Saturday, February 12, 2011

හාමුදුරුවනේ රෑට කන්නේ......?

ඔන්න අළුත් පොස්ට් එකක් අරන් අදත් ආවා හැමෝම බලල යන්න. වැඩත් එක්ක මේ දවස්වල ඔලුවත් හොඳටම අවුල් වෙලා. මොකක්ද කීවේ. පනාවකින් පීර ගන්න. මේක පීරලා හරියන්නේ නෑ. එහෙනම් ?
සර්විස් එකක් කරන්න වෙයි වගේ.....
හරි කමක් නෑ එහෙනම් කට්ටියට මතකද දන්නේ නෑ ඒකාලේ කියපු ජෙනරේටරයක් කර තියාගෙන මීමුරේ ගිය කතාව. මතක නැති අය කැමති නම් මෙතනින් ගිහින් බලන්නකෝ. ඔය ගමන පුරා රසවත් සිදුවීම් නම් බොහොමයි. ඒත් දැන් ඒ හැම එකක්ම මතකත් නෑ. අවුරුදු 16කට විතර කලින් උන සිදුවීම්නේ. ඒත් ඔය ඉන්න ගමන් මතකයට එන ඒවා ලියන්න ඕන. මේ තවත් ඒ කාලේ මතකයක්.
ඔය ගමන ගිහින් අපි ආපසු එන එක තරමක් වෙහෙසකර වැඩක්. ඒ වගේම සවස 2.30ට පමණ (මගේ මතකය අනුව) තංගප්පුව සිට නුවර එන බස් එක අල්ලන්න බැරි උනොත් ආයේ පසුදා වෙනකල් එන්න විධියක් නෑ. ඒ නිසා මීමුරේ සිට එක දිගට එන්න ගියොත් එන්න වෙන්නේ මහරෑම මීමුරෙන් පිටත් වෙලා කියන එක අපට තේරුනා. ඒ නිසා ආපසු එන ගමන කයිකාවල සිට (මාතලේ කයිකාවල නොවේ) එන්න පුළුවන් නම් හොඳයි කියන එක අපට වැටහුනා. අනික එහි සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඇති අතර එහි නවතින්න පුළුවන් බව එහි සේවය කරන සෞඛ්‍ය සේවිකාවන් අපට යන ගමනේ කියා තිබුනා. එම නිසා එහි ඇවිත් රාත්‍රිය එහි ශාලාවේ ගත කර පසුදා උදෑසනම පිටත් වෙන්න අපි තීරණය කළා. 
මේ අනුවයි අපි දෙවන දවසේ රෑ වෙන්න කිට්ටුව මීමුරෙන් පිටත් වී කයිකාවලට ආවේ.

මේ ගමනේ හොඳටම පිස්සු කෙලිය එකෙක් තමා ඉරුබබා. පොර තවත් කට්ටියක් එක්ක කෑම හදන්න තැනක් හොයනවා. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඒකට ඉඩක් නෑ. ඊට මදක් එපිටින් තමා කයිකාවල පන්සල තියෙන්නේ. එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ පන්සලේ පුළුතැන්ගේ ආහාර සකස් කර ගන්න අපට ඉඩ දුන්නා. දැන් කට්ටිය එකතුවෙලා රෑ කෑමට නූඩ්ල්ස් හදනවා. හාමුදුරුවන් වහන්සේ ආවිත් අපිත් එක්ක කතා කරමින් හිටියේ. අපි කොහේ ඉඳන්ද ආවේ. මොනවද කරන්නේ? මොකටද මේ විස්තර හොයන්නේ වගේ කරුණු විමසූ උන් වහන්සේ අපිට කෙටියෙන් පළාත ගැනත් විස්තර කරනවා. ඒ අතර අපිත් නූඩ්ල්ස් උයා අවසන් කළා.
  දැන් අපේ ඉරු බබාටත් නිකන් ඉන්න බෑ කට වහගෙන. පොර එකපාරට හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ රෑට කන්න නූඩ්ල්ස් දෙන්නද? කියල. හාමුදුරුවෝ පුදුම වෙලා වගේ මූ දිහාම බලන් ඉන්නවා. අපිත් අපිසෙට් එක පාරට මූ මේ කියපු එකට. ඒත් හාමුදුරුවන්ට තේරුනා මෙතන මොකක් හරි පටැලවිල්ලක් කියා. ඒත් හාමුදුරුවෝ යමක් කියන්න පෙරම මූ ආයෙම කියනවා සමාවෙන්න හාමුදුරුවනේ රෑට වළඳන්න නූඩ්ල්ස් හොඳද කියල. ඒ අවස්ථාවේ හාමුදුරුවෝ කියනවා නෑ දරුවා අපි ස්වාමීන් වහන්සේලා රෑට වළඳන්නේ නෑ කියල. සමාවෙන්න හාමුදුරුවනේ කියල ඉරුබබා ඉක්මනට එතනින් මාරු උනා. හාමුදුරුවෝ අපෙන් අහනවා අර දරුවා බෞද්ධ දරුවෙක් නෙවේද? කියල. අපිත් වෙන කරන්න දෙයක් නැති නිසා එහෙමයි හාමුදුරුවනේ කියල යන්තම් වැඩේ ගොඩදාගත්තා. පසුව ඉරුබබා කියනවා හාමුදුරුවෝ රෑට වළඳන්නේ නෑ කියල මට මතක් උනේ නෑනේ බන් තව ටිකෙන් මාර දේශනාවක් අහන්න වෙන්නේ කියල. අපිත් කීවා අවුලක් නෑ අපි උඹේ ආගම මාරු කළා කියල. කරන්න දෙයක් නැති නිසා මූත් කිසිදෙයක් කියන්නේ නැතිව හිටියා.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

23 comments:

  1. විලි ලැජ්ජාවෙ සන්තෝසේ බෑ :D

    ReplyDelete
  2. සර්ප්‍රියාට වෙච්චි වැඩක්ද මන්දා........ :D

    ReplyDelete
  3. ඔය අවුල් වෙලා තියෙන ඔළුව පීර ගන්න හාමුදුරුවන්ගෙන් පනාවක් ඉල්ල ගන්න කෝ!

    ReplyDelete
  4. හික් හික්!! ප්‍රියන්ත අයියට තමයි වැඩේ වෙලා තියෙන්නෙ

    ReplyDelete
  5. මීට අවුරුදු දෙකකට විතර කලින් පන්සලේ කඨින පිංකම වෙලාවෙ අපි ඇහුවා " හාමුදුරුවනේ පන්සලට අවශ්‍ය දෙයක් තියෙනවද කියලා?"
    ලැබුණු උත්තරේ තමයි " රයිස් කුකර් එකක්"
    දානෙ වැරදිච්චි වෙලාවට උයා ගන්න වෙන්න ඇති. එහෙම හිතලා අපි රයිස් කුකර් එකක් පූජා කරා.

    ReplyDelete
  6. අපෙ පැත්තෙ තියනවව පොඩි පන්සලක්.. දවසක් අපි ඔය පන්සල ලග සෙල්ලම් කරල හමුදුරුවන්වත් හම්බවෙලා තමයි එන්නෙ... දවසක් එ පන්සලට දවස් 2ක කින් දානයක් ලැබුනෙ නැලු... සල්ලිත් තිබිල නැ... හාමුදුරුවො හිතහාදාගෙන කරන්න දෙයක් නැතිකමට අපිට කියුව... අපි ‍රැම කැම හදල දුන්න......

    සුභදවසක්...!

    ReplyDelete
  7. අවුල්වුනු ඔලුවට ඉසකුඩිච්චිත් හොඳයිලු.

    ReplyDelete
  8. අපරාදෙ ඕක හාමුදුරුවන්ගෙන් අහන්න තිබුනෙ හෙමිහිට පුද්ගලිකව, ඔය නූඩ්ල්ස් තෙල් දාන කොට සුවඳ එහෙමත් දැනෙන්න ඇති හාමුදුරුවන්ට, අනේ පව්.

    ReplyDelete
  9. @ පූසා
    ලැජ්ජා වෙන්න එපා පූසෝ....
    කමක් නෑ සන්තෝශෙන් නම්....

    ReplyDelete
  10. @ සෝරෝ
    හිතුවද මමත් ඔයා වගේ තමන්ට වෙන හැම දෙයක්ම ලියනවා කියල...හිකිස්...
    ස්තූතියි මල්ලි මේ පැත්තට ආවට..

    ReplyDelete
  11. @ Kathandara
    අර හාමුදුරුවන්ගෙන් පනාව ඉල්ලපු කතන්දරේ වගේද? ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාටත් කතන්දර...:D

    ReplyDelete
  12. @ blog gadol
    මට උනානම් කෙලින්ම මට උනා කියලම ලියනවා. ආයේ දෙකක් නෑ. යාළුවාගේ නම ලියන්න විධියක් නෑ මම නියම නමින් මේ බ්ලොග් එක ලියන නිසා. ඒකයි ඔය මල්ලිලාගේ ක්‍රමයට නම ලීවේ. පොර ගැන තව කතා තියනවා. පුළුවන් වෙලාවක ලියන්නම්කෝ...

    ReplyDelete
  13. @ හරී - පිණිපළස
    මමත් දන්නවා සමහර පන්සල් වලට දානේ ලැබෙන්නේ නෑ කියා. ඉතින් හාමුදුරුවෝ බඩගින්නේ ඉන්නය. රයිස් කුකර් පූජාවත් හොඳයි. හැබැයි රෑට උයන්න නෙවේ වෙන්න ඇති නේද?

    ReplyDelete
  14. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න. තව කතා කීපයක් තියනවා එය වගේ. ඒවත් පුළුවන් වෙලාවන දාන්නම්.

    ReplyDelete
  15. @ ඉංදික
    කණගාටුදායක තත්වයක් ඉන්දික. අපි දැනගන්න ඕන පන්සල් වලට දානේ ලැබෙනවාද කියා සොයා බලන්න. එය දායකයින්ගේ වගකීමක්. අනික එවන් තත්වයක ඉන්න හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට රෑ උනත් දානේ ටිකක් වැළඳුවාට මම වරදක් කියන්නේ නෑ.

    ReplyDelete
  16. ප්‍රවීනා
    ඒක කරන්න වෙන්නේ ඔයාටම තමා. මම නම් දන්නේ නෑ ඔවා දාන්නේ කොහොමද කියල. අනික ලෙඩ හොඳවෙන්න වෙදකම විතරක් මදිනේ...

    ReplyDelete
  17. @ Observer
    ඒ හාමුදුරුවන් නම් හරිම සිල්වත් හාමුදුරු නමක්. ගොඩක් වයසයි. මම හිතන්නේ දැන් අපවත් වෙලත් ඇති. ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාටත්...

    ReplyDelete
  18. වර්තමානේ නම් වෙන්නේ හාමුදුරුවෝ උදේ දානෙයි දවල් දානෙයි වළදනවා රෑට කනවා

    ReplyDelete
  19. @ Hasitha
    ඔව් නේනන්ම්. රෑට වළඳන්නේ නෑ කනවනේ....

    ReplyDelete