Friday, October 7, 2011

සමුගන්නම්.....සමුගැනීම


ළමයෝ ඔලුව හොඳ නැද්ද මේ වැස්සේ තෙමෙන්නේ.?
පොඩි කාලේ මතක් උනා අම්මේ. මං කොච්චර ආසද පොඩි කාලේ වැස්සට තෙමෙන්න. යන්තම් අම්මාගෙන් ගැලවුනු මම ඉක්මනින් කාමරයට පැන ගත්තේ හිස පිස දාගන්නයි. 
කුඩේ දීල ගිහින් සතියකට පමන පසුව දවසක සමින්ද අයියා මට හමු උනා. ඒ දවස් වෙනකොට මගේ හිතේ දිනේශ් ගැන සිතිවිලි ඇති වෙමින් පැවති කාලයයි. මට ඒ දවස් වල දිනේශ් දකින්න නොලැබුනොත් නින්ද යන්නෙත් නැති තත්වයක් තිබුනේ. ඒත් දිනේශ් නම් මං ගැන කිසිම අදහසක් ඒ දවස් වල නැතිව ඉන්න ඇත්තේ. 
කොහොම හරි එදා සමින්ද අයියා මොනව හරි හිතේ තියන දයෙක් කියන්න යන බව මට හොඳින්ම දැනුනා. මේක තමා හොඳම වෙලාව. මෙයාට ඒක කියන්න දෙන්න ඕනි. ඊට පස්සේ මගේ උත්තරේ දුන්නම ප්‍රශ්නේ ඉවරයි. මම හිතුවා.
චාරු නංගි....
ඇයි අයියා..?
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න තියනවා....
ඉතින් කතා කරන්න අයියා...
මෙතන බෑ අපි අර කූල් ස්පොට් එකට යමුද?
ඒක හරි නෑනේ අයියා. අර යාළුවොත් බලන් ඉන්නවානේ. කියන දෙයක් මෙතනදී කියන්න. කාටවත් ඇහෙන්නේ නෑනේ.
මගේ යාළුවන්ගේ නම් මතය වූයේ සමින්ද අයියා මට හොඳටම ගැලපෙනවා කියන එකයි. ඒත් යාළුවන් මතම පවරා මට ඕනි උනේ මෙතනදීම කතාව ඉවර කරන්නයි.
චාරු...
සමින්දට එක වරම වචන පිට කරගන්න බැරි බවක් පෙනෙන්නේ..
කියන්න අයියා. මට පරක්කුත් උනා.
නංගි මං ඔයාට ආදරෙයි. මං කැමතියි ඔයාව ආදරෙන් බලා ගන්න..
අයියා.. මොනවද අයියා මේ කියන්නේ. මට අයියෙක් නැති නිසා මං ඔයාව මගේම අයියා කියා හිතුවේ. මට තව හිතන්න ඕනි. මං කොල්ලෙක් එක්ක යාළු වෙන්න හිතලාවත් නෑ තවම. කෙල්ලන්ගේ සාමාන්‍ය උත්තරයෙන් මම ගැලවී පැනගත්තා.
එහෙමනම් නංගි තව හොඳට හිතලා කියන්නකෝ..
අයියා යන්න ගියා.
දවස් දෙකකට පස්සේ සමින්ද අයියා ඇවිත් ඉන්නවා දැක්ක මම ඔහුට නොපෙනෙන්න පංතියට ගියා. තිළිණිට කීවා මං කැමති නෑ කීවා කියන්න. මට එයා මගේම අයියා වගේ ඊට වඩා හිතන්න බෑ කියා කියන්න කියා.
එයින් සතියකට පසුව දිනේශ් මගෙන් කැමැත්ත ඇසුවේ. මම තාම එහෙම දෙයක් හිතලා නෑ තව හිතන්න ඕනි කීවේ බොරුවට. ඒත් දවස් දෙකකට පසුව මම දිනේශ්ට කැමැත්ත දුන්නා.
හ්ම්ම්ම්
දැන් ඉතින් සියල්ල අවසන්. මහා කුණාටුවකට පසුව මුලු පරිසරයම නිහඬ වෙනවා වගේ හැම දේම සන්සුන් වෙලා. ඒත් කුණාටුව මගේ හිත විනාශ කරන් හමා ගිහින්.
එදා මම සමින්ද අයියට කැමති උනානම්. මේ සියල්ල මීට වඩා වෙනස් නේද? මම හොඳටම දන්නවා සමින්ද අයියා කවදාවත් මාව මෙහෙම දාල යන්නේ නෑ කියා. එහෙම කරන්න පුළුවන් විධියේ හදවතක් එයාට නෑ. එයා ළඟ මං හොයන ආදරේ ඕනිවාටත් වඩා තියනවා. එහෙත් මම බැලුවේ දිනේශ්ගේ බාහිර පෙනුම විතරයි. බැලුවම මම පෙර පින් කරල ඇති. මෙහෙම හරි නැවතුනු එකට. සමහර විට මම දිනේශ් බැන්ද නම් මීට වඩා දරුණු තනිවීමක් වෙන්න තිබුනා. 
දැන් නම් මට කිසිම කෙනෙක් හිතට ඇතුල් කරගන්න බෑ. පිරිමියෙකුට මගේ හිතේ තිබූ ඉඩ සම්පූර්ණයෙන්ම ගත්ත දිනේශ් මුළු හිතම විනාශ කර යන්න ගිහින්. මගේ හිතේ ඔහු ආයෙත් එයිදෝ කියා බලාපොරොත්තුවක් පොර කෑවත් මගේ යටි හිත හොඳටම දන්නවා ආයේ නම් කවදාවත් ඔහු එන්නේ නෑ කියා.
එහෙම ඉන්න විටයි මට සමින්ද අයියා මතක් උනේ. ඒම සිද්ධියෙන් මාසයකට පමණ පසුව ඔහු අලුත් රැකියාවක් සොයාගෙන ඈත දුශ්කර පලාතකට ගිහින්. ඔහු එහෙම කරන්න ඇත්තේ හිත හදා ගන්න වෙන්න ඇති. ඔහුට ප්‍රශ්නයක් බව දැනගෙන ගෙදරින් විවාහ යෝජනා ගෙනෙන බවක් තිළිණිට පවසා තිබෙනවා. එහෙත් ඒවාට කැමති වෙන්න හිත හදාගන්න බෑ කියා පමණයි කියා තිබෙන්නේ. ඉන් පසුව ඔහු ගැන කිසිම තොරතුරක් ලැබුනේ නෑ. මට හොයන්න අවශ්‍ය තාවයක් තිබුනෙත් නෑ.
මමෆෝන් එක අරන් තිළිණි ඇමතුවා.
මොකෝ බන් මේ හදිසියේ.
නිකන් බන්.
වෙන්න බෑ...
ආයේ ඉතින්. උඹට විශ්වාසම නෑනේ...
ඔය විධියට පටන් ගත්ත කතාව විනාඩි විසි පහක් විතර ඇදගෙන ගියා. අන්තිමට මම සමින්ද අයියා ගැනත් හෙමින් ඇසුවා.
දන්නේ නෑ චාරු. උඹ අකමැති උනාට පස්සේ හරි දුකෙන් හිටියේ. උඹේ වැරැද්දකුත් නෑ. උඹ එයාට බලා පොරොත්තු තියා ගන්න හිනා වෙලාවත් නෑනේ. කතා කරත් උඹ කලේ මගහරින එකනේ.
ඒ උනාට මට කියන්න තිබුනා තිළිණි මම වෙන කෙනෙක් ගැන හිතනවා කියල. එයා දැන්ගන්න ඇති මම එයාට තාම කොල්ලකේ ගැන හිතලත් නෑ කීවේ බොරුවට කියා. ඒ කියල සතියෙන් මම දිනේශ් එක්ක යාළු උනානේ.
හ්ම්ම්....තිළිණිට මං ගැන තරහක් එන්න ඇති. නැතිනම් එහෙම උත්තර දෙන්නේ නෑ කවදාවත්ම.
ඇත්තටම මගෙන් ලොකු වැරදීමක් වෙලා කියා මට දැන් හොඳටම දැනෙනවා. අපි ආදරේ කරන්න ඕනී හරියටම අපි කැමති කෙනොටමද?
එහෙම කලාට වැරැද්දක් නෑ. එයාත් අපිට එහෙම ආදරේ නම්.
එහෙම නැතිනම් අපි කරන්න ඕනි අපිට ගොඩක් ආදරේ කෙනෙක්ට අපි ආදරේ කරන එකයි. එයා කවදාවත් අපිට දාලා යන එකක් නෑ. අනික එයාගේ ආදරේ අපි උපරිමයෙන් ලබන විට අපිත් නොදැනීම එයාට ආදරේ කරයි. සමින්ද අයියා ආයෙත් එකම වතාවක් මට හමු උනොත්.... එහෙම උනොත් මම එයාගෙන් සමාව ඉල්ලන්න ඕනි පරණ දේවල් වලට.
මගේ සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. සමහර අවස්ථාවල ගැහැණු අපි හැසිරෙන්නේ මොන තරම් මෝඩ විධියටද? අපේ අත ළඟ ඇති දේ නොදැක නේ අපි ගන්න බැරි තරම් උඩ තියන දේ ගන්න හදන්නේ. කොල්ලොත් එහෙමද? ඒ ගැන මට හිතාගන්නත් බැරි මම ආදරේ කළ කොල්ලාගෙන් එවැනි කිසිම දෙයක් ගැන අදහසක් ගන්න බැරි උන නිසායි. ඔහුට මගෙන් අවශ්‍ය උනේ ආදරේද කියන්නත් දැන් නම් මට බෑ. එක තැනක් වැරදුනොත් බොහෝ දේ වරදින්න පුළුවන් කියන්නේ මේ නිසා වෙන්න ඇති. දැන් ඇත්තත් හොඳත් මට පේන්නේ නෑ. මම ඕනිවාට වඩා හිතුවා වෙන්න ඇති. හැම වෙලේම යාළුවෝ ගෙදර අයගේ උපදෙස් පතන්නේ නැතිව මගේම ලෝකෙක තනිවෙලා මට හිතුන දේ කරලා අවසානයේ මටම රිදවා ගත්තා නේද? මේවාට වැඩියෙන්ම වැරදි කාරයා මමම නොවේද?
ළමයා මේ තේ එක බීලා ඉන්න.
අම්මා නැවත මගේ කල්පනා ලෝකේ බිඳ දැම්මා.
තේ එක අරන් කුස්සියේ බංකුවේ අම්මා ළඟින් ඉඳගෙනකතාවට වැටුනේ කාලෙකින්. මගේ හිතේ තිබුන සියල්ල අර පින්තූරය සමග වෙනස් වෙමින් පවතිනවා වගේ මට දැනෙන්න අරන්. අම්මාට උයන්න උදවු කරන්න හිතුවේ අම්මා මගේ ගැන සිතනා විධිය වෙනස් කරන්නත් එක්කයි. දන්නේම නැතිව රෑත් උනා. මම උයපු කරි අප්පච්චි රස කරමින් කෑවේ අද මොකද මෙයාට උයන්න හිතක් පහල උනේ කියා අසමින්. 
නිකන් අප්පච්චි... ඒකේ වැරැද්දක් නෑ නේද?
කොච්චර හොඳද පුතේ..
අප්පච්චිටත් සතුටුයි වගේ. ඇත්තට එයාල හිතන්නෙත් මගේ සතුට නේද?
හෙට යන්න ඕනි තිළිණී බලන්න. මම නින්දට කලින් හිතුවේ එහෙමයි. 
පසුදා උදේ අම්මාට තිළිණි බලන්න යනවා කියා මම ගෙදරින් පිට උනා. දැන් අම්මා දන්නවා මම යන්නේ බොරුවක් නොකියා බව. අම්මට නොකීවට දිනේශ් එක්ක දැන් සම්බන්ධයක් නැති බව එයා හොඳින් තේරුම් අරන් ඉන්නේ.
ටවුමෙන් බස්එකෙන් බැස්ස මම තිළිණිගේ ගෙදරට යන බස් එකට හෝල්ට් එකට යන විට දැක්කේ හිතා ගන් බැරි දෙයක්.
පාර අයිනේ සමින්ද අයියා නැවතී ඉන්නවා. අයියා මාව දකින්න නැතිව ඇති. එයා වෙනත් පැත්තක් බලා සිටින්නේ. ගිහින් කතා කරන්න ඕනි.
ළඟට ගියත් එක පාරම කතා කරන්න බෑ. මගේ කකුල් දෙකත් ගැහෙනවා වගේ. ඒත් මම අයියා ගැන හොඳින්ම දන්න නිසා හිතට දිරි අරන් අයියේ කියා කතා කළා. එක් වරම ගැස්සුනු අයියා මා දිහා බැලුවා. 
කිසිම වෙනසක් නොපෙන්වා සිනාසුනු ඔහු කොහොමද නංගි කියා ඇසුවා.
වරදක් නෑ අයියේ. පාඩුවේ ඉන්නවා..
හ්ම් හම් පේනවා. මොකද අද තනියම. කෝ නැද්ද?
අයියා අසන්නේ දිනේශ් ගැන කියා මට හොඳින්ම පැහැදිලියි.
මෙක තමා මට වැරදුනු තැන අයියට කියන්න හොඳම අවස්ථාව. පැත්තකට ගිහින් කියන්න සිතන විටම වෙළඳ සැලක සිටි ලස්සන බොහෝම නිවුනු පෙනුමක් ඇති කෙල්ලෙක් ඇවිත් අයියාගේ ළඟින් සිට ගත්තා. 
ඒ දෙස හැරුනු අයියා සසී මේ මගේ නැතිවුන නංගිගේ හොඳම යාළුවෙක් චාරු.
මට මොනවදෝ වෙනවා වගේ මට දැනෙන්න අරන්.
චාරු නංගී.. මේ මගේ වයිෆ් සශිකා.. මට හීනෙන් වගේ සමින්ද අයියගේ කට හඩ ඇසුනා...
෴කතාව හා රැඳුන සැමට ස්තූතියි෴

25 comments:

  1. බලාපොරොත්තු නොවුනු විදියේ අවසානයක්. ලස්සන කතාවක් ප්‍රියන්ත.

    සශිකා හරි වාසනාවන්තියක්නේ?...:D

    ReplyDelete
  2. හ්ම්.....චාරු වරද්ද ගත්තා විතරක් නෙවෙයි පරක්කුත් වෙලානෙ..:((

    ReplyDelete
  3. එල ප්‍රියන්ත අයියා එල.. උස්මට ඇදගෙන ගියා..

    ReplyDelete
  4. ලස්සන කතාවක්.

    ReplyDelete
  5. හිතපු නැති අවසානයක් ඔයා කතාව වෙනස් කළා නේද අයියේ

    ReplyDelete
  6. ඕක තමා ගොඩක් වෙලාවට හැමෝගෙම ජීවිත වල වෙන්නේ. අතට ආව වාසනාවට පයින් ගහලා මොකක් හරි වැඩකට නැති දෙයක් පස්සේ යනවා.

    "සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවී හමාරය"

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්! මම නම් අවසානය බලාපොරොත්තු උනේ මේ විදියට නෙමේ...කොහොම උනත් ලස්සන කතාව

    ReplyDelete
  8. අප්පමාදෝ අමත පදං :)

    ReplyDelete
  9. ෂා.. නියම අවසානයක් අයි ලයික් ඉට් වෙරි මච් කිව්වා ඔන්න...

    ReplyDelete
  10. ලස්සන කතාවක් ප්‍රියා අයියේ

    ReplyDelete
  11. අවසානය තෙක්ම එක හුස්මට කියවුවා.. මේක තමයි ගොඩක්වෙලාවට අපි දකින යථාර්ථය. ඒ යථාර්ථය අවබෝධ වෙනකොට බොහෝදෙනෙක් බොහෝදුර ගිහින් ආපසු හැරෙන්න බැරි තරම්..

    ReplyDelete
  12. @ පොඩ්ඩි.
    මමත් හිතුවේ නෑ මෙහෙම අවසන් කරන්න. ඒත් මේ විධිය හොඳයි කියා මට හිතුනා. ස්තූතියි පොඩ්ඩියේ හැමදාම වගේ කලින්ම මාව බලන්න ආවාට.

    ReplyDelete
  13. @ නිසුපා
    ඔව්නේ. වරද්දා ගැනීම පරක්කු වීම..
    ආදරේ කියන්නේ හොඳට හිතල බලන නියම වෙලාවට නිවැරදි තීරණය ගන්න ඕනි දෙයක් නේද?

    ReplyDelete
  14. @ වැම්පයර්
    ස්තූතියි. කතාව රස වින්දා නම් මට එයයි සතුට...:D

    ReplyDelete
  15. @ Praසන්ன
    ගොඩක් ස්තූතියි ප්‍රසන්න. වෙනදා වගේම ඇවිත් කමෙන්ට් කළාට...:D

    ReplyDelete
  16. @ ශානු
    වෙනස් කලා කියන්න බෑ ශානු කතාව නිදහසේ ගලා යන්න දුන්නා.

    ReplyDelete
  17. @ පූසා
    ඒක තමා ඇත්ත මල්ලි. අපි කාගේත් ජීවිත වල එක් වරක් හෝ එවැන්නක් වෙලා ඇති. ඇත්ත වැටහෙන විට වෙන්න තියන බොහෝදේ වෙලා ඉවරයි තමා. එක් පොඩි දෙයක් නිසා අපි ජීවිතේ බොහෝදේ නැති කරගන්නවා.

    ReplyDelete
  18. @ දිල්
    අපේ ජීවිත වල උනත් අපි බලාපොරොත්තු උන දේ නෙවේ නේද වෙන්නේ. ස්තූතියි මේ පැත්තේ ආවටත්..:D

    ReplyDelete
  19. @ ජීවිතේ මල්
    පමාදෝ මච්ඡුනො පදං...
    සංසාරේ....
    ස්තූතියි ජීවිතේ මල්ටත් මේ පැත්තවෙිත් ගියාට...:D

    ReplyDelete
  20. @ සුදු හංසි
    ගොඩක් ස්තූතියි සුද්දිටත්. කතා ලියන කෙනෙක් ලස්සනයි කීවා කියන්නේ කතාව ලස්සන ඇති. ලයික් ඉට් වෙරි මච් කියලත් කීවානේ....:D

    ReplyDelete
  21. @ ItalyDilan
    ස්තූතියි ඩිලාන් මල්ලි...:D

    ReplyDelete
  22. @ RoshanHerath
    ඇත්ත රොශාන්. ඒත් ඒ ඇත්ත තේරුම් ගන්නේ කී දෙනාද. ස්තූතියි ඔයාටත් මේ පැත්තේ ආවාට..:D

    ReplyDelete
  23. @ All
    සාහිත්‍ය මාසය වෙනුවෙන් කිසියම් කතාවක් ලියන්න හිතාගෙනයි මේ කතාව ලීවේ. මට පළමුවරට කාන්තාවක් ලියනා විධියට ලියන්න හිතුනා. මෙය එක්තරා ආකාරයක පරීක්‍ෂනයක් කියන්නත් පුළුවන්. අනෙත් කාරණාව මට පළමු කොටසින් කථා නියකයා කෙල්ලෙක් බව නොපෙන්වා ලියන්න අවශ්‍යතාවය තිබුනා. දෙවන කොටසේ අවසානයේ තමා එය කියන්න මම හිතුවේ. එය සාර්ථක වූ බව මට හොඳින්ම දැනුනේ දෙවන කොටස අවසානයේ පවා බොහොඅය මෙහි කතා නායකයා මම කියාම සිතීම නිසායි. ආදරය විරහව වැනි අවස්ථාවල ගැහැණු පිරිමි වෙනසක් නැති බවයි මගේ අදහස.් ඒ අනුවයි මම මෙය ලියා ඇත්තේ. මෙහි කිසිම පුද්ගලයෙකු ඉලක්ක කර ලිවීමක් නෑ. අනික ඊළඟ කොටස මම කලින් තීරණය කලෙත් නෑ. හිතුනා ලීවා සම්ප්‍රදායටයි ලීවේ. ඇතැම් විට චාරුගේ චරිතයේ ඇතැම් ලක්‍ෂණ පෞද්ගලිකව මගේ චරිතයෙන් ගත් ඒවා. ඒවා මොනවද කියා නම් අහන්න එපා. මගේ කිට්ටුම අයත් මෙහි සුළු වශයෙන් ජීවත් වෙනවා. එහෙත් කිසිම පුද්ගලයෙකු කෙලින්ම ඉලක්ක වෙන්නේනෑ. මෙහිදී මම හිකා මතා අනුගමනය කල ක්‍රමය වූයේ කමෙන්ට් වලට පිළිතුරු ඊළඟ කොටස දමනතුරු නොදී සිටීමයි. ඒ ඇතැම් පිළිතුරු ඒ කොටසේ ඇති නිසාමයි. අවසන් කොටස ලියන්න පමා වූ එක ගැන කණගාටුව. කියවා රසවිඳි අදහස් පළ කළ සැමටම ස්තූතියි..

    ReplyDelete
  24. :O යකඩො මගෙත් නිකන් ඔලුව වැදිල වගෙ හෆ්ෆ ..... උහ් හිතුවෙම නැති අවසානයක්... ඔව් එක තම රචකයාගෙ දක්ශතාවය ... මම හිතුවෙ සමින්ද අයියා ඇණේ තියපු තැන වෙනස් නොකරම ගහයි කියලා ... :D එත් තැන පොඩියක් වෙනස් වෙලා නෙව . කමක් නැ කමක් නැ එතන වෙන්න ඇති හරිම තැන නෙද ප්‍රියා අයියා .... :))
    ….
    …අලෙ ලොකු අයියෙ මෙ ඊලඟ පර සිරි මල්ලිටත් වෙස් මුනක් දම්මල හරි පොඩි චරිත කැල්ලක් දෙන්න හොදෙ .. මෙහෙම හිටියට මෙ සිරි මල්ලි ඔස්කා සම්මාන ගැහුව න(කෝ)ලුවෙක් හොදෙ ..:D :D :D

    ReplyDelete
  25. නොසිතූ අවසානයක් නිසා කතාව තවත් ලස්සනයි...අනේ සසීනම් හරිම වාසනාවන්තියක්.

    ReplyDelete