Friday, March 18, 2011

Snipping Tool මේ මොකක්ද මේ?....

කලින් දවසේ පොස්ට් එක ලියන්න මට ප්‍රයෝජනවත් උන Tool එකක් ගැන අද පොඩි පෝස්ට් එකක් ලියන්න හිතුනා. මම Windows 7 operating system එකට මාරු වෙලා තාම මාස 5යි. මේ Tool එක මට මුලින්ම ලැබුනේ වින්ඩෝස් 7 වලින්. මම කලින් භාවිතා කල විස්ටා වල මම භාවිතා කළ වර්ශන් එකේ මේක තිබුනේ නෑ. 
අර උඩින් කියල තිබුන ආකාරයටම මේකේ නම Snipping tool. මේකෙන් කරන්න පුළුවන් අපේ වින්ඩෝ ස්ක්‍රීන් එකේ screen shot එකක් ගන්න එකයි. මෙය විස්ටා සහ Widdows XP Tablet PC Edition (Experience Pack) එක සමග දක්නට ලැබේ. 
All Programs වල Accessories යටතේ මෙය ඇත. මෙය සොයා ගැනීමට කලින් මම භාවිතා කලේ Print Screen (Print Scr) කී එක මගින් ලබා ගන්නා screenshot එකක් paint වලට paste කර එයින් අවශ්‍ය කොටස පමණක් කපා වෙන් කැ ගැනීමයි. නමුත් snipping tool එක මගින් අපට අවශ්‍ය කොටස පමණක් screenshot එකට වෙන්කර ගන්න පුළුවන්.
කරන්නේ මෙහෙමයි. Snipping Tool එක මුලින්ම ලෝඩ් කර ගන්න. මේවගේ ස්ක්‍රීන් එකට ලොඩ් වෙයි.
 මෙහි New මත ක්ලික් කිරීමෙන් අවශ්‍ය පරිදි screenshot එක තෝරා ගත හැක. මෙහි option 4ක් ඇති අතර පහලට ඇති ඊ හිස මගින් අවශ්‍ය option එක තෝරා ගත හැක.
  1. Free-form Snip මෙයින් අපට නිදහසේ ඕනෑම හැඩයක capture එකක් ගන්න පුළුවන්. 
  2. Rectangular Snip මෙමගින් චතුරස්‍රාකාර හැඩයක screenshot එකක් ලබා ගන්න පුළුවන්.
  3. Window Snip මෙමගින් වින්ඩෝ එකක screenshot එකක් ගන්න පුළුළුන්. මෙහිදී අදාල වින්ඩෝ එක ඇක්ටිව් වින්ඩෝ එක ලෙස උඩින්ම පවතී නම් වඩා හොඳයි. නැතිනම් උඩින් ඇති එකේ කොටසක් එකතු වෙන්න පුළුවන්.
  4. Full-screen Snip මෙමගින් සම්පූරණ screen එකේම screenshot එකකත් ගන්න පුළුවන්.
මේ එසේ screenshot ගැනීමට යන අවස්ථාවයි.
මෙය rectangular screenshot එකක් ගන්නා අවස්ථාවකි. මෙහිදී අප තෝරා ගන්නා කොටස පමණක් පැහැදිලිව පෙනෙන අතර ඉතිරිය රූපයේ ආකාරයට ලාපැහැයෙන් දිස්වේ.
මේ එසේ ලබාගත් screenshot එකකි.
ඉන්පසු මෙය අපට අවශ්‍ය පරිදි කැමති ෆෝමැට් එකකට සේව් කර ගත හැක. ඒ සඳහා JPG, GIF, PNG, HTML(MHT) යන Image format වලින් සේව් කරගැනීමේ පහසුකම ඇත.
ඊට අමතරව Pen එකක්, Highlighter එකක් ඇත. Pen එකෙන් ලිවීමේදී හෝ Highlighter එකෙන් සලකුනු කිරීමේදී වැරදීමක් වූවිට මැතීමට Eraser එකක්ද ඇත.
මේක දන්න අයත් ඇති. කලින් භාවිතා කර නොමැති නම් වැඩක් නැතිව ඉන්න වෙලාවක අත්හදා බලන්න. Windows XP (Tablet PC Edition) භාවිතා කරන අයට දැනට මෙය නැතිනම් මෙතනින් ගන්න පුළුවන් වෙයි. ගිහින් අරන් බලන්නකෝ.
මම නම් මෙයින් ප්‍රයෝජන රැසක්ම අරන් තියනවා. ඔයාලත් කරලම බලන්න.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

ප/ලි
මේක වැඩකට නැති පෝස්ට් එකක් කියල බනින්න නම් එපෝ. මේවා ගොඩක් වැදගත් වන නවකයින් ඕනෑ තරම් ඉන්නවානේ.

16 comments:

  1. ඉක්මනින්ම අත් හදා බලන්න ඕන දෙයක්. බොහෝම ස්තූතියි.
    මේ දැන්ම ඔක්කොම වැඩ පැත්තක දාලා මේක ට්‍රයි කරනවා. බොස්ට අහුවුනොත් ලීවකෙනාගේ ෆෝන් නම්බර්ස්, වැඩ කරන තැන ඩීටේල්ස් අනම්, මනම් ඔක්කොම දෙනවා. අද දවසේ නුපුරුදු මූනු, ෆෝන් කෝල්ස් එනවද කියලා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න.

    ReplyDelete
  2. මේක නම් ඇත්තටම සෑහෙන්න ප්‍රයෝජනවත් Tool එකක් තමයි. Windows 7 වල මේ වගේ හැංගිලා තියෙන අනිත් Tools ගැනත් කියන්න...

    ReplyDelete
  3. මං නම් ඉතින් දෙයක් අතට අහු උනාම හැමදේම චැක් කොරන නිසා. ලැප් එක ගෙනාපු දවස් වල ඔක්කොම චැක් කොරලා ඕක තමා අවශ්‍ය විට පාවිච්චි කොලේ. ඒත් මං කම්පනා කොලේ අර පෙන් එකයි හයිලයිටර් එකයි මට හොයාගන්න බැරි උනේ කොහොමැයි කියලා.......... :( :(

    ReplyDelete
  4. ප්‍රින්ට් ස්ක්‍රීන් වලට වඩා පහසු වේයි වගේ....පේන්ට් අස්සේ පේස්ට් කොරලා කෑලි කපන්න ඕනේ නෑ නේ.,...
    චැට් කොරන්න එන ඈයෝ පරිස්සම් වෙයව්!!

    ReplyDelete
  5. ඵල, Xp වලට එකක් නැද්ද හොයාගන්න?

    ReplyDelete
  6. වැඩේ හොදයි වගේ. මමනං තාම XP තමයි පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  7. මට දෙයියෙක් හා සමාන ටූල් එකක්. මොකද මට නිත‍රම වගේ ඕක උවමනා වෙනවා.

    ReplyDelete
  8. තැන්කූ තැන්කූ, සෑහෙන්න වටින ටූල් එකක්

    ReplyDelete
  9. ප්‍රවීනා
    යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා. ඔයාලගේ බොස් කෝල් කරයි කියලම බයට මෙච්චර දවසක් හැංගිලා හිටියේ. දැන් මේක ට්‍රයිකරල ඉවර ඇති නේද. දවසක් විතර මම ඈත පලාතකත් ගිහින් හැංගිලා හිටිය. බය නැද්ද එහෙම කීවාම...
    අම්මෝ ආයෙනම් මේ වගේ වැඩ කරන්නේ නෑ....

    ReplyDelete
  10. දිනේශ් දීපාල්
    ඔව් ආයෙම පුළුවන් වෙලාවක මේවගේ දේවල් කියන්නම්. හැම එකම හොයල කියන්න අදහසක් නෑ. මට හමුවන හොඳ Tool එකක් තිබුනොත් ඒ ගැන ලියනවා.

    ReplyDelete
  11. @ හා පැටික්කි (MS)
    දැන් දන්නවා නේද හාවි පෙන් එකයි හයිලයිටර් එකයි දෙකත් තියනවා කියල. හැබැයි හැම එකට ටෙස්ට් කරන්න ගිහින් බලාගෙන කම්පීතරේ ලෙඉ වෙන්න පුළුවන්. කරනවනම් වචනයක් මගහරින්නේ නැතිව කියවන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  12. @ රත්ගමයා
    අපොයි ඔව් මල්ලි. ප්‍රින්ට් ස්ක්‍රීන් වලට වඩා පහසුවෙන් මේකෙන් ගන්න පුළුවන්. වෙලාවත් ඉතිරි වෙනවා. චැට් කරන අයට පරෙස්සම් වෙන්න කියන්න...

    ReplyDelete
  13. @ ලහිරු
    Windows XP (Tablet PC Edition) එකට තමා දැනට මට ලැබුනේ. පසුව අනික් ඒවාට ලැබුනොත් සටහනක් තබන්නම්. ස්තූතියි මේ පැත්තේ ආවටත්.

    ReplyDelete
  14. @ Praසන්ன
    ඔව් මට තාම Windows XP සඳහා මෙය ලැබුනේ නෑ. ලැබුනොත් දන්වන්නම්.

    ReplyDelete
  15. @ අනුරාධ
    මේ ග්‍රැෆික් කරන අයත් මේවා භාවිතා කරනවනම් ඉතින් අපි ගැන කවර කතාද? මල්ලිගේ කතාව හරි. මෙයින් ගන්න පුළුවන් වැඩ ගොඩයි තමා.

    ReplyDelete
  16. @ තාරක Dilsh@n
    තාරක ටත් ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete