReplyDelete
  9. @ අසoක
    ඇයි මේ කෙන්තියෙන් ගෑනු ළමයෙක් හින්දා මොනව හරි හිත් අමනාපයක්ද? තරහ ගන්න එපා. තමුන් ඒ ගොඩට නොවැටී ඉවසීමෙන් ඉන්න කියලයි මට කියන්න ඕන. කවදාවත් කිසිම වැරැද්දකට කාටවත් ඇඟිල්ල දික් කරන්න කලින් හිතන්න තව ඇඟිලි 4ක් තමන්ටත් දික් වෙනවා කියා. ඔයා කියන කතාව ඇත්ත. ඒත් හැම කෙල්ලටම වලංගුනෑ.
    ස්තූතියි මේ පැත්තට ඇවිත් අදහස් දැක්වීමට. විවෘතව කියන දේ වැදගත් හැංගිලා බනින අයට වඩා.

    ReplyDelete
  10. @ හරී - පිණිපළස
    අපොයි හරි ඔයාට එහෙම හිතෙනවද? අනේ මම ඔය වලියට බර කෙනෙක් නෙවේනේ. ස්තූත්යි ඇවිත් ගියාට. අළුතින් පොස්ට් එකක් දාපු එකනම් සතුටක්.

    ReplyDelete
  11. @ හිස් අහස
    අයියෝ සඳරූ ඔයා දන්නේ නැද්ද? ඔය ආදම් සහ ඒවා කළ මොඩ වැඩේ හින්දලුනේ මේ මෝඩ මිනිස් පරපුර ඇතිවුනේ. ඔය කියන දෙන්නම මොඩයිලු. ඒකෙන් ඇතිඋන පරපුරම මෝඩ. ගෑහැනුන්ට බනින්න කලින් බලන්න පිරිමි කරන හැම දේම හරිද කියල. හැබැයි ගැහැණු වැඩි දෙනෙක් නොහිතන දේත් එයාල කරන දේ හරි වැරදි නොබලා හරි කියා හිතන් ඉන්න එක..

    ReplyDelete
  12. @ Kathandara
    අනේ නෑ කතන්දර. පොඩ්ඩි ගැන එහෙම කියනවද? නෑ මම කියා ඇත්තේ වෙන කතාවතින් ගත්ත දෙයක්. ස්තුතියි මේ පැත්තටත් ඇවිත් ගියාට.

    ReplyDelete
  13. @ avani
    හැංගිලා ඉන්න මෙයා කවුද?
    මොනවා කියනවද මන්දා?
    උම්බල ලු චීත්තයක්, මළ පෙරේතයෙක් ගැන කියනවා. මට පේන්නේ මෙයා උම්බලකඩ ටිකක් චීත්තෙක ඔතන් මළ පෙරේතයෙක්ට පූජා කරන්න යද්දි පාර වැරදිලා මෙහෙ ඇවිත් වෙන්න ඇති.
    පෙරේත භවනේ ඉඳන් එනකොට ඔහොම වෙනවා බන්. ආපහු හිටපු තැනටම ගියානම්.

    ReplyDelete
  14. ඇත්තද බොරුද කියල දන්නෙ නං නැහැ. පිරිමි ආදරය දක්වන්නෙ අර වැඩේ කොරගන්නලු, ගෑනු ඒ වැඩේ කොරගන්න දෙන්නෙ ආදරය ලබා ගන්නලු. "ලු" කිව්ව මිසක් අහිංසක මගෙ කියමනක් එහෙම නෙවි ඔන්න.

    ReplyDelete
  15. @ Observer
    අහිංසක අසරන මම ඕවා ගැන කියන්න දන්නේ නෑ අයියේ.
    මට ආදරේ කරන කෙනාට දෙතුන් ගුණයකින් ආදරේ කරන්න නම් පුළුවන් ‍වෙයි.

    ReplyDelete