Wednesday, March 30, 2011

සිහිනයෙන් නැගිටින්න....

සයිබර් අවකාශයේ සිහින බක්මහ උළෙල ගැන දැන් කවුරුත් දන්නවානේ. දැන් නම් ඒක තව දුරටත් සිහිනයක් නොවන තැනටයි ඇවිත් තියෙන්නේ. කාටත් තව පොඩි මතක් කිරීමක් කරන්න පොඩි පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතලයි මම මේක ලියන්නනේ. ඔන්න ඉතින් හරි හරි ලියනවා කීවට ටයිප් කරනවා තමා. දැන් මේ ටයිප් කළාට දවසක අරුණි අක්කා කියනවා වගේ අතින් ටයිප් නොකර හිතන හිතන දේ ටයිප් වෙන කාලෙකුත් එයි ඉදිරියේදී. ඒ වෙන කල් අපි අතින් ටයිප් කරමු. ඔන්න ඉතින් ට්‍රැක් එක පැන්නා. ආයෙම කතාවට එමු.


ඔය පින්තූරේ පේනවානේද? ඔව් අවුරුදු කුමාරි තෝරන තරඟයක අවසන් අවස්ථාවක් තමා. මේ අපේ සයිබර් අවුරුදු උත්සවයෙත් අවුරුදු කුමර කුමරියෝ තෝරනවා. ටිකක් විතර වෙනස් විධියක් තමා එදාට කරන්න යන්නේ. අපි තෝරන්නේ සයිබරයේ සිහින කුමරා සහ සිහින කුමරියයි. මේ අවස්ථාව එදාට ඔබට සුවිශේෂි අත්දැකීමක් වනු නියතයි. ඒ ඇයිද කියනවනම් රූමත් කුමරියක ලෙස කිරුළු පැළඳීමට හෝ කඩවසම් කුමරෙකු ලෙස කිරුළු පැළඳීමට ඔබට සයිබර් අවකාශයෙන් පියවි ලොවට පැමිණ ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මේ තරඟයට සහභාගි වන්නත් හරිම ලේසියි. පළමුවෙන්ම කරන්න තියෙන්නේ අදාළ ඉල්ලුම් පත්‍රය පුරවන එකයි. ඉන්පසු එදිනට තමන් අඳින සාමාන්‍ය ඇඳුමකින් සැරසී එදිනට පැමිණෙන්න. මේ වෙනුවෙන් වෙනම ඇඳුමක් අඳන්න අවශ්‍ය නෑ. ඒත් ඔබේ සුන්දරත්වය, කඩවසම් බව කැපී පෙනෙන ලෙස අඳින්න පුළුවන් නම් ඔබට වැඩි වාසි අත්වනු ඇත. සිහින කුමරියන්ට තම රූපලාවන්‍ය කටයුතු හොඳින් කරගන්න ඕනනම් පොඩ්ඩිගේ වලව්වේ මේ දවස්වල ඒ සඳහා පුහුණු කරනවලු. එහි ගිහින් පොඩි පුහුණුවක් අරන්ම එන්න. හැබැයි ඔය උලන ආලේප අව්වට දිය උනොත් නම් කරන්න දෙයක් නැතිවෙයි. 
හරි ඒවායින් කමක් නෑ ඔබ මේ තරඟයක් දිනන එක සිහිනයක් ලෙස සිතුවානම් එන්න ඇවිත් ඔබේ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවයි මේ.
තවත් තරඟ රැසක් තියනවනේ. ඒවා මොනවද කියල බලන්න මේ සඳහාම වෙන් කළ අඩවියටත් ගොඩ වෙන්න.
මේ උත්සවය අපි මුලින්ම තියන්න හිතුවේ නොමිලේම පිරිස සහභාගි කරගෙන දිවා ආහාරයත් ලබා දෙන්න. ඒත් පසුගිය දිනෙක අපි කවුරුත් දැනගත් එක් සිදුවීමක් නිසා මේ අදහස තරමක වෙනසකට ලක් කරන්න තීරණය කළා. ඔව් අපි මේ සතුටු දායක අවස්ථාවේ අපේ ඉදන්දාරියාගේ සතුටත් ඇති කරන්න යමක් කළ යුතුයි කියා සිතුවා. ඒ නිසා මේ උත්සවයේ අරමුදලෙන් ඉතිරි වන සියල්ල ඉලන්දාරියාගේ ඇසීම ලබා දෙන ශල්‍යකර්මය වෙනුවෙන් වැය කරන්න තීරණය වූවා. ඒ නිසා අපි ඔබෙන් ඉතා සුළු මුදලක් වන රුපියල් 100 ක ටිකට් පතක් ඇතුළුවීම වෙනුවෙන් ලබා දෙන්න තීරණය කලේ. එහෙත් කලින් තිරණය කළ ලෙසම දිවා ආහාරය ලබා දෙනවා. අරුණි ෂපීරෝ සොයුරියයේ අනුග්‍රහයෙන් රසවත් කේක් සංග්‍රහයක් පැවැත්වෙනවා. ඉලන්දාරියා වෙනුවෙන් ආධාර කරන අයට අරුණි ෂපීරෝ විසින් රචිත පොත් තෑගි දෙන්නත් තීරණය කර තිබෙනවා.
එහෙමනම් එන්න අප්‍රේල් 03 වෙනිදා උදේ 9.30 ට තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට. සයිබරයේ මිතුරන් සමග අවුරුදු කන්න. සතුටු වන්න. අපේ ඉලංදාරියා ගොඩදාන්න දායක වෙනනත්...
මේ අපි කාගේත් සයිබරයේ අවුරුදු උත්සවයයි..
තව දුරටත් මෙය සිහිනයක් නොවේ.....

9 comments:

  1. බොහොම ස්තූතියි ප්‍රියන්ත 'වලව්වේ පැවැත්වෙන පුහුනු කිරීම' ගැන ප්‍රචාරයක් දුන්නට. දැන් හිතෙනවා ඒකටත් සුලු මුදලක් අය කරලා ඉලංදාරියට ඒ මුදල දුන්නානම් කියලා.

    'සිහින කුමරා, සිහින කුමරිය' තෝරන එක සිහිනයක් නොවන බව හැමදාම දැනගෙන හිටපු කෙනෙක් මම. කාගේ හෝ ඒ සිහිනය සැබෑවීම දකින එක මට ලොකුම, ලොකු සතුටක්.එසේ තේරෙන හැම දෙනාටම වලව්වේ හැමෝම වෙනුවෙන් මම සුබ පතනවා. ඒ වගේම ඔයාලගේ 'අවුරුදු උත්සවය'ත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  2. රුපියල් 100ක් නෙමේ 1000ක් දුන්නත් පව් නෑ...
    මම දැක්කා කොහේද යන කාලකන්නි ඇනෝ දෙන්නෙක් එක එක එව්ව කියලා දාලා තිබ්බා ඔය රුපියල් 100ක් ගන්න එකට..
    මට ඉතින් හොද කුනුහබ්බ මතක් උනා :)

    ReplyDelete
  3. අපිත් එනවා ඕං :)

    ReplyDelete
  4. අපිට එන්න නම් වෙන්නේ නැ..එත් සුභ පතනවා...

    ReplyDelete
  5. ප්‍රවීනා
    ගොඩක්ම ස්තූතියි සුභ පැතුම් වලට. ඒවගේම සාර්ථක වෙන්න කියා කරන ප්‍රර්ථනාවන්ට. වලව්වෙනුත් කට්ටිය එදාට එනවනම් තමා හොඳ...

    ReplyDelete
  6. @ පූසා
    එදාට අපි හමුවෙලාම කතා කරමු පූස් මල්ලියේ...

    ReplyDelete
  7. @ රත්ගමයා
    හා හා බලාගෙන ඕව මෙතන ලියල මාව සින්ඩියෙන් එලවන්නද හදන්නේ. ඉකේයියා...
    මල්ලි නම නොකියන අය මොනව කීවත් ඒවට අපි උත්තර දෙන්නේ නෑ. එදාට එන අය දකියි අපි මොනවද කලේ කියල. වචනයකින් හරි දිරි ගන්වන්න ඔයාල වගේ අය ඉන්න බව දැන ගැනීමත් සතුටක්. ස්තූතියි..

    ReplyDelete
  8. @ නිම්ශා
    ස්තූතියි සුභ පැතුමට. අපි ඔයාල වගේ අය වෙනුවෙන් වෙබ් කාස්ට් එකක් කරන්න උත්සාහ කරනවා. පුළුවන් උනොත් දැනුවත් කරන්නම්.

    ReplyDelete
  9. අපිට කොහෙද පුසො මාලු කිවලු..
    දුකෙ බැ...

    ReplyDelete