Thursday, April 7, 2011

ඉලංදාරියා වෙනුවෙන් ලේ බිඳක් දන්දෙන්න....

අපි කවුරුත් දන්නවානේ අපේ බ්ලොග් අවකාශයේ ඉලංදාරියා ශ්‍රවණාබාධයකින් පීඩා විඳන බව. මේ සඳහා දැන් ශල්‍යකර්මයක් කරන්න සැලසුම් කර ඇති බවත් කවුරුත් දන්න දෙයක්. ඒ සඳහා දැන් ඔහු විවිධ පරීක්‍ෂණ ගණනාවකට මුහුණ දෙනවා. ඒතර සිදුකළ MRI පරීක්‍ෂණයකින් ඔහුගේ මොළයේ මැද කුඩා ගෙඩියක් ඇති බව සොයාගෙන ඇති අතර වෛද්‍ය මතය එය යම් ලෙසකින් පුපුරා ගියහොත් ඇති විය හැකි ප්‍රථිපලය අවිනිශ්චිතයි. ඒ සඳහා විසඳුම ශල්‍ය කර්මයකි. එම ශල්‍යකර්මය සඳහා දැන් ඔහු රොහල්ගතවී සිටී. දැනට මහනුවර මහරෝහලේ වාට්ටු අංක 74හි නේවාසිකව සිටින ඔහුට ඕ නෙගටිව් (O -) වර්ගයේ ලේ අවශ්‍ය වී ඇත. මෙය සොයාගැනීමට අපහසුම ලේ වර්ගය  වේ. ඒසේම එම ලේ වර්ගය ඇති අයෙක්ට වෙනත් කිසිම ලේ වර්ගයක් ලබා දිය නොහැක. ඔබ කිසිවෙකු සතුව මේ වර්ගයේ ලේ ඇතිනම්, ඔබ ලේ පරිත්‍යාග කිරීමට කැමති අයෙක් නම් හැකි ඉක්මනින් දන්වන්න. 
0718050116 දුරකථන අංකයෙන් ඔහුගේ සොයුරා අමතන්න.
නැතිනම් මා හට ඊ මේල් එකක් එවන්න priyantha.ab@gmail.com
මෙය ඔහු වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරනවාට වඩා මහා පුණ්‍යකර්මයකි.
ප/ලි
දැනට පරිත්‍යාග කිරීමට දෙදෙනෙකු සිටින බව පැවසේ. අවශ්‍ය තාවයක් ඇති වුවහොත් සූදානමින් සිටින මෙන් ඉල්ලමි

3 comments:

  1. දැනට පරිත්‍යාග කිරීමට දෙදෙනෙකු සිටින බව පැවසේ. අවශ්‍ය තාවයක් ඇති වුවහොත් සූදානමින් සිටින මෙන් ඉල්ලමි

    ReplyDelete
  2. ප්‍රියන්ත මල්ලි, මේ කරන කර්තව්‍යය ගැන ස්තූතියි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනං මගේ නම්බර් එකට පොඩි මැසේජ් එකක් එවන්න.

    00971503499123

    ReplyDelete
  3. @ දුමී
    ගොඩක් ස්තූතියි අයියේ ඔයාගෙත් උනන්දු වීම ගැන. අවශ්‍යතාවයක් ඇති උනොත් කතා කරන්නම්..

    ReplyDelete