පුදුම වෙන්න එපා මම ඇයට දෙන්න රැගෙන ගියේ සූරියකාන්ත මලක්. ඇයත් මා වගේම සිතන තැනැත්තියක් නිසා මට නම් ගෑණු ළමයෙකුට පළමු වරට සූරියකාන්ත මලක් දෙන එක ගැන කිසිම ආකාරයක අමුතු සිතිවිල්ලක් උනේ නෑ. මගේ අතේ රැඳි මල දෙස ඇය බැලුවේ අපමණ සතුටකින්. ඒත් දෙදෙනාටම ඉන් පසු සිදුවූයේ නොසිතූ දෙයක්. දෙදෙනාටම එක වචනයක් කියා ගන්න බැරිව මූණෙන් මූණ බලාගෙන සිනාසෙනවා හැර කිසිවක් හිතාගන්න බැරි උනා. අවසානයේ මම අමාරුවෙන් කට හඬ අවදි කළේ.
ඉතින්...?
ඇයගේ පිළිතුර නැවතත් සිනාවක්..
ආ මේක ඔයාට..මම අතේ රැඳි මල ඇයට ලංකළා.
මං ආසම මල. ඔයා නම් මාර ලමයෙක් තමා. ඇය මගේ අතින් මල ගන්තා. මා ඇගේ සුමුදු ඇඟිලි යන්තමින් ස්පර්ශ කරමින් එය ඈ අත තැබුවා. නෙත් කොණකින් මා දෙස බලා සිනාසුනු ඇය හොරා..කියා නැවත සිනාසුනා. මේ දැන් පිපුන පිච්ච මල් යායක්ම ඒ සිනාවේ පිරී ගිහින්..
යමු ගිහින් අර බංකුවේ වාඩි වෙමු..මම හඬ ඉස්සර කළා.
ඇය මා සමගම ගොස් බංකුවේ වාඩි උනේ නැවත මාදෙස නෙත් කොනින් බලමින්.
ෂා මම හිතුවේ නෑ ළමයෝ ඔයා මෙච්චර ලස්සනයි කියල.
ඇයි මම විතරද? ඔයත් හැන්ඩියානේ. බයික් එකේ එන ලස්සන මම ඈත ඉඳන් බලන් හිටියේ..
කොහොමද දන්නේ එන්නේ මම මයි කියල..
ඒක කියන්නේ නෑ...ඇය පොඩි ළමයෙකු මෙන් සුරතල් වෙයි..
හ්ම්ම්...
ඇයි ??
නෑ මුකුත් නෑ..
හිහි එහෙනම් කමක් නෑ..
මොකද කල්පනාව. මම ඇයට තරමක් ලංවෙමින් ඇසුවෙමි..
ඇයත් මට ලංවිය.
මා ලංකල අතට ඇගේ සුමුදු අත තබා සියුම් ලෙස ඇඟිලි මගේ ඇඟිලි අතරින් දවටා ගත්තා..
හිතුවද ඔයා අපි මෙහෙම හමු වෙයි කියල. ඈ කිංකිණි හඬින් අසයි..
හිතුවා. මම කවදාවත් ඔයා අවිශ්වාස කලේ නෑ.
මං දන්නවා...
මාත් දන්නවා..
කාලය ගෙවී යන්නේ නොසිතන වේගයකිනි. ඇය අත් ඔර්ලෝසුව දෙස බලා මුහුණ ඇද කරගත් නිසා මට දුකක් ඇතිවිය. ඇයි.? නෑ මුකුත් නෑ.
වෙලා ගියා නේද?
ඔව් වෙලාව නම් යනවා. මේ නිවාඩුවේ ආපු එකේ වැඩ කීයක් කරන්නද? ඒත් අනේ මට යන්න හිත දෙන්නේ නෑ මෙතනින්.
කමක් නෑ.. අපි යමු ඇගේ සිත මට කියවන්න පුළුවන් උනේ කොහොමද මන්දා. ඔයාට බඩගිනිද? මොනව හරි බොන්න යමුද?
හා ඇගේ මුවේ මඳ සිනාවකි. මට අයිස් කෝපි හොඳයි.
යමු අතන කැෆේ එකක් තියනවා. මම ඇගේ අතින් අල්ලාගෙනම නැගිට්ටෙමි.
මතකද? ඇය අසයි? මොකක්ද?
ඇයි මම ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දැම්මේ...
ඇයි මතක නැත්තේ. දවසක බයික් එකේ නුවරඑළියේ යමු කියල නේ.. ඉතින් යමුකො ළමයෝ..
කවදද ලමයෝ ඔයාට පුළුවන්... ඇගේ නිල් නුවන් තරු දෙකක් මෙන් බබලයි.
ඔබෙ නිල්නුවන් තලාවේ ගීතය මගේ මුවගට එයි. ඒත් එහි විරහව සිහිවූ සැනින් එය අමතක කළෙමි..
ලමයෝ... ඇයි .. මේ අහන්නකෝ... අහන් ඉන්නේ ළමයෝ. ඇය ළදැරියක මෙන් සුරතල් හඬින් දොඩමලු වෙයි..
ඇය පානය කරමින් සිටි කෝපි වීදුරුව මගේ මුවගට ලං කරයි. ඉන් උගුරක් මම පානය කලෙමි.
කෝ ඔයාගෙන් මට. මගේ කෝපි වීදුරුවෙන් ඇයත් පොදක් පානය කළාය..
අපි දෙන්නා හමුඋනේ අද උනාට එහෙම දැනුනේ නෑ නේද? ඇය පවසයි..
මම සිනාසුනෙමි. ඒකනේ...
මතකද අපි ඒ දවස්වල කතා උනා එකම දවසක රෑ එකම වෙලාවක හඳ දිහා බලමු කියල. මා ඇය පැරණි මතකයකට ගෙන ගියෙමි..
ඇයි මතක නැත්තේ.. ඇය සිනාසෙයි..
හොඳටම වෙලා ගිහින්. දැන් අපි යමු. එහෙනම් සෙනසුරාදා අපි නුවරඑළියේ යමුද? මම ඇසුවෙමි..
ඔයාට නිවාඩුනේ. මට කමක් නෑ..
ඔයාට ප්‍රශ්නයක් නැද්ද මගෙත් එක්ක මෙහෙම ගමනක් යන්න. අපි හමුඋනෙත් අදමනේ. මම ඇසුවෙමි..
නෑ මට ඔයා විශ්වාසනේ. නැතිනම් මම මෙහෙම ඔයා හොයන් එනවද?
එහෙනම් මම ගිහින් එන්නම්. ඔයා පරෙස්සමෙන් යන්න. ඇගේ මුහුනේ දුකක් ඇවිත්..
ඔයත් පරෙස්සමෙන් කෙල්ලේ මම සෙමෙන් ඇගේ අත මුදාහරිමින් කීවෙමි..
තරමක් ඈතට ගිය ඇය නැවත හැරී ගිහින් මට කෝල් එකක් දෙන්න. ඔන්න කීවේ නෑ කියන්න එපා ෆාස්ට් රයිඩින් ඔට්ටු නෑ. මහ ලොකු එකියක් මෙන් කී ඇ පසු පස බලමින් නොපෙනී ගියා..
ප/ලි
තවත් කොටසක් සමග හමුවෙමු
මූ ගොතලා කියනවද? එහෙම නැත්නම් සත්‍ය සිදුවීමක්ද?
ReplyDeleteකල්පනා කරමින්........ එක පාරට සුභ පතලා චාටර් වෙන්නත් බෑ... ඇත්ත දැනගත්තමම මොනව හරි කියනවා....
අර මාරයා කියපු විදිහට ලැප්ටොප් එක හදලා දෙන්න නොකියපු එකනම් මංගල කාරණාවක්.....
මේක ගොතල කියන එකක් වෙන්න බෑ... ම්......... බලමු බලමු.. කාලෙකට පස්සේ ගොඩ වැදුනේ.... blog ලෝකය මඟුල් සක්වලක් වෙලා වගේ....
ReplyDeleteඔහොම යං, ඔහොම යං...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් මේ එයාම තමා. ඔහොම යන්කෝ........!
ReplyDeleteප්‍රශ්නයක්..?
ReplyDeleteදෙලොවක් අතර...
ඔහොමම ගිහින් බලමුතෝ...
ReplyDeleteමේක බොරුවට කොටස් ගාණක් අද්දලා අද්දලා හීනයක් හරි මනඃකල්පිතයි හරි කියන්නකෝ බලන්න... :D
ReplyDeleteප්‍රියන්ත අයියා කොහොමද ඔය සුරංගනා කතාව ගෙතුවේ ඈ?
ReplyDeleteමටත් පේන්නේ අර Ansh Lucky Sri Jay කියලා තියනවා වගේ තව ටිකකින් පැණි ප්‍රියා නැගිටීවි.
ReplyDelete"ඇයි මම විතරද? ඔයත් හැන්ඩියානේ. බයික් එකේ එන ලස්සන මම ඈත ඉඳන් බලන් හිටියේ.."
ReplyDeleteමූනම් මේ ලැහැස්ති වෙන්නෙ වෙනමම දේකට :D
හීනයක්ද? අනේ එහෙම වෙන්න එපා. මේක ඉක්මනට ලියන්න අනේ අපේ කුතුහලය අවුස්සන්නෙ නැතුව.
ReplyDelete"ඇයි මම ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකකුත් දැම්මේ...
ReplyDeleteඇයි මතක නැත්තේ. දවසක බයික් එකේ නුවරඑළියේ යමු කියල නේ.."
අනේ මන්ද මොකක්ද කියල...
අපි බාලාගෙන ඉන්නේ හොදේ ලොකුඅයියේ......
ReplyDeleteහිනයක් කිවොත් එහෙම අල්ලගන්නම්
@ අභීත
ReplyDeleteබලමුකෝ නේද මොකද වෙන්නේ කියල.
ඔව් ඒකනම් ඇත්ත අභීත ලැප්ටොප් හදන්නයි ආදරේ කරන්නයි දෙකම එක පාර කරන්න බෑ.
@ කාංචන දිනූක
ReplyDeleteඒකනේ කියන්නේ කාංචන. බලන්නකෝ මේ කියන කතා.
@ Praසන්ன
ReplyDeleteතව ටිකක් ගිහින් ඉවර කරමු ප්‍රසන්න...
@ නිශ්
ReplyDeleteඔව් නිශ් මටත් එහෙම හිතෙනවා එයාම වෙන්න ඕන. තව ටිකක් බලන් ඉන්නකෝ.
@ මාරයාගේ හෝරාව
ReplyDeleteඉන්න ටිකක් ප්‍රශ්නය විසඳන්නයි යන්නේ ඉක්මනටම.
@ තාරක Dilsh@n
ReplyDeleteතව ටිකක් යමුද තාරක. ඒ කියන්නේ එක කොටසක් වගේ..
@ Ansh Lucky Sri Jay
ReplyDeleteහරියටම කියන්න බෑ නේද අන්ශ්. සමහර විට ඇත්ත වෙන්නත් බැරි නෑ නේද? ඉන්නකෝ මම ඉක්මනටම කියන්නම්.
@ neetha
ReplyDeleteනීතා කොහොමද හරියටම දැන ගත්තේ ඒහෙමයි කියල. බලන් ගියාම ඒකත් ඇත්ත තමා. මොකද මේ කතාවේ සුරංගනාවියක් ඉන්නවනේ.
ප්‍රවීනා
ReplyDeleteඅපොයි මම දවසට කී පාරක් පුටුවෙන් නැගිටිනවද?
ඒත් මට හිතෙන්නේ ඔයාටත් වේ පාර නම් වැරදිලා වෙන්න ඕන. තව ටිකක් ඉන්නකෝ. මොකද වෙන්නේ කියල දැන ගන්න. හැබැයි ඉතින් හීනෙන් නැගිටින එකත් හොඳයි. එහෙම උනොත් නැගිටලා ගිහින් වලව්වේ බොඩිගාඩ් බෑනා වෙන්න පුළුවන්නේ.
@ අනුරාධ
ReplyDeleteඅනුරාධ මල්ලියෝ ..
අනේ මන්දා මොනවද මේ කියන්නේ කියල. හරි හරි ඔයා කැමති විධියක් හිතා ගන්නකෝ. හැබැයි මම නම් ඔය ගමන් යද්දි කලිසම ඉරා ගන්නේ නෑ....
@ හරී - පිණිපළස
ReplyDeleteඒකනේ නේද හරි. එහෙම හීනයක් වෙන එක හොඳ නෑ නේද?
@ තනෝජා රාජපක්‍ෂ
ReplyDeleteතනෝජ අක්කේ. අපොයි ඔයා දන්නෙත් නැද්ද? මල්ලිලා කරන වැඩ ගැන අක්කලා හොයන්න ඕනනේ....
@ ඉලංදාරියා
ReplyDeleteඅපොයි දැන් මට ඕන විධියට ලියන්නත් බෑ නේ මේ අයත් එක්ක. බැලුවම මල්ලිලාත් ඇවිත් නීති දානවනේ...:D