Thursday, March 10, 2011

සොඳුරු චාරිකාවක් (සොඳුරු හමුවක්.03)

සිතේ ඇතිවන සියලු දේ බිඳී යන්නේ තත්පර කීපයකින්. කාලයක් තිස්සේ හඳුනා ගෙන සිටි ඈ හමුවූයේ මුල් වරට උනත් එදිනම ඇය මා හා ඇවිදින්න යන්න කැමති උනා. මමත් ඒ දිනය එන තෙක් සිටියේ ඇඟිලි ගනිමින්. ඒත් සියලු පැතුම් බිඳී යන බවක් පෙනුනේ බ්‍රහස්පතින්දා උදේ අහස කළු කරන්නට පටන් ගත් නිසා. මේ යන විධියට නම් මේ සුන්දර ගමන යන්න වෙන එකක් නෑ කියලයි සිතුනේ. දවසම වැස්ස අහස රෑ කාලයේත් එලෙසම පැවතුනා. ගෙදර ඉන්නා විට ඇයට ඇමතුමක් දෙන්න නොහැකි නිසා තවත් කම්මැලි කමක් ආවා. සුපුරුදු පරිගනකය වෙත ඇදී ගියේ නොදැනුවත්වම වාගේ. 
ෂාහ්.. ඇගෙන් මේල් එකක්. කාලයක් තිස්සේ සොයමින් සිටි දෙයක් ලැබුනා වගේ දැනුනේ. උදෙත් චැට් කළාට මේ මෙල් එක හොයමින් සිටි එකක් වගේ තමා මට දැනුනේ. රෑ 9 ට විතර ඕන් ලයින් එන්නම්. කතා කරන්න ඕන. එපමණයි.
හරියටම වෙලාවටම ඇගේ චැට් එකක්.
ළමයෝ දැන් මොකද කරන්නේ. දිගටම මෙහෙම වහීද?
ඒක තමා ලමයෝ මමත් මේ කල්පනා කරන්නේ. හරි වැඩේ තමා. 
මටත් හරිම දුකයි අනේ. මොකද කියන්නේ වැස්සත් කමක් නෑ වැස්සෙම යමුද?
මටනම් කමක් නෑ. ඒත් තෙමිල ඔයා ලෙඩ උනොත්. අනික දැන් වැහි වතුර විසයි. ඔයාගේ ලස්සන සමට හානි උනොත්.
අප්පේ කොල්ල හිතන දුර...
කමක් නෑ බලමු තව දවස් දෙකක් තියනවනේ.
වැස්සේ ශබ්දය මැද නින්දට ගිය මට උදේ ඇසුනේ වෙනත් සද්දයක්. එලියට ඇවිත් බලනවිට සිතේ දහසක් මල් පිපුනා. අහස නිල්ම නිල් පාටයි. හොඳට සුලං හමනවා. මෙ විධියට සුලං තිබුනොත් නම් වහින එකක් නෑ දවස් ගාණකට. මට හිතුනේ එහෙමයි.
උදෙන්ම ඇයගෙන් කෝල් එකක්..
අපේ ලෝකෙට අව්ව පායල ලමයෝ...
ඒකනේ ළමයෝ අපි හොඳයි නේ. අපිට කරදර වෙන්නේ නෑ ඒ නිසා...
තියන්නම් .. හෙට උදේ වෙලාවට ඔයා එන්න. මමත් ඇවිත් ඇති එදා තැනටම. හා මට හෙල්මට් එකක් ඕනිනේ..
හරි මම ගේනවා. අළුත් එකක්ම අරන් එන්නම්කෝ 
අවංක හදවත් දෙස දෙවියොත් ආශීර්වාද කරනවා කියන්නේ ඇත්ත වෙන්න ඇති. එදා හොඳට ඉර පායලා. මඳ සුළඟක් හමනවා. හරිම සුන්දර දවසක්.
හරියටම වෙලාවටම අපි පිටත් උනේ.
ඇයට කිසියම් නුහුරු බවක් පෙනුනත් ඇය කිසිත් නොකියා බයිසිකලයට නැගී අසුන් ගත්තා. 
දැන් යමු බබෝ...ඇගේ සුරතල් වෙමින් පැවසූවේ..
ලා හිරු රැස් මැද මඳසුළඟේ පැද්දෙන මල් බලමින් ගමන ඇරඹූ අපේ නාසයට සුමිහිරි මල් සුවඳක් කොහේදෝ සිට එනු දැනුනා. 
කෝ ඔයා හෙමින්නේ යන්නේ. පාරේ වාහන නැති තැන්වලදී ඇය කියන්නීය.
යන්නද හයියෙන්..
හරි යන්...
බය නැද්ද?
අපොයි නෑ... 
හැප්පුනොත්...
එකටම මැරෙමු...
මම වෙගය වැඩි කලෙමි. ටික දුරක් යන විට 
දැන් ඇති හෙමින් යමු. මට වට පිට බලන්නත් ඕන..
ඒකනේ මම හෙමින් ආවේ. මම දන්නවානේ පැනි කිරිල්ලි ආවේ ලස්සන බලන්න කියල...
ලස්සන තේ වත්තක් අයිනේ මම නතර කලෙමි. ඇයි මහන්සිද? ඇගේ හඬ කලින්ටත් වඩා සුමිහිරිය..
එහෙනම් දෙන්න මම ගෙනියන්නම් ඔයාව පොළවට උඩින්.. 
හා හා දැන්ම ඕන නෑ මම දන්නවා කෙල්ල චන්ඩියා කියල. මේ පාර ඔයාට පුරුදු නෑ නේ. මේකේ යන වාහන වලට කිසි පිළිවෙලකුත් නෑ. ටිකක් ඉඳල යමු. බලන්නකෝ අර කඳු තේවතු අර ඈතින් පේන දිය ඇලි වල ලස්සන.
ඔව් අනේ එහෙනම් අපි ටිකක් ඉමු.
බයිසිකලයෙන් බිමට බැස්ස කිරිල්ලිය හෙල්මටය ගලවා තබා පාරේ ඒ මේ අත දුවන්නට වූයේ පොඩි ළමයෙකු මෙනි.
දුවන්න එපා බලාගෙනයි ළමයෝ ඔය වාහන එනවා. බය වෙන්න එපා මම පරෙස්සම්. ඇය ආපසු මා වෙත දිව ආවේ සමනලියක මෙනි..
යමු අර ගල් තලාවේ වාඩි වෙලාම කතා කරමු. මා අතින් ඇදගත් ඇය පාරෙන් මදක් ඔබ්බෙන් ඇති ගල් තලාවක් වෙත දිව ගියා..
කලින් දවසේ මෙන් නොව කිසිවෙක් නැති නිසල තැනක් නිසාදෝ ඇය මට වඩාත් තුරුළුව වාඩි වෙන්න ඇත්තේ.
මම මෙහෙම ළඟින් ඉන්නකොට ඔයාට මොනවද හිතෙන්නේ. මගේ සිතුවිලි බිඳිමින් ඇය අසයි..
ලෝකෙම මගේ කියල හිතෙනවා. කෝ දෙන්න ඔයාගේ අත...
මට බෑ කපටි කොල්ලා.. සිනාසෙන ඇය මගේ අත මෘදු ලෙස අල්ලා ගනියි...
මගේ උරහිසේ ඔලුව තබා ගන්නා ඇය සුරතල් බස් මුමනයි. මම ඇගේ සේද කෙස් කළඹ අතරින් ඇඟිලි ගෙන ගියෙමි. ඇය තවත් ලංවිය. 
මගේ ජීවිතේ පිරිල වගේ දැනෙනවා ළමයෝ..
මටත් එහෙමයි...
සිංදුවක් කියමු.. ඇය දොඩමලු වෙයි.
හරි කියමු..
ඒත් මට සිංදු කියන්න බෑ ළමයා. ඔයා කියන්න මම අහන් ඉන්නම්. මම එදා කෝල් කරල ඔය කටහඬ අහපු දවසේ ඉඳන් සිංදුවක් අහන්නමයි හිටියේ. කියන්නකෝ... කෝ අනේ...
හරි එහෙනම් මම කියන්නම්. ඔයත් එකතු වෙන්න. මට බෑ...
එහෙම බෑ.. නෑ කමක් නෑ මම කියන්නම්කෝ..
බෑ කියූ ඇය මද වේලාවකින් සිංදුවට අත්වැල් අල්ලන්නට විය.. ඔයත් ඔය ලස්සනට කියන්නේ..
හී හී ගල්තලාවෙන් නැගිට ගත් ඇය දුවන්නට විය. මම ඇය පසු පස දිවගොස් අල්ලා ගතිමි.
මම හිතුවේ අල්ලන්න බැරිවෙයි කියල. ඇය සිනාසෙයි.
මම බය උනේ හයි හීල් දාන් දුවල මෙතන වැටුනොත් කියල. නැත්තන් කොහෙද මාත් එක්ක දුවන්නේ. කලින්ම අල්ල ගන්නේ...
ආයේ අල්ල ගන්න දෙයක් නෑ මම ඊට කලින් ඔයාව අල්ලන් ඉවරයි.. ඇය කොඳුරයි.
මං දන්නවා. මමත් ඇගේ කණට මිමිණුවෙමි..
යමුද තව දුර යන්නත් තියනවානේ. 
ඔව් ළමයා අපි යමු..
මතකද පොරොන්දුව.. 
ඇය ඇස් නටවමින් අසයි..
හ්ම් ඇයි නැත්තේ තව යමු. ඉස්සරහ මල් විකුණන ළමයි ඉන්නවා ඇති..
දැන් නම් සීතල තදින්ම ඇඟට දැනේ. ඇයට නම් ඒ ගැන තැකීමක් නැත. තරමක් වේගය අඩු කළ මම ඇය දෙස හැරී මං දන්නවා ඔයා සීතලට කැමතියි කියල. ඒ උනාට ඔය ජැකට් එක දාගන්න. නැතිනම් අසනීප වෙයි ඔයා..
හ්ම් හැම වෙලේම ඉතින් මට උගන්නන්න එනවා. පණ්ඩිතයා කියා කට ඇද කළ ඇය එහෙන්ම් නවත්වන්න මම මේක දාගන්නම්..
අන්න. මගේ උරහිසට උඩින් එබුන ඇය ඈත පාර අයිනේ මල් විකුණන කුඩා දැරියක පෙන්වූවාය..
දැරිය අසල බයිසිකලය නතර කළ මා දැරිය අත වූ ලස්සනම මල් පොකුර ගෙන ඇයට දුන්නේ හද පිරි සතුටිනි. එහි ඇති මල් වලටත් වඩා ලස්සන සිනාවක් ඇගේ මුවග සටහන් විය. ආසාවෙන් නාසයට ලංකළ මල් වල සුවඳ බැලූ ඇය ඒවා මටත් ලංකර සුවඳයි නේද ඇසුවාය..
හ්ම්..
මොකක්ද අනේ හරියට කියන්නකෝ..බොරු නොක්කඩුවකි.
හරියට සුවඳයි...
ඔය ආයෙත් කළේ ඒකමයි. හරි නරකයි.
මම මල් පොකුරෙන් මලක් ගෙන ඇගේ හිසේ ගැසුවෙමි. දැන්නම් හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියක්ම තමා.යමු අතන ඉඳන් ෆොටෝ එකක් ගමු.
කපටියා. කොහොමද ඔච්චර ඉක්මනට මාව ෂේප් කරගන්න ඉගෙන ගත්තේ..
මම සිනාවකින් පිළිතුරු දුනිමි.
කෝ දෙන්න බලන්න ගත්ත ෆොටෝ එක. ලස්සනයි. හැබැයි මේවා එහෙ මෙහේ දානවා එහෙම නෙවේ. බොරු තරහක් මවාගනිමින් පවසයි..
එසේය කුමරිය....
ඇය මහ හඬින් සිනාසෙයි..
කිසි දිනක නොලැබූ සැහැල්ලුවකින් සිත පිරී ගොස් ඇත. ඇයටත් එලෙසම දැනෙනා බවක් පෙනේ. විටෙක තනිවම සිනාසෙයි. බැලුවම මමත් කරන්නේ තනිවම සිනාසෙන එක නොවේද?
එක් විටෙක සිනාවන් දෙක එකිනෙක හමුවිය..
පිස්සු නේද අනේ..
කාටද? කිසිත් නොදත්තෙකු මෙන් මම ඇසුවෙමි..
ඔය ඒකවත් තෙරෙන්නේ නැද්ද. දෙන්නටම.
එක්කන් යන්නම වැඩේ. එතනින් පිස්සියෙක් අල්ල ගත්තොත්..
ඇයි අල්ල ගත්ත පිස්සි මදිවටද..
එන්න එපා මට පිස්සි කියන්න.. පිස්සා පිස්සා.....
එන්නේ නැතිව ඈත ඉඳන් කියන්නද පිස්සි කියල..
දවස ගෙවී ගියේ දෙදෙනාටම නොදැනීය. සවස ආපසු එමින් සිටියෙමු. 
ටිකක් නවතිමු අනේ තව වෙලා තියනවානේ. රෑ වෙන්නකලින් යන්න පුළුවන් වෙයි නේද. පුළුවන් බය වෙන්න එපා. ඇයි බය වෙන්නේ. ඔයා ඉන්නවානේ. ඔව් ඉතින් චන්ඩි කෙල්ලෙකුත් ඉන්න නිසා මමත් බය නෑ..
අර බලන්න. අර කඳු වල මීදුම. අර මල් වල සමනලයින් පැණි බොනවා. අන්න අන්න දේදුන්නක්...
අර බලන්න අර මල් දෙක මල් දෙක ආදරෙන් කතා කරනවා...
දේදුන්නනේ එන සමනලුනේ..ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ..
රෑන් රෑන් ඇවිදිල්ලා...අපේ ළඟින් ඉඳ පල්ලා... සනත් නනිදසිරිගේ ගීතය මම මුමුණන්නට ගතිමි. අත්වැල් ගායනය ඇයගෙන්...
යමුද අර අතන කඳු ගැටය උඩට.. ඇය අත දික්කර පෙන්නවයි.
යමු..
අවට බලමින් සුරතල් වදන් අසමින් බොහෝ වෙලාවක් අපි එතන ඉන්නට ඇත.
දැන් යමු. මම කීවේ රෑ වෙන්නට කලින් ඇයට ගෙදර යායුතු නිසාය. යමු. ඇයට යන්නට සිත් නැත. එහෙත් දවස අවසන් වේගන එයි.
පහලට එන අතර මග ඇති ගල් තලාවක මඳක් නැවතුනු ඇය එහි හිඳ ගත්තාය. මමද කිසිත් නොකියා ඇය ළඟින්ම වාඩි වූයෙමි..
ළමයෝ ආයෙම ඉක්මනට හමු වෙමු. නැතිනම් මට ලොකු පාවවක් දැනෙයි.... මටත් මම මිමිණුවෙමි.
ඇගේ ගෙල වටා අතක් යැවූ මම ඇය තවත් ළං කර ගතිමි.
ඇය මුහුණ මගේ නලලට ලං කරන්නට විය. දැන් පිපුන සමන් මලක සුවඳ මා හද වෙලාගන්නා බවක් දැනේ.
......

33 comments:

  1. ශිහ්.. හොඳම හරියෙදිනෙ ප්‍රියා නවත්තලා තියෙන්නේ.....

    උඹ අල්ලන ජල්ලියනම් මට එච්චර දිරවන්නෙ නෑ පුතේ..... කමක් නෑ නේ... කොච්චර හැංගිලා වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියෙනේ......

    ReplyDelete
  2. අපොයි මෙහෙමත් හීන මිනිස්සුන්ට පේනවද? කොහොම උනත් හරිම ලස්සන හීනයක්.

    දැන් ඉතින් මේකේ හතරවෙනි කොටසකුත් තියනවද?

    ReplyDelete
  3. @ අභීත
    පටන් ගත්තතේ මගින්නේ. බලමු මොකද වෙන්නේ කියල නේද?

    ReplyDelete
  4. @ ප්‍රවීනා
    හීනයක් කියල එහෙම කොහේවත් කියල තියනවද?
    දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පසුව දෙන්නම්. තාම පොස්ට් එක දැම්මා විතරනේ.

    ReplyDelete
  5. මතු සම්බන්ධයි...

    ReplyDelete
  6. ඇත්තටම මේක කතාවක් වගේ
    මොනවා උනත් මෙච්චර ලස්සනට මේ ගලා ගෙන යන ආදරය දෙවියෝ ආරක්ෂා කරලා දේවි

    ReplyDelete
  7. මචං මෙ.. මෙ.... පස්සෙ මෙක හිනයක් හරි ගොතපු 1ක හරි කියනව එහෙම නෙමෙයි.....
    කියුවොත් තරහම යාලුයි... (තරහ වෙන්න බැනෙ)
    අපි කොච්චර ආසාවෙන්ද ඉන්නෙ කෙක් කන්න... ඇයි උඩරට මැනිකෙ බලන්න.....
    මල්ලිත් මෙක බලනව ඇති... නැත්නම් මම පෙන්නන්නද?

    ජිවිතෙ සුන්දරද මෙතරම්.......
    සුභ පැතුම් දෙන්නටම...

    ReplyDelete
  8. ඇත්ත කියං ප්‍රිය අයියේ.. ගියා නේද ගෑණු ළමයා එක්ක බයික් ටුවර් එකක්..??
    (මේවායේ මුල් කෑලි කියෙව්වේ නැති හන්දා කමෙන්ට් එක නොගැළපුනෝතින් නොසලකා හරින්න)

    ReplyDelete
  9. අයියේ ඔහොම යමුකෝ මේකතාවනම් යන විදිහට සෑබෑවක් වෙනවනම් අපි කෑමතියි අයියේ..

    ReplyDelete
  10. හපොයි මට නිකන් කුච් කුච් හෝතා හේ වගේ.....:D

    ReplyDelete
  11. මෙක ප්‍රියන්ත අයියාගෙ මුහුනෙන්ම කියනවා හිතෙ මවා ගනිල්ලා... :D
    එතකොට තාමයි එකෙ නියම රසය එන්නෙ :D

    ReplyDelete
  12. රවා මල්ලි කෝකටත් දුම්මල කබල ලෑස්ති පිට තියා ගනින්..අන්තිමට මේකත් අපි දෙන්නටම තමා ගොඩදාන්න වෙන්නේ..

    ReplyDelete
  13. *සර් ප්‍රියා* දැං *පෙම් ප්‍රියා* වෙලා ද ඒ පාර................ :D

    ReplyDelete
  14. @ Praසන්ன
    මතුසම්බන්ධයි????
    ස්තූතියි ඇවිත් ගියාටත්...

    ReplyDelete
  15. @ Angel
    ඇත්තටම මේක කතාවක් තමා...

    ReplyDelete
  16. @ ඉංදික
    එහෙනම් මම කිසිවක් නොකියා ඉන්නම්කෝ...

    ReplyDelete
  17. @ ෆා
    කොහේදිවත් දැක්කද එහෙම දෙයක්. දැක්කොත් කාටවත් කියන්න එපා හොඳේ. ..:D
    ස්තූතියි ෆා ප්‍රතිචාරයට.

    ReplyDelete
  18. @ ඉලංදාරියා
    ඔහොම යමු කීවේ බයික් එකේ යන්න කියලද මන්දා..
    ස්තූතියි මල්ලිටත් ඇවිත් ගියාට.

    ReplyDelete
  19. @ අනුරාධ
    මල්ලියෝ මට නම් හින්දි තෙරෙන්නෙම නැතෝ. සිංහලෙන් ක්ව්වනම් බලන්න....

    ReplyDelete
  20. @ රවා
    මූනෙත්ම කියවෙනවා කීවේ...?
    මම මූණේ ෆොටෝ එකක් දැම්මේ නෑනේ. අනික මේ මං ගැන කියල කොහේවත් කියලත් නෑනේ..
    ස්තූතියි

    ReplyDelete
  21. @ Kathandara
    සියල්ලෝ සතුටින් විසිර ගියහ කියමු නේද..
    ස්තූතියි කතන්දර මේ පැත්තට ගොඩ උනාටත්....

    ReplyDelete
  22. @ මාරයාගේ හෝරාව
    මේ මොකද දුම්මල අරන්. තොවිලයක් නටවන්නද?
    අම්මෝ එපෝ....

    ReplyDelete
  23. @ සෝරෝ
    පෙම් ප්‍රියා?? ඔය පැනි ප්‍රියා කියලත් කියන්නේ..
    කොහොම උනත් ඒ නම නම් හොඳයි වගේ. මමත් කැමතියි කැමතියි වගේ පෙම් ප්‍රියා කියනවට....:D

    ReplyDelete
  24. @ All
    විවිධ අය මේ පොස්ට් එක ගැන විවිධ අදහස් කීවා. මේක අන්තිමට හීනයක් එහෙම කියල කියන්න එපා කියලත් කීවා. මේක ඇත්තක්ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ. හිතුන දේ ලීවා. හොඳ නරක තීරණය කිරීම ඔබට බාරයි.
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කතාව ඉවරයි..
    (හිතුනොත් ආයෙම මේ වගේ කතාවක් ලියන්නම්)

    ReplyDelete
  25. ගුටි කෑවොත් අපි නැ ඔන්න පැණි ප්‍රියා අයියා....... :D

    ReplyDelete
  26. @ හා පැටික්කි (MS)
    එහෙම කියල කොහොමද? හා චීචට තමා මාව බේර ගන්න වෙන්නේ. චීචට ගෝලයෝ බයයිනේ. ඒ නිසා ගහන්න ආවොත් බේරගන්න. මං හාවත් එක්ක හාවිට බෙදාගන්න කැරට් ගෝනියක් ගෙනත් දෙන්නම් නුවරඑළියෙන්...

    ReplyDelete
  27. @ කාංචන දිනූක
    ඔව් කාංචන. කතාව ඉවරයි.

    ReplyDelete
  28. මෙච්චර කල් කිව්වේ කතාවක්ද
    අපොයි මම හිතුවේ මේක ඔයාගේ ජීවිත කතාව කියලා

    ReplyDelete
  29. @ Angel
    කතාවක් කියල හිතන්නකෝ. කොහොමත් මම මගේ ජීවිත කතාව කවදාවත් ලියන එකක් නෑ. ඒ කියන්න නොහැකි නිසා නෙවේ. ඒත් එය අනවශ්‍ය කාලය කා දැමීමක් කියා මා සිතන නිසා.
    ස්තූතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  30. සුද්දිගේ අඪිකරනයේ නඩු වැටෙන සීන් එකක මේක කෝ අයියේ.. මේකේ ඉතිරි ටික.. හරියට ස්වාධීන රැපවාහිනියේ ගිය ෆිල්ම් එකක් වගේනේ..........ගර්ර්ර්ර් ;)

    ReplyDelete
  31. @ සුදු හංසි
    අපොයි සුද්දියේ මේක කියවන්න ලේසි නෑ (කමෙන්ට් එක)
    මේකේ ඉතිරි ටින නේද? ඒකට තාම සුදුසු කාලය ඇවිත් නෑ වගේ නගේ. සමහර විට ඒක ලිය වෙන්නේ නැති වෙන්නත් පුළුවන්.

    ReplyDelete