මොකද මේ ඇස් රතු වෙලා..
අම්මාගෙන් ඇස් දෙක සඟවාගන්න මම ගත් සියලු උත්සාහයන් සාර්ථක උනේ නෑ. දැන් මොකක්ද අම්මට කියන්නේ? මම නැවතත් කල්පනාවට වැටුනා.
මොකද ළමයෝ? ඇයි මේ?
මුකුත් නෑ අම්මා. ඊයේ රෑ නින්ද ගියේ නෑ. ඔලුව කකියනවා වගේ.
එහෙනම් ගිහින් බෙහෙතක් ගමු.
ඕන වෙන එකක් නෑ අම්මා ටිකක් නිදා ගත්තනම් හරියයි.
මට ඕනිම ආපසු ඇඳට යන්නයි. දැන් අම්මාගෙන් ගැලවෙන්න අමාරුයි. තේ එකත් අතේ තියන් මම කල්පනා කරන්න උනා.
එහෙනම් තේ එක බීල ගිහින් ටිකක් නිදා ගන්නවා. පැනඩෝල් පෙති දෙකකුත් බීලම නිදා ගන්න.
ලෙඩක් නැතත් පැනඩෝල් බීවට කමක් නෑනේ. සිතින් සිතාගත් මම අම්මට පේන්නම බෙහෙත් පෙති දෙක ගිල දමා නැවතත් කාමරයට ඇදුනා. දැන් නම් හයියෙන්ම අඬන්න හිතුනත් අම්මාට ඇහෙන නිසා කොට්ටේ මූණ ඔබාගෙන කල්පනාවට වැටුනා.
ආයෙත් කෝල එකක් අරන් බලමු. සමහර විට ෆෝන් එක ඕන් කරල තියෙන්න පුළුවන්. මට එහෙම හිතුනත් නෑ ඕන නෑ. ඔයාට එපානම් මටත් එපා. එහෙත් මගේ හිත මට වලංගු නෑ. නොදැනීම වගේ ෆෝන් එක ඩයල් උනා. ෆෝන් බුක් එකේ නම ඇතත් ඔය නම්බර් එක මට ඇස් පායාගෙන ඩයල් කරන්න පුළුවන්.
ඔබ ඇමතූ ජංගම දුරකථනය තාවකාලිකව විසන්ධිකර ඇත...Number you dial temporary out of......
අපොයි එහෙනම් මෙයා මගෙන් ගැලවෙන්නම වෙන්න ඕනි ෆෝන් එක ඩිස්කනෙක්ට් කරන්න ඇත්තේ. ඇයි දෙයියනේ මොක්කද මම කල වරද මෙහෙම මාව අමතක කරන්න. ඔයාටම ටික දවසකින් තේරෙයි මම ඔයාට කොච්චර ආදරේද කියා. එදාට ඔයා ආයෙම එයි මගේ ළඟට. මට එහෙම හිතුනත් ඇත්තටම ඔයා එයිද? එන එකක් නෑ. මට සිතාගන්න බැරිව ඇඬෙන්නම එනවා. ඒත් කොහොම අඬන්නද? අම්මාට ඇහෙනවානේ. එයාට දෙන්න මගේ ළඟ උත්තරයක් නෑ.
මං ඔයාට ආදරේ කළාට ඔයා මට ආදරේ කරන්න නැතිව ඇති. නැතිනම් ඔයා කොහොමද මෙහෙම හෑඟීම් නැති කෙනෙක් වගේ මාව දාල යන්නේ. සෑම දේම දරාගන්න පුළුවන්. ඒත් ඔයා මෙහෙම කරන්න හේතුව තමා මට හිතා ගන්නම බැරි. කොහොම උනත් තව ටිකක් මේ ගැන හොයන්න ඕනි.
ඔය සිතිවිලි අතරින් මට නින්ද යන්න ඇති. ඒත් හදිසියේම ෆෝන් එක වදිනවා.
තිලිනිගේ නම්බර් එක ආන්සර් කරනවාද නැද්ද?
මෙකී මොනවද කියන්න යන්නේ. නෑ ඕනි නෑ මං ආන්සර් කරන්නේ නෑ. යාළුවාව හොඳ බබා කරන්න ඔය හදනවා ඇත්තේ. අම්මාට ඇසුනොත් ඒ නිසා ෆෝන් එක මියුට් කල මම නැවත ඇඳේ හාන්සි උනා.
නින්දෙන් ඇහැරුනේ අම්මා රේඩියෝව දාල තියන සද්දෙට. මොන සිංදුවක් ගියත් ඒවායේ කිසිම ගත යුත්තක් නෑ නේද කියා මට හිතුනා.
පියඹා යනවා මා ආකාශයේ
අවසානයී ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙන්....
ක්ලැරන්ස් ගේ සිංදුව මගේ සිතට කිසියම් සහනයක් ගේනවා වගේ. ඒත් ආදරයකින් එහෙම ලේසියෙන් මිදෙන්න පුළුවන්ද? කවි කාරයින්ට එහෙම ඇති. ඒත් අපිට. නෑ බැරි නැතිව ඇති. මේ කවි සිංදු ලියන්නේ අපි වගේම මිනිස්සු නේද? එයාලත් මං වගේම හිතේ දුක නැති කරගන්න මේවා ලියන්න ඇති. කාමරේටම වෙලා ඉන්නවාට වඩා හොඳයි ටවුන් එකට ගිහින් පත්තරයක් අරන් ඇවිත් කියවනවා. මොනවා හරි රස්සාවක් හොයාගත්තනම් වැඩත් එක්ක හිතට සහනයක් එයි. පත්තරේ අරන් ඇවිත් වේකන්සි තියනවානම් ඇප්ලයි කරනවා.
වෙනදා මෙන් නොව ඉක්මනින්ම ඇඳගත් මම කණ්නාඩිය ඉදිරියේ වෙනදා ගත කරන වෙලාවෙන් කාලක් වත් ඉන්න නැතිව කාමරෙන් එලියට ආවා.
අම්මේ මම ටවුන් එකට ගිහින් පත්තර අරන් එන්නම්...
ඔයාට පිස්සුද ළමයෝ. දැන් ඔලුව රිදෙනවා කීවානේද?
බේත් බීල පැයක් විතර නින්ද ගියානේ. දැන් හරි.
හ්ම්ම්ම් ... පරෙස්සමෙන්..
වෙනදාට මම බස් එකේ යන්නේ මොන තරම් බලා පොරොත්තු එක්කද? ඔයා එක්ක ඇවිදින්න. අයිසික්‍රීම් කන්න. හිනාවෙන්න. ඒත් අද ඒ සියලු පැතුම් පත්තරයක් ගන්න එකට සීමා වෙලා. සමහරි වට මට පිස්සු කියා මට හිතුනා. නැතිනම් අප්පච්චිට කෝල් එකක් දාල එනකොට පත්තරේ ගෙන්න ගන්නත් පුළුවන්. ඒත් ඒක අම්මත් දන්නවා. අම්මාට තේරෙන්න ඇති මම ඉන්නේ ප්‍රශ්නෙක කියා. ඒකයි යන්න දුන්නේ. නැතිනම් අම්මා වෙනදා ඕන නම් අප්පච්චිට කියා ගෙන්න ගන්න කියනවානේ.
වෙනදාට බස් එක ටවුමට එන්න කොච්චර වෙලා යනවද? ඒත් අද ඉක්මනින්ම ඇවිත් වගේ. ඒත් මට ඕනි වෙලාව යවන්න. පත්තර අරන් යාළුවෙක්ගේ ගෙදර යන්න හිතුවත් ආයෙම ඔලුව රිදෙන්න ගත් නිසා ගෙදර එන්න පිටත් උනා. ගෙදර ආව ගමන් නාන කාමරයට වැදී ඇතිවෙන්න නාගත්තා. හිතේ ඇති හැම දේම ඇඟේ බැඳෙන කුණු මෙන් මේ වතුරෙන් දිය කර හරින්න පුළුවන්නම්.
ළමයෝ දැන් වෙලාව කීයද දවල්ට කන්නේ නැද්ද?
කීයද අම්මා වෙලාව.
හතරයි.
මම හැමදාමත් දෙකට කලින් කන කෙනා උනත් අද මෙච්චර වෙලාවක් බඩගින්නෙ හිටියේ කොහොමද කියන එක මටම හිතා ගන්න බෑ. කන්න ආසාවක් නැතත් අම්මාට පේන්න බත් ටිකක් කා ඉක්මනින්ම කාමරයට වැදුනා. ෆෝන් එක බැලුවම තිලිණිගෙන් මිස් කෝල් දහයයි. අන්තිමට මැසේජ් එකකුත් එවලා.
ඉක්මනින් කෝල් කරන්න.
මොන වදයක්ද? ඕනි නම් කෝල් කරපු දෙන්. ෆෝන් එක අන්මියුට් කල මම නැවත පත්තරේ කියවන්න ගත්තා.
නැවතත් ෆෝන් එක වදිනවා. ආයෙම තිළිනි.
ඕන එකක් ආන්සර් කරනවා.
හෙලෝ....
අනේ අනේ චාරු. ඔයා කොහේද හිටියේ. මම උදේ ඉඳන් ඔයාව හොයනවා අනේ...
--මීළඟ කොටසින් හමුවෙමු--
ඔහොම යමු ප්‍රියන්ත අයියේ.... සුපිරි... අද ඔන්න මම අංක 1ට...
ReplyDeleteඒ මට පොඩ්ඩක් කියන්න ප්‍රියන්ත අයියේ ,ඒකේ කථා නායිකාව කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා... ඇයි තිලිණි ප්‍රියා කියන්නේ නැතුව චාරු කිව්වේ...
ReplyDeleteලස්සනයි අයියා කලින් කතාව වගේ මගින් නතර කරන්න එපා
ReplyDeleteඅභීත අයියා දෙවනි කමෙන්ට් එකේ අහපු දේම තමයි මටත් අහන්න තියෙන්නේ
ඉතිරි කොටස ඕනේ......
ReplyDeleteලස්සනයි සහෝ!
ලස්සනයි. දිගටම ලියමු.
ReplyDeleteහ්ම්ම් නැගලා යයි වගේ කතාව
ReplyDeleteහපොයි අර කෙල්ල මොනවා හරි කරගෙනවත්ද.........
ReplyDeleteචාරු...... චාරුකවත් වෙන්නැ නම.
අබීතයියගේ ප්‍රශ්නේ මටත් ආවා.. බලමු ඉස්සරහට් මොනවද වෙන්නේ කියලා..
ReplyDeleteලස්සනයි මල්ලි ලියල තියෙන විදිය... ඒත් දුක හිතෙන කථාවක් වගේ...
ReplyDeleteඇත්තට ප්‍රියා නොකියා මොකෝ චාරු කිව්වෙ ,, හරි හරි ඉතිං ඉතිං
ReplyDeleteමම කලින් කියවද්දි හිතාගෙන උන්නෙ කතාව කියන්නෙ කොල්ලෙක් කියලා. ඒත් දැන් කියවද්දි හිතුනෙ කෙල්ලෙක් කියලා. මම වැරදිද ප්‍රියන්ත ?
ReplyDeleteකෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපේ කාලයේ අපි විඳපු දේ අත් විඳින කෙනෙක්...හදවතට දැනෙනවා....බලමු ඊලඟ කොටස...
මීට කලින් කතාවක් ලියලා මග නතර කරාද අයියා ..?
ReplyDeleteලස්සනට ගලපලා තියනවා අයියන්ඩි .. ඉතින් නොබලා ඉන්න පුලුවන්ද
කාගේ හරි ගෑනු ලමයෙකුගේ කතාවක් ලියවීගන යනවා ලස්සනට. කාගෙද දන්නේ නෑ.
ReplyDeleteබලමු ඉවසලානේ....:)
ප්‍රියාට ආදරේට කියන්නේ චාරු කියලද?
ReplyDeleteමටත් අභීත මාමට ආපු ප්‍රශ්නෙම ආවා.....
හලේ.. මාර කතාවක්නේ ලියන්නේ.. මුල් කොටස කියවලා මම හිතුවේ කොල්ලෙක්ගේ කතාවක් කියලා :)
ReplyDelete@ අභීත
ReplyDeleteකතා නායකයා කෙල්ලෙක්. කවුද මේ චාරු මොකක්ද මේ කතාව කියා අන්තිමට මම කියනවා.
@ ශානු
ReplyDeleteකලින් කතාව මගින් ඉවර කලේ නෑ. ඒ තමා එහි අවසානේ. ඒ කතාව පටන් ගන්නේ මගින්. එහෙම නම් කොහේද අවසානයක්.
@ ඉන්දික
ReplyDeleteතවත් කොටස් කීපයක්ම තිබෙනවා. එකක් දැනටම දාලයි ඇත්තේ. අවසානය දක්වා යමු..
@ Praසන්ன
ReplyDeleteහැමදාමත් මාව බලන්න එන ප්‍රසන්න වගේ මිතුරන් මැද කොහොම නොලියා ඉන්නද...ස්තූතියි...
@ අලුත් කොල්ලා
ReplyDeleteමමත් හිතුවේ නම් නෑ. ඒත් ප්‍රතිචාර ගැන නම් සතුටුයි....:D
@ හා පැටික්කි (MS)
ReplyDeleteචාරු චාරුම තමා. චාරුණි, චාරුකා, ඔය වගේ කොච්චර නම් තියෙනවාද හාවියේ...
කෙල්ල මොනවත් කරන් නෑ. බය වෙන්න එපා..
@ සෝරෝ
ReplyDeleteඔන්න ප්‍රශ්නෙට උත්තර න්ම දුන්නා. ඔව් මල්ලි කතාව කියවලාම බලමු.
@ තනෝජා රාජපක්‍ෂ
ReplyDeleteස්තූතියි අක්කේ. සැප දුක දෙකම අපි වටේ කැරකෙනවා නේද අක්කේ. ඉතින් හැම කතාවකම ඔය දෙක දෙපැත්තේ ඇති.
@ හරී - පිණිපළස
ReplyDeleteමේ කතාවේ ප්‍රියා කෙනෙක් නැති නිසානේ...:DDD
ස්තූතියි හරී..
@ දිල්
ReplyDeleteදිල් හරි. මේ කෙල්ලෙක්ගේ කතාවක්. ඒත් ඇත්තටම බැලුවම දෙපාර්ශවයම විඳින පොදු අත්දැකීමක් කියන්න පුළුවන් තමා.තාරුන්‍යෙය් උරුමයක්ද මන්දා.
@ හිස් අහස
ReplyDeleteසඳරූ ඒ කතාව කියවලා නැතිද?
එහෙනම් මෙතනින් ගිහින් කියවලා බලන්නකෝ.
ප්‍රතිචාරයටත් ස්තූතියි.
@ පොඩ්ඩි.
ReplyDeleteඔන්න පොඩ්ඩිටත් තේරුනා ලියන දේ ගැන. ඔව් ඉවසීමෙන් කියවන් යමු පොඩ්ඩි. හැමදාමත් වගේ මාව බලන් එනවාට ස්තූතියි ඔයාට..
@ තාරක Dilsh@n
ReplyDeleteඔන්න තාරක තමා ඔහොම නමක් කීවේ...:D
අපොයි මට වෙන නම් ඕන තරම් තියනවා. ඒත් ඔහොම නමක් නම් කවුරුත් කියල නෑ..:D
ස්තූතියි..
@ සුදු හංසි
ReplyDeleteමම හිතා මතාම තමා එහෙම කියවන අයට හිතන්න දුන්නේ. නැතිනම් මට තොතැන හෝ කෙල්ලෙක් කියා පෙන්වන්න තිබුනා.
ස්තූතියි සුද්දිටත්..