හාඩ් ඩිස්ක් පිළිබඳ පාඩම තවත් ඉදිරියට ලියන්න සිතුනා. එයට ලැබුන කමෙන්ට් වලින් මට හිතුනා තව ටිකක් ඉදිරියට ලියන්න.
හාඩ් ඩිස්ක් එකක ධාරිතාව (Hard disk capacity)
හාඩ් ඩිස්ක් එකක ධාරිතාවය පෙන්වන්නේ බයිට් (Byte) නමැති ඒකකයෙනි.
1024byte = 1 KB (kilo byte)
1024 KB = 1 MB (Mega byte)
1024 MB = 1 GB (giga byte)
1024 GB = 1 TB (tera byte)
මේ අනුව හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මැනීමට බයිට් නමැති ඒකකය වුවද දැන් කිලෝ බයිට් මෙගා බයිට් වලින් හාඩ් ඩිස්ක් නොමැත. දැනට භාවිතයේ ඇති හාඩ් ඩිස්ක් එකක අවම ධාරිතාව 80GB පමණ වේ. එනම් දැනට නිශ්පාදනය කරන කුඩාම ධාරිතාව ඇති හාඩ් ඩිසක් එක මෙයයි. දැනට ඇති උපරිම ධාරිතාව 3TB වේ. එනම් දල වශයෙන් 3000GB පමණය.
භ්‍රමණ වේගය RPM (Revolution per minute)
ඇතැම් අය මෙය rotation per minute ලෙසද හඳුන්වයි. මෙයින් කියවෙන්නේ මෙහි ඩිස්ක් එක විනාඩියකට කැරරවෙන වාර ගණනයි. මෙය වැඩිවත්ම දත්ත කියවීමේ වේගයද වැඩිවේ. ඒ R/W head (කියවන හිස) එක පසුකරන වාර ගණන වැඩි වන නිසාය. දැනට භාවිතයේ ඇති ඩිස්ක් වල මෙම වේගය 7200ක් වේ. මීට ටික කලකට පෙර පැවති ඒවා භ්‍රමණය වූයේ විනාඩියට වට 5400ක පමණ වේගයකිනි. එහෙත් සර්වර් සඳහා භාවිතා වන SAS හාඩ් ඩිස්ක් වල මෙම වේගය 10,000 RPM හෝ 15,000 RPM පමණ වේ.
Disk Cache (Disk buffer)
මෙය කුඩා ප්‍රමාණයක මෙමරියකි. වර්ථමානයේ ඩිස්ක් වල භාවිතා වන්නේ 8MB-64MB අතර ප්‍රමාණයක් භාවිතා කරයි. මෙය ඩිස්ක් එක (තැටිය) හා Mother board එක අතර දත්ත හුවමාරුවට සම්බන්ධ වේ.
සාමාන්‍යෙයන් ඩිස්ක් එකේ ඇති දත්ත කියවන්නේ වටයක් පැමිණ එම ස්ථානයට එන විටයි. එසේ වන විට යම් කාලයක් මෙහෙයුම් පද්ධතියට බලා සිටීමට සිදුවේ. එහෙත් ඩිස්ක් කෑශ් වල එම දත්ත අවශ්‍ය විට ලබා දීමට තාවකාලිකව පවත්වා ගනියි.
තැටි වලින් කියවන වේගය හා මෙහෙයුම් පද්ධතියට ඒවා අවශ්‍ය වන වේගය අතර පරතරය නිසි ලෙස කරමනාකරණය කරන්නේ මෙම මෙමරිය.
දත්ත හුවමාරු වේගය (Transfer Rate)
ඇත්තටම මෙහි වේග දෙකක් ඇත. එනම් ඩිස්ක් (hard disk platter) වල සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය හා Disk buffer වල සිට Host එකට (Mother board එකේ) දත්ත හුවමාරු වන වේගයයි. නමුත් බොහෝ අවස්ථා වල Transfer rate එක ලෙස පෙන්වා දෙන්නේ Disk buffer වල සිට Host එකට දත්ත හුවමාරු වන වේගයයි.
ATA (PATA) ඩිස්ක් එකක platter එකේ සිට Disk buffer එකට දත්ත හුවමාරු වන වේගය 126 MB/s පමණ උපරිම අගයක් ගනී. ඒවායේ Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 100MB/s පමණය.
SATA ඩිස්ක් එකක Disk buffer එකේ සිට Host එකට දත්ත හුවමාරු වන වේගය 3Gb/s පමණ සිට 6Gb/s දක්වා භාවිතයේ පවතී.
SSD (Solid State Disk)
මොනවද මේ කියන්නේ. මේවායේ ක්‍රියා කාරිත්වය කලින් අප සඳහන් කළ සියලු ඩිස්ක් වලට වඩා වෙනස්. මේවායේ කරකැවෙන ඩිස්ක්, මෝටර් R/W Head ආදී කිසිවක් නැත. දත්ත ගබඩා කරන්නේ ඔබ දන්නා පෙන් ඩ්‍රයිව් නැතිනම් ෆ්ලෑෂ් මෙමරි වල ආකාරයටයි. මේවායේ කිසිම චලනය වන කොටසක් නැත. වේගය අතින් වැඩිය. නමුත් මිලෙන් වැඩිය. ක්‍රියා කිරීමේදී කිසිම ශබ්දයක් නිකුත් නොවේ.
හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම. මීළඟ ලිපිය සමගින් හමුවෙමු.
සුභ දවසක්..!!!
හාඩ් ඩිස්ක් ගැන කලින් ලිපියේ සඳහන් නොවුරු තොරතුරු කීපයක්ම අද ලිපියෙන් කියන්න පුළුවන් උනා. එහෙම නම් අදට සමුගෙන යන්නයි සූදානම. මීළඟ ලිපිය සමගින් හමුවෙමු.
සුභ දවසක්..!!!
අද නම් ෂෝක්. පාඩම වැඩිය දිග නැති හන්දා. සර් හොඳට කියලා දීලත් තියනවා. හැබැයි ලමයි එන්ට කලින් සර් ඉක්මනින් පන්තියෙන් ගිහින් තියන එක තමයි නරක...:D:D:D
ReplyDeleteහැමදාමත් වගේ අද පාඩමටත් සහභාගී වූනා.
ReplyDeleteඅදත් නියමයි සර් .......
ReplyDeleteමගේ හාඩ් ඩිස්ක් එක දැන් පිරිලා. සේරම පරණ කාලේ කතන්දරවලින්.
ReplyDeleteඅළුතින් හම්බවෙන කතන්දර ලියන්න කලින්ම අමතක වෙනවා.
අළුතින් එකක් ගන්නත් විදියක් නෑනේ!
ඔන්න මමත් ආවා පන්තියට,,,කෝ මේ ළමයි පන්තියේ හිටිය මුන් දන්නවා වැඩිද නැත්නම් පන්ති කට් කරනවද හොරෙන් ඇවිත් යනවද,,,ඔන්න අපි නම් හැමදාම පන්තියේ,,,
ReplyDeleteකාලෙකට පස්සේ පන්තියට ආවේ.....
ReplyDeleteකාලෙකට පස්සෙ ඉස්සෙල්ලම ගොඩ උනේ පන්ති කාමරේකට. නියම පාඩම දිගටම පන්තියෙ ඉන්නං.
ReplyDeleteඑල පාඩම අයියා .. මම ඉතින් මෙවුවා එක්කසු කරන කොල්ල නෙව !!
ReplyDeleteකියන්න පුලුවන්නද ඇයි mb/tb දක්කවා මේ මතක දාරිතා පුළුල් වෙලා තියෙන්නේ කියලා.(අයි මෙචර ඕන වෙන්නේ කියල)
ReplyDelete@ItalyDilan,
ReplyDeleteපේනව නේද ජන්ද වැඩවලට ගිහින් රස්තියාදු ගහලා , ගහලා ඇවිත් දැන් මෙතන පන්තියේ අනික් ලමයින්ට බනින ලස්සන. සර් පාඩම කියලා දීලා ගිහිනුත් ඉවරයි...:D:D:D
@ පොඩ්ඩි.
ReplyDeleteඑහෙනම් මීට පස්සේ පාඩම් කෙටියෙන් ලියන්න බලන්නම් එහෙම කියවන්න කැමතියි නේද?
කවුද දන්නේ මම ඇවිත් බලල ගිය ටිකට ළමයි ඇවිත් යයි කියලා...:D DD
ස්තුතියි හැමාදමත් ඇවිත් මා දිර ගන්වන එකට.
ඔන්න අදත් අවා මම පන්තියට.. ෂෝක් පාඩම දිගටම කරගෙන යන්න සුබ පතනව මම....
ReplyDelete@ Praසන්ன
ReplyDeleteස්තූතියි ප්‍රසන්න. ඊළඟ පාඩමටත් එන්න...
@ පන්සල් හංදිය
ReplyDeleteහොඳයි. ඊළඟ පාඩමටත් එන්න කල්හාර...
ස්තූතියි..
@ කතන්දර Kathandara
ReplyDeleteසොලීඩ් ස්ටේට් හාඩ් ඩිස්ක් එකක්ම දාමුද කතන්දර..:D:D:D
ඒ උනාට ලියන විධිය බැලුවම නම් මට එහෙම එකක් පේන්නේ නෑ.
ගොඩක් ස්තූතියි කතන්දර මේ පැත්තේ ආවට..
@ ItalyDilan
ReplyDeleteකට්ටිය දැන් පංති කට් කරනවා වගේ නේද ඩිලාන්. ඩිලාන් නම් හොඳ ළමයෙක්. අදත් පංතියට ආවානේ...:D
@ තාරක Dilsh@n
ReplyDeleteහා හා එහෙනම් පරණ පාඩම් කියවලා ඉන්න...:D
ස්තූතියි කාරක..
@ දයියා
ReplyDeleteස්තූතියි දිගටම කියවමු එහෙනම්....
@ හිස් අහස
ReplyDeleteසඳරූ ගැන මම දන්නවානේ. ස්තූතියි මල්ලි හැමදාමත් මම ලියනාදේ අගයනවට..
@ රතු මුහුද
ReplyDeleteමේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පෝස්ට් කීපයක් ලියන්න වෙනවා. එහෙත් මෙහි ඉදිරියේදී ලියවෙන පෝස්ට් වලින් ඔයාට තේරුමි ගන්න පුළුවන් වෙයි. නමුත් මම කෙටියෙන් කියන්නම්.
අළුත් ඔපරේටින් සිස්ටම්, ඇප්ලිකේෂන් වලට වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා.
උදාහරණයක් ලෙස වින්ඩෝස් 7 දමා ඇප්ලිකේෂන් දැමූ විට ගිගා බයිට් 50ක් පමණ වැය වෙනවා. එහෙත් දැනට වසර 8කට පමණ පෙර සාමාන්‍යෙයන් භාවිතා වූයේ ගිගාබයිට් 40ක පමණ හාඩි ඩිස්ක්. අමතරව අපි ගබඩා කරන විවිධ ෆිල්ම්, සිංදු ආදිය දැන් හයිඩෙෆිනිශන් නිසා ඒවායේ ධාරිතාව වැඩියි. පින්තූර (ෆොටෝ) පවා වැඩි ධාරිතාවක් ගන්නවා. ඒ සඳහා වැඩි ඉඩක් අවශ්‍ය නිසා ගිගා බයිට් ටෙරා බයිට් දක්වා වැඩි කරන්න වෙලා.
@ katnththa
ReplyDeleteස්තූතියි පාඩමට සහභාගි වීම ගැන. දිගටම එන්න...
නියමයි
ReplyDelete