Saturday, September 10, 2011

සමුගන්නම්.....03

කියන්න තිළිණි..
චාරු මම ඔයාට කතා කලේ දිනේශ් ගැන දෙයක් කියන්න. එයා ඔයාට කෝල් කලාද චාරු?
තිළිණි ඔයා ඒක මගෙන් අහන්නේ එයා ඔයාගේ හොඳ යාළුවෙක් නේද?
ඒක ඇත්ත චාරු ඒත් ඔයා දන්නවානේ මම ඔයාගෙත් හොඳ යාළුවා කියා. එහෙම වෙලත් මම ඔය දෙන්නට උදවු කලේ නැත්තේ ඇයි කියා ඔයා දන්නවාද?
මම කොහොමද දන්නේ..
මට දැන් නම් කේන්තියක් දැනේ. මේකිට මොනවා වෙලාද? මේකි තමා මේ හැම දේම තරන්න ඇත්තේ. දැන් එනව ඇති හොඳ එකී වෙන්න.
චාරු ඇයි කෙල්ලේ කතා නැත්තේ. මම හැම දේම දන්නවා. ඒකයි මම ඔයාට කතා කලේ.
හ්ම්ම් එහෙනම් කියන්න.
ඔය දිනේශ් ගෙයි තුෂාරිගෙයි එෆෙයාර් එක දැන් මාස හයක් වෙනවා.
හෑ මොනවා!
හ්ම්ම් ඔව්. .... ඒත් මම ඕක කීවට ඔයා විශ්වාස කරන්නේ නැති බව දන්න නිසායි මම කීවේ නැත්තේ. ඔයාට ඒ දවස්වල දිනේශ් ට වඩා කවුරුත් හිටියේ නෑ නේ. මම ඕක සුමීටත් කීවා. ඔයා දන්නවානේ සුමී ඔයාට හැම වෙලේම ඔය සම්බන්ධෙට විරුද්ධ උනා කියා. ඔයා එහෙම කියනවට සුමීටත් බැන්නා නේද? ඉතින් මම ඔයාට කීවට ඔයා පිළිගන්නේ නැතිවෙයි කියලයි මම හිතුවේ. දැන්න නම් මට හිතෙනවා මමත් මේක දැනගෙන නොකියා හිටිය එක වැරැද්දක් කියල. බැරිම තැනයි මම ඔයාට මේ කතා කරන්න හිත හදා ගත්තේ. ඒත් මම දන්නවා මම පරක්කු වැඩියි කියල. අනික ඔය දිනේශ් කෙල්ලෙක්ට ඔහොම කළ පළවෙනි වතාවත් නෙවේනේ. එයා කලින් එෆෙයාර් ගැන ඔයාට කියල තියනවද?
ම්හු නෑ. එයා කීවේ මම තමා එයාගේ පළවෙනි ගර්ල් කියල...
නෑ..... මොනවා........!
ඔව් ඇයි මම ඔයාට බොරු කියන්නේ...
හ්ම්ම් වෙන්න ඇති. එයාට ඔයාට කලින් මම දන් විධියට කෙල්ලෝ තුන් දෙනෙක් හිටියා. නෙදැන කීයක් හිටියද දන්නේ නෑ.
අනේ ඇයි තිළිණි කොල්ලෝ එහෙම කරන්නේ...?
අනේ මම දන්නේ නෑ චාරු. ඒත් ඔයා බලන්න මගේ ශානක. එයා කවදාවත් වෙන කෙල්ලෙක් දිහා බලන්නේවත් නෑ. එහෙම කොල්ලොත් ඉන්නවා. හැබැයි හොයන්න තමා අමාරු...... මේ ඒක නෙවේ මට තේරෙනවා ඔයා ඉන්න තත්වය. මටත් ඔය දේ කලින් උනානේ. මම දන්නවා විඳින්න තියන අමාරුව. ඔයා හෙට මොනවද කරන්නේ?
මොනවත් නෑ ගෙදර පොත් ටිකක් තියනවා. ඒවා කියවනවා.
උඹට කරදරයක් නැතිනම් මායි සුමීයි හෙට එන්නම් උඹ බලන්න.
අනේ වරෙන් තිළිණි. ඒක නම් ලොකු දෙයක්. මට තනිකම ගෙවා ගන්න බැරිව ඉන්නේ. 
මගේ ඇස් නැවත තෙත් වන්නට විය. මම හිතා සිටි බොහෝ දේ වැරදිය. තිළිණි හා සුමී මගේ හොඳ යාළුවන්ය. ඒත් මම හිතුවේ ඔවුන් දිනේශ් හැන්ඩ්සම් නිසා ඉරිසියාවට මට විරුද්ධ වෙනවා කියාය. අනේ ඒ දවස්වලම මම මෙයාල කීව දේ ඇහුවනම් අද මට අඬන්න වෙන්නේ නෑ නේද? මට දැන් නම් ඉකි ගැසෙන්නේ දිනේශ් ගැන නොවේ. මේ වගේ චපල හිතක් ඇති මිනිහෙක් පණ වගේ විශ්වාස කළ මං මොන තරම් මෝඩියක්ද කියායි. 
චාරු උඹ අඬනවා නේද? අඬන්න එපා කෙල්ලේ. මේ තමා ඇත්ත. හමුවීමක් එක්ක වෙන් වීමක් තියනවා. ඒක සමහර විට සතියකින් දෙකකින් මාසෙකින් දෙකකින් වෙන්න පුළුවන්. සමහර විට මැරුනම වෙන්න පුළුවන්. සමහර විට නිවන් දකින කම් ආත්මයක් පාසා එකට ඉන්න පුළුවන්. ඒත් එදාට හරි වෙන් වෙනවා. උඹ ඔය තරමින් බේරුනා කියා සතුටු වෙයන්. අඩන්න එපා චාරු අපි ඔයා එක් ඉන්නවා. හැමදාටම.
මං තියන්නම් චාරු ටිකක් නිදා ගනින්...
හොඳයි තිළිණි. තැන්ක්ස් අනේ කෝල් කළාට..
තිළිණ කී දේ ඇත්තය. ශානක දිනේශ් එක්ක ගත්තම කොල්ලෙක්ද කියා මට ඒ දවස්වල හිතුනා. ඒත් ශානක තිළිණිට පණ මෙන් ආදරේ කරයි. තිළිණි ඇත්තටම ඉන්නේ ලොකු සතුටකින්. ඇත්තටම ඇත්ත ආදරේ තියෙන්නේ හිත් ඇතුලේ නේද? මම රැවටුනේ පිට ඔපයට නේද? පිටින් ලස්සන කොල්ලෝ කෙල්ලෝ හිතින් ඇත්තටම ලස්සනද? 
මගේ සිතිවිලි වලට කිසි පිළිවෙලක් නැත. මතකයන් ඇවිස්සෙන්නේ එක එක තැන් වලින්. ඒත් ඒ හැම දෙයක් තුලම ඇත්තේ කළකිරීම පමණකි. ඇත්තටම දිනේශ් මාස පහක් තිස්සේ දෙන්නෙක්ට ආදරේ කරල. කොහොමද එහෙම කරන්නේ? මට මෙච්චර මාව රවටලත් තාම දිනේශ් හිතෙන් අයින් කරන්න බැරි හැටියක්. මට හිතෙන්නෙම එයා ආයේ එයි කියලමයි. සමහර විට එයා මා එක්ක යාළු වෙන්න ඇත්තේ තව කෙනෙක් එකක් යාළු වෙලා ඉන්න අතරම වෙන්න ඇති. ඔව් එහෙම වෙන්න ඇති. එක තමා මුල් කාලේ එයාගේ ෆෝන් එක බිසී උනේ. මම කෝල් කරන ගොඩක් වෙලාවට ෆෝන් බිසී උනේ ඒකයි. ඒත් එයාගේ ජොබ් එක් එක්ක මම හිතුවේ එයා කීවා වගේම ඔෆිස් එකෙන්, නැතිනම් කස්ටමර් කෙනෙක් කොල් කරනවා කියලනේ. පස්සෙ නම් ගන්න ඕන වෙලාවක ආන්සර් කළා. අන්තිම කාලේ ආයෙම බිසී උනේ තුෂාරි එක්ක කතා කරනවා ඇති. මට මගේ තැන ආක්‍රමණය කළ කෙල්ල ගැන පළමු වතාවට කේන්තියක් වෙනුවට දුකක් ඇති උනා. අනේ තුෂාරි මට ඔයාට කතා කරන්න ඕනි. ඒත් මම ඔයා කවුද කොයි වගේද? මොකක්ද කන්ටැක්ට් නම්බර්? ඔයාව මම කොහොම හරි ඔතනින් ගන්නවා. නැතිනම් ඔයාටත් වෙන්නේ මට උන දේම වෙන්න පුළුවන්. සමහර විට තිළිණි විස්තර දන්නවා ඇති. හෙට ආවම එයාලගෙන් අහන්න ඕනි. මම වගේ අවුරුද්දක්ම ආදරේ කලොත් එයාට දැනෙන දුක වැඩි වෙයි. මාස හයක් නිසා තවත් කල් යන් දෙන්න හොඳනෑ. ඒත් එයා මම කියන දෙයක් විශ්වාස කරන එකක් නෑ. එයා හිතයි මම එයාගෙන් දිනේශ් උදුරගන්න එහෙම කියනවා කියා. සාක්ශි නැතිව එහෙම කීවාට පලක් නෑ. මට  මගේ ෆොටෝ ඇල්බම් එකේ දිනේශ්ගෙයි මගෙයි ෆොටෝ තියන නිසා නොබලාම පුච්චන්න හිතා හිටියත් ‍මෙයින් තවත් කෙනෙක් ගලවා ගන්න පුළුවන් නම්...
මම ඇල්බම් එක සීරුවෙන් පෙරලන්නට වීමි.
ක්ලාස් එකේ කෙල්ලෝ එක්ක ගත්ත පින්තූර රැසක්ම මුලින් තිබුනා. ඇත්තටම ඒ කාලේ කොච්චර ලස්සනද? ආදරයක් ගැන හිතේ හාංකවිස්සියක් නොතිබුනු කාලේ. ක්ලාස් ඉවර වෙලා කෙල්ලෝ ටික අයිස් ක්‍රීම් කන්න ගිය ෆොටෝ. කොල්ලෝ වගේ කවුරුත් නැති දවසක අඹ ගහකට ගල් ගසා අඹ කඩන් කෑ දවස. සුමීගේ ෆෝන් එකෙන් ගත්ත ඒ ෆොටෝ එක අම්මා දැක්කම කීවේ ලොකු කොල්ලෙක් වගේනේ අඹ ගහට ගල් ගහන්නේ. ගෑණු ළමයෙක් කරන වැඩද මේ කියා. ඒත් ඒ වෙලාවේ අම්මාගේ හිතේ තිබුනේ ලොකු ආදරයක් විතරයි. අම්මා මා එක්ක තිබුන බැඳීම අඩු උනේ දිනේශ් එක්ක යාළු උනාට පස්සේ. කොච්චර නම් අම්මා එපා කියන්න ඇතිද? ඒත් මම නෙවේ කියන කිසි දෙයක් සතේකට මායිම් කලේ. ඒ කියා අම්මා බනින එක ටිකක් වත් අඩු කලේ නෑ. 
ඔච්චර විශ්වාස නම් එන්න කියනවා දෙමාපියන් එක් මෙහේ. දවසක් අම්මයි අප්පච්චියි කීවත් දිනේශ් කිසිදා අපේ ගෙදර එන්නට සිතුවේ නැත. ඒ සෑම අවස්ථාවකම කීවේ ඇයි නැත්තේ "මම එන්න මග බලන් ඉන්නේ. කොහේද අම්මිට පුළුවන් දවසක තාත්තට බෑ. එයාට පුළුවන් දවසට අම්මිට බෑ. ඉක්මනට දෙන්නත් එක්කම එන්නම් කෙල්ලේ. ඔයා බය වෙන්න එපා. මම අනිවාර්යයෙන් එනවා. ඒත් අම්මියි තාත්තයි නැතිව පළවෙනි පාර එන එක හරි මදිනේ." මට ඒ වදන් ඇත්තම ඇත්ත විය. ඔහු කොතරම් කපටියෙක්ද? අහිංසක මගේ හිත කොතරම් මේ ආකාරයට රවටන්න ඇතිද? අම්මිට පෙන්නන්න කියා මගේ ෆොටෝ එකක් අරන් ගියා. පසුදා එය ගෙනත් දී කිවේ "අම්මා කීවා කොහෙන්ද මේ කුමාරිකාව හොයාගත්තේ. මගේ පුතා වාසනාවන්තයා" ඕවා අමූලික බොරු වෙන් ඇති. ඕනිනම් යාළුවන්ට පෙන්වලා කොහොමද මගේ වැඩ කියන්න ඇති. මම අපි දෙන්නගේ ෆොටෝ එක යාළුවන්ට පෙන්වලා ආඩමිබරෙන් කලා කළා වගේ. ඒත් අද.......
නැවත හෙමින් පිටු පෙරලන්නට ගතිමි. මගේ මතකයෙන් ඈතටම ගිය සමහර කෙල්ලෝ .. අනේ මං මේ බොරු කාරයෙක් හින්දා උඹලා හැම දෙනාම අමතක කලා නේද? උඹලා මට සමාව දෙනවද? උඹලා තමා ඒ දවස්වල මට තිබුන ලොකුම සම්පත්. ඒත් අම්මා අප්පච්චි කවදාවත් උඹලා එක් ඉන්නවාට වචනයකින් විරුද්ධ වෙලා නෑ. උඹලා අපේ ගෙදර ආ නිසා ඒ දෙන්නා හොඳටම දන්නවා උඹලා හොඳ කෙල්ලෝ කියා. අම්මලා කැමති උනේ නැත්තේ වරුණි එක්ක ආශ්‍රයට විතරයි. කොහොමත් එයා වැඩි කාලයක් අපිත් එක්ක හිටියෙත් නෑනේ. 
ක්ලාස් එකේ අන්තිම දවසේ පාටියේ ෆොටෝ ටික තාමත් එලෙසම තියනවා. එදා තරම් සන්තෝස වෙච්ච දවසක් මට මතක නැතිව ඇති. දිනේශ් හමු වූ පසු මම සතුටින් කීවාට හිතේ යට මොකක්දෝ බයක් තිබුනා. මෙයා කවදා හරි මාව දාල යයිද? අනික මම නේ ඉස්සර උනේ. මුලින් එයා ට්‍රයි කලේ වරුණිට. ඒත් මේ වගේ හැන්ඩි කොල්ලෙක් අතාහරින්නේ කොහොමද? මගේ මෝඩ හිත ඉස්සර උනා වැඩියි. අපි කොච්චර ඉගෙන ගත්තත් සමාජය ආශ්‍රය කලත් ආදරේ එක්ක කෙල්ලෝ මොඩයි කියා කොල්ලෝ කියන්නේ මේ නිසා වෙන්න ඇති. නැති නම් අපිට හිතුන කොල්ලා කොහොම හරි අයිති කරගන්න හදන්නේ? එදා පාටිය දවසේ නම් මම මේ දිනේශ් හමුවුනාට පසුව සතුටු උනාට වඩා සතුටු උනා කීවේ එදා අපි සමුගන්නා දවස උනත් හිතේ දුකක් මිස බරක් නොතිබුන නිසා. ඒත් දිනේශ් ඔයා මගේ අසරණ හිතට හැමදාම බරක් උනා. මගේ ගැන හිතේ නොතිබුන ඔයාට මම ආදරේ කරන් උත්සාහ කළ එක වරදක් වෙන්න ඇති. ඒත් දෙය්යනේ ඇයි ඔයා මට කැමති නැතිනම් ඒක නොකියා මෙච්චර කාලයක් ලංවෙලා හිටියේ........
හ්ම්ම්ම්
අන්තිමමේ එක පින්තූරයක් ලඟ මම නැවතුනා....
--මීළඟ කොටසින් හමුවෙමු--

21 comments:

  1. අපොයි ආයම අර අහිංසක ගෑනු ලමයව දිනේශ් ලඟට අරිනවා එහෙම නෙමෙයි.

    ශානක වගේ හොඳ කොල්ලෝ ඉන්න එක කොච්චර හොඳද නේද?...:D:D:D

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තටම මොකක්දෝ හුරු ගතියක් දැනෙනවා මේ කතාව කියවනකොට

    ReplyDelete
  3. මම හිතුවේ කතානායකයා කොල්ලෙක් කියලා.. මේ කොටස කියෙවුවම තමා හරි ට්‍රැක් එකට වැටුනේ..

    ReplyDelete
  4. හයියො,, මමත් හිතාගෙන හිටියා කථා නායකයා කොල්ලෙක් කියලා. කොල්ලො ඔහොම්මමයි :D

    ReplyDelete
  5. ඔය වගෙ වෙට්ට පිත්තල අයියලා ඕනෙ තරම් ඉන්නවා... මෝඩ කෙල්ලො ඉතින් වචනවලට රැවටෙනවනෙ......

    ReplyDelete
  6. මම හිතපු විදිය හරි. කතා නායකය කෙල්ලෙක්...ඒක මම 2වෙනි කොටසෙදි කිව්වා..

    ReplyDelete
  7. කොල්ලො කියන ජාතියේ ප්‍රධාන අංග ලක්ෂණයක් තමා ඕක

    ReplyDelete
  8. ශානකත් අභීත වගේ කොල්ලෙක් වෙන්න ඇති.. එහෙම උන් හරි අඩුයි තමයි මේ ලෝකේ...

    ReplyDelete
  9. @අභීත,

    අපොයිද කියන්නේ?...:D:D:D

    ReplyDelete
  10. හිත නැවතුනේ මෙයා ගැන හිතාන උන්නු අහිංසක කොල්ලෙක් ළඟද....... ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න....... :DDDDDD

    ReplyDelete
  11. දැන් ඔය පින්තූරෙ මොකක්ද කියන්නකො බලන්න.

    ReplyDelete
  12. හදවතෙ ලස්සන දකින්න, විදින්න බැරි කෙල්ලො / කොල්ලො දෙගොල්ලටම හිතන්න ගැඹුරු යමක් තියනවා මෙ කාතාව ඇතුලෙ ...
    …කාතාවෙ දිග හැරුම අගෙයි.. ලියාගෙන යමු ලොකු අයියෙ .... :) ( මට හීනියට හිනාවකුත් යනව ඔය අස්සෙම :D )

    ReplyDelete
  13. @ පොඩ්ඩි
    අපොයි නෑ. චාරු පවුනේ. අපි එයාව ආයේ දිනේශ් ළඟට යවන්නේ නැතිව ඉමු නේද?
    අපි අවට හොඳ නරක දෙකම පිරිල තියනවා පොඩ්ඩියේ. ඒවා තෝරා බේරා ගන්න එක අපි අපේ බුද්ධිමට්ටම අනුව කළ යුතුයි නේද?

    ReplyDelete
  14. @ ශානු
    මොකක්ද හුරු ගතියක් කීවේ. එක් වරක් හෝ ආදරයෙන් පැරදුනු කාගේත් සිත් වල උපදින්නේ මේ හැඟීම් තමා. ඒවාට ගැහැණු පිරිමි කියා භේදයක් නෑ...

    ReplyDelete
  15. @ සෝරෝ
    සෝරෝ හරි. මම පළවෙනි කොටම පුරාම කරන්න උත්සාහ කලෙත් කතා නායකයා කොල්ලෙක් කියන හැඟීම කියවන්නන් තුල ඇති කරන්න උත්සාහ කිරීමයි. මට අවශ්‍ය වූයේ දෙවෙනි කොටසේ අවසානයේ එක් වාක්‍යකින් එය වෙනස් කරන්න. සිතූදේ වෙලා නේද?..:DDD

    ReplyDelete
  16. @ හරී - පිණිපළස
    //කොල්ලෝ ඔහොමමයි//
    එහෙනම් කෙල්ලෝ කොහොමද?
    මම දවසක ඒ ගැනත් කියන්නම්...:DDD

    ReplyDelete
  17. @ දිල්
    කොල්ලෝ විතරක් නෙවෙයි. කොල්ලන් රවටා ගන්නා කෙල්ලොත් ඉන්නවා. එක් පාර්ශවයකට පමණක් මම නම් කිසිදාක ඇඟිල්ල දික් කරන්නේ නෑ.
    දිල් ගේ අනුමානය හරියටම හරි. කෙල්ලෙක් තමා කතා නායිකාව..

    ReplyDelete
  18. @ අභීත
    අභීතත් ශානක වගේ වෙන්න හිතන් ඉන්නවානම් කොච්චර ශෝක්ද..:DDD
    ස්තූතියි මේ පැත්තට ආවාටත්...

    ReplyDelete
  19. @ හා පැටික්කි (MS)
    හා පැටික්කිට කතාවේ ඉිතිරිය ලියන්න දුන්න නම් හොඳයි වගේ..:DDD
    මම ලියනවාට වඩා හොඳට ලියයි වගේ...

    ReplyDelete
  20. @ Praසන්ன
    ඔන්න පින්තූරේ මොකක්ද කියල කීවා. ස්තූතියි ප්‍රසන්නටත්....

    ReplyDelete
  21. @ සිරි කොලුවා
    සිරි කොලුවාට නම් මෙයින් යමක් ගන්න පුළුවන් බවක් දැනිල තියෙන්නේ. මල්ලි කියන කතාව ඇත්ත. මේ හැම දේම දෙපැත්තටම බර කරල හිතන්න පුළුවන්.
    මොකද හීනියට හිනාවක් ගියේ. හයියෙන්ම හිනා වෙන්නකෝ..:DDD

    ReplyDelete