Tuesday, September 20, 2011

හීටරය තව හැඩ කර අමතර ප්‍රයෝජනයකුත් ගමුද?......

මතකද ඔයාලට මම ඒ දවස්වල ලීව අපේ වැඩ අපිම කරගනිමු පෝස්ට් සීරිස් එක. මේකත් ටිකක් ඒ වගේ එකක්. :D 
ඔන්න අපි කරන්න යන්නේ වතුර උණුකරන හීටරයට වල්ගයක් එකතු කරගන්නා ආකාරයයි. අවසානයේ අපිට ලස්සන හීටරයක් නිම කරගන්න පුළුවන්. නමුත් මෙය සාර්ථක වන්නේ ඔබේ වාසනාව හා හැකියාව මතයි. ප්‍රධාන වශයෙන් වාසනාවම තමා. මෙය අත්හදා බැලීමට පෙර මේ පෝස්ට් එක මුල සිට අගටම කියවන්න. නැතිනම් අත්වැරදීම් සිදුවේ. 
*ඉතා වැදගත්. කුඩා ළමුන් මෙය අත්හදා බැලීමෙන් වලකින්න.
එහෙමනම් බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.
සාමාන්‍ය විදුලි හීටරයක් හා ස්ටෙයින්ලස් ස්ටීල් ජෝගුවක්.
01 මේ රූපයේ ආකාරයේ ඒවා හොඳටම ප්‍රමාණවත්. මේ සඳහා ප්ලාස්ටික් ඒවා ගන්න එපා. ස්ටෙයින්ලස් සටීල්ම ගන්න.

02 විදුලි සැපයුමක්.
03 පරිගනකයක් හෝ පොතක්.
04 පරිගනක මේසයක් හෝ පොත කියවන්න මේසයක්.
05 ජෝගුවෙන් 3/4 පමණ පිරෙන්න ජලය.
06 ඔර්ලෝසුවක්.
07 පොතක් හෝ කඩදාසියක්.
08 පෑනක් හෝ පැන්සලක්

පළමුව විදුලි සැපයුම අවට ඇති සියලු දේ ඉවත් කරන්න. දොර ජනෙල් තිර ආදිය පවා. ඉන්පසු ජෝගුවට ජලය දමන්න. හීටරය දමා විදුලිය සම්බන්ධ කරන්න. ස්විච් එක ක්‍රියාත්මක කරන්න. ඔර්ලෝසුවේ වෙලාව බලා එය පොතේ හෝ කඩදාසියේ සටහන් කරන්න. හීටරයේ සිට මීටර් 3ක් පමණ දුරින් එයට විරුද්ධ පැත්තට හැරී වාඩිවන්න. පොත කියවන්න පටන් ගන්න. පරිගනකයේ නම් මගේ මතකයේ පෝස්ට් 10ක් පමණ කියවන්න. බය වෙන්න දෙයක් නෑ පෝස්ට් 120කට වඩා තියනවනේ.
මේ ආකාරයෙන් පැය 1/2ක් විනාඩි 45ක් පමණ කාලයක් ගත කරන්න. මේ අතර ඇතිවන චර චර ශබ්දය සාමාන්‍ය දෙයක් ලෙස සලකන්න. අතර මැදින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වුනොත් තවත් කාලය වැය කිරීමෙන් පලක් නෑ හීටරය පරීක්‍ෂා කර බලන්න. නැතිනම් විනාඩි 30ක් 45ක් පමණ කාලයකට පසුව පරික්‍ෂා කර බලන්න.
පහත රූපයේ ආකාරයෙන් හීටරය ඔබට ලැබේවි.

දැන් බලමු මෙහි ඇති අමතර ප්‍රයෝජනය කුමක්ද කියා......
රූපය බලන්නකෝ....
ඔව් මේ රූපයේ පේන්නේ තඹ බෝල. මේවා ජෝගුවේ පතුලේ තැම්පත් වෙලා ඇති. මේවා ඔබේ හදිසි තඹ අවශ්‍යතාවයකට ගන්න පුළුවන්. නැතිනම් කාලයක් එකතු කලොත් තඹ එකතු කරන වෙදෙන්දෙකුට විකුණා මුදල් උපයන්නත් පුළුවන්. හැබැයි මතක තියා ගන්න මේවා මෙහෙම ලැබෙන්නේ ඔබේ වාසනාව මත බව.
පොඩ්ඩක් හෝව්. පෝස්ට් එක ඉවර නෑ. 

ඔය තියෙන්නේ වලිගය සහිත හීටරයේ සම්පූර්ණ පින්තූරයක්.
ගිනි ගැනීම් නිසා සිදුවන අනතුරු සඳහා වගකියනු නොලැබේ. කුඩා ළමුන් මෙය අත්හදා බැලීමෙන් වලකින්න. දැනටමත් ඔබ මේ වසනාව උදා කරගත් අයෙක් නම් ඒ බවත් කියලම යන්න.

එහෙනම් මම ගියා. සුභ දවසක්..!!!

60 comments:

  1. හෙහ් හෙහ් හෙහ්...
    මෙන්න සමහර දේවල් කියාදිය හැකි අපූරු ක්‍රම....!
    මරු පෝස්ට් එක ප්‍රියන්ත...
    අර තඹ බෝල නම් කාලයක්ම හිතේ තියේවි...

    ReplyDelete
  2. අයියෝ..අපෙ ගෙදර හීටරයක් නැනෙ.. තියෙන්නෙ අර ජොග්ගුවත් එක්ක එකක්.. ඒකෙන් බැරිද මේ වැඩෙ කරගන්න ? :D

    ReplyDelete
  3. අපේ ගෙදරත් මෙච්චර කාලෙකට තාම හීටරයක් ගෙනත් නෑ..අපරාදෙ, නැත්තං අත්හදා බලන්න තිබ්බා.ඔය බනියගෙ සීන් එකමයි අපේ ගෙදරත්.එතකොට ඔය පරීස්සනේ අවසාන ප්‍රතිඵලේ නැට්ටක් ඇති හීටරයක් විතරමද?

    ReplyDelete
  4. අපේ ගෙදර යූස් කරන්නෙ නැති එකක් තියෙනවා.. බලන්නම් කරලා.. :D

    හාවෝ.. ඒ ජෝගුවත් එක්කම ගෑස් ලිපේ තියපං..:P

    ReplyDelete
  5. අපොයි බයේ බෑ. පොඩ්ඩක් ඉන්ට ආයම පාරක් කියෝනවෝ....:D

    ReplyDelete
  6. මේක මේ ඔයාගේම හොයා ගැනීමක්ද?...:D

    ReplyDelete
  7. මේ බ්ලොග් එකේ ගිය හොඳම ලිපිය මේකද කොහෙද.

    ඉතිං දැන් ප්‍රියන්ත ගාව තඹ බෝල කොච්චර විතර තියෙනවද?

    ReplyDelete
  8. සෑහෙන මහන්සිවෙලා කරපු සොයා ගැනීමක්නෙ මේක, ගිනස්,,,,,,,, නෑ එක්කො වෙන විශේෂ පොතකට යවන්න ඕනි. මේ කරුණාකර ප\ලි හැටියට ඇතුලත් කරනවද ඔය තඹ බෝල සොයාගැනීමේ පරීක්ෂණයෙන් අනතුරුව අයියාගේ අම්මා පැවැත්තූ අතුරු කථාව හෙවත් ස්තූති කථාව,

    ReplyDelete
  9. අම්මපා අර ප්‍රසන්න කිව්ව දේ සහතික ඇත්ත...
    මෙවගේ අත්වැරදීම් වලින් වෙන හානිය කියලා තියෙන ලස්සනනං කියලා වැඩක් නැත...

    ReplyDelete
  10. ෂා චෝයි.... කොරලා බලන්න ඕනි.....

    මැස්සා පෝස්ටුව අයියා.....

    ReplyDelete
  11. අපේ ගෙදර හීටරය ඇත ඔව්වා කරන්න ගිහින් අම්මාගෙන් ගුටි කන්න උනොත් අයියා බේර ගන්නවද

    ReplyDelete
  12. හීටරේ හැටි දැක්කම භීතියෙන් මුසපත් වෙනව :-D
    ඇයි අර ඉස්සර තිබ්බ හුමාලෙ එන්නැති කළුගල් වගේ බර ඉස්තිරික්ක. ඒව එකක් අයන් බෝඩ් එකක් උඩ දවසක් අමතක වෙලා දාල තිබිල ඒකෙ හැඩේට ලස්සනට කළු පාටට කිඳා බැහැල තිබුණනෙ :-D

    ReplyDelete
  13. ප්‍රියන්ත,ප්‍රශ්න 2ක,

    1.මේ පරීක්ෂනය කරන වෙලාවෙදි ඔයා කියවපු පොත මොකක්ද?
    2. කථාවක් තියනවා ලෝකයේ අපූරු සොයාගැනීම් සේරම සිද්ධ වෙලා තියෙන්නේ අත්වැරදීමකින් කියලා. මේ තඹ බෝලත් එහෙම අහඹුවක්ද?

    කොහොම වලිගයක් සහිත හීටරේ නම් මරු..!

    ReplyDelete
  14. දිල්ට නම් හීටරය හුඟාක් වටිනවා...බැරි වෙලාවත් හීටරය පිච්චිලා ගියොත්...මේ වැඩේ කරන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ....හික්ස්....මොකක් හරි වෙලා දිල්ට අනතුරක් උනොත් ඔන්න මම දන්නෙ නෑ ප්‍රියන්ත.....

    ReplyDelete
  15. මේ හීටරයේ වල්ගය නිර්මාණයට දායකවූ සහ තඹ බෝල නිෂ්පාදනයේ නිර්මාතෘ ගැනත් කියමුද?

    ReplyDelete
  16. අදම ගිහින් මේක අත්හදා බලන්න ඕන. අම්මගෙන් ගොඩක් කාලෙකින් ගුටියක් කෑවේත් නැනේ.

    ReplyDelete
  17. අපොයි හීටරේ හැටි....:))

    ReplyDelete
  18. ඔබගේ හීටරයටත් මෙවැනි අලංකාර හැඩවැඩ දමා ගැනීමට අවශ්‍යනම් භාරදෙන්න. ඉතාමත් පහසුමිලකට ඔබට උවමනා අයුරින් හැඩවැඩ දමා දෙනු ලැ‍බේ.(ගාස්තු අයකරන්නේ විදුලිය වැයවීම සදහා පමණි)...

    ReplyDelete
  19. මේක නං ඇත්තටම මතකයක් විය යුතුය්. මාත් පොඩි කාලේ ඔය ජාතියේ වැඩක් කොරල ට්‍රිප් ස්විච් එක ඕෆ් වුන නිසා නොමැරි බේරුනා.

    ReplyDelete
  20. හැ........... එකම එක හීටරයක් ඇත. ඒ මා අර පුහුණුවට ගිය වෙලේ අවශ්‍ය වී තාත්තා ගෙනත් දුන් එකය. තාත්තාගෙන් මට බැනුම් ඇසීමට බැරිය. හැබැයි හීටරයෙන් වැඩක් ගන්නැති බැවින් වරදක්ද නැති හැඩකි.... හික්ස්........

    ReplyDelete
  21. මටත් පුංචි කාලේ ඔය ස්වීප් එක දෙතුන් පාරක්ම ඇදිලා තියෙනවා... පළවෙනි ත්‍යාගය කිට්ටුවට යද්දී තාත්තා දැකලා ඕෆ් කරලා...

    ReplyDelete
  22. අම්බෝ මදැයි ඔයෙන් ගියා.අපිටත් ඔහොම ඒවාවෙලා තියනව,තඹබෝල හම්බුනේ නෑ :/

    ReplyDelete
  23. අයන් එකකින් වතුර උණු කර නිවා බොන්න අදහසක් ආවා

    ReplyDelete
  24. හොඳ විද්‍යාඥයෙක් වගෙයි පේන්නේ.
    සයන්ස් ෆැකල්ටියේ නේ වැඩ!
    හික්ස්!

    ReplyDelete
  25. ප්‍රියන්ත අයියේ අනේ මට නම් මේක තේරෙන්නෙ නැහැ, ඒ නිසා අත් හදා බැලීම් නොකර ඉන්න එක හොඳයි නේ :D

    ReplyDelete
  26. ඔක්කොමල අහු වෙලා නේ මූ...මෙයා හදන්නේ බ්ලොග් පෝස්ට් හිට් වැඩි කරගන්න...

    "පරිගනකයේ නම් මගේ මතකයේ පෝස්ට් 10ක් පමණ කියවන්න. බය වෙන්න දෙයක් නෑ පෝස්ට් 120කට වඩා තියනවනේ."

    මම ඒක නිසා පොතක් කියව කියව කරල බලන්න ඕනි..ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?? කොහොමද මගෙ ටිකිරි මොලේ...

    ReplyDelete
  27. හීටරෙන් වැඩක් නෑ අයියා.. කෝ මේ නීතා & පො.කු.. නැද්ද බස් පැත්තෙ වලියක්වත් දාගන්න ඇ... :-D

    ReplyDelete
  28. @ තිස්ස දොඩන්ගොඩ
    හිතේ නෙවේ අයියේ ඒටික පරෙස්සමට අරන් තියල තියෙන්නේ....

    ReplyDelete
  29. @ Bunny
    ජෝගුවට වලිග දාන්න බෑ. තඹ බෝල ටිකක් හදාගන්න බලන්න...:DDD

    ReplyDelete
  30. @ සිහින
    අපොයි ඔය හැම ප්‍රතිපලේම කියන්න බැරියෝ...:DDD
    තඹ බෝලත් ලැබෙනවා. තව ගෙදරින් විවිද නම්බු නාම ලැබෙන්න පුළුවන්..:DD
    හීටරයක් අරන් ඇවිත් හරි කරන්න. මහන්සිය අපතේ යන්නේ නෑ.

    ReplyDelete
  31. @ චතුවා (ළමයා)
    යූස් කරන එකකින් කලානම් තමා වැඩි සාර්ථක ප්‍රථිපල ලැබෙන්නේ...:D
    පුළුවන් විදියට කරන්නකෝ..

    ReplyDelete
  32. @ පොඩ්ඩි
    බය වෙන්න එපෝ...
    දුක කියන්නේ මටත් මේ තරම් ලස්සනට කරන්න වාසනාව තිබුනේ නෑනෙ...

    ReplyDelete
  33. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න.
    තාම 5යිනේ තියෙන්නේ...

    ReplyDelete
  34. @ හරී - පිණිපළස
    මොන පොත උනත් කමක් නෑ. ලස්සන අකුරින් ලියන්න කියන්න හොඳේ. අපොයි නෑ. මේක ගෙදරදී වෙච්ච දෙයක් නොවේනේ.

    ReplyDelete
  35. @ මාරයාගේ හෝරාව
    ඔවු ඇත්ත. මේක නම් මට උන දෙයක් නොවෙයි. ඒත් මගේ අතින් කොම්පියුටරේ නිසා පිච්චුන හීටර් තොගයක්ම මල්ලක තිබුනා මතකයි.

    ReplyDelete
  36. @ ෴ හසියා ෴
    කරල බලන්න නේන්නම් මේක දැම්මේ. දැන්ම කරන්න ඕවා පහු කාලෙක කරන්න ගිහින් වෙන ප්‍රශ්න එන්න පුළුවන්.
    ස්තූතියි මේ පැත්තට කට්ටියක් එවල තිබුනටත්.

    ReplyDelete
  37. @ ශානු
    නව අදහස් වලටත් අම්මා ගහනවාද? ඔය තඹ විකුණලා සල්ලි හොයන්නත් පුළුවන්නේ..:DDD

    ReplyDelete
  38. @ මගේ ජීවිතය
    ඒ ඉස්ත්‍රික්ක තාම තියනවා ගන්න පුළුවන්. ඒත් මට මතක ඉස්සර තිබුන පොල්කටු අඟුරු ඉස්ත්‍රික්ක නම් දැන් ආසාවට හොයන්න නෑ.
    ඔය හීටරේ දැක්කට බය වෙන්න එපා. අපේ යාළුවෙක් කීවා එයාලත් ඔය වගේ පරෟක්‍ෂණයක් කළාලු ප්ලාස්ටික් කෝප්පයක වතුර දාල ආපසු එන විට මේසේ උඩ ලෝහ කොටස් ටිකක් හා අඟුරු ටිකක් තිබුනලු.

    ReplyDelete
  39. @ රූ....
    01 මම මේ වෙලාවේ පොතක් කියවා නැත...:D
    02 තඹ බෝල වාසනාවට ලැබෙන දේවල්නේ...:D
    හීටරේ නම් මාර ලස්සනයි තමා..

    ReplyDelete
  40. @ දිල්
    අනතුරු සඳහා වගකියනු නොලැබේ කියා රතු පාටින් ලියලයි තියෙන්නේ.
    දිල් කියනා දේ ඇත්ත. හදිසියට මටත් ඔය හීටරේ තරම් වටින දෙයක් නෑ. තනියම ඉන්න වෙලාවට තේ එකක් බොන්න එහෙම හරියටම කෝප්පයක් වතුර උණු කරන්න පුළුවන් වෙන මොකෙන්ද?

    ReplyDelete
  41. @ දිනේශ් දීපාල්
    ඒවා දේව රහස්......:DDD

    ReplyDelete
  42. @ Gimhani
    පරීක්‍ෂණ කරනවාටත් අම්මා ගහනවාද? අපොයි ....:DDD
    හොඳම වැඩේ අම්මා නැති දවසක කරල බලන්න...:DDD

    ReplyDelete
  43. @ නිසුපා
    හරිම ලස්සනයි නේද හීටරේ වලිගය එක්ක තියන විට...:DDD

    ReplyDelete
  44. @ Observer
    ඔව් ඔය ට්‍රිප් ස්විච් නිසා මේක අසාර්ථක වෙනවා තමා...:DDD

    ReplyDelete
  45. @ හා පැටික්කි (MS)
    තාත්තට කියන්න හීටරේ ලස්සන කරන්න යන්නේ කියා. තඹ ටික තාත්තට දෙන්නම් කියන්න...:D

    ReplyDelete
  46. @ Prasanna
    අපරාදයක්නේ. තාත්තා කලබල වෙලා වැඩියි වගේ...:DDD

    ReplyDelete
  47. @ නදී
    එහෙම වෙන්න ගොඩක් වාසනාව තියෙන්න ඕනි. තව උත්සාහ කරන්න..:DDD

    ReplyDelete
  48. @ මකරා.
    කලින් කරල පුරුදු තියනවාද?
    මකරාටනම් කටින් ගිනි පිඹලත් වතුර උණු කරන් පුළුවන් වෙයිනේ..:D

    ReplyDelete
  49. @ කතන්දර
    ඔව් ඔවු පේනවානේ පියවරෙන් පියවර අවශ්‍ය දේ සමගින් දාල තියෙන විධිය..:DDD

    ReplyDelete
  50. @ neetha
    අපොයි කරලම තමා පුරුදු වෙන්න ඕන...:DDD

    ReplyDelete
  51. @ රෙෂාන් Chathuranga
    දැන් ප්‍රමාද වැඩියි. අන්න කට්ටිය පෝස්ට් 10 බැගින් කියවලා ඉවරලු. හීටර් කඩේ මුදලාලි කොමිස් දෙන කතාව එහෙම කියන්න එපා මෙතන හොඳේ...:DDD

    ReplyDelete
  52. @ Pasan
    මෙතන ඇවිත් කුමාරිහාමිලා හොයන්නේ හීටරයකට වලිගයක් දාන්නේ නැතිව....:DDD

    ReplyDelete
  53. අයියෝ ප්‍රියා අයියෙ මේක මොකද්ද එක දවසක් අපි ගමේ ගිහින් හිටිය දවසක අපේ තාත්ත හීටරෙන් බිත්තර තම්බන්ඩ ගිහින්.. ඒක එහෙමම අමතක වෙලා වතුර සේරම හිඳිල ප්ලාස්ටික් ජෝගුව උණුවෙලා ටයිල් අල්ලල නැති ස්ලැබ් එක උඩ එළල තිබුණු ඉටිකොලේ උණු වෙලා.... ඒක උඩ කෝප්ප නවල තිබුනු ප්ලාස්ට්ක් ට්‍රේ එක උණූවෙලා....කෝප්ප සේරෝගෙම අර ප්ලාස්ටික් ගෑවිලා... අන්තිමට නතර වෙලා තිබුණෙ කොහෙන්ද කියලවත් මට මතක නැති තරං....
    ඒවට හරියන්ඩ තාත්ත අහගත්ත අම්මගෙන් හොඳවැයිං....

    ReplyDelete
  54. @ hansakinkini
    ඔය තව ඉන්නේ හීටරෙන් අමතර ප්‍රයෝජන ගත්ත අය. ජනූටත් ස්තූතියි.
    තව විශේෂ දෙයක් කියන්න තියනවා දෙකේ ඒවා හතරක්.. 2222 වෙනි කමෙන්ට් එක දැමූ ජනූට නැවත ස්තූතියි...:DDD

    ReplyDelete
  55. එළම තමා ප්‍රියන්ත සහොදරයා හීටර ගෙන්වන කොම්පැනියකද වැඩ කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ. හීටර් වලට වලිග දාන කොම්පැනියක. බොහොම ස්තූතියි ලොකු ජෝන්ටත් මේ පැත්තට ආවාට.

      Delete
  56. නියම ලිපියක්,මගෙත් සොයා ගැනිමක් තියෙනවා, හොට් එයා ගන්(ඉලෙක්ට්‍රොනික උපාංග උනුසුම් වායුවෙන් රතකර පැස්සීම් සිදුකරන උපාංගය) එකෙන් තේ එක රත් කර ගන්න හැටි, තේ කොප්පය නිවිලනම්, හොට් ගන් එක ඔන් කරලා හොට් හුලං පාරක් ඇල්ලුව ගමන් තප්පර 30 විතර තේ එක උනු උනු වේම බොන්න පුලුවන්, තව හෙයා ඩ්‍රයර් එකෙනුත් පුලුවන්, එත් හොට් එයා ගන් එකතරම් වෙගවත් නැහැ....

    ReplyDelete
    Replies
    1. දැනුම නිකන්ම විනාශවී යන්න දෙන්න එපා. ලියන්න ඒ ගැන මකර අධිරාජ්‍යෙය් ලිපියක් අපිටත් දැනගන්න....:D

      Delete