කලින් දවසේ අපි Computer Hardware පාඩමෙන් කතා කලේ Mother board ගැනයි. මෙහි ලිපි කීපයක්ම පළ වෙනවා. මේ එහි දෙවන පෝස්ට් එකයි. කලින් එක කියවා නැතිනම් මෙතනින් ගිහින් කියවලාම එන්න.
අද කතා කරන්න යන්නේ Processor socket එක ගැනයි. කාලයත් සමග Processor එක වෙනස් වූ නිසා සොකට් එකත් ඒ සමග වෙනස් වූවා.
Dual in-line package (DIP)
මෙය මුල්ම Processor socket එකයි. වැඩි විස්තර අවශ්‍ය නෑ රූපය පමණක් බලන්න.
මෙම Processor හා Processor socket වර්ථමානයේ භාවිතාවන IC එකකට සමානයි. 1970 පමණ හඳුන්වා දුන් මෙය පින් 40ක සොකට් එකකි.
Plastic leaded chip carrier (PLCC)
පින් 68 සිට 132 දක්වා වූ මෙය මීළඟ Processor socket එකයි. දැනටත් CMOS සඳහා මෙවැන්නක් භාවිතා කරයි. රූපය බලන්න.
Socket 01
1989 මුල් වරට හඳුන්වාදුන් මෙය පින් 169 සොකට් එකකි. 16 සිට 33 MHz 486 SX, 486 DX, 486 DX2 සහ 486 OverDrive processors සඳහා මෙම සොකට් එක භාවිතා කරන ලදී. 5-volt processors සඳහා සහය දක්වයි. මෙය PGA (Pin Grid Array) සොකට් එකකි
Socket 02
පින් 238 කින් යුත් මෙම සොකට් එක භාවිතා වූයේ 5-volt, 25 සිට 50 MHz 486 SX, 486 DX, 486 DX2, 486 DX4, 486 OverDrive සහ 63 හෝ 83 MHz Pentium OverDrive processors සඳහායි. මෙය PGA (Pin Grid Array) සොකට් එකකි
රූපය බලන්න. මෙය විකිපීඩියා අඩවියෙන් ගත් රූපයකි.
Socket 03
1991 හඳුන්වා දුන් මෙය පින් 237ක සොකට් එකක් වන මෙය 3.3 Vසහ 5 V, 25–50 MHz Intel 486 SX, 486 DX, 486 DX2, 486 DX4, 486 OverDrive සහ Pentium OverDrive processors සඳහා සහය දක්වයි. තවද AMD Am486 හා Am5x86 processors සඳහාද සහය වේ. මෙය PGA (Pin Grid Array) සොකට් එකකි
Socket 4
Pin 273 සොකට් එකකි. මෙය PGA (Pin Grid Array) සොකට් එකකි. 1993 හඳුන්වාදුන් මෙය P5 Pentium processors සඳහා යොදාගනී. 5-volt සහාය දක්වන මෙය Pentium OverDrive processors සඳහා සහාය නොදක්වයි. රූපය විකිපීඩියාවෙනි.
Socket 5
Pin 320 කින් යුත් මෙය processors ගණනාවකට සහාය දක්වයි. ඒවා නම්, Intel P5 Pentium (75 - 133 MHz), Intel Pentium Overdrive (125 - 166 MHz),AMD K5 (PR75 - PR200), IDT WinChip (180 - 200 MHz), IDT WinChip-2 (200 - 240 MHz), IDT WinChip-2a (233 MHz) මෙය Socket මගින් ප්‍රතිස්ථාපනය (Replace) කරන ලදී. රූපය විකිපීඩියාවෙනි.
Socket 6
Intel 486 සඳහා නිපදවා ඇති 235 Pin සොකට් එකකි. මෙයත් PGA පැකේජයේ සොකට් එකකි. 3.3V Socket එකකි. රූපය ගත් තැන එහි ඇත.
Socket 7
1994 දී හඳුන්වා දුන් මෙය බොහෝ ප්‍රචලිත Socket එකකි. Pin 321 කි. 2.5 සිට 3.5V දක්වා සහය දක්වයි. 75–233 MHz Intel P5 Pentium, AMD K5 සිට K6 දක්වා, Cyrix 6x86 (සහ 6x86MX) P120–P233 processors සඳහා සහය දක්වයි. මෙය SPGA පැකේජයට අයත්ය.
Supper Socket 7
මෙය AMD සඳහා යොදා ගැනේ. AMD K6-2 (300 MHz – 550 MHz), AMD K6-III, AMD K6-2+, AMD K6-III+, Cyrix MII (PR366/250 MHz – PR433/300 MHz), IDT WinChip 2 (200 MHz – 250 MHz) සඳහා සහය දක්වයි. Pin 321 කි. 2.0 සිට 2.4V දක්වා සහය දක්වයි.
Socket 8
1995 හඳුන්වාදුන් මෙය Pin 387 සොකට් එකකි. Pentium Pro, Pentium II OverDrive සඳහා සහය දක්වයි. 3.1 හෝ 3.3V සඳහා සහායවේ. FSB frequency 60–66MHz වේ.
Slot 1 හා Slot 2
1997 Slot 1 හඳුන්වා දුන් අතර 1998 Slot 2 හඳුන්වා දෙන ලදී. Slot 1 සම්බන්ධතා (Contacts) 242 සහිත වන අතර 1.3V සිට 3.50V දක්වා සහාය දක්වයි. Pentium II: 233–450 MHz, Celeron: 266–433 MHz, Pentium III: 450–1.133 GHz යන processrs හා Celeron and Pentium III to 1,400 MHz, VIA Cyrix III: 350–733 MHz, VIA C3: 733–1,200 MHz සඳහා සහාය දක්වයි.
Slot 2 Intel Pentium II Xeon (400-450 MHz), Intel Pentium III Xeon (500-1000 MHz) සඳහා සහයවේ. 1.3V සිට 3.3V දක්වා සහාය දක්වයි.
Slot A
1998 AMD Athlon සඳහා හඳුන්වා දෙන ලදී. Contacts 242 කි. 1.3 - 2.05 V අතර ක්‍රියාකරයි. AMD Athlon (500-1000 MHz) සඳහා සහය දක්වයි.
Socket 370
1999 හඳුන්වා දුන් මෙය බොහෝ කලක් භාවිතා වූ අතර contacts 370 කින් යුත් සොකට් එකකි. සහය දක්වන processors වන්නේ.
Intel Celeron Mendocino (PPGA, 300–533 MHz, 2.0 V)
Intel Celeron Coppermine (FC-PGA, 533–1100 MHz, 1.5–1.75 V)
Intel Celeron Tualatin (FC-PGA2, 900–1400 MHz, 1.475–1.5 V)
Intel Pentium III Coppermine (FC-PGA, 500–1133 MHz, 1.6–1.75 V)
Intel Pentium III Tualatin (FC-PGA2, 1000–1400 MHz, 1.45–1.5 V)
VIA Cyrix III/C3 (500–1200 MHz, 1.35–2.0 V)
මෙහි FSB 66, 100 and 133 MHz වේ. PGA වර්ගයේ සොකට් එකක් වන අතර 1.05 - 2.1V දක්වා ක්‍රියා කරයි.
Socket 462/Socket A
2000 දී හඳුන්වා දුන් මෙය contact 462 කින් යුත් සොකට් එකකි. AMD processors සඳහාම නිපදවා ඇත. සහය දක්වන processors වන්නේ.
AMD Athlon
AMD Duron
AMD Athlon XP
AMD Athlon XP-M
AMD Athlon MP
AMD Sempron
FSB frequency 200 MT/s, 266 MT/s, 333 MT/s, 400 MT/s වන අතර 1.0 සිට 2.05V දක්වා ක්‍රියා කරයි. මෙයද PGA package processor එකකි.
Socket 423
වසර 2000 දී හඳුනවා දුන් මෙය PGA 423Pin processor එකකි. Intel Pentium 4 processors සඳහාම නිපදවා ඇත. 1.3GHz සිට 2.0GHz දක්වා Willamette core Intel Pentium 4 සඳහා සහය දක්වයි. 1.0 - 1.85 V අතර ක්‍රියා කරයි. FSB frequency 400 MT/s වේ.
Socket 478/Socket N
වසර 2000 දී හඳුනවා දුන් මෙය PGA 478 Pin processor එකකි. Intel Pentium 4 processors සඳහාම නිපදවා ඇත. 1.3GHz සිට 3.4GHz දක්වා Northwood core processors, Willamette-series processors, Prescott Pentium 4 සඳහා සහය දක්වයි. සහය දක්වන processors වන්නේ (දෝෂයක් පෙන්වා දුන් peace ට ස්තුතිය)
Intel Pentium 4 (1.4 - 3.4 GHz)
Intel Celeron (1.7 - 2.8 GHz)
Celeron D (2.13 - 3.2 GHz)
Intel Pentium 4 Extreme Edition (3.2, 3.4 GHz)
FSB frequency 400 MT/s, 533 MT/s, 800 MT/s වේ.
Socket 495
Intel Celeron mobile processors සඳහා යොදාගත් සොකට් එකයි. PGA 495 contact සහිතවේ.
Socket 754
2003 දී හඳුන්වා දුන් මෙය AMD processors සඳහා සැකසූ එකකි. Contact 754 සහිත මෙය PGA වන අතර 0.8 - 1.55 V අතර ක්‍රියා කරයි. FSB 200MHz - 800MHz අතර වේ. සහය දක්වන Processors වන්නේ,
AMD Athlon 64 (2800+ - 3700+)
AMD Sempron (2500+ - 3400+)
AMD Turion 64 (ML සහ MT)
AMD Mobile Athlon 64 (2800+ - 4000+)
Socket 940
2003 දී හඳුන්වා දුන් මෙයද AMD processors සඳහා සැකසූ එකකි. Contact 940 සහිත මෙය PGA වන අතර 0.8 - 1.55 V අතර ක්‍රියා කරයි. FSB frequency 200 MHz System clock හා 800/1000 MHz HyperTransport link වේ. සහය දක්වන Processors වන්නේ AMD Athlon 64 FX හා AMD Opteron ය.
Socket 479
2004 දී හඳුනවා දුන් මෙය Mobile processor එකකි. සොකට් එකේ contact 479 කි. එහෙත් ප්‍රොසෙසරයේ ඇත්තේ පින් 478කි. Intel Pentium M, Intel Celeron M සඳහා යොදාගනී. FSB 400 MT/s, 533 MT/s වේ.
Socket 939
2004 හඳුන්වා දුන් මෙම සොකට් එක AMD processors සඳහා යොදාගැනේ. 0.8 - 1.55 V අතර ක්‍රියා කරන මෙය FSB 200 MHz System clock හා 1000 MHz HyperTransport link අතරවේ. සහාය දක්වන processors වන්නේ,
AMD Athlon 64 (3000+ - 4000+)
AMD Athlon 64 FX (51 - 60)
AMD Athlon 64 X2 (3600+ - 4800+)
Some AMD Opteron 1xx series
Some Sempron 3x00+ (Step E3, E6)
LGA 775/Socket T
2004 දී හඳුන්වාදුන් මෙයත් Intel processors සඳහා සහාය දක්වයි. contact 775කි. LGA වර්ගයේ සොකට් එකකි. FSB 133 MHz (533 MT/s), 200 MHz (800 MT/s), 266 MHz (1066 MT/s), 333 MHz (1333 MT/s), 400 MHz (1600 MT/s) සහාය දක්වයි. සහාය දක්වන Processrs වන්නේ,
Intel Pentium 4 (2.60 - 3.80 GHz)
Intel Celeron D (2.53 - 3.60 GHz )
Intel Pentium 4 Extreme Edition (3.20 - 3.73 GHz)
Intel Pentium D (2.66 - 3.60 GHz)
Pentium Extreme Edition (3.20 - 3.73 GHz)
Pentium Dual-Core (1.40 - 3.33 GHz)
Intel Core 2 Duo (1.60 - 3.33 GHz)
Intel Core 2 Extreme (2.66 - 3.20 GHz)
Intel Core 2 Quad (2.33 - 3.00 GHz)
Intel Xeon (1.86-3.40 GHz)
Intel Celeron (1.60 - 2.40 GHz)
Socket 563
Athlon XP-M processors සඳහා යොදාගනී. Contact 563 කි.
Socket S1
Mobile processor එකකි. FSB 800 MHz වේ. සහය දක්වන්නේ Athlon 64 X2; Turion 64 X2; Mobile Sempron; Turion 64 සඳහාය.
Socket AM2
2006 දී හඳුන්වා දුන් මෙය Contacts 940 යුත් PGA සොකට් එකකි. FSB 200 MHz System clock, 1 GHz HyperTransport 2.0 අතර ක්‍රියාකරයි සහය දක්වන Processors වන්නේ,
Athlon 64, Athlon 64 X2, Athlon 64 FX, Opteron, Sempron, Phenom ය.
Socket AM2+ ද මේ හා සමානය.
Socket F
2006 දී හඳුන්වාදුන් මෙම සොකට් එක Contacts 1207 කින් යුක්තය. සහය දක්වන්නේ Opteron 2xxx, 8xxx series, Athlon 64 FX FX-7x series සඳහාය.
Socket P
මොබයිල් සොකට් එකකි. Intel සඳහා සහය දක්වයි. කන්ටැක්ට් 478 වේ.
Socket 441
Intel Atom Processors සඳහා භාවිතා වන්නේ මෙම සොකට් එකයි. මෙහි FSB 400 MT/s, 533 MT/s අතර වන අතර Contacts 441 සහිතයි. හඳුන්වා දී ඇත්තේ 2008 දීය.
LGA 1366/Socket B
2008 හඳුන්වාදුන් මෙම සොකට් එක කන්ටැක්ට් 1366කින් යුතුය. වර්ථමානයේ බහුලව භාවිතා වන එකකි. LGA පැකේජයේ සොකට් එකකි. High end හා performance පරිගනක සඳහා යොදාගැනේ. සහය දක්වන processors වන්නේ,
Intel Core i7 (9xx series), Intel Xeon (35xx, 36xx,55xx, 56xx series), Intel Celeron P1053 යන ඒවායි.
Socket AM3
2009 දී හඳුන්වා දුන් මෙය AMD සඳහා භාවිතා වේ. Contacts 941 (Socket) හා 938 (CPU) ක් වනසේ ඇත. මෙයද PGA Package socket එකකි. වර්ථමානයේ භාවිතා වන සොකට් එකකි. සහාය දක්වන Processors වන්නේ,
Phenom II (AM3 models පමණි), Athlon II, Sempron, Opteron 138x
LGA 1156/Socket H
2009 දී හඳුන්වාදුන් මෙය වර්තමානයේ බහුලවම භාවිතා වන සොකට් එකකි. Contacts 1156 කින් යුතුවේ. LGA Socket එකක් වන මෙය සහය දක්වන Processors වන්නේ,
Intel Celeron, Intel Core i3, Intel Core i5, Intel Core i7, Intel Pentium, Intel Xeon යන ඒවා වේ.
මෙයට අමතරව Server Processor socket ගණනාවක් ඇතත් ඒවා පිළිබඳව මම සඳහන් කර නොමැත. අද නම් පොස්ට් එක ගොඩක් දිගයි වගේ. එහෙත් දැන් අපි මේ සොකට් සියල්ල ගැන දන්නවා. රූප නොමැති ඒවා අඩුවෙන් භාවිතා වන්නේ. නිතර භාවිතා වන සියල්ලේම රූපයක් ඇතුලත් කර ඇත. මේවා පිළිබඳව මෙම පොස්ට් එකෙන් කර ඇත්තේ හඳුන්වා දිමක් පමණි. එහෙත් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉදිරි ලිපි වලින් වැදගත් වන දැනට භාවිතා කරන ඒවා ගැන තව විස්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මීළඟ පොස්ට් එක වෙන් වන්නේ මෙමරි (Memory Slot) සඳහාය. මෙම ලිපි පෙළට අළුතින් කියවන්න ආ අය පැරණි පොස්ට් කියවා එන මෙන්න ඉල්ලමි.
සුභ දවසක්..!!!
ඡායාරූප වලින් කොටසක් මගේ වන අතර අනෙක්වා අන්තර්පාලයෙන් ලබා ගත් ඒවා බව සලකන්න.
ඉතා සරලව, හොඳින් විස්තර කරලා තියනවා. පින්තූර හන්දා තේරුම් ගන්ට ලේසී.:D
ReplyDeleteගොඩාක් ස්තූතියි ප්‍රියන්තට.
කියෙව්වා.අනිත් ලිපිය දාන්නෝ.
ReplyDeleteකියන්න වදන් නැහැ .......
ReplyDeleteඔයා හොඳ ගුරුවරයෙක් ......
කොහොම ස්තුති කරන්නද මන්ද ......
පැහැදිලිව විස්තර කරල තියෙනවා.
ReplyDeleteඊළග එකත් ලියන්න.
බුදු අම්මේ අද පෝස්ට් එකේ දිග...නියමයි ප්‍රියා...
ReplyDeleteපොස්ට් එක යටම කොමෙන්ට්ස් බොක්ස් එක දාන ලේසිම ක්‍රමේ මොකක්ද මහත්තයෝ... නාගෙන ඉන්නේ...
ReplyDeleteබුදු මල්ලියේ මේ පාඩම මම වගේ හාඩ්වෙයාර් ගැන මෙලෝ XXක් නොදන්න එකෙක්ට මාරම මාරෙට වටිනවා බන් . . ස්තූතියි ඈ . . දිගටම ලියපන් මේක
ReplyDeleteමෙලෝ XXක් = මෙලෝ හසරක්
ReplyDeleteහරි හරි බං ඕකට පැහැදිලි කිරීම් දාන්න ඕන නැහැ..අපිටත් තේරෙනවා උඹ කිව්වේ මොන XXක් ගැනද කියලා..:D
ReplyDeletesocket වලට නම් ඇව්ල්ලා තියෙන හැටි තේරුනේ දැන් තමයි
ReplyDeleteමං බැලුවා දුකා අයියාට එක X එකක් අඩුවෙන් ටයිප් වෙලාද කියලා.....හික් හික්
ReplyDeleteඔය AMD Athlon XP වලින් පස්සේ තමයි AMD අපේ රටේ මාකට් එකෙන් ගිලිහෙන්න ගත්තේ....මොකද ඒ අයගේ තිබ්බ ස්පීඩ් කේස්එක... ප්‍රොසෙසරේ ගහලා තියෙන්නේ 2GHz කියලා.. (ඒ දවස්වල වික්කේ 2ගිග් කියලා ඔය ප්‍රොසෙසරේ...) ඒත ඇත්ත ස්පීඩ් එක 1666MHz වගේ...ඔන්න ඔය නිසා තමයි අපේ රටේ මාකට් එකෙන් AMD ගිලිහුනේ...තව ඔය AMD ප්‍රොසෙසර්ස් වල පින් ඩැමේජ් වෙන්න බලනවා වැඩියි...පින් හරියට ප්‍රෙසෙසරේට හයි වෙලා නෑ...ප්‍රොසෙසරේ සොකට් එකෙන් ගලවද්දි පින් ගැපවෙනවා...තව බෝඩ් ඉක්මණට ෆේල් වෙනවා...කූලින් ෆෑන් අවුල්... අනිත් එක ඔය AMD ප්‍රොසෙසර් එක ඕවර් හීට් වෙද්දි ඔටෝ ෂට්ඩව්න් කරගන්න බෑ...ඉතිං බැරි වෙලාවත් කූලිං ෆෑන් එක අවුලක් වුනොත් ප්‍රොසෙසරේට දෙයියංගෙම පිහිටයි....දැන්නම් AMD ගැන මුකුත්ම දන්නේ නෑ...දැන් ඉතිං අපි ඉන්ටෙල් නේ....හික් හික්...
මගෙත් තියෙනවා AMD 950ක්...තාම වැඩ...හැබැයි ඉදලා හිටලා පොඩි පොඩි ලෙඩ දෙනවා....ඒත් අවුලක් නෑ...
@ පොඩ්ඩි
ReplyDeleteඅද නම් නිදහසේ කියවලා වගේ. ඒකනේ මේ දිග පොස්ට් එක උනත් තේරුනේ. ගොඩක් ස්තූතියි පොඩ්ඩියේ හැමදාම වගේ උදේම ඇවිත් කමෙන්ට් කරනවටත්. මොකද වලවුව පැත්තේ වැඩිය සද්දයක් නැත්තේ. අළුතින් දෙයක් ලියන්න අදහසක් නැතිද?
@ නදී
ReplyDeleteඉන්න පොඩ්ඩක්. තාම ඒ ලිපිය ලියනවෝ...:D
@ කල්හාර දිසානායක
ReplyDeleteඔයාල ඇවිත් කියවා දක්වන මේ ප්‍රතිචාර තමා මට දෙන ලොකුම ස්තූතිය කල්හාර. මට පුළුවන් දේ මම ඔයාලට දෙනවා.
@ Praසන්ன
ReplyDeleteලියනවා ලියනවා...:D
ඉක්මනින් දාන්නම්. ස්තුතියි ප්‍රසන්නටත්..
@ මාරයාගේ හෝරාව
ReplyDeleteපෝස්ට් එක නම් ටිකක් දිගයි තමා. ඒත් මේවා අනිවාර්යයෙන් මතක් කරන්න ඕන නිසයි දැම්මේ. නැතිනම් ඉදිරි පොස්ට් වලදී ගැටළු එන්න පුළුවන්.
@ මාතලන්
ReplyDeleteමම බ්ලොග් ලිවීම පිළිබඳව නම් විශේෂඥයෙක් නෙවෙයි. ඒත් ඇසූ පැනයට මම දන්න උත්තරේ දෙන්නම්.
පළමුව බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකට යන්න. මෙම ලින්ක් එකෙන්
http://www.blogger.com/
අවශ්‍ය බ්ලොග් එකේ Settings වලට යන්න.
ඒ යටතේ ඇති Comments වලට යන්න.
එහි Comment Form Placement යන්වෙන් ඔප්ෂන් එකක් ඇති. එයින් Embedded below post තෝරා සිලෙක්ට් කරන්න.
අවසානයේ පහලින්ම ඇති Save Settings මගින් save කරන්න.
මේ පැත්තට ආවාට ස්තූතියි මාතලන්..
@ දුකා
ReplyDeleteඅයියටත් ස්තූතියි. ඔව් මම මේ පෝස්ට් ටික දිගටම ලියනවා. අතර මගින් පොඩි වෙනසකට වෙන පොස්ට් එකක් දෙකක් ලියන්නත් හතන් ඉන්නවා. ඒත් මෙය නවත් වන්නේ නම් නෑ. අවසානයටම ලියනවා.
@ තාරක Dilsh@n
ReplyDeleteඔව් අපි බොහෝවිට සමහර දේ ගැන උනන්දු වෙනවා අඩුනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට මේවා මග හැරෙනවා. කිව්වට විශ්වාස කරන එකක් නෑ. මම දවසක් සොකට් 7 එකක කන්ටැක්ට් ගණන ගණන් කරල තියනවා. කීයක්ද නොදැන. ඒ කාලේ අන්තර් ජාලය ප්‍රචලිත නෑ. විකිපීඩියා ඇත්තෙත් නැද්ද මන්දා.
ස්තුතියි තාරක..
@ ෴ හසියා ෴
ReplyDeleteමල්ලි මේ කතාව කී නිසාම මම මේගැන කියන්නම්. ඔය Athlon micro processor ගැන ප්‍රශ්නේ ඇති කළේ අපේ වෙළඳ පොලේ ඉන්න මුදලාලිලා. මම මුදලාලි කියා කියන්නේ නිසි අවබෝධයක් නැතිව පාරිභෝගිකය මුලා කරන නිසා. AMD Athlon processors ආවේ 2GHz, 2.5GHz ආදී ලෙස නොවේ ඔයා කියන එක ගැන කියනවනම් එය හඳුන්වන්නේ Athlon XP 2000+ ලෙසයි. එය clock speed එක 1667MHz වන 256KB cache memory එකක් සහිතයි. මෙය අපේ මුදලාලිලා කීවේ 2GHz එකක්. පෙන්ටියම් වලට වඩා ලාබයි කියා. අරන් ගිහින් බෙන්ච්මාර්ක් ටෙස්ට් කර ස්පීඩ් එක නෑ කීවාම කියනවා AMD එහෙම තමා කියන ස්පීඩ් එකට අඩුවෙන් තියෙන්නේ කියා. AMD කිසියම් වෙළඳ උපායක් කලේ. නමුත් එයින් අපේ මුදලාලි වාසි ගන්න ගිය නිසා මේ දේ උනේ. AMD ශීත රටවල හොඳින් ක්‍රියාකරනවා. සිසිලනය පිළිබඳව තමා ගැටළු එන්නේ. ෆෑන් නැවතුනොත් අනිවාර්යයෙන් ප්‍රොසෙසරය හානි වෙනවා. එහෙත් හොඳ තත්වයේ මදර්බෝඩ් වල නම් එවිට සිස්ටම් එක පවර් ඉඩවුන් වෙන්න ඕන. අපේ වෙළඳ පොලේ ඇති බාල බෝඩ් වල එම ලක්‍ෂණ නෑනේ. ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට.
බොහොම වටින ලිපියක් ඔයා අදත් ලියලා තියෙන්නේ . එක එක අයගේ කැමැත්ත වෙනස් ඔයාගේ Hardware පාඩමෙන් මම කැමතිම කොටස තමයි මේක . මට කොහොමටත් මෙන්න මේ සොකට් ගැන විස්තර ඕනවෙලා තමයි තිබ්බේ .
ReplyDeleteබොහොම ස්තූතියි මේ සුපිරි ලිපියට ..
@ හිස් අහස
ReplyDeleteමම දන්නවා මේ පෝස්ට් වැඩියම ආසාවෙන් හා උනන්දුවෙන් කියවන කෙනා සඳරූ බව. මට පුළුවන් උපරිමය මම ලියන්නම්. සඳරූ ඔයාට ඕන දේ ඒවායින් ගන්න. ස්තූතියි.
ලැප් වලදි මේවා කොහොමද වෙනස් වෙන්නේ
ReplyDelete@ ItalyDilan
ReplyDeleteමුල් කාලයේනම් මදර් බෝඩ් එකටම තබා පාස්සා තිබුනා. එහෙත් පසුව ඒ සඳහා වෙනම සොකට් හඳුන්වා දුන්නා. මම මෙහි Mobile socket යනුවෙන් හඳුන්වා ඇත්තේ එවායි. උදාහරණයක් ලෙස Socket 479 බලන්න. එහි Processor එක ගැලවීමට භාවිතා කරන්නේ ඉස්කුරුප්පු නියනක් මගින් කරකවන ක්‍රමයක්. ඒ ලිවර් එකක් සවිකිරීමට තරම් ඉඩක් අපතේ යවන්න නොහැකි නිසා. මේවා ප්‍රමාණයෙන් කුඩා කර ඇත්තේද ඉඩ කඩ ඉතිරි කිරීමටයි. ස්තූතියි ඩිලාන් මේපාත්තට ආවාට..
බොහොම ස්තූතියි මචං ! ..මේ පාඩම දිගටම කරගෙන යනවා නම් මට ඒ ඇති ..
ReplyDeleteමට රැම් වර්ග ගැනත් ඕන .. පුලුවන්නම් ඒ ගැනත් දෙන්න ..
නියම පාඩම...
ReplyDeleteඅතිතය මටක් උණා...
මට මුලින්ම තිබුනෙIBM 286 ඞට් 1ක් වෙගයනම් 12MHz කොහෙද..
මට මටක් උනෙ පරන එවගෙ ජම්පර් සෙටින්ම කොච්චර තියනවද?
පුලුවන් නම් MAC ගැනත් දාන්න...
සුභ දවසක්..!!
@ සඳරූ
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඊළඟ පොස්ට් එකක රැම් ගැන ලියවෙනවා.
@ ඉංදික
ReplyDeleteමටත් මතකයි ඔය 286. මම මුලින්ම පාවිච්චි කලේ නම් පෙන්ටියම් 166MHz එකක්. MMX තිබුනෙත් නෑ. රැම් එක 16 වෙන්න ඕන.
නොදන්න දෙමළට ගිහින් වරිගේ නහගන්න හොඳ නෑ කියනවානේ MAC ගැන ලියන්න ගියත් වෙන්නේ ඒකමයි. තියන එක්ස්පීරියන්ස් මදි ඉංදික. ඒනිසා නොලියා ඉන්නම්. කොහෙන් හරි සයිට් එකකින් අරන් දාන එක මගේ ක්‍රමය නෙවේනේ. ඒ නිසා මේ විධිය හොඳයි.
නියම පාඩම...
ReplyDeleteඅතිතය මටක් උණා...
මට මුලින්ම තිබුනෙIBM 286 ඞට් 1ක් වෙගයනම් 12MHz කොහෙද..
මට මටක් උනෙ පරන එවගෙ ජම්පර් සෙටින්ම කොච්චර තියනවද?
පුලුවන් නම් MAC ගැනත් දාන්න...
සුභ දවසක්..!!
එක ඇත්ත මමත් පොඩ්ඩක් MAC ගැන ඉගෙන ගන්නව... hardware වලනම් වැඩි වෙනසක් නැ.... software ත් අල්ලගන්න අමාරුනැ.. අපි ඉතින් ඉගෙනගන්නෙ තනියමනෙ....
ReplyDeleteමටනම් පිරිසක් එක්ක සහ අවට ලොකය එක්ක ගනුදෙනු (මුදල් නෙමෙයි) කරන නිසා සහ පුරුද්දනිසා PC ම තමයි හොද..
කොහෙන්හරි අරන් දාන 1කනම් හොදමදි.. එතකොට පරිවර්තකයෙක් වෙන්නනම් පුලුවන්(හිකිස්)....
දැන් Mobile Phone වලත් Dual-Core එනව..
"Socket 478/Socket N
ReplyDelete1.3GHz සිට 2.0GHz දක්වා Northwood core processors සඳහා සහය දක්වයි. සහය දක්වන processors වන්නේ
Intel Pentium 4 (1.4 - *3.4 GHz*)
Intel Celeron (1.7 - *2.8 GHz*)
Celeron D (*2.13 - 3.2 GHz*)
Intel Pentium 4 Extreme Edition (3.2, 3.4 GHz) "
මේකෙ සොකට් 1 සපෝට් කරන ස්පීඩ් සහ දී තිබෙන ප්‍රොෙසසර්ස් වල ස්පීඩ් පරස්පර විරෝධීයි නෙ ?
අයියෙ මේක වැරදීමක්ද ?
කියවපු අනිත් අය මේක දැක්කෙ නැද්ද?
මම දන්නෙ නැද්ද ?
කියල දෙනවනම් පින්....
@ peace
ReplyDeleteපෙන්වා දීම ගැන ස්තූතියි අනිවාර්යයෙන් එය වැරදීමක්. එය Socket 473 සඳහා විය යුතුයි. Socket 478 1.4 - 3.4 GHz දක්වා සහය දක්වනවා.ඔන්න මම වැරැද්ද නිවැරදි කරනවා.