ආයෙත් වැස්ස පටන් ඇරන්. වැස්සත් එක්ක කූඬැල්ලෝ එලියට බැහැල. පොඩ්ඩක් නගරයෙන් පිටට ගියානම්, අඩි පාරක ඇවිද්දනම් කූඩැල්ලොත් එක්ක ආපහු එන්ටත් පුළුවන්. මම මේ අද කියන්න වනනේ අපි පාසල් ගිය කාලේ වෙච්ච දෙයක් ගැනයි. මම තාම මේ බ්ලොග් එකේ අපේ පාසල් කාලේ මොනවත් ලියලම නැනේ.
ඔන්න එහෙනම් අද පරණ කතාවක්.
මේ 1994 නොවැම්බර් අග වැස්ස කාලෙ, කූඩැල්ලො මැදින් අපි "මීමුරේ" ගිය කතාවක්. අහල ඇතිනේ මීමුරේ ගම ගැන. අහල නැති අයට මම පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්. මීමුරේ කියන්නේ නකල්ස් රක්‍ෂිතයේ (දුම්බර මිටියාවතේ) පිහිටි අති දුෂ්කර ගම්මානයක් හැබැයි හරිම සුන්දරයි. දැන් නම් කොහොමද දන්නේ නෑ. ඒත් ඒ කාලේ එහෙ විදුලිය නෑ, බස් යන්නේ නෑ. හරි හැටි පැරක් නෑ. මං හිතන්නේ කිලෝමීටර් 15 ක් විතර පයින් යන්න තියනවා. සමහර විට ඊටත් වැඩිද මංදා. කූඩැල්ලෝ තොග ගණන් පාරේ ඉන්නවා එල්ලෙන්නේ කාගෙද කියල බලාගෙන. වැස්සට මඩ වගුරු හැදිල ලිස්සනවා, වැටෙනවා. ඒ මදිවට පාරේ කානු හැදිල වතුර ගලනවා. ඔය තියෙන්නේ යන පාරේ මැප් එක. මම නම් ඕක හොරකම් කරා සයිට් එකකින්. මොකද මගේ ලඟ තිබුන පරණ ෆොටෝ ඔක්කොම වගේ විනාශවෙලා.
ඉතිං ඔය දුෂ්කර මගගෙවා අපි මීමුරේ යන්න හිතුවේ නිකං ඉන්න බැරි කමට නම් නෙවේ. ශ්‍රිලංකා යොවුන් ගවේශන සංගමය පවත්වන "ජීව 94" ප්‍රද්ර්ශනයට ප්‍රදර්ශන කුටියක් කරන්න විස්තර එකතු කරන්නයි.
දැන් පාර ගැනයි යන්න හේතුවයි කිව්වනේ. එහෙනම් දැන් කතාවේ ඉතුරු හරිය. මීමුරේ යන්න අපේ පාසලේ යොවුන් ගවේශන සංගම් ශාඛාවේ 17 දෙනෙක් එකතු වුනා. යන්න වාහනයක් හයර් කරන එක ඒ කාලේ හැටියට ලොකු මුදලක් යන වැඩක්. අනික අපට ලැබුන විස්තර අනුව ෆෝවීල් ඩ්‍රයිව් වාහනයක් විතරයි ඒ පාරේ යන්න පුළුවන්. ඒකත් මගට. ඉතුරු ටික කොහොමත් පයින්. ඉතිං 17 දෙනෙක් යන්න වාහන කියක් ඕනද? අනික ගමනට දවස් තුනක් විතර යනවා. අපි ආපහු එනකන් උන් දවස් 3ක් මගට වෙලා බලාගෙන ඉඳියිද? ඔය වගේ කරුණු නිසා අපි ගමන පාරේ බස් එකේ යන්න තීරනය කළා. තංගප්පුව කියන බස් එකේ ගොස් ඉතුරු හරිය පයින් යන්න. ඔය කාලෙ ඔහොම යන එකත් මරු ආතල් වාඩේනේද? කවරු කවුරුත් උඩින්ම කැමති වුනා.
දැන් කරන්න තියෙන්නේ මේ වැඩ ටික. එහෙ ෆොටෝ ටිකක් ගන්න ඕන, විස්තර ලියා ගන්න ඕන, Specimen එකතු කර ගන්න ඕන, ඊට අමතරව වැදගත්ම දේ ප්‍රදර්ශනේ දවසේ පෙන්වන්න හොඳ වීඩියෝ එකක් හදනන්න. එක පොරක් කැමරාවක් ගේනනම් කිවා. හැබැයි ඒ දවස් වල අද වගේ compact කැමරා නෑ. තිබුනේ මේ වගේ ලොකු කැමරා තමා.
දැන් ප්‍රශ්න ගොඩක් එකතු වෙනවා. මොකද කැමරාවට බැටරි 2ක් තියනවා. දෙකම ටික ටික අවුල්. දෙකම එකතු කරත් පැයයි විනාඩි 40 ක් විතර තමා වීඩියෝ කරන්න පුළුවන්. ඕකට අපේ එකෙක් ලඟ සොලුශන් එකක් තිබුනා. මචං අපි බැටරි චාර්ජ් කරන්න ජෙනියක් (ඉලෙක්ට්‍රික් ජෙනරේටරයක්) ගෙනියමු. යෝජනාව සභා සම්මතයි. වෙනත් යොජනා?... නැත. ගම්පොල ඉඳන් එන පොරවල් සෙට් එක ජෙනිය ගේන්න බාර ගත්තා අනිත් ආය එක එක දේ බාර ඇරන්. මොකද මේකට ඉස්කොලෙන් සල්ලි ලැබෙන පාටක් නැති නිසා අපිම හැම දේම හොයා ගන්න හිතුවා.
අද කතාව ටිකක් දික් වෙන පාටයි මට මේක පටන් ගනිද්දි වත් මෙච්චර දික්වෙයි කියලා හිතුනේ නෑ. කරන්න දෙයක්නෑ. කුට්ටි කරන්නම වෙනවා.
ඉතුරු ටික තවත් දවසකින්. එතකං සුභ දවසක්!
ආතල් කට්ටක් .....හැබැයි අමතක නොවන මතකයක්.....:D
ReplyDeleteජෙනිය කිව්වම මතක් උනේ, අපි හොස්ටල් ඉන්න කාලෙ ලoකාවෙම විදුලිය කැපුවා දිනකට පැය ගානක්, අනිත් විද්‍යාපීඨ ඔක්කොම වැහුවා, අපේ එකට විතරක් ජෙනරේටර් එකක් තිබුනු නිසා නිවාඩු දුන්නෙ නැහැ, ඒත් ටික දවසකින් මේ ජෙනරේටරේ ක්‍රියාත්මක වෙන කාලය අඩු කරා. ඉතින් අපෙ කට්ටියටත් ඕනා උනා නිවාඩු ගන්න, පිරිමි ළමයි ටික ඒකට කරේ විදුලිය කපපු වෙලාවට ජෙනරේටරේ දාලා පැයකින් විතර ඕෆ් කරපු ගමන් හූ කියන එක, මේකට ළමයි ඔක්කොම රැස්වීම් ශාලාවට අරගෙන president මැඩම් හොඳටම බැන්නා. ඇත්තටම මැඩම්ට ළමයි හරි බයයි, බැනලා ඉවර වෙලා එක ළමයෙක් නැගිට්ටවලා මැඩම් ඇහුවා මොකද දැන් කරන්නෙ කියලා, ඒ ළමයා කීවා පුලු පුලුවන් විදිහට එන්ජිම දාමු මැඩම් කියලා,මැඩම්ගේ කේන්තිය එතනින්ම ඉවරයි.
ReplyDelete@ Shadow/හේමලයා
ReplyDeleteකියල වැඩක් නැ නියමෙට නෑව එක දිගට පැය 5ක් විතර
@හරි
ඔය කියන්නේ 94 වගේ ලයිට් කපපු කාලෙද? ඒ කාලේ පාර පුරා ජෙනරේටර් නේ
කට්ට එක්ක බැඳුණු සුන්දර මතයකයක් වගේ................
ReplyDelete@Hasitha
ReplyDeleteසුන්දර මතකයක් තමා ටික දවසකින් පොඩි විස්තරයක් දාල පැහැදිලි කරන්නම්කො.
අය්යෝ මම විද්‍යාපීඨ ගියෙත් 2001 කේ, මේක උනේ 2001 හෝ 2002,,
ReplyDeleteදැන් මතකයි එත් ඔය 94/95 කාලෙ තරම් නෙවේ. ඒ කාලේ දවසට පැය 6ත් විතරත් ලයිට් කැපුවනේ. මතකද?
ReplyDelete