Saturday, February 26, 2011

හපුතලේ ගියානේ.....

අපොයි මේ මොකද වෙලා තියෙන්නේ. මේ ඉසවුව පාළුවට ගිහින්. මටත් බලන්න එන්න බැරි උනානේ. කට්ටිය ඇවිත් ආපසු හැරිලා ගිහින් වගේ. කිසිදෙයක් අළුතින් දාලා නෑ කියල. අනිත්ම පෝස්ට් එක දාල අදට දවස් 12ක් නේ. 
ඇත්තම කියනවනම් මම යාළුවන් කට්ටියක් එක්ක පොඩි සවාරියක් ගියා පසුගිය සති අන්තයේ. ඒ නිසා දවස් කීපයක්ම ජාලය පැත්තේ එන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ආපසු ආවත් පසුගිය දවස් වල නිවාඩුවේ අතපසු වූ වැඩ ඉවර කරන්න උනා. යාළුවෙක් මතක් කළාම තමා බ්ලොග් එක තියනවාද කියලත් මතක් උනේ. අන්තිමට යන්තම් පොඩි ඉඩක් අරන් පොඩි සටහනක් ලියන්න කියල ආවේ. ලියන්න දෙයක් මතකයට එන්නෙත් නෑ. අන්තිමට හිතුවා හපුතලේ ගිය චාරිකාවෙන් පොඩි සටහනක් ලියන්න. 
අපි ගියේ උදේ 10.00 ට විතර කොළඹින්. අවිස්සාවේල්ල බලංගොඩ හරහා හපුතලේට තමා ගියේ. යන ගමන් බෙලිහුල් ඔයෙන් නෑවා. දිවා ආහාරය ගත්තේ බෙලිහුල් ඔයෙන්. මේ තියෙන්නේ ඒ සුන්දර ස්ථානය.


 මේ අතර මගදී දුටු නියඟලා මලක්. පෙනුමට නම් හරි ලස්සනයි තමා. ඒත් නියඟලා අලය නම් මාරාන්තිකයි. කෑවොත් නම් මරණයෙන් කෙලවර දකින්න වෙන්නේ.
එතනින් අපි හපුතලේට යනකොට රෑ වෙන්න කිට්ටුයි. මුළු පළාතම මීදුමෙන් වැසිලයි තිබුනේ. සිසිල් පරිසරයේ ඇඟට දැනුනේ පුදුම සනීපයක්. රැය ගතකරන්න අපේ කාණ්ඩය තොරාග්තතේ හපුතලේ නිවාඩු නිකේතනයක්.
උදේ නින්දෙන් අවදිවන විට අවට මීදුම පිරිලා. යන්තම් අහසට අරුණාලොකයක් ආවේ උදේ 7ට විතර.
ඒත් ටික වේලාවකින් හිරු උදාවත් සමගම මීදුම ඉවත්ව ගියා. බලන්නකෝ ඉර පායා එන අපූරුව. ලා හිරු කිරණ මගේ කැමරා කාචයෙන් පෙරී ආවේ මේ ආකාරයටයි. (හැබැයි තද හිරු රැස් ෆොටෝ ගහන්න එපා කැම් එකේ සෙන්සර් එකට සොරි තමා)
බලන්නකෝ මීදුම පහව ගිය පසු හපුතලේ පේන ලස්සන.
දෙවන දවසේ අපේ ගමන යෙදුනේ ඇඩිෂම් තාපසාරාමය නැරඹීමට යාම හා වර්ඩ්ස් ඒන්ඩ් ලොජ් එකේ දිවා ආහාරය සඳහා යාමයි.
ඇඩිෂම් බංගලාව ගැන මීට කලින් පොස්ට් කීපයක්ම වෙනත් බ්ලොග් වල තිබූ නිසා මම ඒ ගැන විස්තර තරන්නේ නෑ. ඒත් මගේ කැමරාවේ සටහන් කරගත් ෆොටෝ කීපයක් දාන්නම ඕන.
මෙන්න සුන්දර ඇඩිෂම් මන්දිරය. මෙය තමා සර් තෝමස් විස්ටර් විලියර්ස් ගේ සිහින මන්දිරය.
මේ වෙන කොහේවත් නෙවේ. අපේ සුන්දර ලංකාවේම තැනක්.
කවුළුවකින් පිටත පෙනෙන අපූරුවත් බලන්නකෝ.
මල් උයනේ ඇති ලස්සන මල් අතරින්....

මේ දෙන්නා ලංවෙලා මොනවද හෙමිහිට මුමුණනවා නේද. හරිම ලස්සන කතාවක් වෙන්න ඇති.
අපොයි ඇතුලට යන්න දෙන්නේ නෑ වගේ. දැන් මොකද කරන්නේ?

ඊළඟට අපි ගියේ දිවා ආහාරය ගන්න වර්ල්ස් එන්ඩ් ලොජ් එකට. එතනත් හරිම සුන්දර ස්ථානයක්.

මේ ඩේසි මල් තිබුනේ නවාතැනට ඇතුළු වෙන තැන.
මේ අපි නෑව spring water swim-pool එක. මෙහෙ වතුරනම් හරිම සීතලයි. ඇඟත් හිරි වැටෙනවා. ඒත් අපි ආසාවෙන් පිහිණුවේ.
හුදෙකලා වූ මුර කුටියක් මේ.
 දිවා ආහාරයෙන් පසුව රෑ වෙන්න සෑහෙන වෙලාවක් ඉතිරිව තිබූ නිසා අපි ගියා  සර් තෝමස් ජේ. ලිප්ටන් තේ වතු සමූහයේ ඇති ලිප්ටන් සීට් බලන්නත්. හැබැයි අපි යන වෙලාවේ නම් වැඩි ඈතක් බලන්න පුළුවන් කමක් තිබුනේ නෑ. අවට මීදුමෙන් වැහිලයි තිබුනේ.
මීදුමෙන් වැසුන තේ වතු..
තුන්වෙනි දවසේ සුන්දර අමතක නොවන මතකයක් හිතේ තියාගෙන හපුතලෙන් එන්න පිටත් උනා. ආපසු ආවේ නුවරඑළිය පාරෙන්. ඒ පාරේ හමුවන සුන්දර නුවරඑළියේ ෆොටෝ ටිකකුත් බලමු නේද?
මේ ග්‍රෙගරි වැව.
මේ සුන්දර නුවරඑළිය පාරත් වෙළෙන්දන්ට අයිති වෙලා නේද?
රසවත් තේ නිපදවන නුවරඑළියේ තේ වතු..
සුපිරි වාහන වලට මාර්ග නීති අදාල නෑ වගේ. (ලැන්ඩ් රොවර් රථයක් ද්විත්ව ඉර කපමින් ධාවනයේ)
පාර අයිනේ මල් විකුණන දරුවෙක්. (සුන්දර මල් පසුපස කඳුළු කතාවක් වෙන්න ඇති) 
ඒත් මට නම් ඒ අසරණයාගෙන් මල් පොකුරක් ගන්න තරම් හේතුවක් තිබුනේ නෑ.
මෑතක ඉදිකළ රමිබොඩ උමග..

හපුතලේට පෙනුන මේ අහසමද බලන්න ඔබටත් පේන්නේ?
මේ චාරිකාව පුරා සිතේ ඇඳුන මතකයන් බොහොමයි. විහිළු කතා, පැරණි මතක, කියපු සිංදු, අතරින් දෙවන දවසේ මහරෑ අපි අහසේ දිදුලන සඳ කුමරිය දෙස බලමින් අපි පැය දෙකක් පමණ සඳට කී සින්දු නම් කිසිදාක අමතක කරන්න බෑ. මම එතරම් සින්දු ගොඩක් එක දවසක සඳ කුමරියට කියා නෑ.

මේ මගේ කවි සිත අවදි කළ ආදරණිය සඳ කුමරිය..
මෙන්න අපේ කට්ටිය...
අඳුනන කවුරුත් ඉන්නවාද බලන්න....
කොහේ ගියත් මට නම් දෙසක් රියක් දුටුවොත් නිකම් ඉන්න බෑ. රෝද දෙකක් මත නැගී උදේ පින්න, සීතල, ලා සුලං රැලි අතරින් හපුතලේ පොඩි සවාරියකට....
එහෙනම් කාලෙකින් ඇවිත් මෙතෙක් දැමූ පොස්ට් අතරින් වැඩිම ෆොටෝ ප්‍රමාණයක් සහිත පොස්ට් එක මේක වෙන්න ඕන. ලියන්න දෙයක් නැතිව සිටි මට ලැබුනු තල්ලුවෙන් ඔන්න පෝස්ට් එක කළේ. අළුතින් දෙයක් ලියන්නත් ඕන. ඉක්මනින්ම තවත් පොස්ට් එකක් අරන් එන්නම්.
(ෆොටෝ පැහැදිලිව බලන්න ෆොටෝ එක මත මවුස් එකේ වීල් බට්න් එක ක්ලික් කර අළුත් ටැබ් එකක ඕපන් කරගන්න)
එහෙනම් සැමටම..

සුභ දවසක්..!!!

31 comments:

  1. සැ සෑ... ආසාවේ බැරුවා මේ පෝස්ට් එක කියවනකොට..
    යන්න ඕනේ වෙලාවක මේ පැත්තේ..

    ReplyDelete
  2. හුම් හුම්....... හරිම ලස්සනයි. වත් පුස්ථකේදිනම් කම්මැලි කමට ලයික් දදා යනවා විතරනේ.

    තව මොක්දෝ කවුදෝ අවුරුදු ගානකට පස්සේ කතාවකුත් කොහේදිදෝ දැක්කා. ;)

    ReplyDelete
  3. ෂා...අපිත් ට්‍රිප් එක ගියා වගේ දැනුනා

    ReplyDelete
  4. මම චූටි කාලේ ගියාට පස්සේ 'හපුතලේ' ගිහින් නෑ. මේ පින්තූර දැක්කාම පින්තූර දැකලා, දැකලා වගේ පුරුදු ගතියක් දැනෙන්නේ ඇයි? යන්න ආසා හිතෙනවා ඒවා දැක්කාම.

    මට නම් ලස්සනම පින්තූරේ 'අර කවි සිත අවදි කල ආදරනීය සඳ කුමරියගේ' පින්තූරෙටයි. හොඳට පින්තූරේ දිහා බැලුවොත් පෙනේවි කවුදෝ හඳ දිහා බලාගන ඉන්නවා.

    ReplyDelete
  5. Maru trip ekak Priyantha

    @ Podi Kumari -mokoo handa dihaa balaagena ada cricket balanne nethda ?

    ReplyDelete
  6. ඉරිසියාවෙ බැ...

    අපි පැනිහදෙ ගියෙත් බෙලිහුල් ඔය දිහාවෙ තමයි...

    ReplyDelete
  7. අනෙ දුකේ බෑ.... ඉහි ඉහි ඉහි..
    ඒත් සන්තෝසයි ප්‍රියා සහෝ..ඔයාල ගත්ත ෆන් එකට ...

    ReplyDelete
  8. @ සෝරෝ
    ඔව් ඒක හොඳයි. දවසක ගිහින් බලන්නකෝ.....

    ReplyDelete
  9. @ හා පැටික්කි (MS)
    ඔව් ඒ කතාව තමා දවස් තුනක් ගිය ට්‍රිප් එකේ අවුරුදු තුනක් කියන්න දේ තියනවා කියල තිබුනා.

    ReplyDelete
  10. @ blog gadol
    එහෙම දැනෙනවා නම් මටත් සතුටුයි. ස්තූතියි මේ පැත්තේ ආවාටත්.

    ReplyDelete
  11. ප්‍රවීනා
    මේ පින්තූර දැක්කාම පින්තූර දැකලා, දැකලා වගේ පුරුදු ගතියක් දැනෙන්නේ ඇයි? එහෙම දැනේන්නේ ඇයි?
    කවුද අනේ හඳ දිහා බලාගෙන ඉන්නේ? මටත් කියන්නකෝ බලන්න මටත් එහෙම පේනවාද කියල.

    ReplyDelete
  12. @ TG
    මරු ට්‍රිප් එකදත් අහනවා? නියම කට්ටියක් නේ ගියේ.සමහර අයමුලින්ම දැක්කෙත් ඔය ට්‍රිප් එකෙන්. ඒත් කිසි වෙනසක් නැතිව පරණ පුරුදු යාළුවෝ වගේ ගිහින් ආවා.

    ReplyDelete
  13. @ ඉංදික
    හොඳ තැනක්නේ ඉංදික හනිමූන් යන්න තෝරාගෙන තියෙන්නේ..

    ReplyDelete
  14. @ ජීවිතේමල්
    ස්තූතියි මේ පැත්තේ ආවාට. මූණු පොතේ ඇති තව පින්තූර.

    ReplyDelete
  15. ලස්සන සටහනක් සහ ඡායාරූප පෙලක් ප්‍රියන්ත,

    රම්බොඩ උමඟෙ ඡායාරූපය මගේ මතකය සුන්දර අතීතයකට ගෙන ගියා, ඒ දවස්වල මමත් ඒ උමඟ ඉඳිකල සමාගමේ සේවය කලානෙ,

    ReplyDelete
  16. @ Ravi
    ස්තූතියි අයියේ ප්‍රතිචාරයට. මම දැනගෙන හිටියේ නෑ අයියා ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කළ බවක්. මමත් ඔය උමගෙන් ගියේ පළවෙනි වතාවට. ඒ නිසයි ෆොටෝ එකක් අරන් දැම්මේ.

    ReplyDelete
  17. ලස්සන පින්තූර ටිකක්.

    ReplyDelete
  18. ඉරිසියාවෙ බෑ අප්පා... දුක තමයි . අපි ආයෙත් කාන්තාරේ :'(

    ReplyDelete
  19. ලස්සනට ලියා තියෙනව මලේ... ආසාවෙ බෑ...

    ReplyDelete
  20. මං ගිය ලස්සනම පරිසර චාරිකාව.
    මං ගියයි කිව්වට් මේ ට්‍රිප් එකට ඇත්තටම මං ගියේ නෑ ඒත් මේ පිංතූර විස්තර දැක්කම මාත් ගියා වගේ දැනෙනවා. ඒකයි :-)

    ReplyDelete
  21. අපිව හලලා ගියා එහනෙම් ..කැතයි හොඳේ :D

    ReplyDelete
  22. ලස්සන ෆොටෝස් ටික..
    :)

    ReplyDelete
  23. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න මේ පැත්තේ ඇවිත් ගියාටත්...

    ReplyDelete
  24. @ හරී - පිණිපළස
    ඉරිසියා කරන්න එපා. ආයෙම ආපු දවසක යන්න.

    ReplyDelete
  25. @ තනෝජා රාජපක්‍ෂ
    ස්තූතියි අක්කේ මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete
  26. @ මගේ ජීවිතය
    නොගිය අයටත් ගියා කියල දැනෙනවනම් මට ලොකු සතුටක්..
    ස්තූතියි මේපැත්තේ ආවටත්...

    ReplyDelete
  27. @ වැප්
    එක්කන් ගියා කියල වැඩකුත් නෑනේ. ඒකයි දාල ගියේ..

    ReplyDelete
  28. @ Ansh Lucky Sri Jay
    ස්තූතියි ආන්ශ්.

    ReplyDelete
  29. මෙන්න මම කීයවපු තවත් සුන්දර පරිසර චාරිකාවක්. :)
    http://sithangi.blogspot.com/2010/07/2.html

    ReplyDelete
  30. ආයිත් ගියා වගේ :-)

    මගේ ජීවිතේ අපිටත් මග පෙන්නුවේ ඔය කියන දෙන්නා නේ ඒක නිසා අපිත් ගියා එතනට

    ReplyDelete
  31. @ ම
    ස්තූතියි මචන් ප්‍රතිචාරයට.

    @ මගේ ජීවිතය
    ඔය ස්ථානය ගැන වැඩි විස්තර කියන්න ෆොටෝ නෑ. ඒ වෙලාවේ සෑහෙන්න මීදුම තිබුනා. හුඟක් සවස් වෙලා අපි එතනට ගියේ.

    ReplyDelete