ඔන්න වැඩි කාලයක් ගන්නේ නැතිවම ඊළඟ පාඩමටත් එන්න හිතුවා. ඉක්මනින්ම මේ පාඩම් ටික ඉවර කරමු නේද?
අද අපි කතා කරන්න යන්නේ Hard disk drive ගැනයි.
මොකක්ද මේ Hard disk එකක් කියන්නේ?
Hard disk අයත් වන්නේ පරිගනකය තුල ස්ථිර ලෙස සවිකර ඇති ඩිස්ක් වර්ගයට (Fixed Disk) මේවා දත්ත ගබඩා කිරීමට ගන්නා බව දැනටමත් ඔබ දන්නවා ඇති. ඇත්තෙන්ම මෙය අයත් වන්නේ මෙමරි වලටමයි. මේවා non-volatile හෙවත් විදුලිය මත රඳා නොපවතින මතකය වේ. මෙහි චුම්බක (Magnetic) කල හැකි රසායන ආලේප කල තැටියක් පවතින අතර ඒහි ඩිජිටල් දත්ත සටහන් කරයි. මේ සඳහා කියවීමට හා ලිවීමට හැකි හිසක් (Read/Write head) ඇත. එමගින් මෙහි දත්ත සටහන් කිරීම හා නැවත කියවීම සිදු කරයි.
Hard disk ඇතුලත උපාංග පිහිටා ඇති ආකාරය ඉහත රූපයෙන් බලන්න.
පහත දැක්වෙන්නේ විවිධ ප්‍රමාණයේ හාඩ් ඩිස්ක් කීපයකි. මේවා නම් විකිපීඩියාවෙන් බලන්න වුවද ඔබට හැකිය.
මේවා අතරින් දැන් දක්නට ඇත්තේ පහත ප්‍රමාණවල හාඩ් ඩිස්ක් පමනි.
ATA Hard disk (Advanced Technology Attachment)
මේවා parallel ATA ලෙසද දැන් හැඳින්වේ. බොහෝ කලක් පැවති තාක්‍ෂණයයි. මේවායේ දත්ත හුවමාරුව සඳහා භාවිතා කරන්නේ 40 pin කනෙක්ටරයක් සහිත කේබලයකි. එය පටියක් වැනි කේබල් එකක් නිසා රිබන් කේබල් ලෙසින්ද හැඳින්වේ.
මේ ඒ සඳහා භාවිතා වන කේබල් එකයි.
මෙය 3.5" හාඩ් ඩිස්ක් එකක් හා කේබල් එකකි. ලැප්ටොප්/නෝට්බුක් සඳහා යොදාගන්නා 2.5" හාඩ්ඩිස්ක් සඳහා ඇති කනෙක්ටරයේ පින් 44ක් ඇත. ඒයට හේතුව ඒවාට විදුලිය සැපයෙන්නේද එකම කනෙක්ටර් එකෙන් වීම නිසාය. මේ එවැන්නකි.
SATA Hard disk (Serial Advanced Technology Attachment)
මෙවා 2003 දී හඳුන්වා දෙන ලදී. දැන් නිශ්පාදනයේ පවතින සියල්ල SATA ය. මේවා ඉහත වගුවේ ඇති ප්‍රමාණ සියල්ලෙන්ම නිපදවේ. දැනට SATA SATA revision 3.0 භාවිතා වන අතර එහි දත්ත සම්ප්‍රේශන වේගය 6 Gbit/s වේ.
මේ එහි නියම රූපයයි.
මේ SATA cable එකයි.
ඉහත රූපයේ වැඩි කනෙක්ශන් ගණනක් ඇත්තේ විදුලි සැපයුමට වන අතර අඩු කනෙක්ශන් ගණනක් ඇත්තේ ඩේටා කේබල් එකටයි. මේවා ලැප්ටොප් සඳහා භාවිතා වන 2.5" හාඩ් ඩිස්ක් සඳහාද වෙනසක් නැත. එනම් ඔබේ ඩෙස්ක්ටොප් එකට හදිසියකට ලැප්ටොප් හාඩ්ඩිස්ක් එකක් සම්බන්ධ කරන්න පුළුවන් Internal disk එකක් ලෙස.
මීට අමතරව හාඩ් ඩිස්ක් ගැන තවත් බොහෝ දේ මේ පාඩම් යටතේ ඉදිරියේ කියවෙනවා. පාටිශන් කිරීම, ෆෝමැට් කිරීම, ජම්පර් සෙටින්ග්ස් ඊට ඇතුලත්. මෙම පාඩමෙන් මම බලාපොරොත්තු වූයේ හාඩ් ඩිස්ක් එකක් භෞතික වශයෙන් හඳුන්වා දෙන්න පමණයි. තවත් විස්තර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.
එහෙනම් අදට පාඩම ඉවරයි. යන්න කලින් දවසේ ප්‍රශ්නය.

- හාඩ් ඩිස්ක් එකක් නිතර ෆෝමැට් කලාට කමක් නැද්ද? එසේ නැතිනම් අත්‍යවශ්‍ය අවස්ථාවක හැර අනෙක් අවස්ථාවල ෆෝමැට් නොකර සිටීම වඩා සුදුසුද?
ඉතින් සර්, ෆෝමැට් කිරීම ගැන කියන්නේ එන පාඩමෙන්නේ. දැන්ම ඉඳන් ඒ ගැන ප්‍රශ්න අහලා කොහොමද?...:D
ReplyDeleteපාඩම හොඳයි...ලස්සන සිංහල වචන ටිකකුත් තියෙනවා....:)
මේ පෝස්ට් එකේ ප්‍රශ්නෙ දැක්කම මතක් උනේ ප්‍රියන්ත කලින් දාල තිබ්බ 'Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද?' කියන පෝස්ට් එකයි.
ReplyDeleteකොහොම උනත් මටත් ඔය ලෙඩේ තියෙනව.:D
හාඩ් ඩිස්ක් එකක් දවසට 3 පාර බැගින් ෆෝමැට් කළත් කමක් නෑ කරන්න වෙන වැඩ නැත්තන්. දවසට 3 පාර ගානෙ ෆෝමැට් කළොත් අවුරුදු 3ක් විතර කර කර හිටිය හැකි
ReplyDeleteනියමයි ප්‍රියන්ත අයියා ......
ReplyDeleteමොකටද අවුලක් නැත්නම් හාඩ් එකක් ෆෝමැට් කරන්නෙ, එහෙම කලා කියලා අවුලක් නැහැ මම හිතන්නෙ, කොහොමටත් අවුරුදු 2 ක් 3 ක් යනකොට හාඩ් එකක හොඳ කාලේ යනවා ..........
අහලා තියෙන විදිහට හැමතිස්සෙම ඕක ෆෝමැට් කරන්න හොඳ නෑ, ආයු කාලය අඩු වෙනවා
ReplyDeleteදැන් හර්ඩ් ඩිස්ක් වල මතක දාරිතාව GB වලින් TB දක්කවා ඇවිත් මෙගැනත් පොඩි විපරමක් දාමුද ...
ReplyDeleteමම හිතන්නේ ඕනවට වඩා පෝමැට් කිරීම හාඩ් එකට ඉක්මනින් කෙලවෙන්න හේතුවක්,,අවශ්යම නම් විතරක් පෝමැට් කිරිල්ලයි වෙන්න ඕනා
ReplyDeleteනියමයි අයියා ගොඩක් වැදගත්... ආදුනිකයෙකුට උවද හොදට තේරුම් ගන්න පුලුවන්. ඔයාට ජය...
ReplyDelete@ පොඩ්ඩි.
ReplyDeleteඔව් ෆෝමැට් කිරීම ගැන ඉදිරියේ පාඩමක් එනවා. කලින් කීවේ ෆෝමැට් කරන් එපා කියලනේ...:D
මොනවද අනේ ලස්සන සිංහල වචන. මමත් ඔය ලස්සන සිංහල වචන නම් අඩුවෙන් දන්නේ...:D
@ Praසන්ன
ReplyDeleteකලින් ලිපියෙන් කීවේ ෆෝමැට් කිරීමෙන් වන අවාසි. මේ ප්‍රශ්නේට උත්තර දැන්ම නැතත් කමක් නෑ. මම ඉදිරියේ ෆෝමැට් කිරීම ගැනත් පාඩමක් කරනවා. ස්තූතියි ප්‍රසන්න..
@ Chanaka Aruna Munasinghe
ReplyDeleteහප්පා මම එහෙම කරල බලල නෑනේ.
ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉන්න කාලෙක එහෙම කරල බලන්න ඕනි..:DDD
ඒකාලෙට ෆෝමැට් කරන්න දැන්ම හාඩ් ඩිස්ක් එකක් අරන් තියාගන්න වෙයිද?
@ පන්සල් හංදිය
ReplyDeleteඅවුලක් නැතිනම් ඇයි ෆෝමැට් කරන්නේ. මමත් කියන්නේ ඒකම තමා. අවුරුදු 2-3ක් ගියාම හාඩ් එකක හොඳ කාලේ යනවා කියන එක නම් මම පිළිගන්නේ නෑ. මගේ ළඟ තියන හාඩ් අවුරුදු 6-8 පරණ ඒවා. තාම දෙතුන් වරකට වඩා ෆෝමැට් කරල නෑ. පෙන් එකක් තියනවා අවුරුදු 6 1/2ක් පරණ. ගත්ත දවසට පස්සේ තාම ෆෝමැට් කලේ නෑ. කිසිම අවුලක් නැතිව වැඩ.
@ අලුත් කොල්ලා
ReplyDeleteඔව් නිතර ෆෝමැට් කරන්න අවශ්‍ය නෑ තමා. ස්තුතියි ප්‍රතිචාරයට.
@ රතු මුහුද
ReplyDeleteඒගැන වැඩිදුර ලියන්න ඕනි නෑ. මීළඟ පෝස්ට් එකට කමෙන්ට් එකක් ලෙස මම ලියන්නම් කෙටියෙන්.
ස්තූතියි.
@ ItalyDilan
ReplyDeleteඅවශ්‍ය නැතිනම් ෆෝමැට් නොකරන එකයි වැදගත්. මොනවා නැතත් ඩේටා නැති වෙන්න පුළුවන්නේ නිතර ෆෝමැට් කරන විට. ස්තූතියි..
@ katnththa
ReplyDeleteස්තුතියි මල්ලි ප්‍රතිචාරයට. මම මේ පාඩම් ලියන්නේ අධුනිකයන්ටම තමා.
අයියෙ ඔයාට ගොඩක් පින් මේ ලියන ලිපි වලට.ගොඩක් සරලව පැහැදිලිව ලියල තියනවා.ගොඩක් දෑ ඉගෙන ගත්ත...
ReplyDelete@ Salinda
ReplyDeleteආයෙම පාඩම් ඉක්මනින් පටන් ගන්නවා. ඇවිත් කියවන්න. ස්තූතියි ප්‍රතිචාරයට.