Monday, August 22, 2011

Computer Hardware පාඩම 07 .... (Microprocessor)

පරිගනකයක් ගැන කියන්න ගියාම බොහෝ දෙනෙක් අහන දෙයක් තමා ස්පීඩ් එක කීයද කියන එක. ඒ අතරින් සුළු පිරිසක් අහනවා මොකක්ද CPU ස්පීඩ් එක කියා. ඇත්තටම මොකක්ද මේ ස්පීඩ් එක කියන්නේ. මොකක්ද මේ CPU එක කියන්නේ. මෙය කොහේද තියෙන්නේ?
ඔව් අද අපි කතා කරන්න යන්නේ පරිගනකයක මොළය ගැනයි. මෙය තමා වැදගත්ම කොටස. මෙය තමා පරිගනකයේ අංක එක. එනම් මධ්‍යම සැකසුම් ඒකකය හෙවත් Central Processing Unit (CPU) එක ගැනයි.
මොකක්ද මේ Microprocessor එකක් කියන්නේ.
 Microprocessor යනු ඉලෙක්ට්‍රෝනික උපාංගයකි. එය සංගෘහිත පරිපථයක් හෙවත් integrated circuit එකක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. එනම් එය තුල සම්පූර්ණ පරිපථයක් අන්තර්ගතව ඇත. සරලව විස්තර කරනවානම් කුඩා ට්‍රාන්සිස්ටර් මිලියන ගණනක් මේ හතරැස් අඟලකටත් අඩු උපාංගය තුල අන්තර්ගතය. එය බහු කාර්යය, ක්‍රමලේඛනය කළ හැකි (Programmable) රෙජිස්ටර මෙමරි ඇතුලත් උපාංගයකි. ඩිජිටල් දත්ත ලබාගෙන ඒවා ලබා දෙන උපදෙස් අනුව සකස් කර ප්‍රතිදානයක් (Out put) ලෙස අපට ලබාදේ. මෙම විධාන ප්‍රධාන මෙමරියේ ගබඩා කෙරේ.
දැන් අපි බලමු Processor වර්ග හා ඒවායේ විකාශනය කෙටියෙන්.
Vacuum tube මුල්ම පරම්පරාවේ පරිගනක වල භාවිතා විය.
ඉන්පසුව භාවිතයට පැමිණියේ ට්‍රාන්සිස්ටරයයි
මුල්ම මයික්‍රෝප්‍රොසෙසරය ලෙස Intel 4004 භාවිතයට පැමිණෙන්නේ 1971 දී. එය DIP වර්ගයේ සොකට් එකක් සඳහා නිර්මාණය වන්නක්.

මින් පසුව විවිධ ආකාරයේ Microprocessors භාවිතයට පැමිණි අතර ඒවා එකින් එක විස්තර කිරීම තවත් පාඩමක් ප්‍රමාද වීමට හේතු වන කාරණයකි. තවද සොකට් ගැන පාඩමේදී මම Processors ගැන විස්තරයක්ද කර ඇති නිසා නැවත ඒ පාඩම බලන්න මෙතනින්. (අවශ්‍යනම් පමණක්)

Processor එකක් ක්‍රියා කරන්නේ ඊට ගැලපෙන mother board එකක් මත පමණි. එය ක්‍රියා කිරීමට නිසි වෝල්ටීයතාවයක්, එහි FSB (Front side bus) සමග ගැලපීම අනිවාර්යය වේ. එනම් අප mother board එකක් මිළදීගන්නා විට එහි නිශ්පාදකයා එයට ගැලපෙන processor ගැන එහි උපදෙස් පොතේ පැහැදිලිව සඳහන් කර ඇත.
මීට අමතරව Processor සම්බන්ධයෙන් කිවයුතුම කරුණක් ඇත. එනම් දැනට භාවිතයේ ඇති සෑම Processor එකක්ම ක්‍රියාකිරීමේදී අධික ලෙස රත්වීමට ලක්වේ. ඒ නිසා නිසි පරිදි නිශ්පාදකයා නියම කරන ආකාරයේම සිසිලන පංකාවක් යෙදිය යුතුමය. Intel Processor සඳහා ඔවුන් විසින් සපයනු ලබන පංකාව තරම් වෙනත් ඒවා සුදුසු නැත.
මීට අමතරව අද කියන්න යන්නේ මේ දිනවල බහුලව භාවිතා වන Processor කීපයක් නම් කරන්නයි.
Intel
Intel Processor ලොව පුරාම ඉතා ජනප්‍රිය මෙන්ම බහුලවම භාවිතයේ ඇති Processor වර්ගය වේ.
Intel Pentium, Intel Core හා Intel Core i වර්ගයන් දැනට භාවිතයේ පවතී. මේවායින් නිශ්පාදන තත්වයේ ඇත්තේ  Intel Core i  processors ය.
මේ Intel Pentium  processor එකකි.
මේවා දැනට භාවිතයේ ඇත.
මේ  Intel Core වර්ගයේ processor එකකි.
මේවාද භාවිතයේ ඇත.
මේ  Intel Core  i7 වර්ගයේ processor එකකි.
මේවා දැනට ඇති අළුත්ම ඒවායි. Core i 3, Core i5, Core i7 බහුලවම භාවිතයේ ඇත. මේවායේ දෙවන පරම්පරාව (2nd Generation) දැනට නිකුත්වී වෙළඳපොලේ ඇත.

AMD  processors.
AMD වර්ගයේ  processors ගණනාවක් දැනට භාවිතයේ ඇත.  Intel වලට සාපේක්‍ෂව මේවාට ඇති ප්‍රධාන චෝදනාව අධික ලෙස රත්වීමයි. එහෙත් ශිත පරිසරයක මේවා වඩා කාර්යක්‍ෂම බව බහුතර මතයයි.
මේ AMD Phenom™ II වර්ගයේ processor එකකි

මේ AMD AMD Sempron වර්ගයේ processor එකකි
මේ බොහෝ ජනප්‍රිය AMD Athlon X2 වර්ගයේ processor එකකි

තවත් processors ගණනාවක් ඇතත් සියල්ල කියන්න ඉඩක් නෑ. වැදගත්ම දෙය නම් processor එක යනු පරිගනකයේ මොළයයි. අප ඇතුල් කරන සියලු දත්ත (Data) සකස් කර ඒවා අපිට භාවිතයට ගත හැකි තොරතුරු (Information) බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය ඉටු කරන්නේ processor එක මගිනි.
නැවතිලාම වගේ තිබූ හාඩ්වෙයාර් පාඩම යලි පටන් ගත්තා. මීළඟ ලිපියෙන් හමුවෙමු.
සුභ දවසක්..!!!

17 comments:

  1. ඔය වැකියුම් ටියුබ් රත්වෙන තරං දැන් තියෙන ප්‍රොසෙසෙර් රත් වෙන්නෙ නෑ නේද :D
    ඊගාව පාඩමත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
  2. සර් මේ සින්දු යනකොට පාඩම අහගන ඉන්ට බෑ අනේ. පොඩ්ඩක් ඉන්ට මේ අයෙත් කියවනවා.

    අපට නම් බෑ පරන පාඩම් ආපහු බලන්ට....:)

    හොඳ පාඩමක්. මේ සිංහල වචන තේරෙන්නේ නැති එක නම් ලොකුම ප්‍රශ්නයක්....ඒ උනාට සර් ෂෝයි....අපට ගහන්නේ නෑනේ...:D

    ReplyDelete
  3. http://priyantha-ab.blogspot.com/2010/12/01.html

    ඔන්න ප්‍රියන්ත අයියා ඔය දාලා තියන උඩ ලින්ක් එකෙන් නම් මට වැඩක් ගන්න පුලුවන් හෙට අනිද්දට ......

    ඔයාගේ හාඩ්වෙයාර් පාඩමේ වටිනාකම නම් කියල නිම කරන්න බැහැ ......

    ReplyDelete
  4. නියමයි අයියේ! නොදන්න දේවල් දැනගත්තා ගොඩක්. ඊළඟ එකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  5. කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ.. හොඳා හොඳා.. ඊළඟ පාඩම කවදද ඉතින්

    ReplyDelete
  6. සෑර් එලකිරි සෑර්

    ReplyDelete
  7. එලම කිරි පාඩම මම කොහොමත් ආස පේ ප්‍රොසෙසර් ගැන දැන ගන්න තමයි .. මගේ සිහිනය තමයි අයි7 එකක් මුලින්ම මම ඉන්න පලාතට ගේන එක ..

    ReplyDelete
  8. නැවත පාඩම පටන්ගැනීම සම්බන්දව මගේ බලවත් සතුට පුකෂකර සිටිමි.

    ReplyDelete
  9. @ Praසන්ன
    මට ඒ ගැන නම් හරියටම අදහසක් නෑ ප්‍රසන්න. හරියටම කියනවානම් වැකියුම් ටියුබ් ගණනාවක කාර්යය කමා ප්‍රොෙසසර් එකකින් කෙරෙන්නේ. එලෙස සැලකූවිට නම් ඒ සියල්ලෙන් නිකුත්වන තාපය ගත්විට ප්‍රොසෙසර් එකකින් නිකුත් වන තාප ප්‍රමාණය නොසලකන්න පුළුවන් තමා. නමුත් එක් ටියුබ් එකක් රත්වන ප්‍රමාණය හා එක් ප්‍රොසෙසර් එකක තාප නිකුත් කිරීම ගැන කියන්න දන්නේ නෑ.
    ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  10. @ පොඩ්ඩි
    මම බස් රේඩියෝව බ්ලොග් එකෙන් අහන්න සැලැස්වූවා. ඒකයි සින්දු යන්නේ. කියවන්න කරදර නම් මම එය ඉවත් කරන්නම්. දවස් කීපයකට දැම්මේ පොඩි අත්හදාබැලීමකට.
    ඔව් මේ පාඩමට එන අයට ගහන්නේ නෑ. මම සැර නෑනේ. ආදරෙන් පාඩම් කියල දෙන්නේ...:D :D

    ReplyDelete
  11. @ පන්සල් හංදිය
    කල්හාර සීලිමක් ගහන්න වගෙයි සූදානම...
    ස්තූතියි කල්හාර ප්‍රතිචාරයටත්....

    ReplyDelete
  12. @ ලහිරු
    ඔව් ලහිරු මේක ලියන්න ගොඩක් අතපසු උනා. ඉදිරියේදී ප්‍රමාදයක් නැතිව ඉක්මනින් ලියන්න බලන්නම්. ස්තූතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  13. @ සුදු හංසි
    ඔව් සුද්දියේ. සෑහෙන දවසකින් ලියන්න බැරි උනා. යන්තම් ඔන්න පොස්ට් එකක් දැම්මා. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  14. @ ItalyDilan
    මේ ගෝලයෝ ඇවිත් ඉන්නේ. සතුටුයි සතුටුයි.....:D D D

    ReplyDelete
  15. @ හිස් අහස
    i7 තාම නම් මිළ ටිකක් වැඩියි නේද. ගේන එකේ සෙකන්ඩ් ජෙනරේෂන් එකක්ම ගේන්න සඳරූ. සඳරූගේ සිහිනය ඉටුවෙන්න කියා මාත් සුභ පතන්නම්..

    ReplyDelete
  16. @ රතු මුහුද
    ඔව් මේක ගොඩක් කල් ප්‍රමාද උනා. ඉදිරියේදී ඉකිමනින් පාඩම් ටිකක් දෙන්න තමා අදහස් කරන්නේ. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  17. ඉස්සර ඔය වැකියුම් ටියුබ් වල ප්‍රශ්න ආවලු ඒව අස්සට කුරුමිණියො එහෙම රිංගුවම. DEBUG කියන වචනෙ ආවෙ ඇත්ත කුරුමිණියො අයින් කරපු එකෙන්ලු

    ReplyDelete