Saturday, July 30, 2011

ආදරණිය නිශාන්තය...........



ආදරණීය හිත්වලට ආදරයෙන් ගොඩ වෙන්න බස් රේඩියෝ අපි අදහස් කලා, ඉතින් එකතු වන්න මේ ඉරිදා රාත්‍රී අට වෙනකොට නිශාන්තය සමඟින්.. 

ආදරණීය නිශාන්තය නමින් සෑම ඉරු දිනක රාත්‍රී අටේ කනිසමට බස් රේඩියෝ මගින් ප්‍රේමණිය ගී එකතුවක් ගෙන එන්න අපි අදහස් කලා‍ ඉතින් එකතු වන්න බස් රේඩියෝව සමඟින් 

ආදරණිය නිශාන්තය වෙන්වන්නේ ආදරණිය ඔබ වෙනුවෙන්මයි ...  බස් රේඩියෝ බ්ලොග් අඩවියේ නිශාන්තය වෙනුවෙන් එම සතියේ වෙන්වන පොස්ටුවට කමෙන්ටුවක් වශයෙන් ඔබගේ ආදරණීය සටහන් තබා යා හැකියි.. ඒ සමඟම ඔබට අවැසි ගීතයත් සටහන් කරන්න.. ගීතය මෙන්ම අදහසද බස් රේඩියෝ අපි ඔබ වෙනුවෙන් සයිබර් ගුවනට මුසු කරන්නම්...

ඉතින් එක්වන්න  ආදරණිය නිශාන්තය සමඟ 

ගීතය හා ගායකයා සමග ඔබ එකතු කරගන්නා අයත් කමෙන්ටුවක ලියා යන්න. එදාට අපි එනවා ඔබේ ගී සමග

19 comments:

  1. සෝයි... සෝයි... මං අහන්නෙ බස් රේඩියෝ... :))

    මට ඕනි► මේ රාත්රියේ...♪♪♫ - Dulaj Danushka

    ReplyDelete
  2. නිශාන්තය කිව්වාම එක පාරටම මගේ මතකයට එන්නේ අපේ බස් සංගමේ ඉහලම තනතුරක් දරන පුද්ගලයෙක්ව. ඉතිං එතුමා වෙනුවෙන් මම මේ සිංදුව ඉල්ලනවා

    එතුමා වෙනුවෙන් දෙන්න► ජෝතිපාල්යන්ගේ ජය මංගලම් සුභ මංගලම් ගීතය...

    ReplyDelete
  3. අනේ මටත් දෙන්නකෝ වික්ටර් රත්නායකයන් කියන සසර සැරිසරනතෙක් ඔබ මගේ ගීතය. :)

    ReplyDelete
  4. ජොකී අයියා මට දෙන්න තේරුමක් නැති සෝන්ග් එකක්....මම එකතුකර ගන්නවා අපේ අම්මා..තාත්තා මල්ලිලා දෙන්නා...රද්දොලුගමින් පුංචි අම්ම සහ පවුලේ කට්ටිය..කැලනියෙන් ලොකු මාමා සහ පවුලේ කට්ටිය...ඉතාලියෙන් පොඩි මාමා සහ මේ වෙලාවේ බස් රේඩියෝ අහන හැමෝමයි අයියේ ඔයාවයි මට ලයින් එක අරන් දුන්න අක්කියාවයි

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ගීය මුලින්ම අහන්ට ලැබුනේ ලංකාවට ගිය වෙලාවක.
    ගායකයා : එච්. ආර්. ජෝතිපාල
    ගීතය : නින්ද නේන රාත්‍රියේ...

    තනිකම, පාලුව, තදින් දැනෙන වෙලාවක දුරු රටක ඉඳන් තමන් නින්දට යවන්න ආරාධනා කරන ආදරවන්තියකගේ ආරාධනාව පිලිගත්තු ආදරවන්තයෙක් මේ වෙලාවට මගේ මනසේ මැවෙනවා. මේ ගීය අහන ගමන් නිදි ලොවට පිවිසෙන්ට මම හරිම ආසයි.

    මේ ගීතය ඔබ වෙනුවෙන්…
    මම ඔබේ ප්‍රවීනා....

    ReplyDelete
  7. ප්‍රියන්ත අයියා,

    ඔයාලා ආදරණීය නිශාන්තයෙන් හින්දි සින්දුත් දෙනවානේ? මට දෙන්න

    " ජීනා සිර්ෆ් මේරේ ලියේ"

    ඒ ෆිල්ම් එකෙ නමත් ඒකමයි. පුංචි කාලෙදි ඈත් උන දරුවෝ දෙන්නෙක් එකිනෙකා නොදැකම ආදරේ කරනවා.සින්දුවත් ලස්සනයි ඒකෙ තේරුමත් හරිම ලස්සනයි. ඔයාලත් අහල බලන්නකෝ.

    Yeh Din Ye Mahine Saal Guzar Jaayenge Mere Yaar
    (This Day, These Months, This Year Will Pass, My Darling)

    Magar Itna Rakhna Khayaal Jina Sirf Mere Liye
    (But Keep This Much In Mind: You Live Only For Me)

    Jina Sirf Mere Liye Qasam Se
    (Swear To Live Only For Me)

    මම නීතා

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මේ ගීතය මගේ ප්‍රියතම ගීතයක්,

    නාරද දිසාසේකර - "මේ භවයෙදි මුළු දිය දායේ......එකතු නොවනු ඇත අප ආයේ.....පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ "

    විරහව මට හැමදාම අමුතුම වචනයෙන් විස්තර කල නොහැකි වින්දනයක් ගෙන දෙන හැඟීමක්. නාරදගෙ හැඟීම්බර ස්වරය ඒ ශෝකී රසය අපූරුවට මතු කරනවා.

    ලොව කොහේ හෝ තැනෙක විරහ වේදනා විඳින ඔබ වෙනුවෙන්..................මේ බවයෙදි මුලු දිය දායේ...එකතු නොවෙනු ඇත අප ආයේ........

    ReplyDelete
  10. //මේ ගීතය ඔබ වෙනුවෙන්…
    මම ඔබේ ප්‍රවීනා....//

    හුටා. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. ඈඅ කව්ද බොලේ මේ "ඔබේසේකර?"

    මටත් දෙන්ට බලන්න
    කොපර, කොපර පිපිඤ්ඤා....

    ReplyDelete
  11. "මම ඔබේ ප්‍රවීනා...."
    සයිබරේ වෙඩින් ගොඩයි මේ දවස්වල :D

    ReplyDelete
  12. ඔන්න අද තමයි බස් රේඩියෝ එක ඇහුවේ.... , මරුනේ...

    මටත් දෙන්න.... "ඔබට සිත බැඳුනේ කිමැයි මා තවම සොයන්නෙමී" ගීතය... කරුනාරත්න දිවුල්ගනේ ගේ....

    අපිත් අහන්නේ බස් රේඩියො තමයි දැන්...

    ReplyDelete
  13. Loku ayya mata dennako
    nirosha virajinige
    "dunnu wedana"

    mama ekathu karagannawa ape ammai, nangi, akki,oyai, oyage pumai, asiri ayyai,poddai,
    mage pissu kollawaiLoku ayya mata dennako
    nirosha virajinige
    "dunnu wedana"

    mama ekathu karagannawa ape ammai, nangi, akki,oyai, oyage pumai, asiri ayyai,poddai,
    mage pissu kollawai

    ReplyDelete
  14. විරහා ගීත ඉල්ලන්න පුලුවන්ද? පුලුවන්නං ඉතින් අර හැමදාම ඉල්ලන එක ඕනේ :D

    ReplyDelete
  15. ඇ මෙතනමද දැන් සිංදු ඉල්ලන්නත් ඕනි???????????? ඉස්සර වගේ බසයක්වත් යන්නැතුව ඒක අහන්නත් කම්මැලියි වගේ. ඒ උනාට කම්මැලිකම යන්න අහනවා.

    ReplyDelete
  16. බොහොම ස්තූතියි, ප්‍රියන්ත මල්ලි.........

    ReplyDelete
  17. ප්‍රියන්ත අයියා ,

    ඊයේ මගේ සින්දුව අහගන්න බැරිඋනා, කීයට විතරද දන්නෙ නැහැ මගෙ සින්දුව ගියේ. මම පොකුයි, රවි අයියයි ඉල්ලුව සින්දු දෙක නම් ඇහැව්වා. නැවත ප්‍රචාරයක් එහෙම නැහැ නේද?

    ReplyDelete
  18. සිංදු ඉල්ලූ සැමට ස්තූතියි. සෑම ගීතයක්ම ප්‍රචාරය කළ බව කියන්නේ හදපිරි සතුටින්. අහන්න බැරි වූ අයෙක් සිටීනම් සතියේ දින වල රෑ 8 සිට 10 දක්නා බස් රේඩියෝවේ නිශාන්තයෙන් නැවත ප්‍රචාරය කරන්න මට පුළුවන්. අසන්න පහසු වේලාව කලින් දන්වා එවනවානම් ඒ ආසන්න වෙලාවක ප්‍රචාරය කරන්නත් පුළුවන්. සිංදු වලට පූර්විකාවක් සකස් කර දුන් හා මේ ආදරණිය නිශාන්තය අදහස ඉදිරපත් කල සුදු හංසිට මගේ විශේෂ ස්තූතිය.
    ගීත ඉල්ලු ඔබ තමා මගේ ශක්තිය. මින්පසු සෑම ඉරිදාම මෙය විකාශය වේ. ගීත ඉල්ලීම්
    request@buzzradio.lk හෝ
    nishantaya@gmail.com වලට එවන්න ඉරිදා දවල් 12ට පෙර. ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී ඊමේල් එකේ මාතෘකාව ආදරණීය නිශාන්තය කියා දමන්නත් අමතක කරන්න එපා.

    ReplyDelete