කාලයක් එක දිගටම ලියා ඇත්තේ සර්පයන් ගැන නිසා කට්ටියට මාව ඇති වෙලාද දන්නේ නෑ. සර්පයෝ නිසා මම නපුරු වෙලා කියල චෝදනාවකුත් තිබුනා. රෝස මල් ගැන ලියන්න කියලත් තිබුනා. මම ඔය ටීවී එකෙන් බලල එලවළු පැල හිට වන්න ඉගෙන ගත්තට මල් වගාව නම් කරන්නේ අම්මා. මමත් උදවු කළාට පොස්ට එකකට ලියන්න දෙයක් නම් දන්නේ නෑ. ඉතින් කම්මැලි කමටත් එක්ක මම නිකන් ඉන්න වෙලාවට ගත්ත මල් වල ෆොටෝ ටිකක් අද පොස්ට් එකට දාන්න හිතුවා. හැබැයි ෆොටෝ නරකයි කියල කියන්න එපාත මම කවදාවත් ඡායාරූපකරණය ඉගෙන ගෙන නෑ. දන්න කෙනෙක් උපදෙස් දෙනවනම් සතුටින් පිළිගන්න සූදානම්. මේ සඳහා මම කැමරා කීපයක් භාවිතා කළා. වැඩියෙන්ම අරන් තියෙන්නේ Panasonic DMC-FX520 compact digital කැමරා එකෙන්. ඉතිරිය මගේ 6120 ෆෝන් එකෙන්. මේ ෆොටෝවල අයිතිය මගේ කියල කියන්නේ නෑ. මොකද මේ කැමරා හදල තිබුන නිසානේ මට මේවා මේ තරම් පහසුවෙන් ගන්න පුළුවන් උනේ. කැමති කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවයකට මෙයින් ෆොටෝ ගත්තට මගේ අමනාපයක් නෑ. හැබැයි කවුරුහරි ඇහුවොත් ප්‍රියන්ත ගත්ත එකක් කියන්න හොඳේ.
|
වල් සූරියකාන්න (තිත්ත) මලක් Camera FX520 |
|
Camera FX520 |
|
Camera FX520 |
|
Camera FX520 |
|
Camera FX520 |
|
බලන්නකෝ මෙයාටත් කන්න ඕන දේ Camera FX520 |
|
Camera FX520 |
|
Camera FX520 |
|
කැමරාව නොකියා 6120 |
|
බිනර මල කැමරාව නොකියා 6120 |
|
වතුසුද්ධ මලක් Camera FX520 |
|
සමන් පිච්ච මල් දෙකක් Camera FX520 |
|
සුදු රෝස මල් දෙකක් Camera FX520 (කෘතිම ආලෝකයෙන්) |
|
කැම්පස් එකේ කහ මල් Camera FX520 |
|
කියන්න පුළුවන්ද මේ මොනවද කියා Camera FX520 |
|
වැස්සට තෙමුණ කූඬළු මල් Camera FX520 |
තවත් මේ වගේ ෆොටෝ නම් ගොඩක් තිබුනා. ළඟදී කොම්පියුටරේ මාරු කළ නිසා ඒටික තාම පරණ හාඩ්ඩිස්ක් එකේ. තිබුනනම් ඒවත් මේකට දාන්න තිබුනා. ඔන්න කමිමැලි කමට වගේ පොඩි පොස්ට් එකක් දැම්මා. කැමති කෙනෙකුට මේ ෆොටෝ තමන්ගේ වැඩකටත් ගන්න පුළුවන්. ඔය උඩම තියෙන වල්සූරියකාන්ත මල මම Wide Screen එකට හරියන්න 16:9 ගත්තේ මගේ ලැප්ටොප් එකේ වෝල් පේපර් එකට.
පින්තූර අපැහැදිලි නම් ඒමත ක්ලික් කර ලොකු කරලම බලන්නකෝ..
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!
ඇත්තට මොනවද අර ගෙඩි ජාතිය? අර බිනර මල තිබුණෙ කොහෙද? මමත් ආසාවෙන් ඉන්නවා බිනරමලක් හැබැහින් දකින්න.
ReplyDeleteමල් ටික ඔක්කොම හරිම ලස්සනයි. මම ආසම මල මොකක්ද කියලා දන්නවද? සුරියකාන්ත. ඒක පිපෙන්න ඉර එලිය ඕනි. ඉර හැරෙන, හැරෙන පැත්තට මලත් හැරෙනවා. ඒ මලෙන් ලොකු එලියක්, ප්‍රීතියක් හිතට දැනෙනවා.
ReplyDeleteහැබැයි අර මල් දෙක, දෙක පිපිලා තිබුනු පින්තුරත් හරිම ලස්සනයි. ප්‍රියන්ත හරිම දක්ෂයෙක්නේ!
Photos ඇත්තෙන්ම හොදයි.
ReplyDeleteඅනේ ඒ මල් දෙක, දෙක දකිනකොට මට කවුදෝ දෙන්නෙක් මතක් වෙනවනේ.
ReplyDeleteනරකයි කියන්නෙ කොහොමද? ලස්සන පොටෝ ටික.
ReplyDeleteමොනවද කියල ඇහුව ගෙඩි තමා කළුකම්බේරිය....
ReplyDeleteඋබ දැන් මල් ගහනවා නේ
ReplyDeleteඕවා වේලාලා ගහපන් බන් :-D
සිරා ෆෝටෝස් ටික. ඔය කැම්පස් එකේ මල් පිපෙන දවස්වලට මමත් එනවා බලන්න. ඊළග පාර ආවම හම්බවෙමු
ReplyDeleteමැක්සා.....ඇස් වලට පේන්නේ නැති ලස්සනක් පෙනුනා
ReplyDeleteane mewwa epa..apita one nai polongu witharai..
ReplyDeletego ahead machan..great job
ලස්සන ෆොටෝ ටික. කොයි මලත් ලස්සනයි මටනම්.
ReplyDeleteඅර ගෙඩි ජාතිය තක්කලි වගේ මට පේන්නෙ. අපි ඒවට කළු තක්කලි කියමු :D
මල් කොල්ලා............ :D
ReplyDeleteකෝ යකෝ මේකා මගේ ෆොටෝ එක දාලා නෑනේ....මාත් මල්ක් වගේ පුංචි බබෙක්.....හික්ස්
ReplyDelete@ හරී - පිණිපළස
ReplyDeleteකලින් දැකල නැද්ද. ඒ තමා කළුකම්බේරිය ගෙඩි. අපි පොඩිකාලේ ඕවා කඩාගෙන කනවා. ඒ ගස්වල කොළ රසවත් මැල්ලුමක්.
බිනර මල ගත්තේ රිවර්ස්ටන් වලදී. සෙ. මී. 15ක් පමණ පැලෑටියක්. මමත් දැක්කේ පළමු වරට.
ප්‍රවීනා
ReplyDeleteසාමාන්‍යෙයන් ගැහැණු ළමයි කැමති රෝස මල් වලටනේ. මම සූරියකාන්ත මලට ආස ගෑණු ළමයෙක් දැක්කමයි. ඇත්තම කියනවනම් මටත් සූරියකාන්ත මල් හිටවන්න පොඩිකාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුනා. මම පාත්තියක්ම හිටවන් හිටියා. දැන් නම් එක පැළයක් නෑ. ඉර හැරෙන පැත්තට හැරෙනවා බලන්න හරි ආසයි. අනික පිඟානක් විතර ලොකු ලස්සනම මලක්. මගෙත් ප්‍රියතම මල.
මල් දෙකේ ෆොටෝ ගැන කතා කර නිසා ඒ ගැනත් කියන්නම්. ඔය සුදු රෝස මල් හරිම ලස්සනයි. ඕක මම රෑ ෆ්ලෑෂර් එකේ එළියෙන් ගත්තේ. රෝස මල් කොතරම් ලස්සන උනත් නටුවේ කටු තියනවනේ. ඒකනේ කියන්නේ රමණීය රෝස මලේ මරණීය කටු ඇත කියා. ඒත් මේ රෝස මල් දෙකේම නයුවේ කටු නෑ. අහිංසක මල්.
මම හිතන දේවල් ඔයාට දැනෙන්නේ කොහොමද? ඔය සමන් පිච්ච මල් වල ෆොටෝ ගත්තේ ඒ හේතුව නිසාම තමා.
@ දිනේශ් දීපාල්
ReplyDeleteස්තූතියි දීපාල්. ෆොටෝ වලින් ටිකයි දැම්මේ.
@ Praසන්ன
ReplyDeleteස්තූතියි ප්‍රසන්න. අවශ්‍ය නම් මෙතන තියෙන ඕන ෆොටෝ එකක් ගන්න. කොපි රයිට් නෑ.
@ සහන්
ReplyDeleteනිවැරදි උත්තරේ. දැන් ඕවා දැකල නැති අය ගොඩක් ඉන්නවා. ඒකයි මල් මැදින් ඕකත් දැම්මේ. ස්තූතියි මේ පැත්තේ ආවටත්.
@ ම
ReplyDeleteවහිනවනේ බන් වේලන්න බෑ.....:D
@ blog gadol
ReplyDeleteසාමාන්‍යෙයන් අප්‍රේල් වලට තමා ඔය මල් පිපෙන්නේ. මේ දවස්වල ඒ මල් වැල් තියනවද කියලවත් පේන්නේ නෑ. එන්න ආ දවසක කතා කරමු.
@ රත්ගමයා
ReplyDeleteඔන්නේ රත්ගමයෝ තුන්වෙනි ඇසකින් පෙනෙන ඒවනේ.
ස්තූතියි ඇවිත් ගියාටත්.
@ Priyanka
ReplyDeleteසර්පයෝ එලෙව්වා...
ස්තූතියි ප්‍රතිචාරයට.
@ මගේ ජීවිතය
ReplyDeleteකළු තක්කලි වල නියම නම දකින්න ඇතිනේ. ඔය පළ වල කොළ රසවත් මැල්ලුමක්. කලුකම්බේරිය කාල නැද්ද?
@ සෝරෝ
ReplyDeleteහිකිස් ...:D
@ ෴ හසියා ෴
ReplyDeleteමකාගේ යලක්.....
අපෝ ඇති යන්තම් සර්පවිමානෙන් ගොඩ ආවා,වැදගත් ලිපියක් උනත් හරිම අමාරුවෙන් බැලුවේ.ඔන්න බලන්න මල් ටිකේ ලස්සන මටනම් ආසාවෙ බැහැ.බොහොම ස්තූතියි මේ ලිපිය පලකලාට.
ReplyDeleteස්තූතියි නීතා ප්‍රතිචාරෙට. ආයෙත් දවසක මේ වගේ පොස්ට් එකක් දාන්නම්..
ReplyDelete